Date: 24/03/2015 Name: AvijjapaccyaSankara

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය නැති වෙනවා කියලා. ඒ වගේ ම ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේට, ඒ මණ්ඩලාධිපති බුදුපියා ඇසුරු කරගෙන වාසය කරන්නට පුළුවන්, එතකොට මේ විදිහට බැලුවහම අපිට පේනවා අපිට මේ දාහතර නම ම ඇසුරු කරගෙන වාසය කරන්න පුළුවන් කියලා ඒක වාසනාවක් කියන එක තේරෙනවා.

එතකොට මට භාවනාවට පෙර ම පැවසුවා, ජනවාරි මාසේ 15 වෙනිදා 2015 සත්ත විසුද්ධි 2 භාවනාව, ඒක බලන්නයි කියලා. එකේ තියෙන්නේ අර මේ ලෝකයේ දැන් මිච්ඡා දිට්ඨිය විවිධාකාර ආගම් නිසා එහෙම පැතිරෙනවා. ඉතින් මිච්ඡා දිට්ඨිය කියන එක පියෙහි විප්පයොගය තුළ තියෙනවා. එතකොට ඒ කියන්නේ ඉදංසච්චය තුළ රූපයේ ජරාවට පත් වෙච්ච කෑල්ල හොඳයි කියන අර්ථය මානය එහෙම ඒක තුළ තියෙනවා කියලා අපි දන්නවා. ඉදංසච්චයෙන් ප්‍රියේහි විප්‍රයෝගයට අපි ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රියේහි විප්පයොගයේ පසු සඤ්ඤාව විදිහට තමයි එකේ බැලුවේ.

ඉතින් ඊට පස්සේ ඒ භාවනාවේ පෙන්නනවා. මේ රහතන් වහන්සේලා, දැන් සාමාන්‍ය මනුෂ්‍යයෝ මේවා හොඳයි හොඳයි කියාගෙන යනවා කියලා රහතන් වහන්සේලා ඒවා හොඳයි හොඳයි කිව්වහම, කැලෑවට වෙලා ඒවායෙන් ඒ වේදනාවන් මට එපා කියලා ගිහිල්ලා යනවා. ඒ සම්මා දිට්ඨියෙන් ඒ සම්මා සංකප්පය ඇති වෙනවා කියන එක තියෙනවා.

ඉතින් බලන්න අර ප්‍රියේහි විප්‍රයෝගය කතාවේ දී, අපි ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙනව නේ, ප්‍රියේහි විප්‍රයෝගයෙන් අපි ජාතියට යනවා කියන එක, බලලා තියෙනවා නේ ද, මතක ද ඒක? එතකොට එකත් එක්ක අපි බැලුවා, parallel ධර්මයොත් බලන්න ඕනේ කියලා, අර ද්වේෂයෙ ඉඳන් අභිජ්ඣාවට එහෙම යනවා කියන එක. ඉතින් ඕක මතක තියාගන්න.

ඊට පස්සේ, ඒ කියන්නේ අපි කොහොම හරි ආපහු ජාතියකට යන්නේ, අපි ජාතියට යන්න හදන්නේ මේ ප්‍රිය දෙයකින් අපි වෙන් වෙලා. මේක නිසයි ඒක තියෙන්නේ. එතකොට දැන් බලන්න, සම්මා දිට්ඨියෙන් අපි සම්මා සංකප්පයට එනවා. සම්මා සංකප්පයේ, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා, අමෝහ පාරට එනවා. අමෝහ පාරට ආවයින් පස්සේ, දැන් ඔය මෝහය කියන එක අපිට ඇති වුණේ කොහොම ද, ඔතන ඔය මෝහය කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ, අර මොකක් හරි එකක් අපි අත්තා කියලා අරගෙන. 1-3 මතක ද? 1-3 මෝහය මේ කතා කරන්නේ, ඒකට ආවේ අනත්තේ අත්තා. අත්තා කියන කතාවත් එක්කයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ.

එතකොට දැන් අපි සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට ආවා ම ඒකේ අමෝහ පාරට ආවා කියලා කියන්නේ, ඔය මෝහ කතාව අපේ ඒක නවත්වලා, ඒක අයින් වෙනවා. ඒක එපා කියනවා. ඒක එපා කියලා කියන්නේ එයා ඒ සංස්කාරයන් එපා කියලා කියනවා. ඒක හරියට අපි හිතමු, වත්තක අයිතිකාරයෙක් ඒ වත්තේ මොනවා හරි එකක්, මැෂින් එකක් හරි, මොකක් හරි එකක් කැඩිලා එහෙම තියෙනවා, එයා ඉතින් අත්තා නේ මුලින් අරගෙන නේ තියෙන්නේ මගේ වත්ත කියලා එහෙම නේ? දැන් මේක එකක් හදපු එකක් කැඩිලා, තවත් හදපු එකක් කැඩිලා ඔය විදිහට ඉතින්, දැන් ඉතින් අපි හිතමු මිනිස්සු යෝජනා කරනවා. මහත්තයා මේකට වඩු බාස් කෙනෙක් ගේමු, ගෙනල්ලා ඒක හොඳට හදමු, තව කෙනෙක් කියනවා. ඉන්ජිනේරුවෙක් ගේමු එක එක්කෙනා කියනවා. වත්තේ මහත්මයා ඉඳන් කල්පනා කරනවා, එයාගේ දැන් මනස ගිහිල්ලා තියෙන්නේ. වැඩක් නෑ මේ හදන ඒවා ඔක්කොම කැඩෙනවා. කැඩෙනවා නම්, ඉතින් මේක වඩු බාස් ගෙන්නුවා කියලා හරි යන්නේ නෑ. එක් කෙනෙක්වත් ගේන්නන්න එපා මෙහාට. ඒ කියන්නේ සංස්කාර. වඩු බාස් උන්නැහේ කරන්නේ සංස්කාර නේ.

