Date: 12/03/2015 Name: Eleven Indriya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවයි කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කරා.

මම භාවනාවේ දී කළේ මේ ධර්මයේ, සබ්බාසව සූත්‍රයේ දෙවෙනි එකෙයි තුන් වෙනි එකෙයි ඒ ධර්මයේ තිබෙන්නා වූ completeness එක, ඒක පුදුමාකාරයි. ඒක මම මෙනෙහි කරලා බැලුවා. අර මුලින් පෙන්නුවා, මේ අපි රූපයන් එහෙම අල්ලගෙන මේ අත්තා කියලා, අත්තා නිසා රූපය ගන්නවා, සංස්කාරවලින් අත්තා වෙලා, අත්තා කියලා ගන්නවා කියන එක පෙන්නුවා. පෙන්නලා අපි අර circle එකට වෙනකන් ආවා. ඒ circle එකේ කරකැවීම කියන එක එතැන පෙන්නනවා.

ඊට පස්සේ මේ දෙවෙනි එකෙන් පෙන්නනවා මේක සම්පූර්ණයෙන් ම ගලවන විදිහ, ඒ අත්තා කියන එක ගලවන විදිහ, මේ ඉද්ධිපාදයන් සහගතව ඒක පෙන්නනවා. ඉතින් මේක බැලුවහම මට පේන්නේ අර අවසානයට මට තේරෙන්නේ, ඔය circle එකේ වටේට තියෙන එක මමංකාරය කියන එකේ උඩ. උඩින් එන්නේ මමංකාරය. යට අහංකාරය.

එතකොට දැන් අපි මමංකාරය කියන එක අර පොඩි close circle එකක කරකැවෙනවා කියන එක නේ අපිට පේන්නේ. එතකොට අපිට පේනවා මෙතැන මේ රූපය ස්පර්ශ වුණා, වේදනාව වුණා, පරිග්ගහය, මමංකාරය, සුඛ සඤ්ඤාව එතැන ඒ cycle එක මේක දරුණුයි. මනුස්සයෙක්ව අපායට විතරක් ගෙනියන්න තරම් උණත් දරුණුයි. පල්ලෙහා ඉතින් මේක නිසා සංස්කාරයන් ඇති වෙලා දැන් ඉතින් එයා ඒ maintenance part එක පල්ලෙහායින් කරනවා, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යන කතාව.

ඊට පස්සේ ඉතින් දැන් මම කල්පනා කළා, මේ pyramid එකේ ගත්තහම, එහෙම නම් මේ හරියට මේ ඇතුළෙන් ඔන්න දැන් ඉතින් මේ අත්තෙක් කියලා එකක් හදාගෙන ඉන්නවා. Pyramid එක ඇතුළට circle එක දැම්මහම, circle එකේ පල්ලෙහා රවුම කියන එක ගත්තහම, ඔය පල්ලෙහා base එක නේ, එතකොට අත්තා කියලා හදාගෙන ඉන්නවා ඇතුළේ මේක තියෙනවා කියලා, මේ උඩ කෙළවර තියෙන්නේ මේ ධාතු.

එතකොට දැන් මම කල්පනා කරා මේ ඇතුළේ ඉන්න මනුස්සයට, අර උඩ තියෙන රූපය ඇදගෙන වැටෙන්නේ නැත්නම් මේක ඔළුව උඩ රූපයක් තියාගෙන නේ ඉන්නේ, මේ මනුස්සයා, රූපය වැටෙන්නේ නැත්නම් ඉතින් මේ මනුස්සයා ඉවරයි, එතකොට අරක නිසා මට මේ දේවල් හම්බවේවි, අරක ද මේක ද ආදී වශයෙන්, properties නිසා හරි මොනවා හරි ඒවා, තමන්ගේ රූපය නිසා හරි, ඒවා නැත්නම් ඉතින් මේ මනුස්සයාගේ මේ ප්‍රශ්නය ඉවරයි කියන එක.

ඉතින් ඊට පස්සේ මට ආවේ අර “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියන ඒ ගාථාවේ, අපි අර හදලා තියෙනවා නේ ඉතින් ඒ 7 වෙනි slide එකේ මෙහෙම මේ පැත්තෙන් සංස්කාර මේ පැත්තෙන් අපි ඇවිල්ලා ඊට පස්සේ උඩ නාමයයි රූපයයි, ඉතින් මේක ම නේ මේ පෙන්නන්නේ, උඩ චේතනාවයි, දිට්ඨි ආශ්‍රව, මේ දකුණු අත පැත්තෙන් අවිද්‍යා ආශ්‍රව, මේ පැත්තෙන් කාම ආශ්‍රව. මෙච්චරයි නේ තියෙන්නේ කියන එක මෙතන තියෙනවා. ඉතින් මේක කළහම, ඉතින් මේකේ අර ඒ සති ඉන්ද්‍රිය, ඒ ඉන්ද්‍රියන්ගේ ටික ඔය අවසානයට ලියලා තියෙන එක මම කල්පනා කළහම, ඒකේ නිවැරදිභාවය කියන එක දකිනවා. ඉතින් ඒ විදිහට ම මම මේක දැකලා මගේ ඉතින් සිත කියන එක නතර උණා. මුල ඉඳන් ම මේක හරියි කියන එක බලපු ගමන් සිත නතර වුණා. නතර වෙලා තමයි බැලුවේ.

ඉතින් ඕකේ දී, ඊට පස්සේ මම නිරෝධයට ගිය අවස්ථාවන් තියෙනවා. රූප, සියුම් රූපයන් පෙනුණා, බොහොම සියුම් රූපයන් හරියට නිකම් මනුස්සයෙක්ගේ නිකන් ඇතුළේ මොකක්වත් නෑ. ඒක කියන්නට බෑ. එතකොට ඒකත් අර ඒ රූපයත් කඩාගෙන වැටෙන්නේ නැත්නම්, ඔළුවට කඩාගෙන වැටෙන්නේ නැත්නම්, කියන එක. මේවායෙන් නිරෝධය කියන එක එහෙම ඇති වෙනවා, මෙහෙම වෙලා. ඒ විවිධාකාර බ්‍රහ්ම ලෝකවල ඒ රූපයන් කියන ඒවා මම දැක්කා ඒ අයගේ.

එතකොට ඒවා දැක්කත් ආයෙත් මට එන්නේ, අර ඔළුවට කඩාගෙන වැටෙන්නේ නැත්නම් කියන එක ම යි. දැන් ඉතින් මේ කඩාගෙන වැටුණා නම් ඔළුවට ඉතින් මේ මනුස්සයා මේකත් එක්ක දුවනවා නේ කියන එක. ඉතින් මම මේ විදිහට මේ ධර්මයේ ම නිවැරදිභාවය ම කියන එක කල්පනා කරලා ඇති වුණා වූ දෙයක් ම යි තිබුණේ, ඉතින් ඒ රහතන් වහන්සේ කිව්වා අන්තිමට ඉතින් “මේකේ අර එකොළහක් තිබුණායි” කියලා. ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, කියන ඒවයි, ඊළඟට අර දිබ්බචක්ඛුවේ තියන ඒවායි, නිරෝධසමාපත්තියේ ඥානයන්, ඒ විදිහට එකොළහක් තිබුණා කියලා රහතන් වහන්සේ කිව්වා, ඒ භාවනාවේ.

ඒක තමයි මං කරපු භාවනාව.