ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය මිච්ඡා දිට්ඨිය නැති වෙනවා කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට කිව්වේ ඔය 03/02/2015 මිච්ඡා දිට්ඨි කියලා භාවනාවක් කරලා තියෙනවා, ඒ භාවනාව කරන්න කියලා. ඉතින් ඒ භාවනාවේ තියෙන්නේ, ඒ භාවනාව කරන්න ඉස්සෙල්ලා රහතන් වහන්සේ මට කිව්වා මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඇති වෙන භාවනාව. ඒ කියන්නේ අර වේදනාවේ ඉඳන් චේතනාව, චේතනාවෙන් අවිද්‍යා ආශ්‍රව, එතනින් දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල, සඤ්ඤාව අල්ලාගෙන ඉන්නවා, කියන එක.
ඉතින් මේ භාවනාවේ තියෙන්නේ, ඒ කෙනෙකුට තේරෙනවා මේ ජරාව, රූපය ජරා වෙලා තියෙනවා. එතකොට වේදනා, සඤ්ඤා, සංස්කාර මේවා ඔක්කොම ජරා. නමුත් යම්කිසි පුද්ගලයෙක් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා හරි ජීවත් වෙනවා කියලා, රූපය අල්ලාගෙන ජීවත් වෙනවා කියලා, කොහොම හරි කාලය ගත කර ජීවත් වීම කළ යුතුයි කියලා සිතනවා. මෙතන තියෙන්නේ මේ පවත්වාගෙන ඉන්නවා කියන එක ම තමයි මිච්ඡා දිට්ඨිය. ඒක අවබෝධ වුණා ඒ භාවනාවේ දී. පවත්වාගෙන ඉන්නවා කියන එක.
ඉතින් එතෙන්දි, ඒ භාවනාවේ දී අපි තේරුම් ගත්තා ඔය ඒ විඤ්ඤාණයේ පැවතීම, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම, අභිජ්ඣා. සංස්කාර නිසා විඤ්ඤාණයේ පැවතීම, කාම සඤ්ඤා. කොහොම හරි අපි පැවතීමට කැමති වීම, භවය. රූපයේ සිට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ම පැවතීමට කැමති වීම කියන එක තියෙනවා, ඉන්න ඕනේ කියලා හැඟීමක්.
ඉතින් මෙතෙන්දි අර රහතන් වහන්සේලා හත් නමක් වැඩලා කියපු ගාථාව මතක් වුණා, අර ඇසින් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා කියලා. ඉතින් පැවතීම සඳහා ඇස ඕනේ කියලා භව ආශ්‍රවය කරන දේ, ඒ වගේ ම ඉන්ද්‍රිය අසංවරය මගින් මේ ධාරාව කොහොම හරි පවත්වනවා කියන එක, ඒකෙ අර ඔන්චිල්ලාව කියන එක එදා ඒකෙ දී දැක්ක. ඒ කබලිංකාර ආහාර වේදනා, ඒ වගේ ම විඤ්ඤාණ, පරාමාසකාය ඒක කියන එක.
එතෙන්දි අපි ඉගෙන ගත්ත ඔය වම් පැත්ත අපි කපලා දානවා නම්, කබලිංකාර ආහාරය එපායි කියලා, ඊළඟට 50% පාරත් කියන එක කපලා දානවා නම්, ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා ඉන්නා වූ ඒක, එහෙම නම් ඉතින් මේක කඩාගෙන වැටෙනවා කියලා නාභිභිසඤ්‌චෙතයති නාභිසඞ්‌ඛරොන්‌ති කියලා අපි එනවා.
ඉතින් එතෙන්දි දැන් භවය කියන එක පවත්වනවා කියන එක නේ තිබුණේ, භවය ඇති වෙන්නේ වේදනා, තණ්හා, උපාදාන. උපාදානයෙන් භවය නේ ද? ඉතින් ඕක තේරෙනවා අපි අර වටේට තියන triangle එක කරකැවීමෙන් තමයි එන්නේ. ඒ කියන්නේ අර කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන මේක කරකවලා තමයි මේක භව ආශ්‍රවය කියන එක, භවය කියන එක ඇති කරගෙන අපි ඉන්නවා කියන එක තියෙනවා.
එතකොට මිච්ඡා දිට්ඨියෙන් මේක තියෙනවා කියන එක බැලුවා, ඉතින් මේක කරනකොට මට මේ ආලෝකය කියන එක, ඒ හය වෙනි ධ්‍යානය එහෙම බොහොම තදට පවතිනවා. එතකොට මට තේරුණේ, මේ කොහොම හරි අපේ කල්පනාව තියෙන්නේ පවත්වාගෙන ඉන්න. විඤ්ඤාණයේ පැවැත්ම.
දැන් අපි ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කළහම පේනවා නේ best එක කියන එක අපි අරගෙන ඒක පවත්වාගෙන ඉන්න, ඒ කියන්නේ විඤ්ඤාණය කොහොම හරි පවත්වාගෙන ඉන්නවා නම් ධාරාව තියෙනවා නම් ආන්න ඒක තමයි අපේ තියෙන්නේ, එක ම තමයි අපේ මිච්ඡා දිට්ඨිය. ඉතින් එතකොට ඒ සම්මා දිට්ඨිය කියන එක කෙනෙකුට ඇති වෙනවා නම්, ඉතින් ඕක සම්පූර්ණයෙන් ඒක නැති වෙලා යනවා.
එතකොට ඒ කියන්නේ සම්මා දිට්ඨියේ දී අපි මේක දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී පටිපදාවයි කියන එක, ඒක දන්නවා නම්, මෙහෙම පැවතීමක් ගැන ඒ පුද්ගලයාගේ දෙයක් හිතෙන්නේ නැහැ.
එහෙම නම් අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීමක් කියන අභිජ්ඣා කතාව නැති වෙනවා. එතකොට ඒක එතන ඒ කතාව නැති වෙලා යනවා නම්, ඉතින් එහෙම නම් ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා තිබෙන්නා වූ අර හොඳයි හොඳයි කිය කියා කියපු කතාවල් ඔක්කොම ටික ගැලවිලා යනවා.