ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින ඒ උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ, ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා. එතකොට මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට ඉස්සෙල්ලා ම මට රහතන් වහන්සේ කිව්වා කලින් බලලා තියෙනවා ඔය කාමය කියන භාවනාවක්, ඒ භාවනාවේ දී තිබිච්ච දේ තමයි, අපි මරණය කියන එක බොහොම ඉක්මනින් සිද්ධ වෙනවා, අපේ විඤ්ඤාණය බොහොම කුඩා කාලයක් තමයි පවතින්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා 2.2 වෙනකොට මරණය කියන එක සිද්ධ වෙනවා, ඒ 2.2 අර රූපයත් එක්ක, මොකද අපේ විඤ්ඤාණය මුලින් යම්කිසි රූපයක් එක්ක තිබුණා, පළවෙනි රවුමේ දී, මේ දෙවෙනි රවුම වෙනකොට දැන් මේක වෙන් වෙලා. මොකද පදුට්ඨමනසඞ්කප්පය නිසා ම අපේ වෙන් වෙලා කියන එක තියෙනවා. එතකොට පදුට්ඨමනසඞ්කප්පයෙන් ම තමයි මේ අපේ වෙන් වීම සිද්ධ වුණේ. 2.1 දීමයි වුණේ. මොකද කොහේ හරි තිබිච්ච විඤ්ඤාණයක්, මගේ විඤ්ඤාණය, මං ගලවලා වෙන තැනකට ගත්තා, ඇයි අරකට වඩා මේක හොඳයි කියලා නේ ඒක කරන්නේ. දැන් ඒ පාර මම ඕක සම්බන්ධ කළා ඊයේ භාවනාවත් එක්ක.
ඊයේ භාවනාවේ දී මතක නේ පෙන්නුවා අත්තුක්කංසකො පරවම්භී. එතන නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා, එයා ලොකුවට ඒ උදම් අනනවා මං හදන එක කැඩෙන්නේ නැහැයි කියලා. අනිත් අයට ගරහනවා, ඕගොල්ලෝ හදන එක මේ සඤ්ඤාව ස්පර්ශ කරලා මේ කරන්න ඕනේ, විඤ්ඤාණය හදන්න ඕනේ, මගේ එක එහෙම නෙමෙයි කියන එක. පරවම්භී මේ විදිහට මෝහය කියන එක ඇති වෙනවා.
ඉතින් එතැන දී අපි බැලුවා නේ, මේක අපි දැන් පිළිවෙළට දැක්කා අර මරණය කියන එක. දැන් මේ පුද්ගලයා මේ විඤ්ඤාණය ඒක සකස් කරන්නේ, මේ කතාව කියන්නේ අහංකාර වෙලා තියෙන්නේ මේ මැරිච්ච මනුස්සයා. විඤ්ඤාණය මැරිලා මොකද එයා එන්නේ අර භය අගතිය සෝකය ඒ කතාවත් එක්ක නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතැන දී අපි ඊයේ තේරුම් ගත්තා මේ මරණය කියන එක වුණා, ඊට පස්සේ පරිදේවය. එතකොට විඤ්ඤාණයේ මරණය වුණා. සංස්කාරවල පරිදේවය. ඊළඟට අපි ව්‍යාධියට ආවා, වේදනාවෙහි ජරාව, සෝකය කියන එකට ආවා, සෝක කරන සඤ්ඤාව. ඊට පස්සේ අපි ආවා ආපහු රූපයට, ජරා වෙච්ච රූපය, මේ ජරා වෙච්චි කෑලි පහක් ම අරගෙන තමයි මේ මේක කරලා මේ අහංකාර වෙලා තියෙන්නේ කියලා.
