Date: 23/03/2015 Name: Vimuttinaanadassana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවයි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවයි කියලා, මේ විදිහට බුදුපියවරු හත් නම, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

භාවනාවට පෙර ම මට කිව්වා මේ විමුක්ති 3 කියලා භාවනාවක් මාර්තු මාසේ දෙවෙනි දා කරලා තියෙනවා මේ අවුරුද්දේ. ඒ භාවනාවෙදි අපි බලලා තියෙනවා ඔය ජාති, ජරා, ව්‍යාධි, මරණය කියන එක තියෙනවා නේ. ඒකට යටින් අපිට ලියාගන්න පුළුවන්, උපායාස, ප්‍රියේහි විප්පයොග, අප්‍රියේහි සම්පයොග, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, ඊට පස්සේ මෙහෙම කතිරවලින් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක අපි දන්නවා ඒ මැද්දේ අපි ලියන්නේ කතිරවල පරිදේවය, සෝකය, දෝමනස්සය කියලා. ඉතින් ඕකේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් ඒ ජරාව කියන එක සිද්ධ වෙලා තියෙන්නේ සෝකය හරහා. ඊළඟට ව්‍යාධිය කියන එක අපි දන්නවා වේදනාවේ ජරාව, ඒක සිද්ධ වෙලා තියෙන්නේ පරිදේවය හරහා. ඊළඟට ආපහු එනවා උපායාසය කියන එක, සංස්කාරවල දුක්ඛතාවය ඒක සිද්ධ වෙලා තියෙන්නේ දෝමනස්සය හරහා කියන එක.

එතකොට දැන් අපිට තේරෙනවා මේ සෝක කරන සඤ්ඤාවක් තමයි තියෙන්නේ, එතකොට මේකෙන් අපිට පේනවා මේ අර bell shaped curve එකේ A, B කියලා අපි දන්නව නේ, ඒ B කියන point එක හදන්න බෑ. මෙන්න මේ කෑලි නේ අපි භාවිතා කරන්නේ, එතකොට කැඩිච්ච කෑලිවලින් හරියට හදන්න යන්නේ කියලා. ඉතින් එතෙන්දි B කියන එක හදන්න බැරි නම් අපිට පේනවා A වල ස්ථාවරය කියන එක නැති වෙනවා. එතකොට A වල ස්ථාවරය කියලා කිව්වහම අවිද්‍යා ආශ්‍රවය. අර කැරකැවීමෙන් ඇති වෙන ආස්වාදය නේ තියෙනවා කියලා කිව්වේ. ඒකට පහර වදිනවා. එහෙනම් පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව කියන පෙත්ත ගත්තහම අපිට පේනවා අවිද්‍යා ආශ්‍රව එක කෙළවරක් ගැලවිලා ගියා. ඉතින් ඔය අභිනිවේසය කියන එක රහතන් වහන්සේ අර්ථ දැක්වුවා නේ අර සුඛ වෙච්ච පරාමාසය තුළ තියෙනවා කැරකීම තුළ තිබෙන්නා වූ එක අවිද්‍යා ආශ්‍රවය. දැන් එක කෙළවරක් ගියා.

දැන් ඉතුරු වෙලා තියෙන්නේ අර වේදනා, චේතනා, පරාමාස වෙලා එන්නා වූ එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අභිනිවේසය, ඒ කියන්නේ වේදනාව නේ අපේ පරාමාසයට ගිහින් තියෙන්නේ. එතකොට දැන් අපිට පේනවා අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා, ඔය වෙලාව එනකොට අපිට පේනවා අපි සම්මා ඥානයයි, සම්මා ප්‍රඥාවයි, මොකද මතක ද? සම්මා ප්‍රඥාව කියනකොට ම සංස්කාර නිසා අත්තා වෙන කෑල්ල, ඒක අයින් කරා. සම්මා ඥාන වෙනකොට අර අත්තා කියලා ගන්නා වූ කෑල්ල අයින් කරලා තියෙන්නේ. එහෙමයි සම්මා ඥානය වෙලා තියෙන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ කොහොම ද? අර මෙහෙම හතරේ සලකුණට නේ එන්නේ, දෙවෙනි හතරේ සලකුණට නේ ද? ඒ කියන්නේ මෙතනින් මේ පැත්තෙ තිබෙන්නා වූ වේදනාව, උඩ චේතනාව, මෙතන පරාමාසය, මේ පැත්තට ගියොත් ඉදංසච්චය, පල්ලෙහාට ගියොත් භය අගති කියන එක.