දැන් ඔන්න ඔය විදිහට එයා සංස්කාර එපා කියලා කියනවා. දැන් එහෙම නම් පේනවා සම්මා සංකප්පයෙන් අපි දැන් එනවා සම්මා වාචා, වචී සඞ්‌ඛාර. අරක හදමු මහත්තයා කියන කතාවල් එපා. හදන වඩු බාස් උන්නැහැලා, අරගොල්ලො, පාණාතිපාත, අදත්තාදාන, කාමෙසුමිච්ඡාචාරා ඒවා එපා කියලා කියනවා.

එතකොට එහෙනම් අපි අයින් කළේ සංස්කාර. ඒ සංස්කාර කියන එක අයින් කළායින් පස්සේ එහෙම නම් ඉතින්, මේ මැරෙනවා කියලා දැනගෙන නේ. හදන එක කැඩෙනවා කියලා දැනගෙන, අන්න අර බොජ්ඣඞ්ග භාවනාවට සම්බන්ධ වෙනවා. 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක, 3 ජාති ඉඳන් ජරාවට යනවා කියන එක, එතකොට එහෙම නම් ජරාවට පත් වෙනවා නම්, ඉතින් ඒක දැන ගත්තහම, සංස්කාරය මගින් විඤ්ඤාණය කියන එක සකස් කරන්නේ නෑ.

දැන් ඉස්සෙල්ලා අයින් කළේ සංස්කාරය, දැන් අයින් කරනවා, සංස්කාරය නිසා විඤ්ඤාණය කියන එක. එතකොට ඔතෙන්දි අපි කල්පනා කරන්න ඕනේ, අර line 6 එක, අර නිත්‍යභාවයට ආවේ, අන්න පේනවද අත්තා ඉඳන් නිත්‍යට jack එක ගහන එකේ නිත්‍ය කතාව තමයි දැන් එයා අයින් කරන්නෙ. ඉස්සෙල්ලා අයින් කළේ අත්තා. වත්තේ මහත්තයා කියනවා, මේවා හදලා වැඩක් නෑ, කියලා. එයාගේ දිට්ඨිය ආවා දැන් මෙතනින්. මේ කියන්නේ සම්මා දිට්ඨිය. දැන් මෙතනින් අර නිත්‍ය කතාව කියන එක අයින් කළා. දැන් ඒක නිසා, සංස්කාරය නිසා විඤ්ඤාණය, සකස් කිරීම කියන එක එතන ඒක නැති වෙලා යනවා.

එතකොට සංස්කාරය නිසා විඤ්ඤාණය නැති වෙනවා කියන එක බැලුවායින් පස්සේ, එහෙම නම් දැන් ඊයේ භාවනාවත් එක්ක ඕක සම්බන්ධ වෙන්න ඕන. දැන් පේනවා ද? රූපය පැත්තෙන් හදලා එවන ඒවා එපා කියලා කිව්වා නේ, මොකද පියෙහි විප්පයොග ඉඳන් ජාතියට එන කතාව. ඒකෙන් නේ අපි පටන් ගත්තේ මේ භාවනාව. එහෙම නම් මුලින් අර නාමරූප නිසා එන කතාව එපා කියලා කියනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ, අපි ඊයේ තේරුම් ගත්ත නේ පරාමාසයේ ඇතුළේ ඉඳන් පල්ලෙහාට ආවා නේ ද? ඊට පස්සේ අර අත්තවාද උපාදාන කතාව විතරයි තියෙන්නේ. පරාමාසේ තියෙන්නේ මොනවද? තයොධම්ම සූත්‍රය, 3-3 ථීනමිද්ධය, 2-3 පරාමාසය, 1-3 අවිද්‍යා ආශ්‍රව.

එහෙම නම් මේ ජරා වෙච්ච, ඒ කියන්නේ රෝගී සඤ්ඤාවක් මගේ කියලා අරගෙනයි මේකේ තියෙන්නේ, පරාමාසයට ඇවිල්ලා තියෙන්නේ. ඕක නේ දැන් අරක අස්සෙන් එන්න තියෙන්නේ, පෙර වූ දෙයක් හැටියට එන්නේ ඔන්න ඔය ටික. ඉතින් අන්න ඒක තේරෙනෙවා නම්, එහෙම නම්, අර අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන එක තේරෙනෙවා. අවිද්‍යා නිසා සංස්කාර කියන එක. මේක තමයි එකේ ඒ භාවනාව.

මේක වුණේ, මේ භාවනාව කළාට පස්සේ, ඔය සප්ත විසුද්ධි 2 කරපු වෙලාවේ, ඒ විශ්වාජිත් බුදුපියා මට පැවසුවා “ඔබ අතීතයේ යම් වූ කර්මයක් කළා ද, එම කර්මය ඉදිරියට ගෙන යනවා කියලා සිතන්න එපා,” කියලා. එතකොට ඊයේ රෑ අපි මේක බලනකොට මට එකපාරට මේක connect වුණා. Connect වෙලා තමයි මේ ධර්මය ආවේ. ඉතින් අද මේක සම්පූර්ණයෙන් ම කළායින් පස්සේ විශ්වාජිත් බුදුපියා ඉඳන් කිව්වා “Excellent” කියලා, මේක කළාට පස්සේ.