ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවයි කියලා. ඒ විදිහට හත් නම, දාහතර නම, සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඒ භාවනාවට පෙර ම මට රහතන් වහන්සේ කිව්වා, ඔය විඤ්ඤාණයේ ධාරාව කරන භාවනාව ජනවාරි මාසේ 14 වෙනිදා මේ අවුරුද්දේ කරලා තියෙනවා, ඒක බලන්නයි කියලා. ඉතින් ඒ භාවනාවේ තියෙන්නේ අර නිත්‍යයි පෙර ගත්ත නිසා, සඤ්ඤාවෙන් චේතනා වෙනවා කියලා අර A කියන point එක, A කියන එක හැදෙන්නේ, ඊට පස්සේ අර B, මේ අපි මරණයේ ඉඳන් ව්‍යාධියට එන ඒ විදිහට තියෙනවා නේ. අන්න ඒ ධර්මය, බලන්න කියලා. එතකොට ඒකේ විඤ්ඤාණයේ ඒ ධාරාව කියන එක බලාගෙන ඇවිල්ලා තියෙනවා, අපි දන්නවා අර ඒ සෝකය වෙලා 4.4, 5.4, 6.4 ඔහොම ගිහිල්ලා, ඒ 13 වෙනකන් ඇවිල්ලා තියෙනවා පියෙහි විප්පයොගයෙන්, ජාතියට යනවා කියලා. මිච්ඡාදිට්ඨික අගය කියන එක පියෙහි විප්පයොගය තුළ තියෙනවා, ඒක තමයි ඉස්සෙල්ලා යන්නේ කියලා මේ ජාතිය කියන එකට.
එතැන දී අපි ආවා ඕකට parallel ධර්මය බලන්න ඕනේ කියලා, දෝස අගතියෙන් ඉඳන් අභිජ්ඣාවට එනවා. ඒ අභිජ්ඣා වීම සමඟ චේතනා වෙනවා කියලා. එතැන දී මේ විදිහට අපි දන්නවා දැන් ඔය 6.4 දක්වා ආවා නම් ඉතින් ඒක නන්දියෙන්, රාග සල්ලය නිසා, 6.4, 6.7 වෙලා, රාග සල්ලයෙන් අපි උඩට උස්සනවා, උඩට ඉස්සුවායින් පස්සේ ඔය රූපය ස්පර්ශ වෙනවා, ඉතින් එහෙම වෙලා තමයි දැන් මෙතැන අපේ මේ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා කියන කතාව ඒක සිද්ධ වෙන්නේ, එතකොට මෙන්න මේ ධර්මය බලන්න ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා එකත් මම පොඩ්ඩක් බැලුවා, ඊට ඉස්සෙල්ලා භාවනාවේ තියෙන්නෙත්, ඒ “භාවනා පහාතබ්බා” කියන එක. ඉතින් ඔය 6 වෙනි රේඛාව දිගේ එන්නේ නැත්නම්, ඒ සංස්කාරය මගින් විඤ්ඤාණය පවතිනවා කියාලා හිටින්නේ නෑ. අර උද්ධච්ච කතාව කියන එක ඒක කැපිලා යනවා. එතකොට ඒ ප්‍රඥාව කියන එක ඇති වෙනවා නම් ඒ උද්ධච්චය නැහැ, ඒක නිසා ඒක සිද්ධ වෙනවා කියලා.
දැන් මෙන්න මේ කාරණාවන් කල්පනා කරනවාත් එක්ක ම, මට අර ඊයේ භාවනාවත් එක්ක එකපාරට ම සම්බන්ධ වුණා. ඊයේ භාවනාවේ දී පෙන්නුවේ, අර අත්තුක්කංසකො මං හොඳ ම එක හදනවා කියලා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදනවා කියලා. මේ මනුස්සයා අහංකාර වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ මැරිච්ච එකා තමයි මේක හදන්නේ, පරිදේවයට පත් වෙලා තමයි මෙයා මේක මේ භය අගතියට ගිහිල්ලා තමයි මේ කියන්නේ. හොඳට ම මම මේ හොඳ ම එක හදනවා කියලා. භය අගති, සෝක, ඒ එතනින් කාම ආශ්‍රව ඒ විදිහට ඇවිල්ලා.
