භාවනාවට මම කළේ, ඒ උතුම් බුදුපියවරු සිහි කළාට පස්සේ, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා වැඳ නමස්කාර කළා. ඒ දාහතර නමට ම ඒ විදිහට නමස්කාර කළා.
ඉතින් මට බලන්නයි කියලා කිව්වා කලින් ම මේ අපේ තියෙනවා නේ මේ අත්තුක්කංසකො පරවම්භී කියන එක. එතකොට අපි දන්නවා අත්තුක්කංසකො කියලා කිව්වහම අපි අර සෝකයේ ඉඳන් අපි යනවා පරාමාසකායගන්ථය ඒක දික් කළහම විඤ්ඤාණය කියන එක. එතකොට අපි පරවම්භී කියලා කිව්වහම, අපි දැන් එයා අත්තුක්කංසකො වෙන්නේ ඉතින් මම මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදනවා කියලා තමයි විඤ්ඤාණයට ඇඟිල්ල දික් කරලා කියන්නේ. පරවම්භී කියලා කිව්වහම එයා, ඔබ හදන ඒ විඤ්ඤාණය සඤ්ඤාව භාවිතා කර කර නැවත නැවතත් හදන්න ඕනෙයි කියලා අනෙක් අයට ගරහනවා, මේ විදිහට මෝහ වෙනවා, එතකොට එයා යනවා අර මෝහය දක්වා පරාමාසයේ ඉඳන්.
එතකොට දැන් මේක මම බැලුවාහම, මම කල්පනා කළේ මේ මනුස්සයා මේ සෝකයට ඇවිල්ලා ඉන්නේ. සෝකයට ඇවිල්ලා තමයි මෙයාගේ මේ අහංකාරය කියන එක ඇති වෙලා තියෙන්නේ. තමන්ව උසස් කරන කතාව. සෝකයට ආපු එක්කෙනා. එතකොට දැන් පේනවා සෝකයට ආවා නම්, ඒ කියන්නේ මැරිලා ඉවරයි නේ, පරිදේව වෙලා ඉවරයි, මැරිලා පරිදේව වෙලා. අන්න එතැන දී මට සම්බන්ධ වුණා ඉතින් අර සබ්බාසව එක ඉගෙන ගන්නා වූ ඒ ධර්මයත් එක්ක, දැන් අපි ඉගෙන ගත්තා ඔය අපි යම්කිසි ආකාරයකට ඔය භය අගතිය ආවා නම්, භය අගතියෙන් අපි සෝකය එතැනින් යනවා කාම ආශ්‍රව කියලා. එතකොට එයා රූපය ස්පර්ශ කරන්න යනවා කියන එක තියෙනවා. ඉතින් ඔය ස්පර්ශ කරන රූපය කියන එක, අපිට පේනවා සෝකය ඉඳන් අපි ඒ ජරාවට යනවා කියන එකකුත් තියෙනවා නේ. ඒ කියන්නේ සඤ්ඤාවේ ජරාව 5.3 කියන එක. ඉතින් එහෙම නම් අපි අර කාම ආශ්‍රව අවස්ථාවේ දී ඉගෙන ගන්නවා අපි හැදුවේ මොකක් ද? අපි සුඛයි කියලා අරගෙන තියෙන්නේ සඤ්ඤාවේ ජරාව කියන එක තියෙනවා. එතකොට එහෙනම් දැන් මේ කෑලි දෙක පේනවා. මෙතනින් මේ අපි සඤ්ඤාවක් උස්සලා තියෙනවා. අනෙක් පැත්තෙන් විඤ්ඤාණයක් අපි හදලා තියෙනවා. එතකොට දැන් මේ මුළු එක ම පේනවා නේ, මුළු picture එක ම පේනවා. කොහොම ද පේන්නේ, මුලින් ම අපිට පේනවා විඤ්ඤාණය කියන එක මළා. එතැනින් පටන් ගන්නවා. සංස්කාර කියන එක පරිදේව වුණා. එතකොට මැරිලා සංස්කාර පරිදේව කියන එක අපිට ආවා.
