ඒ උතුම් බුදුපියවරු දාහතර නම ම වැඩියා අද. ඒ බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මට, මම කලින් ම කිව්වා ඒ කාම සඤ්ඤා කියලා භාවනාවක් මං කරලා තියෙනවා ඒ 19 වෙනිදා ජනවාරි මාසේ 2015 ඒ භාවනාව බලන්නෙයි කියලා.
ඒ භාවනාවේ තියෙන්නේ අපි දන්නවා නේ අර A, B, C කියලා අපි ගන්නේ bell shaped curve එක. ඒකේ ජරාව නම් අපිට ඒ මාන්නයෙන් හදන ඒ දෙවෙනි අගය, B කියන point එක කවදාවත් අපිට ලබාගත නොහැකියි කියන එක එනවා. ඒකත් එක්ක අර රහතන් වහන්සේලා හත් නමක් කියපු ගාථාව තියෙනවා නේ. අන්න ඒක මතක් වුණා ම ඉතින් ඉන්ද්‍රිය අසංවරය මගින් අර ඇස ඕනේ කියන එක. භව ආශ්‍රවය මෙහෙම ඉන්න එක හොඳයි කියලා කියනවා, මානය නේ ද?
එතකොට මෙහෙම ඉන්න එක හොඳයි කියලා කියන මානය බැහැලා ගියා නම් මෙහෙම ඉන්නවා කියලා හොඳයි කියන එක නැති වෙනවා. එතකොට එහෙම නම් අපිට පේනවා අර සංස්කාරවලට අගය දීලයි ඒ අපේ මානය කියන එක ඇති වෙලා තියෙන්නේ. මානයෙන් තමයි මෙහෙම ඉන්න එක හොඳයි කියලා කියන්නේ. දැන් එහෙනම් ඒ ඔක්කොම සංස්කාර කතාවත්, ඒක බැහැලා යනවා කියලා ඒකෙන් පේනවා. ඉතින් ඒක මතක් වෙන්න ඕනේ අර සබ්බාසව සූත්‍රයේ මතක ද අර අපි අත්තා, සංස්කාරවලට අත්තා වෙලා වෙන කතාව තියෙනවා නේ. අන්න එතෙන්දි අපේ අර gear එක කියන එක පල්ලෙහාට වැටෙනවා. මොකද දැන් කෝට්ටක් අරගෙන කරකවලා, ඒක වටෙන් කරකවන එක නේ ඒ පෙන්නන්නේ අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව. ලොකු circle එකේ කියන එක, ඒක බැහැලා යනවා. එහෙනම් අර මැද්දේ තියන කෑල්ල විතරයි පවතින්නේ කියන එක ඒ භාවනාවේ තියෙනවා.
ඉතින් ඒක සම්බන්ධ වෙනවා මේවා ඔක්කෝම මේ ජරා නම්, ඒ කියන්නේ ඔය 6.4, 7.4 ඔය විදිහට අපි ගත්තහම ඔක්කෝම මේ වෙලා 7.7, උපායාසය, දුක්ඛය දක්වා පැවතෙනවා. ඉතින් ඒ දුක්ඛය නොදන්නා නිසා අපේ විඤ්ඤාණය පිහිටවනවා කියන එක තියෙනවා. ඉතින් ඔය භාවනාවේදි ආවා, ඔය පියෙහි විප්පයොගය තුළ මිච්ඡා දිට්ඨිය තියෙනවා, ඒ වගේ ම පියෙහි විප්පයොගය තුළ අර සඤ්ඤාවේ ජරා අගය ඇවිල්ලා තියෙනවා කියලා.
ඉතින් එතනදි පැහැදිලි කළා කාම සඤ්ඤාව කියන එකයි, එතන මිච්ඡා දිට්ඨිය නිසා විඤ්ඤාණය පවතිනවා නම් ඒක අභිජ්ඣා. එතකොට ආපහු කාම සඤ්ඤා කියලා කියන්නේ සංස්කාර නිසා විඤ්ඤාණයේ පවතින්න කැමැත්තක් තියෙනවා නම් ඒක තමයි කාම සඤ්ඤාව කියන එක ආවේ. අපි දැන් නිතර ම මෙතන මේ පවතින්න කැමැත්තක් ගැන අපි කතා කරනවා. ඉතින් පවතින්න කැමැත්තක් කියලා කිව්වහම අපි, නිතර ම අපි මේ best එක අරගෙන පාවිච්චි කරන්න නේ හදන්නේ නේ ද? ඕක තමයි අපේ තියෙන්නේ. ඉතින් ඔය පවතිනවා කිව්වහම, පවතින්න බැහැයි කියන එක දැන් අපි තේරුම් ගත්තා. නමුත් පවතිනවා කියන එක අපි සාමාන්‍යයෙන් කරන මනුස්සයෙක් මොකද්ද කරන්නේ?