දැන් ඊට පස්සේ දැන් මම කල්පනා කළා මේ අවස්ථාව වෙනකොට දැන් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ මොකක් ද මේ පදුට්ඨමනසඞ්කප්පය, එයා මොකක් ද මේ වෙන් කරන්නේ, කියන එක මම කල්පනා කළා. පදුට්ඨමනසඞ්කප්පයෙන් ම නේ වෙන් කළා කියලා රහතන් වහන්සේ පෙන්නුවේ. 2.1 දීමයි ඒක වෙන්නේ. මොකක් ද වෙන් කරන්න තියෙන්නේ?
ඉතින් මම කල්පනා වුණා දැන් අපි හිතමු ගෙදරක හරි දැන් ළමයින් දෙන්නාට කාමර දෙකක් දුන්නා කියලා, නේ ද. එතකොට ඒ කියන්නේ ඒක සැපක් කියලා නේ අපි ගන්නේ, එතකොට එහෙම නම් අපිට එනවා මේ අපේ භවය, භවය පවත්වන්න තමයි මේ කතාව තියෙන්නේ. මෙහෙම සැපක් විඳිනවා කියලා අපේ අදහසක් තියෙනවා, සංකප්පය තුළ, මෙහෙම සැපක් විඳිමින් මම ජීවත් වෙනවා කියලා, එතකොට ඕක තමයි ඔය අපිට තියෙන පදුට්ඨමනසඞ්කප්පයේ තියෙන්නේ. ඉතින් මොන වගේ සැපක් ද, දැන් සාමාන්‍ය මනුස්සයෙක් ඔය වගේ අපි හිතමු දෙන්නට කාමර දෙකක් දීලා, ඒ වගේ පවතිනවා කියන එක.
ඊළඟට තවත් කෙනෙක්ගේ ගත්තහම, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා දැන් ඕක අනුපිළිවෙළින් අපිට පේනව නේ, එක්කෙනෙක් පේනවා රූපය එපා කියලා මේක තමයි මගේ සැපය, ඒ සැප ඒ පුද්ගලයා define කරන විදිහ. තව එක්කෙනෙක් මේ වේදනාව එපා කියලා, තව එක්කෙනෙක් කියනවා මේ රූපයත් එපා, වේදනාවත් එපා, සඤ්ඤාවත් එපා. කියලා ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා කියනවා. දැන් මෙයාගේ තියෙන්නේ මොකක් ද?
රහතන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා නේ, මේකේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා කොහොම ද ඉන්නේ, එයා වින්දා වූ එක පරාමාසකායගන්ථය තුළ තියෙනවා, තමන් විඳපු නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. තමන් අහලා තියෙනවා නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ගැන, මේක මෙහෙමයි කියලා, ඒක තියෙනවා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඇතුළේ, ඉතින් පාරවල් දෙකෙන් ඇවිල්ලා එන්නේ. පරාමාස, ඉදංසච්ච පාරවල් දෙකෙන් නේ, මේ පාරවල් දෙකේ වෙනස විතරයි තියෙන්නේ, අර පල්ලෙහා සංස්කාර කොටුවට උඩ සංස්කාර කොටුවෙන් ඉඳන් එනවා, ඔයිට වඩා වෙනසක් ඇත්තේ නැහැ. මෙයාගේ අදහස තියෙන්නේ ඉතින් මම මේක perfect කරනවා. කොහොම ද perfect කරන්නේ, අර නිදා ගත්ත මනුස්සයයි, නිදා ගත්ත නැති මනුස්සයයි. දැන් කෙනෙක් නිදා ගත්තාහම පෙලක් වෙලාවට කල්පනා වෙනවා නේ, මේ අනේ මට ඊයේ රෑ හරියට නින්ද ගියේ නැහැ. මේ මනුස්සයට නින්ද ගිහිල්ලා, සැරෙන් සැරේ ඇහැරිලා. නමුත් මෙයා හිතනවා මේක හරියට මට වුණේ නැහැ, ඉතින් ඒ පාර මෙයා මේක perfect කරන්න තමයි, දැන් අපි නිදා ගන්නවා කියන්නෙත් මේ රූපයෙන් අයින් වෙලා නේ, ඒ වැඩවලින්, අරවායින් මේවායින් ඔක්කොම අයින් වෙනව නේ, පුළුවන් තරම් හොඳට මේවායින් අයින් වෙනවා. Perfectly මම අයින් වීම තමයි මගේ මේවා එක.
