Date: 26/03/2015 Name: Nibbedika

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාරය කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට ඊයේ භාවනාවේ දී අපි තේරුම් ගත්තා නේ අර කබලිංකාර ආහාරය, කාමච්ඡන්ද, ගිද්ධිලෝභ, ජරා. අනෙක් පැත්තෙන් පදුට්ඨමනසඞ්කප්ප, පරාමාස, ජරා. ඒකෙන් කිව්වා මේ පරාමාසය හරහා අර ආස්වාදය එකතු කරනවා කියලා.

කාමච්ඡන්දය මගින් කුමක් එකතු කරයි ද කියලා මම කල්පනා කළා. කැමැත්ත, එකතු කරනවා. සාත අසාත නිසා ඡන්දය ඇති වෙනවා කියලා තියෙනවා. “සාතං අසාතන්ති යමාහු ලෝකේ” කියලා පෙන්නනවා නේ නේ ද? එතකොට එහෙම නම් අපිට පේනවා මේ රූපයයි වේදනාවයි කියන කොටස් දෙක තමයි සම්බන්ධ උණේ කියලා. සාතයි කියනකොට ඉෂ්ට වස්තුවයි, සුඛ වේදනාවයි. දැන් මෙම රූපය අපි ලාභයි කියලා ගන්නවා. ඉතින් එහෙම නම් ඕගොල්ලන්ට පේනවා වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභයට ඔන්න line එක connect වෙනවා. ලාභමච්ඡරිය. ඊට පස්සේ දැන් නන්දිය. දැන් නන්දියට එනවා, ලාභමච්ඡරිය ගිද්ධිලෝභය හරහා නන්දිය කියන ඉරට එනවා. එහෙනම් මැරිලා ඉපදෙන්න ඇති කැමැත්ත. එහෙම නම් අපිට පේනවා රූප, වේදනා, ලාභ, එතන ඉඳන් ලාභමච්ඡරිය ඉඳන් නන්දියට කියලා තියෙනවා. ධර්ම කාරණා පහක්. රූපයේ ඉඳන් වේදනාවට, වේදනාවේ ඉඳන් මච්ඡරියට, මච්ඡරියේ ඉඳන් නන්දියට, නන්දියේ ඉඳන් රූපයට සම්බන්ධ වෙලා තියෙනවා.

එතකොට මෙහෙම මෙසේ වීමෙන් අපි ජරාවට කැමති වුණා, කියන එක තියෙනවා. එතකොට ඒක හරි ගැඹුරු අර්ථයකින් මම දැක්කේ. මෙතන මුළාවට පත් වුණා. මෙසේ මුළාවට පත් වෙච්ච සත්වයාව ගලවා ගැනීම අපහසුයි කියලා පැහැදිලියි. මොකද මේ මෙච්චර ජරාවට පත් වෙලා, මේකට අපි මෙන්න මේ කාරණා පහකින් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මැරිලා ඉපදෙන්නත් මේකට කැමැත්තක් තියෙනවා. අර ඊයේ එකත් එක්ක බලන්න ඕනේ අර ආස්වාදය අනෙක් පැත්තෙන් මෙහෙම එකතු වෙනවා කියලා.

දැන් එතකොට මට ආවා මේ “රූපේ සු දිස්වා විභවං භවඤ්ච,” කියන එක මට ඇහුණා. රූපය නිසා භවය. මොකද්ද රූපය නිසා භවය කියලා කියන්නේ? රූපයන්ගේ යම් භවයෙක් ජාතියෙක්, හටගැනීමක්, නිපදවීමක් වේ ද, පහළ වීමක් වේ ද, මෙය රූපයාගේ භවයයි. අපි ඉගෙන ගත්ත කලහ විවාද සූත්‍රයේ.

රූපයාගේ විභවය කුමක් ද? රූපයාගේ යම් ක්ෂය, වීමක් වැනසීමක්, භේදයක්, අනිත්‍ය බවක්, වේ ද මේ රූපයාගේ විභවයයි කියලා අපි ඉගෙන ගත්ත.

දැන් එතකොට මේකත් එක්ක ම අර pyramid එක සිහි උණා. උඩ තියෙන්නේ ධාතු යට තියෙන්නේ ආස්වාදය. ඊයේ ආස්වාද ආශ්‍රව හතරයි කියලා කිව්වහම ඉතින් එකේ ආස්වාදය නේ තියෙනවා කිව්වේ.

එතකොට මට මේකත් එක්ක මතක් උණා මේ නිබ්බෙධික සූත්‍රය කියන එක. ඒ විතරක් නොවෙයි අර ආස්වාදය, ආදීනවය, නිස්සරණය, දැන් මේ ඒක නේ කතා කරන්නේ, රූපයේ ආස්වාදය, සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනවය. දැන් මෙතන මේ ආස්වාදය කියන එක තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධ උණා.

ඉතින් මේ භාවනාවේ නම, නිබ්බෙධික penetration කියන එකයි. ඒක තමයි මං කරපු භාවනාව.