Date: 18/03/2015 Name: Akincanna Vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම යි නැවතත් කරගෙන ගියේ. ඒ ඊයේ භාවනාවේ දී පටන් ගන්නකොට ඉතින් මං ගත්තේ අර, ලෝභය නැති කරමි කියලා, කාමච්ඡන්දය, ජරාවට තියෙන කැමැත්ත, එහෙම නැත්තම් අර මලකඩ කාපු යකඩ ඇණයට තියෙන කැමැත්ත කියන එක, ඒක දිරනවා, ඒකට කැමතියි. ඉතින් ඒ පාර ඊයේ භාවනාව කරගෙන ගියා.

ඉතින් ඊයේ භාවනාව ආපහු නැවතත් මතක් කරනවා නම්, උද්ධච්චය කියන එක කොහොම ද ඇති වෙන්නේ කියන එක, අර line එකට support එක බැලුවා. වහලාගේ කතාවේ දී එයා කාමය නිසා එයාගේ එකේ පැවතීමට කැමතියි. ඒ කාමය කියලා කිව්වහම එතැන දී පෙන්නුවා අර සිංදු අහගෙන, ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ කාමය කියලා කියන්නේ අපි දන්නවා සංකප්පයේ රාගය පුරුෂයාගේ කාමය වෙනවා කියලා. එතකොට අපිට එහෙම නම් අර රූපය දක්වා ඒ පැත්තෙන් එනවා කියන එක තියෙනවා. අර පැත්තෙන් සංස්කාර, ඒවායෙන් සංකප්ප. සංකප්පවලට රාගය ඇති වුණා. ඇති වෙලා මෙතැන කබලිංකාර ආහාරය එතකොට මේ තියෙනවා කියන එක. එතකොට එහෙනම් අපි මේ රූපය කියන එක අපි support කරනවා.

එතකොට ඊළඟට ආපහු කාම සඤ්ඤාව කියන එක ගත්තහම සංස්කාර නිසා විඤ්ඤාණයේ පැවතීමට ඇති කැමැත්ත. එහෙම නම් එතැනදිත් අපිට පේනවා විඤ්ඤාණ කියන කෙළවර, අර පල්ලෙහා ඉඳන් jack එක ගහලා වගේ උඩට විඤ්ඤාණය කියන එක support කරනවා කියන එක තියෙනවා. එතකොට මේක මේ විදිහට බලාගෙන ගියහම ඉතින් මේක ඔක්කොම අන්තිමට ජරා ගොඩක් නේ තියෙන්නේ. අර උඩ line එක පවතින්නේ නෑ. රූපයේ ජරාව, වේදනාවේ ජරාව, සඤ්ඤාවේ ජරාව, සංස්කාරයේ ජරාව, ඒක නිසා මේ විඤ්ඤාණය පවතින්නේ නෑ.

ඉතින් කෙනෙකුට අර බොජ්ඣඞ්ගය කියන එක සිහි වෙනවා නම්, බොජ්ඣඞ්ගයේ, 1, 2, 3. ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක ඉතින් නිත්‍යභාවයක් නෑ, නිත්‍යභාවයක් නැත්නම් ඉතින් අපිට ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. ප්‍රඥාව තියෙනවා, ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. ඒක නිසා අර 6 වෙනි line එකෙන් එන්නා වූ දේ සිද්ධ වෙන්නේ නැහැයි කියන එක තියෙනවා. එහෙම නම් සංස්කාර නිසා විඤ්ඤාණය පවතින්නේ නැහැ. එහෙම නම් විඤ්ඤාණය නිසා නාමරූපයන් පවතින්නේ නැහැයි කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ අදහසත් එක්ක බලාගෙන ගියහම, දැන් මේ අපි පේනවා, මේ ජාතියේ ඉඳන් විඤ්ඤාණය දක්වා තිබුණ රේඛාවේ පැවැත්ම එහෙම නම් සිද්ධ වෙන්නේ නැත්නම්, දැන් අපිට පේනවා, එහෙම නම් රූපයේ අපි best එකට යනවා. රූපයේ best එක තමයි space එක. එතකොට ඒ ආකාසය කියන එක. එතකොට space එකේ best එක තමයි ඒ ආධාර කරගෙන පවතින්නේ නැතෙයි කියන එකයි, ඒ කියන්නේ space එක ආධාර කරගෙන යම්කිසි දෙයක් පවතිනවා ද ඒ දේ නැති වීම කියන එක.

ඉතින් ඕක මම සම්බන්ධ කළා අර වටත් එක්ක එන්නා වූ එක. දැන් අපිට පේනවා, මේ space එක කියන කතාව වෙන්න නම්, අපි අර අත්තා කියලා පල්ලෙහාට අරගෙන 5.5, 5.6 කියන එක නොවෙන්න ඕනේ. එහෙම වුණායින් පස්සේ තමයි, ඒ කියන්නේ ඔතන අර්ථ වශයෙන් රහතන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. මේ 6.3 සුඛයි කියන කතාව නැති වෙලා තමයි ඒ ආකාසය අනන්තයි කියන එක එයාගේ තියෙන්නේ. අර රූපය නිසා ඇති වුණු වේදනාවන් සුඛයි කියන කතාවක් නැති වෙලා.