ඊට පස්සේ මරණය, පරිදේවය, පරිදේවයෙන් අපි ඊළඟට එනවා ව්‍යාධිය කියන තැනට, එතකොට ව්‍යාධිය කියන්නේ අපි කිව්වා, වේදනාවේ ජරාව තමයි ඔතන ලකුණු වන්නේ, හැබැයි කායික වශයෙන් ගත්තහම වේදනාවත් ව්‍යාධිය බවට පත් වෙලා තියෙනවා. එතකොට ව්‍යාධියෙන් ඊට පස්සේ අපිට එනවා පල්ලෙහා පැත්තට සෝකය කියන තැනට. එතකොට සෝකයට ආවහම අපිට පේනවා අර සෝක කරන සඤ්ඤාව කියලා සීල සූත්‍රයේ ඉගෙන ගත්තේ, ඊට පස්සේ අපි එතනින් යනවා ජරාවට. ඒ කියන්නේ රූපයේ ජරාව.
දැන් එහෙම නම් අපිට පේනවා නේ ද pattern එකක්, මරණය, විඤ්ඤාණය මළා, මෙතැන පරිදේවය කියන එක සංස්කාරයට, වේදනාව කියන එක අපි ව්‍යාධියට ආවා, ඊට පස්සේ අපි සෝක කරන සඤ්ඤාව, රූපය, ජරාව. එතකොට මෙන්න මේ පහ තියාගෙන තමයි මේ මනුස්සයා මේ අර ආඩම්බර වෙලා තියෙන්නේ, අහංකාර වෙලා තියෙන්නේ අත්තුක්කංසකො කියලා මම හදන එක. දැන් හදන ඒවායින් හොඳ ම එක නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ, හොඳ ම එකේ ස්වභාවය මෙන්න මේකයි. ඉතින් අනික් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ.
එතකොට මෙතැන දී ආපහු ආවා ඔය සබ්බාසව සූත්‍රයේ අපි පෙන්නුවා ඔය මමංකාරය කියන එකට මිච්ඡා දිට්ඨිය එක්කහු කරලා තමයි අහංකාරය වෙලා තියෙන්නේ. දැන් මෙයා අත්තුක්කංසකො වෙලා තියෙන්නේ, අහංකාර වෙලා තියෙන්නේ, මිච්ඡා දිට්ඨිය එකතුවෙලා මමංකාරයට.
දැන් ඉතින් ඕකේ අපි ඉගෙන ගත්තා මිච්ඡා දිට්ඨිය කියන එක දැන් ගැලවිලා යනවා නේ, ඇයි මේ වගේ කෑලි ගොඩකින් නේ හැදිලා තියෙන්නේ. මේකට අභිජ්ඣා වෙන්න ඕනේ නැහැයි කියන එක අර මුලට ම එනවා. එතකොට එතැනට එනකන් එනවා නම්, අපිට පේනවා එහෙම නම් අපේ ඉතුරු වෙලා තියෙන්නේ මමංකාරය පමණයි. ඒ කියන්නේ අපි මිච්ඡා දිට්ඨිය අපි අයින් කළොතින් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක, එතකොට අර අහංකාරය කියන කොටස නැති වෙනවා.
මිච්ඡා දිට්ඨිය මමංකාරය එක්කහු කරලා අහංකාර වුණා, එතකොට අහංකාර කතාව ගැලවිලා යනවා. අහංකාර කතාව ගැලවිලා ගියායින් පස්සේ ඉතුරු වෙන්නේ මමංකාරය විතරයි, මමංකාරය අර මුල තියෙන්නේ අර ස්පර්ශය කියන එක වෙන එක විතරයි නේ, ඒක තමයි ඔය සබ්බාසව සූත්‍රයේ පෙන්නන්නේ අනත්ත සඤ්ඤාව කියන එක, ඒ මුලට අනත්තා කියන එක, ඒක තදින් ම පේනවා නේ, ඒකත් එක්ක අත්තුක්කංසකො පරවම්භී කියලා. ඉතින් ඕකේ තියෙනවා අර ඡම්භී කියන එක අර අහංනුයි මමංනුයි එකට ඉඳී ද කියන එක, ඒකත් අපි සබ්බාසව එකේ පෙන්නනවා, මේක දෙන්නා, දැන් අහංකාරයෙන් ගැලවිච්ච ගමන් ම මොකක් ද තියෙන්නේ, අහංනුයි මමංනුයි දැන් එකට ඉන්නේ නැහැ, මොකද මමංට කෑල්ලක් අලවලා තමයි අහං වුණේ. දැන් දෙන්නා එකට ඉන්නේ නැහැ මොකද මිච්ඡා දිට්ඨිය අයින් කරපු ගමන්, ඉතින් අර භීරුකජාතිකා කියන ඒ කතාවත් එක්ක එනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.