මනුස්සයෙක් බලනවා නිතර ම මේ රූපය නම් හොඳ රූපයක් කියන එක නේ ද? එතකොට ඔය රූපයේ best එක කියලා කියන්නේ මොකද්ද? හොඳ ම එක කියලා කියන්නේ? රූපයේ නැතිකම. තේරෙනව ද ඒක? ඒ කියන්නේ ඔය advertise කරනකොට එහෙම කියන්නේ, spacious room, නේ ද? ඒ කියන්නේ කාමරේ පොඩියි කියලා ද? නෑ. හොඳට ඉඩ තියෙනවා කියලා. එහෙම නම් අපි මේ space එක තමයි මේ රූපයේ හොඳ එක කියලා ගන්නේ. ගෙයක් නම් ලොකු ගෙයක්. නේ ද? එතකොට ඒ වගේ කාමරයක් නම් ලොකු කාමරයක්. අන්න එහෙම ගන්නවා කියන්නේ, ඒ කියන්නේ අපේ මේ space එක තමයි රූපයේ හොඳ ම එක කියන එක තියෙනවා.
ඊළඟට ගත්තහම space එකේ කියන එකේ හොඳ ම එක මොකක් ද? ආකාසානඤ්චායතනය කියන එකේ හොඳ ම එක. ඒ බලන්න ආකාසානඤ්චායතනය භාවිතා කරලා යම්කිසි වේදනාවක් තියෙනවා ද, දැනීමක් තියෙනවා ද, අන්න ඒ වේදනාවන් කියන ඒවා අපිට නැති වෙන්න ඕනේ. ආකාසානඤ්චායතනයේ best එක කියන්නේ ඒකයි. ආකාසානඤ්චායතනය ආධාර කරගෙන පවතින්නා වූ දේ. ඒ කියන්නේ අර 40% පාර දන්නවා නේ, වේදනාව දක්වා එන්නේ, අන්න ඒ ගැටීම කියන එක නැති වෙන්න ඕනැ.
ඉතින් එතකොට අපිට පේනවා අර රහතන් වහන්සේ පෙන්නුවා නේ මේ විඤ්ඤාණඤ්චායතනයට යනවා නම් මේ කෑලි දෙක කපන්න ඕනේ. එතන ඉඳන් චේතනාවට යන්නා වූ කෑල්ලයි, ඒ වේදනාවට දක්වා එන්නා වූ කෑල්ලයි කැපෙන්න ඕනෙ. ආධාර කරගෙන පවතින්නේ නැහැයි කියන එකයි. එතකොට විඤ්ඤාණය කියන එක නිතර ම හිතන්න මේ ජාතියේ ඉඳන් විඤ්ඤාණය දක්වා තියෙන රේඛාව, මේක තමයි මේ උද්ධච්චය මගින් අපි පවත්වන්න හදන්නේ. මෙන්න මේ පැවතීම කියන එකට මේකක් නැතිකම කියන එක.
ඊට පස්සේ අපිට පේනවා මේ, වේදනාවේ best එක මොකක් ද? වේදනාවේ best එක කියලා කියන්නේ, දැන් ඔයගොල්ලෝ කොයි වෙලාවක හරි භාවනා කරනකොට, පපුවේ අමාරුවක් හරි මොකක් හරි heart එකේ රිදිල්ලක් එහෙම ආවා නම්, ඇවිල්ලා අපි තත්පරයකින් ඕක නැති වෙලා ගියා කියන්නකෝ. තත්පරයකින් විතර ඕක නැති වෙලා ගියා නම්, ඊට පස්සේ ආපහු භාවනාවට වැටුණා ම, මට මෙහෙම එකක් වුණා කියලා හැඟීම් එනවා නම් මොකද වෙන්නේ? අර තමන්ට හිතෙනවා මොකක් හරි පපුවේ අමාරුවක් ද දන්නෑ, දොස්තර කෙනෙක්ගෙන් බලන්න හරි තියෙනවා. ඒ කියන්නේ මොකද්ද, මේ වේදනාව දැන් නැහැ, ඒක නැති වෙලා ගිහිල්ලා, ඒක නිසා ඇති වෙන සඤ්ඤාවන් කියන ඒවා තියෙනවා කියන එකයි.
