ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි සම්මා දිට්ඨිය පැතිරෙනවායි කියලා වැඳ නමස්කාර කළා. ඉතින් මෙතෙන්දී මේ මෙහෙම වැඳ නමස්කාර කරනකොට ඒ සිත නතර වෙන ස්වභාවයට පත් වුණා. ඒකේ හේතුව තමයි අර මිච්ඡා දිට්ඨිය කියන එක පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය නෑ. සම්මා සතිය මගින් ඒක පහ කරලා එයින් ඇති වුණු සම්මා ඥානය මගින් සම්මා විමුක්තිය කියන එක තියෙනවා. අන්න ඒක නිසා තමයි ඒ විදිහට තිබුණේ. ඉතින් හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට අපි මේ ඊයේ පෙරේදා බලපු භාවනාවල බැලුවොතින් ඒවායේ පෙන්නනවා, මුලින් ම කාම ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව කියන එක නිබ්බෙධික 2 භාවනාවේ දී කළා, ඊළඟට දිට්ඨි ආශ්‍රව කියන එක නිබ්බෙධික 3 භාවනාවේ ඊයේ කරපු එකෙන් කළා.
අද භාවනාව භව ආශ්‍රව කියන එක තමයි බැලුවේ, ඉතින් භව ආශ්‍රව තුළ අපි දන්නවා වේදනාවත්, වේදනාව නිසා මම, ඒ කියන්නේ අත්තා පවතිනවා කියන අදහස නිසා ඇති වූ ආස්වාදය ගැබ් ගෙන තියෙනවා කියලා. එතකොට කෙසේ හෝ වේදනා නිසා පවතී යැයි, තමා පවතී යැයි කියලා සිතනවා.
ඉතින් මං මෙතෙන්දී දැක්කා ගැටයක්. ඒ ගැටය තමයි, ඔය වේදනාවයි, පරාමාසයයි, චේතනාවයි හරහා නිකන් 8 වගේ ඉලක්කමට තියෙනවා. එතකොට ඒක බලන්න ඕනේ හරියට මේ වේදනාව මුලින් මේ චේතනාවට පහළින් ලණුවක් වගේ ගිහිල්ලා චේතනාවේ වම් පැත්තෙන් පරාමාසය දකුණු පැත්තට සම්බන්ධ වෙලා සුළියක් හරහා යන ස්වභාවයක් තියෙන්නේ. එතකොට පරාමාසය කියන එක දකුණු පැත්තේ අපි දන්නවා පරාමාසයට දකුණු පැත්තෙ ඉදංසච්චය. ඒ කියන්නේ ඒකෙ අනුමත කිරීමට අනුව පරාමාසයට ගැට ගැසෙනවා කියන එකයි, අර විදිහට ඒකෙ පෙන්නලා තියෙන්නේ. එතකොට සුඛ යැයි කියන්නා වූ දේ සත්‍යයක් වශයෙන් ඉදංසච්චය පිළිගන්නවා. ඔන්න ඒ අවස්ථාවේ දී ඒ පිළිගත්තොත් තමයි ඒක වෙන්නේ.
ඉතින් දැන් මං මේ ගැටේ තවදුරටත් විමසුවහම, මට පේනවා තවත් 8 ඉලක්කමක්. ඒ පාර 8 ඉලක්කම තියෙන්නේ මේ චේතනා, වේදනා, සඤ්ඤා කියන එක මේවා වෙන්න. චේතනාව වටේ තමයි අර 8 එක රවුමක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට එතෙන්දී, අර වේදනාවේ සිට එන රේඛාව ඒ චේතනාවට උඩින් තමයි එන්නේ. ඉස්සෙල්ලා ආවේ යටින් නේ, දැන් උඩින් ඇවිල්ලා තමයි මේක මේ අනෙක් පැත්තට එන්නේ. එතකොට මේකේ මේ අවස්ථා දෙකක් තියෙනවා කියන එක තේරුණා. ඒ කියන්නේ ඒ ගැට ගැසීම මේ පවතින අවස්ථාවක්, සඤ්ඤාව මගින් අනුමත කිරීමක් තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේ දී මේක පවතිනවා මේ ගැටේ.