එතකොට දැන් එහෙම නම් මේකේ අපිට පේනවා, මේ වටේට ම මේ frame එක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා, ඉතින් අපි ඊයේ ඕක පෙන්නුවා නේ මේ හොඳ ම එක කියලා කිව්වහම, ඉතින් රූපය කියන එකේ හොඳ ම එක. දැන් අර ගෙදරකට ළමයි දෙන්නට කාමර දෙකක් දුන්නා. එහෙනම් මේ පෙන්නන්නේ මොකක් ද, මේ space එක කියන එක තමයි මේ හොඳ වෙලා තියෙන්නේ. එතකොට එහෙම නම් අපිට පේනවා මේ best එක, රූපයේ හොඳ ම එක කියලා කියන්නේ, රූපයේ නැතිකම. ඒ කියන්නේ ඔය මිනිස්සු advertise කරන්නේ spacious room කියලා එහෙම නේ ද, හෝටල්වල එහෙම. එතකොට ඒ කියන්නේ මේ space එකයි වටින්නේ, රූපය නෙමෙයි. එතකොට ඒ කියන්නේ රූපය නිසා අපිට තියෙන්නා වූ ගැටුම කියන එක මේක වෙන්නැතිකම නේ ඔතන තියෙන්නේ? රූපය තියෙනවා නම් ගැටෙනවා. කාමරේ boxes තියෙනවා නම් කකුලේ හරි හැප්පෙනවා. අන්න ඒ වගේ ගැටීම කියන එක නැති වීම තමයි මේක හොඳයි කියලා කියන්නේ.
එහෙම නම් ඊළඟට මට පේනවා ඔය විදිහට ගත්තහම space එකේ හොඳ ම එක කියලා කියන්නේ, ඒ space එක ආධාරය කරගෙන පවතින්නේ නැති එකයි. හැරමිටියක් අරගෙන මනුස්සයෙක් ඉන්නවා, හැරමිටියේ ආධාරයෙන් ඉන්නවා. අන්න ඒ වගේ දැන් මේ space එක ආධාර කරගෙන තමයි මේ කෙනා ඉන්නේ. එතකොට space එකේ best එක කියලා කියන්නේ හොඳ ම එක කියලා කියන්නේ ඒක නැතිකම, අන්න ඒක තමයි අතන විඤ්ඤාණඤ්චායතනය කියන එක.
ඉතින් ඕක අර රහතන් වහන්සේගේ ඒ බොජ්ඣඞ්ගය එකේ දී මට පෙනුණා නේ මේ රූපය කියන එක පටික්කූලයි, ඒ රූපය නිසා ඇති වෙන්නා වූ ඒ වේදනාවන් අප්පටිකූලයි. මේ දෙක ම එපා කියලා තමයි මේ හය වෙනි ධ්‍යානයට යන්නේ, විඤ්ඤාණඤ්චායතනයට යන්නේ. එතකොට එහෙම නම් එතැන දී මට කල්පනා වුණේ, මෙතැන තියෙන්නේ, විඤ්ඤාණඤ්චායතනයට යනකොට, අර විඤ්ඤාණයට එන්නා වූ, දැන් අතන ගැටීමක් නේ අපි කිව්වේ, රූපයේ ගැටීමක්, දැන් වේදනාවේ ගැටීම කියන එක අර 40% පාර, යට පැත්තෙන් එන්නේ දිට්ඨි අනුසය හරහා වේදනාවට එන එක. එහෙම නම් දැන් ඒකත් එපා, එතැන ඉඳන්, වේදනාව ඉඳන් ඔන්න චේතනාවට යන එකත් එපා. දැන් අපි මෙතැන පෙන්නුවා නේ මේ චේතනා වෙලායි මේක වෙන්නේ කියලා. අභිජ්ඣා වෙලා එතනින් චේතනා වෙනවා, අභිජ්ඣා වුණාහම. ඒක වෙලයි වෙන්නේ, දැන් ඒකත් එපා. දැන් ඔන්න රහතන් වහන්සේ පෙන්නනවා නේ diamond එකේ මෙහෙම කෑලි දෙක කැපුවහම තමයි විඤ්ඤාණඤ්චායතනය, දැන් ඔන්න හොඳට ඒකත් පැහැදිලියි.