එතකොට ඔන්න ඔය සඤ්ඤාවන් නැතෙයි කියන එක තමයි වේදනාවේ best එක. වේදනාව සම්බන්ධයෙන් තිබෙන්නා වූ සඤ්ඤාවන් නැතිකම කියන එක. එතකොට ඒ කියන්නේ හත් වෙනි ධ්‍යානයේ, වේදනාව ගැන සඤ්ඤාවන් නැහැයි කියන එක.
ඊට පස්සේ අපිට පේනවා මේ සඤ්ඤාව කියන එකේ best එක මොකක් ද? සඤ්ඤාව කියන එකේ best එක තමයි ඒ සඤ්ඤාවන් නැති වීම, අට වෙනි ධ්‍යානය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එක තමයි ඒක හොඳයි කියන එක එතනින් එන්නේ.
එතකොට අපි අට වෙනි ධ්‍යානයට ආවට පස්සේ අපිට ආපහු පේනවා මේ සංස්කාරයන්ගේ best එක කියලා කියන්නේ ඒ සංස්කාරයන් නැතිකමයි කියන එක. ඒ කියන්නේ නිරෝධය. තමන්ගේ මනස එහෙනම් එතන්ට එනකන් එනවා.
දැන් එහෙනම් මොකක් ද හොඳයි කියලා කියන්නේ? විඤ්ඤාණයේ පැවතීම ද නොපැවතීම ද? නොපැවතීම තමයි හොඳයි කියන එකට අපි ඇවිල්ලා තියෙන්නේ අන්තිමට ගත්තහම. එතකොට අන්න ඒ අවස්ථාවට තමන්ගේ මනස ආවයින් පස්සේ තමන්ට පේනවා අර star එක. දැන් මේක කරකවනවා කියන එක අවිද්‍යා ආශ්‍රව, ඒ කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, කියන එකෙන් කරකවන එක තියෙනවා. මේක කරකවන්නේ නැහැයි කියන එක අර තරුවෙන්, ඒ triangle එකෙන් කැපෙනවා. මෙතන සතිය මේ පැත්තෙන්, ඊට පස්සේ අපිට එනවා ප්‍රඥා, අනෙක් කෑල්ලෙන් එනවා සමාධිය කියලා. ඉතින් ඉද්ධිපාදයන් 4 වූ සමාධියක් මේ තියෙන්නේ.
දැන් මේ විදිහට සතිමත් වුණායින් පස්සේ මොකද වෙන්නේ, මේ සම්මා සතිය කියන එක, ඒ රහතන් වහන්සේ ඒ කිව්ව වචනයෙන් කියනවා නම් “මෙසේ සතිමත් වූයේ සම්මා දිට්ඨිය තුළ සම්මා සතිය ඇත. එවැනි සම්මා දිට්ඨියක සම්මා ප්‍රඥා ඇත. එවැනි සම්මා ප්‍රඥා නිසා වූ සම්මා ඥාන ඇත. එයින් ඇති වුණු සම්මා විමුක්තිය ඇති” යැයි කියලා ඔන්න තමන්ගේ ඒ තරමින් අර්ථය කියන එක තේරෙනවා.