ඉතින් ඕක දැන් අපිට තේරෙනවා මේක නැති කරගන්න නම් අපි අර රූපය කියන එකේ කතාව අපි අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ බාහිරව වෙන්නා වූ දේ අයින් කරන්න. දැන් ඔන්න විරියෙන් ඒක අයින් කළා. විරියෙන් අයින් කළාට පස්සේ අපිට තියෙනවා නේ ද, පෙර පරාමාස වෙච්ච දේ. ඒ කියන්නේ අපේ මේ කය තියෙන නිසා අපිට හැදෙන ලෙඩ රෝග මතු වෙන ඒවා. ඒවාගේ ම අපි පෙර යම්කිසි දෙයක් සුඛයි කියලා ගත්ත ද ඒක ඉදංසච්චයට ගිය එක පරාමාසය ඇතුළට ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට පේනවා මේ අපි දැන් අර විමුක්තියේ ඉන්නකොට, අර විදිහට ගිහිල්ලා සම්මා ඥානයෙන් සම්මා විමුක්තිය ඇති වෙලා තියෙන්නේ. ඒ විමුක්තියේ ඉන්නකොට අර පිටින් ඉන්න එක ගන්නේ නැතුව කියන එක හරි. ඇතුළේ ඉන්න එකට මොකද වෙන්නේ? පරාමාසේ තිබෙන්නා වූ දෙයට, අපේ මතු වෙන ලෙඩ රෝග, අපේ ඒ ඇති වෙන්නා වූ ඒ දේට කියන එක.

එතකොට මේ තමන් ඒ විමුක්තියෙන් ඉන්නකොට තමන් තේරුම් ගන්නවා, මේක අර අත්තවාද උපාදානය, මතකයි නේ ද? කොහොම ද ඒක පැහැදිලි කළේ? ඒක පැහැදිලි කළේ රහතන් වහන්සේ, වේදනා, පරාමාස, ඊට පස්සේ අපි එනවා පරාමාසේ ඉඳන් අර සෝකය තියෙන කෑල්ලට. එතකොට සෝකය, ඒ පැත්තෙන් flow එකක් තියෙනවා නේ. පරාමාසේ ඉඳන් එන්නා වූ එක. ඊට පස්සේ අපිට පේනවා මේක තල්ලු වෙලා යනවායි කියලා අර වේදනාව කියන තැනට නේ ද? ඒක රවුම් වෙලා යනවා නේ. එතකොට එතන සෝකයේ ඉඳන් වේදනාවට යන කෑල්ලයි වේදනාවේ ඉඳන් පරාමාසයට එන එකයි. එතකොට මේක අපි තේරුම් ගන්න ඕනෙ මේක මේ අතීතයේ අපි කරගත්තා වූ දේවල්, අතීත කර්මය නිසා පරාමාසය තුළ තිබෙන්නා වූ දේවල්. අර එළියේ තියෙන රූපයට react කරන්නේ නෑ වගේ ම, දැන් මේකෙන් තමයි අර අත්තවාද උපාදානය කියන එක define කරන්නේ ඔය කෑලි දෙකෙන් නේ. ඒ කියන්නේ සෝකයේ ඉඳන් අපි යනවා වේදනාවට. වේදනාවේ ඉඳන් පරාමාසයට. අන්න ඒ කෑලි දෙක තමයි අත්තවාද උපාදානය. එතකොට ඒ අත්තවාද උපාදානය කියන එකට නොවී ඉන්න ඕනේ තමන්. මේක පෙර වූ දේවල් විතරයි. ඒ කියන්නේ පිටින් මම රූපය ගන්නෙත් නෑ, ඇතුළේ පරාමාසයේ ඉඳන් එන්නා වූ දේවල්වලට මම මොකුත් කරන්නෙත් නෑ.

අන්න ඒ විදිහට අර විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය භාවිතා කරගෙන අරක කපාගෙන අපි ජීවත් වෙන්න ඕනේ. අන්න ඒක තමයි ඒ භාවනාවේ තියෙන්නේ. එතැන දී අර විදිහට විමුක්තිය ඇති වෙලා ඒක පවතිනවා.

ඒක තමයි මං කරපු භාවනාව.