ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාරය කළා.
මම ඊයේ භාවනාව ආපහු කරගෙන ගියා. ඉතින් ඊයේ භාවනාවේ මතක නේ නිබ්බෙධික සූත්‍ර 2 භාවනාවක් තමයි එතන කළේ. එතකොට එතෙන්දි අපි ඉගෙන ගත්ත නේ අර මැද්දෙන් hub එකෙන් කැරකිලා අවිද්‍යාවෙන් ඊට පස්සේ අර ඊළඟට එනවා භය අගති, සෝක කාම ආශ්‍රව, ආපහු රූපයට යනවා කියන එක ආවා.
ඉතින් ඔය විදිහට අපි ඉගෙන ගත්ත අර area 6 එක නිසා area 1 එක වෙනවා, area 1 උණයින් පස්සේ අර පරාමාස විඤ්ඤාණ ඉදංසච්ච කියන ඒ කෑල්ලට එනවා කියලා. ඉතින් ඒ විදිහට විඤ්ඤාණය හැදිලා ආපහු නැවතත් ජාතිය දක්වා පැමිණෙනවා කියලා ඉගෙන ගත්ත.
එතකොට මෙතෙන්දි ඉගෙන ගත්තා මේ ආස්වාදය කියන එක එකතු කිරීම විතරයි මෙතනින් එන්නේ. රූපයේ ඇති දෙයක් නැහැ, මේ කාම ගුණයට ආස්වාදය එකතු කරනවා. ඔච්චර තමයි තියෙන්නේ කියලා ඉගෙන ගත්ත.
එතකොට දැන් මේක ඉගෙන ගත්තහම දැන් මගේ සිත ඔතන ම මට නතර කරන්න පුළුවන්. ඒ නතර කළාට පස්සේ මට තේරෙනවා මේකේ මේ සිත, මේ තව ධර්ම කාරණාවක් මට බලන්න ඕනකම කියන එක තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන භාවනාව, ඒක කරන්න ඕනෑකමකුත් නැතුව වගේ එකක් තියෙනවා.
ඉතින් අපි කොහොම හරි ඒක කරනවා කියලා කල්පනා කරලා අධිට්ඨානයකින් යුතුව ඊළඟ එක කළා කියන්නකෝ. එතකොට දැන් ඊළඟට මම කළේ මොකද්ද ඒ අවිද්‍යා පච්චයා සඞ්‌ඛාර කියන එක. ඉතින් ඒක මතක නේ ඉතින් එතෙන්දි අර ආවා නේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය, සම්මා සංකප්පය කිව්වහම අමෝහය. අමෝහය උණායින් පස්සේ අර අපිට එනවා මේ මෝහ කතාව කියන එක අපේ ඉවත් වෙනවා. මොකද අපි දන්නවා නේ අතන ප්‍රියේහි විප්පයොගයෙන් තමයි ජාතියට ගිහිල්ලා තියෙන්නේ, එතකොට ඒකට parallel ධර්මය දෝස අගතියේ ඉඳන් අපි අර අභිජ්ඣා කියන කතාව. එතකොට මේක තමන් වෙන් වෙලා ඉවරයි කියන එක තියෙනවා නේ. ඉතින් එහෙම නම් ඒකේ අර මතක ද වත්තේ මහත්තයාගේ කතාවක් එහෙම කිව්වා, අන්න ඒ අර්ථයෙන් අපිට එනවා. ඇවිල්ලා ඉතින් දැන් එහෙනම් සංස්කාරයන් කියන ඒවා එපා කියලා කියනවා. එතකොට එහෙම නම් අපිට අර ඒ මුසාවාද, පරුෂා වාච, පිසුණා වාච, සම්පප්‍රලාප, ඒවා පාණාතිපාත, අදත්තාදාන, මිච්ඡා ආජීවය එපා කියනවා.
දැන් එතනින් එනවා අපි සම්මා සතියට. සම්මා සතියෙන් අපි බොජ්ඣඞ්ග භාවනාව. ඉතින් ජාතියේ ඉඳන් ජරාවට යනවා. එහෙම නම් ඉතින් නිත්‍ය වෙන්නේ නෑ නේ. එතකොට නිත්‍යභාවය නැතෙයි කියන එක ගත්තහම අර උද්ධච්ච කියන එක කැපිල යනවා, line 6 එක කියන එක යනවා.
ඉතින් මේ විදිහට අපි තේරුම් ගත්ත මෙතනින් ඒ සම්බන්ධතාවය බැලුවහම අර මේක මෙහෙම උණේ නැත්නම් මොකද්ද වෙන්නේ අපේ අර ප්‍රියේහි විප්පයොගයෙන් ජාති, ඊට පස්සේ 6.4 සල්ල හරහා කබලිංකාර ආහාරයෙන් නාමරූප වෙනවා, අත්තවාද උපාදාන කතාවට එනවා කියන එක තියෙනවා.