ඉතින් මෙතන තියෙනවා, ඔය රවුමට යනවා ඕක. මෙතැන දී අපිට හරියට පැහැදිලි වෙන ධර්මයක් තමයි ඔය මහා චත්තාරීසක සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය මුලට එනවා, ඊට පස්සේ සම්මා සතියයි සම්මා වායාමයයි කියන එක පරිවාර වෙනවා කියලා. ඔන්න ඕක තමයි මෙතනදි වෙන්නේ. රවුම් තුනක් කැරකෙනවා. කොහොම ද රවුම් තුන කැරකෙන්නේ, මුලින් ම ගත්තහම අර සම්මා සතියෙන් ඉතින් මේ විදිහට කිව්වා නේ මේක පවතින එක නෙමේ මේකේ best එක ගත්තහම නොපවතින එක තමයි හොඳ කියලා. දැන් ඔන්න එතෙන්දි ඉහළට ම සම්මා දිට්ඨියක් කෙනෙකුට ඇති වෙලා තියෙනවා. දැන් ඔය සම්මා දිට්ඨිය නිසා අර සම්මා වායාමය තියෙනවා නේ. ඒ සම්මා වායාමයේදි අර සංස්කාර නිසා අත්තා වුණොත් තමයි අපේ, අර ප්‍රශ්නය ඇති වෙන්නේ. මතක ද? සබ්බාසව එකේ පෙන්නුවේ. අන්න එහෙනම් සංස්කාර නිසා අත්තා වෙන කෑල්ල ඔන්න ගලව ගන්නවා. දැන් මේක ආපහු තව සතියකට යනවා. දෙවනි පාරට අර කැරකෙනකොට අර ඒ අත්තා නිසා ඇති වෙනවා නේ රූපය. අන්න ඒ කෑල්ල අයින් කරගන්නවා. එතකොට ඊට පස්සේ අන්තිම පාර ගත්තහම අර රූපයත් එක්ක ඉන්නවා කියන කතාව ඒක අයින් වෙනවා. අන්න එතනදි සම්මා විමුක්තිය කියන එක ඇති වෙනවා. එතකොට ඒ, ඔය සම්මා විමුක්තිය තමයි අර අන්තිම ඒ තුන් වෙනි එකේදි කතාවෙදි.
ඉතින් මේකේ හරි ලස්සනයි තමන්ගේ මනස අන්න ඒ තත්වෙට පත් වුණහම, රහතන් වහන්සේ මට කිව්වා “ඔබ මේ ගෙදර ඉපදිලා තියෙනවා” කියලා. මම, මගේ මනසේ මොකක්වත් නෑ ඒක ගැන. ආයේ කිව්වා රහතන් වහන්සේ “ඔබ හරි ප්‍රඥාවන්තයි” කියලා. මනසේ මොකක්වත් ම නෑ. කිසීම හෙල්ලීමක් ඒක ගැන, අර “Excellent” කියලා කිව්වා. ඒකටත් හෙල්ලීමක් මොකුත් නෑ. ඒ කියන්නේ මොකද්ද මේකේ?
ඔය භාවනාවේ මැද්දේ දී මට ආපු එක තමයි, අර විදිහට අර පළවෙනි භාවනාවේ මං පෙන්නුවා නේ කාම සඤ්ඤාවේ කතාවෙදි. ඒකෙ තේරුණේ මට, මේක කැරකෙන්නේ නෑ. ඒ කියන්නේ අර වටේ කෝට්ට කියන එක තියෙනවා නේ. කෝට්ටෙන් කරකවන කතාව නතර වුණායින් පස්සේ, මේක පත්තු වෙන්නේ නැති ඉටිපන්දමක්. ඉටිපන්දම තියෙනවා, පාවි පාවි යනවා. ඒක මොකක් හරි එකක් ආවාට පත්තු වෙන්නේ නෑ, spark වෙන්නෙ නෑ. Spark වෙන්නේ නැත්තන්, spark වුණෝතින් තමයි මේක පවතින්නේ. Spark වුණෝතින් මොකද වෙන්නේ? ඒක දැවිලා යනකොට තව කොලේක ආධාරයකින් හරි අනිත් ඉටිපන්දම පත්තු වෙනවා. පේනවා ද? භවයෙන් භවයට යනවා. ඉටිපන්දම් කියලා කියන්නේ ඒකයි. එකක් නිවිලා අනිත් එක පත්තු වෙනවා. එකින් එක ඉවරයි. ජාතිය කියන එක ඒ විදිහට ඇති වෙනවා. ඒක පත්තු වෙන්නේ නෑ. පත්තු වෙන්නේ නැතුව තියෙන්නා වූ ඉටිපන්දමක් තත්වයට තමන්ගේ මනස පත් වෙලා තියෙනවා.
අන්න ඒක තමයි ඒ කරපු භාවනාව. භාවනාව නම් ටිකක් දිගයි.