ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව තමයි ආපහු අදත් කරගෙන ගියේ. ඉතින් ඒකේ ඉගෙන ගත්ත නේ කාමච්ඡන්දය, ජරාවට එන එක, පදුට්ඨමනසඞ්කප්පය පරාමාසය හරහා ජරාවට එනවා. ඉතින් ඒක ආස්වාදය තමයි එකතු කරන්නේ කියලා.
ඉතින් ඔය විදිහට අපි ඉගෙන ගත්තා අර, රූපේ සු දිස්වා විභවං භවඤ්ච, කියන එක දක්වා. ඒ කියන්නේ අර රූප, වේදනා, ලාභමච්ඡරිය, ගිද්ධිලෝභයෙන් ඊට පස්සේ නන්දිය, ජාතිය කියන එක එනවා කියන එක.
ඒ නිබ්බෙධික සූත්‍රයේ බැලුවොතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නේ, දැන් කාමය කියන එක, ඒක දැනගන්න ඕන කියලා. එතකොට ඒ කාමයෝ කියන්නේ මොකද්ද කියන එක බුදුහාමුදුරුවෝ එතන පැහැදිලි කරනවා, මේ ඇහැට ප්‍රිය වූ මනාප වූ ඒවා ඇවිල්ලා ඒවා කාමයෝ වෙන්නේ නෑ කියලා. ඒවා කාම ගුණ පසක් විතරයි එතන තියෙන්නේ. “සංකප්ප රාගො පුරිසස්ස කාමො” කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා.
ඔතනින් පෙන්නනවා කාමයන්ගේ නිදාන සම්භවය, ස්පර්ශය නිසයි කාමයන් ඇති වෙන්නේ කියන එක.
වේමත්තතාවයට පෙන්නනවා මේ රූපාලම්බන කාමය එකක්, ශබ්දාලම්භන, ගන්ධාලම්බන, රසාලම්බන, ස්පර්ශාලම්බන, කාමය තව එකක් කියලා මේ විදිහට කාමයන්ගේ වේමත්‌තතාවය කියන එක පෙන්නනවා.
කාමයන්ගේ විපාකය කියන එක, එක එක අපිට ඒ භවයන් ලැබෙනවා, පුණ්‍යභාගිය වූ, අපුණ්‍යභාගිය වූ ඒ භවයක් ලැබෙනවා නම් ඉතින් එක තමයි විපාකය කියලා. කාමයේ නිරෝධය, ස්පර්ශය නිරෝධයෙන් කාමය නිරෝධ වෙනවා කියලා.
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේකේ නැති කිරීමේ මාර්ගය කියලා, සම්මා සංකප්ප, ඔය විදිහට සම්මා සමාධි දක්වා ගියා.
ඉතින් මම ඔන්න ඔතනින් බැලුවහම ඉතින් අර සම්මා සමාධියේ අපි භාවනාවන් කලින් කළා නේ. ඒකේදි පෙන්නුවා නේ අර අන්තිම වෙනකන් ගිහිල්ලා ඒ ඉහළ ම වූ සමාධියෙන් ඉන්ද්‍රිය බලයන් සහිතව මෙතන මේක ඉන්න ඕනේ එහෙම නැති නම් ඉතින් අර විමුක්තියේ හිටියේ නැත්නම්, අර star එක, නැත්නම් මේක ඇති වෙනවා කියන එක.
එතකොට දැන් ඒ වගේ ම තමයි නිබ්බෙධික සූත්‍රයේ අනෙක් පැත්තට පෙන්නනවා මේ ආශ්‍රවයන් කියන එක. ඒකෙ පෙන්නනවා මේ ආශ්‍රවයෝ දතයුත්තා හ. එතකොට මේ ආශ්‍රවයෝ කියන එකේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආශ්‍රවයෝ, කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. ආශ්‍රවයන්ගේ නිදාන සම්භවය කියලා කියන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ අර අපි ගන්නවා නේ සුභයි, සුඛයි, අත්ත, නිත්‍ය කියලා ඒක නිසා ඇති වන මේ දේ.
ඉතින් වේමත්‌තතාවය පෙන්නනවා මේ නිරයගාමිනී වෙනවා, තිරිසන් ලෝකෙට යනවා, ප්‍රේත ලෝකෙට යනවා, මනුස්ස ලෝකෙට, දිව්‍ය ලෝකෙට යන්නා වූ ආශ්‍රවයන් තියෙනවා. මේක තමයි වෙනස. වේමත්‌තතාවය කියන එක.