ඊට පස්සේ ඉතින් අපිට පේනවා මේ space එකේ best එක කියලා කියන්නේ, ඒ space එක ආධාර කරගෙන දැන් වේදනාවන් තියෙනවා. ඒ වේදනාවන් කියන ඒවා නැති වෙන්න ඕනේ. ගැටීම කියන එක නැති වෙන්න ඕනේ. ඉතින් ඒක නැති වෙන්න නම් අපිට පේනවා අර භයේ අගතියේ ඉඳන් වේදනාව දක්වා එන්නා වූ line එකයි, වේදනාවේ ඉඳන් ධම්මමච්ඡරිය line එකයි කියන එක, ඒක නැති වෙන්න ඕනේ. ඒක නැති වුණහම තමයි අපිට ඒ විඤ්ඤාණඤ්චායතනය කියන එක, ඒක සිද්ධ වෙන්නේ.

ඉතින් අද විශේෂයෙන් මං බැලුවේ ඔය ඊළඟ එක. ඒ කියන්නේ ඒ වේදනාවේ best එක කියලා කියන්නේ වේදනාව ගැන අපිට ඒ සඤ්ඤාවන් කියන ඒවා මනසිකාරයන් ඒවා නැති වෙනවා නම් තමයි වේදනාවේ best එක තියෙන්නේ. ඉතින් එතැන දී එහෙම නම් අපිට පේනවා ධම්මමච්ඡරිය line එක නාමරූප කොටස දක්වා තිබෙන්නා වූ කොටස, ඕක දැන් අපි පෙන්නුවා නේ ඒ ධම්මමච්ඡරිය line එකයි, ඊළඟට චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන්නා වූ ඒ line එකයි, ඒ දෙක කැපිලා තමයි, ඔය ආකිඤ්චඤ්ඤායතනය කියන එක වෙන්නේ.

එතකොට මෙන්න මේක සිද්ධ වෙන්න නම් මේක කැපෙනවා කියන එක සිද්ධ වෙන්න නම්, මේකට තිබෙන්නා වූ support එක, ඒ කියන්නේ ඔය නාමරූප කොටසයි පරාමාසයේ ඉඳන් නාමරූපයට එන එක, ඒක නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක් ද? ඒ කියන්නේ, අර නිත්‍යයි කියලා පරාමාසයේ ඉඳන් එන්නා වූ support එක, ඒ කියන්නේ අපි සුභයට නිත්‍ය එකතු කරලා සංස්කාර නිත්‍යයි කියලා පරාමාසයට ඇවිල්ලා ඒක සඤ්ඤාවට අපි දික් කරනවා නේ. අන්න ඒ කතාව කියන එක නැති වෙන්න ඕනේ. මොකද අර වේදනාව නිසා ඇති වෙන්නා වූ දේවල් නැති වීමෙනුයි මේක සිද්ධ වෙන්නේ.

ඊළඟට ගත්තහම පදුට්ඨමනසඞ්කප්පය, පදුට්ඨමනසඞ්කප්පය විඤ්ඤාණයේ ඉඳන් පරාමාසයට එනවා. දැන් එහෙම නම් අපිට පේනවා මේක මෙහෙම ධම්මමච්ඡරියයි, ඊළඟට චේතනාවෙ ඉඳන් ඉදංසච්චයට යන්නා වූ ඒ line එකයි line දෙකට support කරලා තියෙන්නේ පල්ලෙහායින් පරාමාසයේ ඉඳන් ඒ නාමරූපයට යන තැනයි, ඒ වගේ ම පරාමාසයේ ඉඳන් අර ථීනය කියන තැනට යන්නා වූ දෙකින් තියෙන්නේ. එතකොට මෙන්න මේ දෙකේ support එක නැති වීමෙන් තමයි අර උඩ එක, ඒක කැපෙන්නේ. නැත්තම් ඒක maintain වෙලා තියෙනවා. ඒ දෙක කැපීමෙන් මේක සිද්ධ වෙනවා, එතන ඒ ආකිඤ්චඤ්ඤායතනය, ඔය කියන ඒවායේ දී මට ඒ ඒ ආකාරයටම ඒ ඒ ධ්‍යානයන්ගෙන් මම හිටියා. ඉතින් මෙතැන දී ඔළුව හරි විශාල වුණා. ඔළුව විශාල වෙලා මේ රහතන් වහන්සේ “ඇතියි” කිව්ව නිසා මම ඒක නැවැත්වූවා.

ඒක තමයි මං කරපු භාවනාව.