ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. ඉතින් ඒක මම කළේ අර ඊයේ භාවනාවේ අර්ථයෙන් ම තමයි ඒ සම්මා දිට්ඨිය ගැන මම මෙනෙහි කළේ. මේ විදිහට දාහතර නම ම ගැන ම සිහි කරලා, වැඳ නමස්කාර කළා.
මම කළේ ඊයේ භාවනාව ම තමයි අදත් කළේ. එතකොට ඊයේ භාවනාවේ දී ඔයගොල්ලන්ට මතකයි අපි කිව්වා මේක තේරුම් ගත්තහම අර bell shaped curve එකේ B කියන point එක හදන්න බැහැයි කියලා තේරුම් ගත්තහම මානය අඩු වෙලා ගිහිල්ලා, ඊට පස්සේ ඉතින් අපි බැලුවා best එක කියලා කියන්නේ මොකක් ද කියන එක. දැන් අපි හදනවා නම් best එක මොකක් ද කියන එක බැලුවා. රූපයේ best එක කියන්නේ රූපයේ නැති වීම කියන එක. ඔය විදිහට ඒ ආකාසානඤ්චායතනයේ, ඒකෙ best එක කියන්නේ, ඒක ආධාර කරගෙන ඒ වේදනාවන් නොපැවැත්වීම. ඔය විදිහට අපි අන්තිමට තේරුම් ගත්ත නේ සංස්කාරයන්ගේ නිරෝධය තමයි, ඒ සංස්කාරයේ best එක කියන්නේ.
එතකොට මෙන්න මේ විදිහට අපිට ඒ සතිය කියන එක ඒක ඇති වුණාට පස්සේ අපි ඉගෙන ගත්තා ඔය මහාචත්තාරීසක සූත්‍රයේ අර සම්මා දිට්ඨිය කියන එක මුලට එනවා. ඊට පස්සේ සම්මා සතියයි, ඒ සම්මා වායාමයයි, ඒක පරිවාර වෙනවා කියලා. Run and circle around කියන එක. එතකොට ඊට පස්සේ අපි තේරුම් ගත්තා මෙතෙන්දි රවුම් තුනක් කැරකෙනවා කියලා. ඒ රවුම් තුන කැරකෙන කතාවෙදි අපි පෙන්නුවා ඒ සම්මා සතිය මගින් best එක නොපැවැත්වීම කියන එක, ඒක පවසනවා සම්මා සතියෙන්, ඉතින් ඒකෙන් අපිට සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා කියලා. එතකොට දැන් මෙතන ඒ සම්මා දිට්ඨිය ඇති වුණා ම අර විරිය මගින් සංස්කාරයන් කියන ඒවා අයින් කරනවා.
ඉතින් බලන්න ඕක අර අපි මුලින් ඉගෙන ගත්තා වූ ධර්මය, ඔතන තමයි මම හුඟක් ම එකපාරට පටන් ගත්තේ. ඒ කියන්නේ සංස්කාර තිබුණ නම් අත්තා ඉඳන් නිත්‍යට යනවා. සම්මා දිට්ඨියේ ඉඳන් ප්‍රඥාවන්තයා එතන ප්‍රඥාවේ ඉඳන් කියනවා මේ සංස්කාරය අයින් කරන්න, මෙයා තමයි මගේ මේ නිත්‍ය කතාව කරන්නේ කියලා. එතකොට ඒක නිසා තමයි අර විරිය ගිහිල්ලා ඒක අයින් කරනවා. අර ඉස්සෙල්ලා තමන්ට එනවා ප්‍රඥාවෙන් මේකයි කියන එක. හරි ම ලස්සනයි එතකොට තමන්ට ඒක තේරෙනකොට මොකක් ද මේ කියන්නේ කියලා.
එතකොට එහෙම නම් අපි මේ අවස්ථාවේ දී ඔයගොල්ලන්ට පේනවා අපි කැපුවේ කොයි පාර ද, අර ඉදංසච්චයේ ඉඳන් අපි ගමන් කරනවා අර සංස්කාර මැද්දේ කෑල්ලට. ඒ පාර අපි පල්ලෙහාට එනවා, අර උද්ධච්චයෙන් ඇවිල්ලා line 6 එක දිගේ එනවා පරිදේවයට නේ ද? ඇවිල්ලා ඉන්නා වූ ඒ කතාව නේ. ඔන්න ඕක තමයි අපි කැපුවේ මේක පවතින්න බෑ, මේ සංස්කාරය කියන එක බොරුවක්, මේ නිත්‍ය යැයි කියන්නේ මේක අයින් කරන්න. ඒක අයින් කරා. ඉතින් අර සබ්බාසව සූත්‍රය බලපු අයට කල්පනා වෙනවා මේක දැන් මේ අහංකාරයට තමයි වැදුණේ.
