Date: 17/03/2015 Name: Uddhacca bhavana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා කියලා මිච්ඡා දිට්ඨිය නැති වෙනවයි කියලා. මේ විදිහට දාහතර නම ම, සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට ඒ භාවනාවට පෙර ම මට කල්පනා වුණා මෙන්න මේ උද්ධච්චය ගැන. උද්ධච්චය කියන ඒකේ අර්ථ දැක්වීම අපි බැලුවහම අපිට පේනවා, අර වහලාගේ තියෙන්නේ අර සිංදු අහන්න ගිහිල්ලා, එතකොට එයාට මේ කාමය නිසා එයාගේ පැවතීමක් කියන එක එයා කල්පනා කරනවා. ඊළඟට අර ආස්වාද ඉන්ද්‍රිය නිසා පුද්ගලයෙක් කල්පනා කරනවා ඒක නිසා මං පැවතිලා ඉන්නවා කියලා, ධ්‍යානයන් සහගතව.

ඉතින් මං මේ උද්ධච්චය කියන එක බලාගෙන ආවා විවිධාකාරයෙන්, මේ කියන්නේ මොකක් ද කියන එක, මට මුලින් ඔය දෙකත් එක්ක ඇති වෙන හැඟීම තමයි මේක කොහොම හරි පවතිනවා කියන එක, මේක අදහසක් එයාට තියෙනවා. ඉතින් ඕක අපිට පැහැදිලි වෙනවා, ඉතින් අශ්‍රද්ධාවට ආවහම එතැනින් උද්ධච්චයට එනවා. මොන ක්‍රමයකට හරි අර අත්තා ඉඳන් නිත්‍යට jack එක ගහලා, මේකේ මේ පැවතීමක් කියන එක තමයි මේ උද්ධච්චයෙන් පෙන්නන්නේ කියලා. එතකොට ඊළඟට ඔය උද්ධච්චය කියන එක අපිට පේනවා, එකොළොස් වෙනි රවුමේ දී ඇති වෙන්නේ. ඒ කියන්නේ සංස්කාරයන් අත්තා කියලා ගන්නේ, ඒකෙන් පස්සේ තමයි, එකොළොස් වෙනි රවුමෙනුත් පස්සේ තමයි.

එතකොට මෙහෙම කාරණා බලාගෙන ගිහිල්ලා, මට පෙනුණා දැන් එහෙම නම් අර අපි මනුස්සයෙක් ඇඳලා තියෙනවා නේ. ඒ කියන්නේ වේදනාව තියෙන තැන අර ජාතියට යන එකයි, පල්ලෙහා ජරාවට යන එකයි, ඒක අවිද්‍යා අනුසය, ඒ වගේ ම ආවාසමච්ඡරිය දෙක, ආයතන භාවනාව. එකේදි පෙන්නනවා අපි, ඕකට මේ උද්ධච්චයෙන් තමයි, ඒ මනුස්සයා වැටෙනවා ඒකට support කරලා තියෙන්නේ කියලා. එතකොට ඕක ම අනෙක් පැත්තෙන් පෙන්නනවා, මෝහය විසින් මෝහයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට, ඒ තියෙන support එක තමයි මෙතැනට සමාන්තර වෙලා තියෙන්නේ. දැන් ඔය විදිහට බැලුවහම මට පේනවා එහෙම නම් මේකේ මේ තියෙන්නේ මොකක් ද, මෙයා මේක maintain කරනවා. කොහොම ද? අර පල්ලෙහායින් වේදනාව තියෙන තැනින් එයා jack එක ගහලා, උද්ධච්චයෙන් ඔන්න මේක පවතිනවා කියලා, මේ කාමය සිංදු අහනකොට හරි, ඒක පවතිනවා කියලා එක ගහනවා.

ඊට පස්සේ පරාමාසය පැත්තට එනකොට ඔන්න එතැන දී ආපහු අපේ එනවා අර නිත්‍යයි කියලා ඇති වෙනවා නේ. සුභයි, නිත්‍යයි කියලා ඇවිල්ලා සංස්කාරය නිසා ඔන්න පරාමාසය පැත්තෙන් එයා jack එක ගහනවා ඒක පවතින්න.