ආශ්‍රවයන්ගේ විපාකය කියන එක පෙන්නනවා මෙතන මේ අවිද්‍යා සහගත තෙමේ එයින් හටගත් පුණ්‍යභාගී හෝ අපුණ්‍යභාගී වෙන අත්භවයක් ඇති වෙනවා. මේක තමයි ආශ්‍රවයන්ගේ විපාකය.
ආශ්‍රවයන්ගේ නිරෝධය, අවිද්‍යා නිරෝධයෙන් මේක නිරෝධය වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එනවා.
එතකොට දැන් ඉතින් මම මේ භාවනාවේ දී බැලුවේ, දැන් අපි දන්නවා අර මැද්දේ කෑල්ල, pyramid එක ඇතුළේ අපි ඉස්සරහට තල්ලු වෙලා තියෙනවා නේ. Forward වෙලා, forward වුණා නම් පිටිපස්සේ තියෙන්නේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාව, භය අගතිය, සෝකය, කාම ආශ්‍රව කියලා එනවා.
එතකොට ඔය ඔතන අවිද්‍යාව කිව්වහම අර අපි අවිද්‍යා ආශ්‍රවයට ඇවිල්ලා තියෙනවා, අවිද්‍යා ආශ්‍රවය ඇති වුණේ, ඉතින් අර බුදුහාමුදුරුවෝ පෙන්නනවා නේ අර ටික නේ ද? අර නිත්‍යයි කියලා ගත්ත, සුභයි, සුඛයි කියලා ගත්ත ටික නිසා මේක තියෙන්නේ.
ඉතින් දැන් ඒ පැත්තෙන් ගත්තහම දැන් අපි ඉගෙන ගත්ත නේ ඉතින් අවිද්‍යා පච්චය සඞ්‌ඛාර කියලා භාවනාවක්. ඉතින් ඒකෙ අර්ථය තමන්ට පේනවා, මේ මුළු ක්‍රියාවලිය ම. ඊට පස්සේ එතනින් පේනවා මේ පැත්තෙන් අපි ආවා රූපයට. ඇයි ඉතින් අවිද්‍යාවෙන් ඇවිල්ලා සෝකය, කාම ආශ්‍රවය එතනින් රාග සල්ලය, රූපයට ආවා. රූපයට ආවහම අර කොටස ක්‍රියාත්මක වෙනවා. අර රූප වේදනා ලාභ නන්දි කතාව.
එතකොට දැන් මේක ක්‍රියාත්මක වෙනවා නම් ඒ පාර අර ඒ කියන්නේ area 6 එකෙන් area 1 එකට ආවා නේ ද? ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? අර උඩ කෙළවරේ, ඒ කියන්නේ අර පදුට්ඨමනසඞ්කප්පය කියන කොටස තියෙනවා නේ, area එක උඩ ම triangle එක විඤ්ඤාණය තියන තැන, ඒ කෑල්ල හැදෙනවා. ඉතින් ඒ කෑල්ල හැදුණායින් පස්සේ ආපහු මෙතන මේ අපේ ජාතිය කියන එකට එනවා.
එතකොට ඉතින් මේක, මනස බොහොම හොඳට විසාලව මේකේ පවතිනවා, මේකේ ප්‍රඥා විමුක්තීන්, ඒ විමුක්තීන් සහගතව අර, අර අවබෝධයෙන් ඉතින් කරන්න ඕනේ. අරක කරකැවීමෙන්, ඒක තමයි මම බැලුවේ මේ නිබ්බෙධික සූත්‍රයත් එක්ක ඒක පොඩ්ඩක් විමසලා බැලුවා. බුදුහාමුදුරුවෝ කියන එක. ඉතින් මෙතෙන්දි ආවා මේ මොකක්වත් දෙයක් නොවෙයි අර කාම ගුණයට අපේ ආස්වාදය කියන එක එකතු කරනවා අරක ඇතුළේ. ඒ ආස්වාදය එකතු කිරීම නිසා තමයි අර එකපාරට ම, ඒ රූපයේ ඇති කෙන් ගෙඩියක් නෑ, අර කාම ගුණයට තමන් එකතු කිරීම, එච්චර තමයි තියෙන්නේ කියලා බැලුවා.
ඒක තමයි කරපු භාවනාව.