එතකොට ඉතින් අපි මෙතෙන්දි ඉගෙන ගත්ත පරාමාසයේ මොකද්ද තියෙන්නේ කියලා, නේ ද? ජරා වූ රෝගී සඤ්ඤාව. මතක ද? ථීනමිද්ධය, එතනින් අපි එනවා පරාමාස, තයොධම්ම සූත්‍රය, 3-3, 2-3 ඊට පස්සේ 1-3 මෙතන මේක තමයි අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කතාව.
ඉතින් මෙතනින් ඇවිල්ලා දැන් මට එහෙම්ම ම ඔය සිත නතර කරගන්න පුළුවන් ලොකු හැකියාවන් තියෙනවා. සිත නතර වෙනවා, කරකවන්න ඕන නම් මහන්සි වෙලා කරකවන්නත් පුළුවන්, කියන එක. කරකවන එක නැවැත්තුවට පස්සේ කරකවන්න අමාරුයි කියලා මට තේරෙනවා. Start එක අමාරුයි. එතකොට මේ switch on and off කියන තමයි මම හරියට ම මේක කළේ.
ඉතින් මගේ මේ මනස මේ විදිහට මේ නතර වෙලා ඒ වගේ තියන වෙලාවක, මම දැක්කා මේ කඩුවක් ගන්නවා කොපුව ඇතුළෙන්. ඒක ගන්නවා දැක්ක ගමන් මට කල්පනා උණේ ආ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නේ අර එක කයකින් තවත් කයක් හදනවා කියලා, මනෝමය කායක් එහෙම, ඒවා හදනවා කියලා. එක රූපයකින් තව රූපයක් හදනවා. එතකොට මෙතන මේ ඉද්ධිපාදයන් මේවා කියන එකයි. එතකොට මට එකපාරට ම ඒකට තේරුණා මේ කැමැත්තක්. කාමච්ඡන්ද කෑල්ලේ එතන ඒක ඒ පැත්තෙන් කැමැත්ත කතාවක් තියෙනවා කියන එක.
මට එකපාරට ම වැටහුණා මේකේ මේ එකතු වෙන්නේ මොකද්ද දැන් මේ අවස්ථාවේ දී. දැන් මනෝමය ආස්වාදය. මනෝමය කායේ කියන කතාවෙන් ඒ කියන්නේ කයක් හදනවා කියන කතාව එහෙම ගත්තහම, මේ, තාම හදලා නෑ නේ. තව කාට හරි පේන්න පුළුවන් කයක් හදලා නැහැ. එහෙම නම් අර තමන් ඇසුවා වූ දේ තමයි ඉදංසච්චය තුළ තියෙන්නේ. එතකොට ඉදංසච්චය තුළ ඒක එනවා, ඒකෙන් අර පරාමාසයට ඇවිල්ලා, පරාමාසයෙන් ආස්වාදය හැටියට මේක එකතු වෙනවා. එහෙනම් ඇතුළේ තියන ඒවා කියන එක, මේ එන්නේ කියන එක.
එතකොට දැන් මේකෙත් තියෙන්නේ ඔය අර්ථය ම නේ. අර ජරා වෙන රූපයක් කියන කතාවත් එක්ක මෙතන ආස්වාදයක් මේකට එකතු කරලා. එතකොට මට කල්පනා උණා මේක සිද්ධ වෙන්නේ මේ සඤ්ඤාවයි, සඤ්ඤාව නිසා මේ විඤ්ඤාණයේ පැවතීම කියන එක තියෙනවා නේ, අපි බැලුවා නේ අර ආස්වාදය කිව්වහම දිට්ඨි ආශ්‍රවයේ ආස්වාදය කියන එක. එතකොට එතන දී කතාවත් එක්ක මේකේ ඇති දෙයක් නැහැයි කියලා මේක ආවහම මට කල්පනාවට ආවා මේක මේ මානය තියන මනුස්සයකුට තමයි මේ කතාව තියෙන්නේ. දැන් මෙහෙම කරලා මේ රූපයක් පෙන්නලා හරි මාන්නයක් තමන්ගේ ඒක වෙනවා නේ මෙහෙම මේ විදිහයි කියලා, මේකෙන් මේකත් දෙයක් නැහැයි කියන එක. ඉතින් රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා. මේ අවස්ථාවේ දී, හරි ම හොඳයි හිත නතර වෙලා, ඒක on and off කරගෙන ඉන්න පුළුවන් මේ විදිහට කළහම.
ඒක තමයි ඒ කියන්නේ අර සංස්කාර පච්චයා විඤ්ඤාණං, අර A කියන point එකේ ඉඳන් ම හැදිල්ලක් නෑ. දැන් මට ඕක යම්කිසි දෙයක්, අපි හිතමු සිංදුවක කෑල්ලක් හරි මොකක් හරි ඇහෙනවායි කියලා, ඒකෙ එක වචනයක් එනකොට ම ඉතුරු පදයට නොයන්න ඉතුරු ටික නොයවන්න තමන්ට නවත්තගන්න පුළුවන්. මේ විදිහට කළහම. ඒකෙ continuation එකක් නැහැ.