ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ, ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා. එතකොට මේ විදිහට ඒ තුන් නම, හත් නම, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා.
මම ඊයේ භාවනාවෙන් පටන් ගත්තා. අර මිච්ඡාදිට්ඨික අගය line 6 එක හරහා එනවා කියන එක අපි බැලුවා නේ. එතකොට භය අගති, ව්‍යාධි, සෝකය කියන එක සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ මිච්ඡාදිට්ඨික අගය අපි සුඛ යැයි කියලා ගත්තු දේ තුළ තියෙනවා. අපි ඔතනදි දැනගත්තා, අර ජරා වෙන සඤ්ඤාව, ඊට පස්සේ ජරා වෙන වේදනාව, දැන් මේ මිච්ඡාදිට්ඨික අගයත් තියෙනවා කියන එක. මෙන්න මේ මිච්ඡා දිට්ඨියට තමයි මුලින් පහර වදින්නේ. එතකොට ඒකෙන් අනතුරුව තමයි අහංකාරයට පහර වදින්නේ. කොහොම ද? පවතිනවා කියන අදහස නැති වීමෙන් මිච්ඡා දිට්ඨිය කියන එක නැති වෙනවා. ඒක එකතු වෙලා තමයි අහංකාරය කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ. දැන් එතකොට අහංකාරයට පහර වදිනවා. දැන් මෙතැන දී අහං සහ මමං එකට සිටීම කියන එක නැති වෙනවා.
දැන් ඉතිරි වෙලා තියෙන්නේ මමංකාරය විතරයි. දැන් එතකොට එහෙම නම් අපි බලන්න ඕනේ අර කලහවිවාද 2 diagram එකේ slide 5, “ඉච්ඡානිදානානි පරිග්ගහානි,” එතනින් එනවා “ඉච්ඡායසන්ත්යා න මමත්තමත්ථි” පරිග්ගහය නිසා “මමත්තමත්ථි” කියන එක ඇති වෙනවා. තණ්හාව නිසා පරිග්ගහය විය. එතකොට වේදනාව නිසා තණ්හා විය. වේදනා පච්චයා තණ්හා. එතකොට මේ වේදනාව තුළ රූපයේ ජරාවත් එම ජරාව නිසා ඇති වුණු සඤ්ඤාවේ ජරාවත්, වේදනාවේ ජරාවත්, පවතිනවා යන මිච්ඡා දිට්ඨියේ බිඳීම නිසා ඇති වුණු අවිශ්වාසයත් කියන එක තියෙනවා. Distrust කියන එක. ඉතින් සම්මා දිට්ඨිය තියෙනවා නම්, මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. මේක සඳහා සතිය පවතී නම් අපි අර 13/02/2015 නිබ්බාන භාවනාව කළා නේ, අර අපි සතිය රහතන් වහන්සේ පෙන්නන විදිහට. 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට, 3 ජාතිය ඉඳන් ජරාවට, එහෙම ගිහිල්ලා අර B කියන point එක හදන්න බැහැයි කියලා, ඒ කියන්නේ සංස්කාරවලට අපි මානය වෙන්නේ නැතුව ඉතින් එතැනින් අපි එනවා නේ අර star එකට, කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. එතකොට ඒකේ අපිට පේනවා නේ, සති ප්‍රඥා සමාධිවලින් ඒක කැඩෙනවා කියන එක, අන්න එතැනට ඇවිල්ලා තමයි මම භාවනාව නැවැත්තුවේ.
ඒක තමයි මං කරපු භාවනාව.