ඒක තමයි නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ ඒක සංකල්පය තුළ තියෙන්නේ. එයා හොඳ ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදනවා. ඔන්න ඔය අර්ථයටයි එයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට මේක තේරුණා ම, ඊට පස්සේ දැන් එහෙම කරලා මම භවය පවත්වමි. ඒක ම තමයි මේ කියන්නේ, එක්කෙනෙක් අර රූපයත් එක්ක කිව්වා, දැන් මම මෙහෙම මේවායින් අයින් වෙලා මම මේක පවත්වමි කියන එක තියෙනවා.
ඉතින් මට තේරුණා අර diagram එකේ අතන මේ අවස්ථාවේ දී ගත්තහම ඉතින් මේ ඇතුළේ තියෙන රෝදයෙන් එළියටයි, එළියේ ඒකෙන් ඇතුළට මොකක්වත් වෙනසක් නැහැ, ඔය දෙක තියෙනවා විතරයි කියන එක, අලුතෙන් input එකක් නැහැ, කවුරු හරි කෝට්ටක් දාලා කැරකිල්ලක් කතාවක් නැහැයි කියන එක. මෙහෙම බැලුවහම මට තේරුණා මේ අර තරුව තියෙනවා නේ, සබ්බාසව සූත්‍රයේ අන්තිම තරුව, ඔය තරුව හරියට භාවනාව කළහම පුදුමාකාර සුඛයක් සහිතව සමාධියක් තමන්ට ඇති වෙනවා. සම්මා සමාධිය කියන එක. එන්න ඒ තත්වය මගේ මනසේ තියෙනවා කියලා මට තේරුණා.
දැන් මම ඒක හරහා ගියා නෙවෙයි, මේක දැකීමෙන් මගේ මේ මනස ඒ තත්වයට ඇවිල්ලා. ඉතින් මම බැලුවා කොහොම ද මේක වෙන්නේ. මට එකපාරට ම තේරුණා මේ සංස්කාරවලට අර මානය කියන එක නැතිකම. සංස්කාරයට මානය නැතිකම කියන එක, දැන් මෙතන මේ අපි මැරෙනවා කියලා නේ අපි පටන් ගත්තේ. මැරෙනවා, මේක මොකක් ද මේ කරන්නේ කියන එක බලාගෙන ගියා, ඉතින් මේකට එහෙම නම් මානයක් පවතින්නේ නැහැ, දෙන්නම කරන්නේ එක ම වැඩේ තමයි, වෙන වෙන ආකාරයට, එතකොට මේකට මානයක් නැහැ කියන එක නිසා, රහතන් වහන්සේ එතන අර “සාධු” කියලා කිව්වා, “Excellent” කියලා කිව්වා, මේ ඒක නිසා තමයි එතන ඒක තියෙන්නේ, ඒ කියන්නේ මානය කියන එක තමන් අයින් කරනවා නම් ඔය විදිහට දැකලා මොන ක්‍රමයකින් හරි අර එතැන්ට එනවා. ඒ සම්මා සමාධිය මෙයා ධර්මය තමන් තේරුම් ගත්ත පුද්ගලයාට මේක මේ තත්වයට එනවා. බොහොම ඉක්මනට නිකන් හිතුවා වුණත් එතනට එන්න පුළුවන්කම කියන එක තියෙනවා, ඒ සමාධියට.
ඒක තමයි මං කරපු භාවනාව. මං ඉතින් වැඩි හරියක් ඒ සමාධියෙන් හිටියා කියන එක තමයි මං කළේ.