ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වැඩ වාසය කරන ප්රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. එනම් ඊයේ භාවනාවේ අර්ථය සමඟයි මෙය පැවසුවේ. එම බුදුපියවරු පවසන්නේ මිච්ඡා දිට්ඨි විසින් පවසන පැවතීම නැති කළ යුතු බවයි. මෙසේ දාහතර නම ම සිහි කළා.
ඊයේ භාවනාව නැවතත් සිහි කළා පමණි. සති ඉන්ද්රිය හොඳින් පවත්වා ගත යුතු යැයි මට සිතුනා. එය මතු විය, පැවතිය. ඊයේ භාවනාවේ අර්ථයෙන් පැවතිය. මෙසේ සතිමත් වූයේ නම් සම්මා දිට්ඨිය තුළ සම්මා සතිය ඇත. එවැනි සම්මා දිට්ඨියක සම්මා ප්රඥා ඇත. එවැනි සම්මා ප්රඥා නිසා සම්මා ඥාන ඇත. එයින් ඇති වූ සම්මා විමුක්තිය ඇති යැයි තරුවේ අර්ථය සිහි විය.
ඒ තරුව සබ්බාසව diagram තුනේ නම වෙනි පිටුවේ තියෙන star එක, ඒකේ ඔයගොල්ලො දන්නවා කාම ආශ්රව, දිට්ඨි ආශ්රව, අවිද්යා ආශ්රව triangle එක. එතකොට ඒකට කැපෙන විදිහට සම්මා සති, සම්මා ප්රඥා, සම්මා විමුක්ති කියන triangle එක, ඒක මතට එනවා. කාම ආශ්රව, දිට්ඨි ආශ්රව අතර සම්මා සතිය. දිට්ඨි ආශ්රව, අවිද්යා ආශ්රව අතර සම්මා ප්රඥා. අවිද්යා ආශ්රව, කාම ආශ්රව අතර සම්මා විමුක්ති. එතකොට සම්මා සතියෙන් සම්මා සමාධිය. මෙම සමාධිය ඉද්ධිපාද හතර සහිත වූ බැවින්, එය මගින් සම්මා විමුක්තිය පවත්වයි. මෙසේ සතිමත් වන්නේ ආහාර ගැනීමේදි moderation in eating, යමක් බැලීමේ දී ද, සිත ගැන බැලීමේ දී ද, ජාගරිය, පරිස්සම් වන්නේ ය. මෙයට ආධාර උපකාර වන සීලය පුනපුනා පරීක්ෂා කරමින් පවත්වයි. ඉන්ද්රියයන් පැවතින. ඉතා ම සුඛ සහිත වූ මනස ශාන්ත ස්වභාවයෙන් පැවතින.
ඒක තමයි මං කරපු භාවනාව.