ගැට ගැසීම නොපවතින අවස්ථාවක්, ඒ කියන්නේ සඤ්ඤාව මගින් ඒ අනුමත කරන්නේ නෑ. ඒ කියන්නේ අර කුණු අඹ මුදලාලිගේ කතාවේ දී ඉතින් ඉඩෝරෙ හින්දා අඹ නැති වෙලා යාවී, එහෙම නැත්නම් මේ මුදලාලි මිය යාවී. එහෙම වුණොතින් කුණු අඹ ගන්න වෙන්නේ නෑ නේ. එතකොට මේක නිසා පවතින්නේ නෑ, ගැටේ ගැලවෙනවා කියන එක තියෙනවා.
ඊළඟට ආපහු තුන් වෙනි 8 එකකුත් පේනවා, තවත් 8 ඉලක්කමක්. ඒ 8 ඉලක්කම තමයි චේතනාවයි, පරාමාසයයි, ඉදංසච්චයයි. චේතනාව වටා තමයි ආපහු අර පුඩුව යන්නේ. එතකොට මේ ගැටය ඔයගොල්ලන්ට පේනවා, මේ ගැටය චේතනාවට වමෙන් පටන් ගත්තොතින්, ඉදංසච්චයට උඩින් ගිහිල්ලා, පහළින් පරාමාසය තියන තැනට පැමිණිලා, පරාමාසයේ පහළින් වම් පැත්තෙන්, ඒ ආපහු චේතනාව දක්වා යනවා චේතනාවේ දකුණු පැත්තෙන් තමයි එන්නේ කියන එක පේනවා. එතකොට මේ මෙතනත් මේ ගැට ගැසෙන්නා වූ අවස්ථාවන් දෙකක් තියෙනවා. ගැට ගැසීම නොපවතින අවස්ථාව තමයි මේ ඉදංසච්චය අනුමත නොකරයි. ඒ කියන්නේ සුඛය මුසාවක් බව පවසනවා. සච්චාධිට්ඨානය ඇත. ගැටය පවතිනවා, ඉදංසච්චය පිළිගන්නවා, ඒ කියන්නේ මොස ධර්මය කියන එක තියන අවස්ථාව.
දැන් අපිට භව ආශ්‍රවය කියන එක වැටහෙනවා, දැන් අපි දන්නවා නේ මේක නේ භව ආශ්‍රවය කියලා කියන්නේ, මෙතන මේ වේදනාව, වේදනාව නිසා මම පවතිනවා කියන කතාව. දැන් ඒක නැති කිරීම කියන එකත් වැටහෙනවා. ඒ කියන්නේ විරිය මගින් තමයි ග්‍රන්ථයන් නැති කරනවා කියලා අපි දන්නවා ඔය මේ ආහාර diagram එකට විරුද්ධව පටිපදා භාවිතා කිරීමේ දී. එතකොට සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේදි අපි හතර වෙනි විරිය පැහැදිලි කිරීමේ දී පෙන්නලා දුන්න නේ, මවගෙන් වෙන් වෙලා ජීවත් වීම. එතකොට අපි එතෙන්දි හොඳ ම දේ තමයි තෝරන්නේ. ජීවත් වෙලා ඉන්න අවස්ථාවේ දී. ඒ කියන්නේ රූපයේ best එක, රූපය නැතිකම.
ඊළඟට අපිට පේනවා space එකේ best එක space එක ආධාර කරගෙන ඇති වන වේදනාව නොමැති වීම.
වේදනාවේ best එක වේදනා සඳහා වන සඤ්ඤා මනසිකාර නොවීම කියන එක. සඤ්ඤාවේ best එක සඤ්ඤා නැතිකම, එහෙම නම් නිරෝධය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. එකේ best එක සංස්කාර නිරෝධය.
එතකොට මේක සඳහා තමයි අපේ මේ විරිය, එතකොට ගැටේ ගැලවෙනවා. ඒ මගින් ආශ්‍රවයන් සිද්ධ වෙන්නේ නෑ කියන එක.
ඒක තමයි කරපු භාවනාව.