ඒ පාර දැන් අපිට පේනවා මේ විඤ්ඤාණඤ්චායතනයෙන් වේදනාව දැනගන්නේ, වේදනාවේ best එක තමයි ඒක ගැන අපිට මොකක්වත් සඤ්ඤාවක් නැත්නම්. ඒ කියන්නේ ඒ සඤ්ඤාවන් කියන ඒවා තමන්ට දැන් වේදනාව සම්බන්ධයෙන් සඤ්ඤා කියන එක නැතෙයි කියන එක. ඒ කියන්නේ අපි හිතමු ඔයාට heart එකේ හරි මොනවා හරි පොඩි ප්‍රශ්නයක් වෙලා එතනින් වේදනාවක් දැනුණා. එකත් එක්ක ම අපි මැරෙයි ද දන්නේ නැහැයි කියලා බයකුත් ඇති වෙලා තියෙනවා. දැන් ඔයාට ඒ වේදනාව නෑ. නමුත් අර ඇති වෙච්ච සඤ්ඤාවන් තියෙනවා නේ, භයේ අගතියට ගිය එක, මම මැරෙයි ද දන්නේ නෑ, කියන එක. මට මෙහෙම වේදනාවක් දැනුණා කියන එක, අන්න ඒකේ නැති වීම, ඒ කියන්නේ මෙතැන පේනවා අපිට පපඤ්ච සඞ්‌ඛා කියන එක, තණ්හා දිට්ඨි ඒ සඤ්ඤා කොටස් කියන ඒවා නැත්නම්, එතකොට අපිට පේනවා නේ චේතනාවට එන එකයි, චේතනාවෙන් ඉදංසච්චයට යන එකයි, දිට්ඨි. ඕක නේ පපඤ්ච දෙකට වැටෙන්නේ, ඒ දෙක නැහැ, එහෙනම් රහතන් වහන්සේ පෙන්නපු අනිත් එකත් ලස්සනට පේනවා.
එතකොට දැන් එහෙම නම් මේ සඤ්ඤාවේ best එක කියලා කියන්නේ මොකක් ද? ඒ හදන්නා වූ ඒ සඤ්ඤාවන් කියන ඒවා මොනවක්වත් නැති වෙන එක. එතකොට එහෙම නම් පේනවා අපිට ඒ සඤ්ඤාවේ නිරෝධය ඒක තමයි අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එකට අපිට ඒ අවස්ථාවේ දී එන්නේ. එතකොට ඒ සඤ්ඤාවන් එපා කියලා නේ එයා එන්නේ, හත් වෙනි ධ්‍යානයේ. ඉතින් ඒ කියන්නේ එයා කපාගෙන යනවා ඒ ඉදංසච්චයට එන එකයි, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන එකයි, අතන පල්ලෙහා තියෙනවා නේ මාන පාර, ඒ කෑල්ල ඉදංසච්චය ඉඳන් භය අගතියට යන එකයි, කියන දෙක කපාගෙන එනවා, සංස්කාරවලට අගයක් දෙන්නේ නැතුව.
ඉතින් මෙතැන ධර්මය ටිකක් අර සියුම් වෙනවා දැන්, එතකොට මෙතැන දී අපිට පේනවා, මේ සංස්කාර අර උද්ධච්ච මාන අගයත් එක්ක නේ මේක සිද්ධ වෙන්නේ, අර ඒක වෙන්නේ නැත්නම් අපිට දැන් පේනවා, මේ සංස්කාරයන් කියන ඒවා, පවතින්නේ නෑ. සංස්කාරය නිසා ඒ කියන්නේ විඤ්ඤාණය පවතින්නේ නැහැ කියන එක. ඒක නේ අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වේ, සංස්කාරය නිසා විඤ්ඤාණය පවතින්නේ නැත්නම්, විඤ්ඤාණය නිසා නාමරූපයන් නෑ. එහෙම නම් මෙතැන දී අපිට පේනවා මේ සංස්කාර කතාවේ දී best එක තමයි මේ ඔක්කෝම සංස්කාරයන්ගේ නිරෝධය. “යංකිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං සඞ්‌ඛාර පච්චයා,” එතකොට එකේ සම්පූර්ණයෙන් නිරෝධය කියන එක තමයි මේක හොඳයි කියන එක.
ඔය තත්වයට තමන්ගේ මනස එනකොට, අප්පණිහිත චෙතො විමුක්තිය පුදුමාකාර විදිහට දැනෙනවා. එතැන දී තියෙනවා මේ මුළු නළල ම සම්පූර්ණයෙන් සම්බන්ධයි, එතන සතිය ඒක තියෙනවයි කියලා පේනවා. ප්‍රඥා ඉන්ද්‍රිය මෙතන තියෙනවා, විරිය ඉන්ද්‍රිය තියෙනවා, මේ ප්‍රීතිය කියන එකත් තමන්ට දැනෙනවා, ඒක තමන්ව එලියට ඇදලා දාන ප්‍රීතියක් නෙවෙයි, ඒ විදිහට ඒක පවතිනවා, ඒ විදිහට තමන්ට ඉන්න පුළුවන්කම කියන එක ඇති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.