ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා, ඒ ඊයේ භාවනාවේ අර්ථයෙන් ම පැවසුවා, වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. මේක මේ බුදුපියා ලකුණු කර ඇති තැන කබලිංකාර ආහාර, කාමච්ඡන්ද ජරාව කියලා වම් අත පැත්තෙන් එනවා. ආපහු එනවා අපිට දැන් පදුට්ඨමනසඞ්කප්පය, පරාමාස, ජරා, එහෙම නම් මේ පරාමාසයේ ඇතුළේ තියෙන ඒවාත් එක්ක ම තමයි මේ ජරාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඊයේ බැලුව නේ පරාමාසයේ තියෙන ඒවා එකතු වෙනවා කියලා. එසේ ම පදුට්ඨමනසඞ්කප්පය දික් කිරීමෙන් ජරාවට ඇඟිල්ල දික් කරලා වගේ මේක සිද්ධ වෙනවා. ධර්මතාව දෙක ම එක ද? යන්න කියලා මම සිහි කළා. ඒක ප්‍රශ්න කළා. මෙහි දී එන්නා වූ රූපයේ ඇති අගයක් අපි නොසලකයි. නිතර ම පෙර කුඩා කාලයේ මෙසේ යැයි අර මාන අගය, B point එක ම තමයි ඉස්මතු වෙලා පෙනෙන්නේ. එන රූපයේ අගයට සැළකිල්ලක් නෑ.
එසේ නම් පෙර පරාමාස වූ ධර්මයෝ ම සෝකය හරහා අර ඊයේ භාවනාවේ ඇති වුණා වූ අවබෝධය තියෙනවා නේ. ඒ සෝකය හරහා පැමිණෙනවා කියලා තේරුණා, පරාමාස, සෝක, අර සෝක වේදනා, ඒ කියන්නේ අර අත්තවාද උපාදාන. එසේ නම් මෙහි දී ආස්වාදයක් එකතු කරනවා. බුදු පියාණන්ගේ වචනය. අවිද්‍යා ආශ්‍රව තුළ කැරකැවීමෙන් ඇති ආස්වාදය ඇත. එසේ නම් ආශ්‍රවයෝ අපිට මෙම ආස්වාදයන් එකතු කරනවා කියන එක කල්පනා කළා. එහෙනම් කාම ආශ්‍රව කියන එක මොකක් ද කරන්නේ. කාම ආශ්‍රව අර සුඛ යැයි ගත්තාට පස්සේ වන පසු සඤ්ඤාව. එහෙම නම් රූපයත්, රූපය පවතිනවා යන අදහස නිසා ඇති වූ නිත්‍යභාවය, ආස්වාදයක් ලෙස, මොකද සුභ plus නිත්‍ය නේ සුඛ වෙන්නේ. එතකොට ආන්න ඒක කාම ආශ්‍රවය තුළ ගැබ් ගෙන තියෙනවා. භව ආශ්‍රවය කියන එක අත්තා යැයි කියලා ගත්තට පස්සේ පසු සඤ්ඤාව.
එහෙම නම් වේදනාවත්, වේදනාව නිසා මා පවතිනවා යන අදහස නිසා ඇති වූ ආස්වාදය, භව ආශ්‍රවය තුළ ගැබ් ගෙන තියෙනවා. දැන් ඔය මිනිස්සු එහෙම හිනා වෙලා කියන්නේ, ඒක මොකක් හරි දෙයක්, ඒ වේදනාවක් මට දැන් හොඳයි, මෙහෙමයි කියලා, සැපයි කියලා. අන්න ඒ වගේ ගැබ් ගෙන තියෙනවා. දිට්ඨි ආශ්‍රවය ගත්තහම, නිත්‍ය යැයි ගත්තට පස්සේ වෙන පසු සඤ්ඤාවක් එහෙම නම්, සඤ්ඤාවත්, සඤ්ඤාව නිසා මා පවතිනවා යන අදහස නිසා ඇති වූ ආස්වාදය, දිට්ඨි ආශ්‍රවය තුළ ගැබ් ගෙන තියෙනවා. දැන් මේ ධර්ම කාරණාවන් තුන නිසා කැරකැවීමෙන් ඇති වන ආස්වාදය, අවිද්‍යා ආශ්‍රවය තුළ ගැබ් ගෙන තියෙනවා.
එසේ නම් අපි ආස්වාද ඉන්ද්‍රිය අර උද්ධච්චයේ දී අපි කියන්නේ, ඉගෙන ගත් දේ මේවා නේ දැ යි මට වැටහුණා. තථාගතයන් වහන්සේ අධිප්‍රඥා ශික්ෂාව කියලා අපි බැලුවේ. අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා. ඒ අධිප්‍රඥා ශික්ෂාවෙදි පැවසුවා අර ආශ්‍රවයන්ගේ සමුදය, ආශ්‍රවයන්ගේ අස්තංගමය, ආශ්‍රවයන්ගේ නිරෝධය, නිරෝධගාමී පටිපදාව කියලා, යමෙක් මේක දන්නවා නම් අන්න ඒක තමයි මේ ප්‍රඥාව කියලා එතන පෙන්නුවා නේ. එතකොට ඉතින් ප්‍රතිපදාව මට ඒක සිහි වුණා. ඉතින් තණ්හාව නිසා මේ ආශ්‍රවය ඇති වුණා කියලා භාවනාවේ දී මම තේරුම් ගත්තා.