දැන් ඒ පාර මෙතනින් අපි එනවා සම්මා සතියට. එතකොට දැන් සම්මා සතියේ තියෙනවා ඔන්න සංස්කාරය කියන එක අයින් කළා, ඒක හොඳ නැහැයි කියන එක, අයින් කරනවා යැයි කියන කතාව එතන තියෙනවා. දැන් ඊට පස්සේ දැන් මේකෙන් වෙන්නෙ මොකක් ද, මේ විදිහට අපිට ඒ සම්මා දිට්ඨිය කියන එකට සම්මා ප්‍රඥාව බවට අපිට පත් වෙනවා. මොකද දැන් සංස්කාරය අයින් කළාට පස්සේ අන්න සම්මා දිට්ඨිය සම්මා ප්‍රඥාව බවට. මොකක් ද වෙනස, අර අහංකාර කතාව අයින් කිරීම කියන එක.
දැන් ඊට පස්සේ මොකද වෙන්නේ, දැන් පේනවා අර line 5 එකේ කතාව. දැන් මේ පල්ලෙහා ඉදංසච්චයේ ඉඳන් අතන භය අගතියට යන්නා වූ එකේ කොටස කැපුවට, දැන් පේනවා අර අපි එනව නේ මේ චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ එක. අන්න ඒ line එක අපිට දැන් කපා දාන්න ඕනෙ. ඉතින් දැන් පේනවා නේ ද මොකක් ද මේ කපන්නේ කියලා. අර අපි බැලුවා නේ මමිංකාරයට එන්නා වූ එක. ඒක නේ එන්නේ. ඒ කියන්නේ මම මේක සුඛයි කියලා අරගෙන, අඹ කෑල්ල කාල සුඛයි කියලා අරගෙන ඒක තමයි ඉදංසච්චයට ගියා, අර ජරා සඤ්ඤාව මේ එන්නේ. එතකොට දැන් ඔන්න අපි ඒ කෑල්ල අපි එතනින් කපනවා. දැන් මමිංකාරයට ඔන්න පහර වදිනවා, ඒ මමිංකාරයට පහර වැදිලා ඒ කියන්නේ දැන් ඒ පාර විරියෙන් අන්න ඒ කතාව, ඒ අත්ත සඤ්ඤාව කියන එක එයා පහ කරනවා කියන එක තියෙනවා.
එතකොට ඒක පහ කළායින් පස්සේ මෙතන රහතන් වහන්සේ ඊයේ පෙන්නුවේ මේක සතියට ඇතුල් වෙනවා. මෙම සතිය මගින් සම්මා දිට්ඨිය තුළට සම්මා ඥානය ඇති කිරීමට උදව් උපකාර කරනවා. එතකොට එහෙනම් දැන් අපිට පේනවා සම්මා ඥානය කියන කතාවෙදි අර අත්ත කතාව ගිහිල්ලා. සම්මා ප්‍රඥාව එනකොට සංස්කාර කතාව ගිහිල්ලා.
දැන් ඊට පස්සේ දැන් මෙතනින් ආපහු ආවා ම දැන් තියෙන්නේ මොකක් ද අර නාමරූප නිසා එන්නා වූ එක, මේ diamond එක වටේට මේ කපාගෙන යන්නේ. නාමරූප නිසා එන කතාව තියෙන්නේ. එතකොට විරිය මගින් මොකක් ද කරන්නේ දැන් රූපය කියන එක, ස්පර්ශය කියන එක නවත්වනවා. මේක සතියට ඇතුල් වෙනවා. සම්මා ඥානය නොසැල් වී පවතිනවා. ඒ සම්මා ඥානය නොසැල් වී පවතින්නේ මොකද? දැන් අර සම්මා ඥානය ඇතිකරගත්තට පස්සේ අතෙන්දී මුලින්, මේ අවස්ථාවෙදි අර චේතනාව කියන එක ඉවත් වුණා. අඹ ගෙඩිය කාල මං ඉන්නවා. අඹ ගෙඩිය කාල ඉන්න එක හොඳයි කියන කතාව කපලා දැම්මා. ඒක නිසා එයා චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන්නේ නෑ, මේ බොරුවක් මේ කියන්නේ කියලා. එතකොට දැන් මේ පැත්තෙන් දැන් තියෙන්නේ අර රූපය නිසා එන්නා වූ එක විතරයි. ඒකට මේ දැන් සම්මා ඥානය හෙල්ලෙන්නේ නැතුව පවතිනවා. මොකද ඒක නේ එයාට ඕනෙ වෙලා තිබුණේ, මේක අයින් කරන්න. දැන් අත්තා කතාව ගියාට පස්සේ.
ඉතින් අන්න ඒක කළහම මට දැන් හොඳට ම තේරුණා ඔය දෙවෙනි, අන්තිම point එකට ආවහම දැන් සම්මා විමුක්තිය, මෙතන සම්මා විමුක්තියයි දැන් ඇති වෙන්නේ. හරි ලස්සනට තේරෙනවා මේ ඔළුවේ වම් අත පැත්ත, ඒ කියන්නේ චෙතො විමුක්තිය, අර ඉස්සෙල්ලා අපි කතා කළේ ප්‍රඥා විමුක්තිය. සංස්කාර අයින් කර කර මේ පැත්ත හොඳට active. සංස්කාරයි, ඉදංසච්චයට යන්නා වූ, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට, ඒක ප්‍රඥා විමුක්තිය. මෙතන රූපය පැත්තට ආවාට පස්සේ බොහොම සැපයි, චෙතො විමුක්තිය. තමන්ට ඕනෙ නම් කැමති විදිහට ඒ switch වෙලා, ඒකෙ ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.