දැන් එහෙම නම් ඊළඟට සඤ්ඤාව අල්ලාගෙන, හත් වෙනි ධ්‍යානය වගේ ඒවා අල්ලාගෙන, ඒකේ පැවැත්වීමට තියෙනවා. ආපහු ඉතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය එනකොට මේ සංස්කාර නිසා අපි ඒ විඤ්ඤාණය පැවතීම කියන එක. දැන් කාම සඤ්ඤා පේනවද, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ දකුණු අත පැත්තෙන් ඇදලා තියෙන්නේ. එතකොට ඒ කාම සඤ්ඤා කියලා කියන්න නේ සංස්කාර නිසා විඤ්ඤාණයේ පැවතීම. ඉතින් එහෙම නම් අපිට පේනවා මේ ජාතියේ ඉඳන් අර විඤ්ඤාණය දක්වා ම මේ රේඛාව, ආන්න ඒක පැවැත්වීම කියන එක. ඉතින් රහතන් වහන්සේ කිව්වේ මේ උද්ධච්චය කියන එක හරියට ලිස්සන තැනක ඉන්නවා වගේ කියලා, ඔන්න රේඛාව. මේක දිගේ ලිස්ස ලිස්ස මෙයා පල්ලෙහාට වැටෙනවා කියන එක තියෙනවා.

එතකොට දැන් මෙන්න මේක දැක්කහම, දැන් මලකඩ කාපු යකඩ ඇණයක් කිසිම ආකාරයකින්, ඒකෙන් හදන භාණ්ඩයක් පවතින්නේ නෑ නේ, කඩාගෙන වැටෙනවා ඇර. ඉතින් ඕකත් එක්ක සිත බොහොම සමාධි ගතව ස්වභාවයට, සමාධිය පුදුම ආකාර විදිහට එතැන ඒක තියෙනවා.

ඒ තත්වයට මනස ආවාට පස්සේ අන්න ඊයේ භාවනාවත් එක්ක මම සම්බන්ධ කළා, අර රූපයේ best එක කියලා කියන්නේ ඒ රූපයේ කියන එකේ නැතිකම space එක කියන එක. එතකොට අපිට පේනවා, ඔය විදිහට අපි බලාගෙන ගියහම දැන් space එකේ best එක කියලා කිව්වහම, අර space එක ගැන, ඒ වේදනාවන් දැනෙන්නේ නැතිකම කියන එක. ඊට පස්සේ ආයෙත් පේනවා, මේ වේදනාවන්වල best එක කියලා කියන්නේ ඉතින් අර දෙක ම මගේ නෙවෙයි කියලා අරගෙන නේ. එතැන විඤ්ඤාණඤ්චායතනය කියන එකේ, ඉතින් අතෙන්දී වේදනාව කියලා කිව්වේ අර රූපය නිසා ඇති වෙන්නා වූ වේදනාවන්, දැන් ඉතින් එයා ඒවා එපා කියන එක තත්වයට එයා ගිහින් තියෙනවා.

ඊට පස්සේ අර දැන් පේනවා නේ කෑලි කෑලි කැපි යන හැටි, භය අගතිය ඉඳන් ඒ වේදනාවට, වේදනාවේ ඉඳන් චේතනාවට, ඊට පස්සේ අර උඩ කෑල්ල කැපෙනවා කියන එක, සඤ්ඤාවේ best එක, සංස්කාරයේ best එක. ඉතින් අන්තිමට ගත්තහම මේ මොකක්වත් නිසා මේක පවතින්නේ නැහැයි කියන එක තමයි අපිට best එක කියන්නේ. ඉතින් ඒ කියන්නේ සංස්කාරයන්ගේ නිරෝධය, නිර්වාණය තමයි මෙතැන best එක වෙන්නේ, මොකද අර මෙතන විඤ්ඤාණයෙන් හැදුනා නම් ඒක මැරිලා වැටිලා ආපහු අපි ජාතියට එනව නේ. එහෙනම් ඒ ජාතිය එන්නේ නැතැයි කියන එක තමයි ඒ තමන්ට ඒ best එක හැටියට එන්නේ.

ඉතින් ඒක තමයි ඒ උද්ධච්ච භාවනාව.