ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා අර සම්මා සතියේ තිබෙන්නා වූ ඒ අර්ථය සහිතව. මිච්ඡා දිට්ඨිය නිසා ජීවත් වෙලා ඉන්න ඕනේ කියලා තියන හැඟීම නැතිව කියන එක.
ඉතින් ඒක බලලා, මේ අර ඊයේ භාවනාව ම මම continue කරගෙන ගියා. දැන් මේ ගැටේ ගලවන්න ඕන නේ, ඒ ගැටේ ගැලවීම කතාවේ දී අපි අයින් කරනවා නේ, සංස්කාරයන් කියන ඒවා අපි අයින් කරනවා, මේ සම්මා දිට්ඨියෙන්, පුනපුනා මිය යන විඤ්ඤාණය නැවත සෑදිය හැකි ද? මතක ද ඒකෙ දී රහතන් වහන්සේ කියපු වචනය. එතෙන්දී පෙන්නුවා නේ මේක කරන්න බැහැයි කියලා සම්මා සතිය මගින්, ඒ යම්කිසි උදව්වක් උපකාරයක් කරන්න ඕනෙ ද ප්‍රඥාවට අන්න ඒක සතිය මගින් කරනවා. ඉතින් මේක කළාට පස්සේ, එතන දිට්ඨි ආශ්‍රවය කියන එක නැති වෙනවා, ඒක නිසා අර පෙන්නුවා නේ, කුමක් නිසා ද? චේතනා. කුමක් නිසා ද මේක වෙන්නේ, “චේතනා ගලවා දමා ඇත,” කියලා කිව්වේ. අන්න ඒකත් එක්ක තමා මං මේ බැලුවේ.
ඒ කියන්නේ දැන් මෙතන මේ භව ආශ්‍රවය නැති වෙනවා කිව්වහම, චේතනාව නිසා පල්ලෙහාට ආවා, ඒ පැත්තෙන් භව ආශ්‍රවය, ඊයේ භාවනාවේ තියෙන්නේ ඒක නේ භව ආශ්‍රවය. එතකොට ඒ අත්තා කියලා ගත්තහම පසු සඤ්ඤාව. අනෙක් අතට බලන්න, අත්තා කියලා ගත්තහම ආපහු පසු සඤ්ඤාව හැටියට තියෙන්නේ මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක. දෙපැත්තට යනවා. දැන් එහෙනම් සංස්කාර කියන එක අපි අයින් කළයින් පස්සේ, අර සංස්කාරවලට මාන වෙන්නේ නෑ, මොකද අර මලකඩ කාපු යකඩ ඇණය හින්දා කිසිම ආකාරයකින් මේක හදන්න බැහැ. එතකොට සංස්කාරත් ජරා, රූපත් ජරා, ඒ ඔක්කොම ජරා කියන එක ආවා. ආවට පස්සේ අපි සංස්කාරයන් කියන ඒවා අයින් කළා. සංස්කාරයන් කියන ඒවා අයින් කළා ම best එක කියන එකත් අපි අයින් වෙනවා නේ ඔය විදිහට. එතකොට අයින් කළයින් පස්සේ, අපිට අර ඊයේ කියපු ගැට තුනෙන් තුන් වෙනි ගැටේ නේ ගැලවෙන්නේ, චේතනා, පරාමාස, ඉදංසච්ච ඒ කතාව.
ඒක අයින් වෙනකොට ම බලන්න සංස්කාරයෙන් තමයි අත්ත ඉඳන් නිත්‍යයට, අන්න නිත්‍ය කියන එකට පහර වදිනවා. නිත්‍ය කියන එකට පහර වැදුණයින් පස්සේ, ඒක එහෙම එකක් නැහැයි කියන එක නේ. එහෙම නම් අපිට පේනවා දිට්ඨි ආශ්‍රවයට පහර වදිනවා. දිට්ඨි ආශ්‍රවයට පහර වැදුණයින් පස්සේ, දැන් දිට්ඨි ආශ්‍රවය කියන්නේ මේ චේතනාවෙන් ගිහිල්ලා පසු සඤ්ඤාවක් හැටියටයි ඕක ඇති වෙන්නේ නේ ද? එතකොට එහෙම නම් දැන් ගැටේ උඩ කෙළවරේ තියෙන්නේ අර චේතනාව කියන කෑල්ල. දැන් ඔන්න ඒකත් එක්ක දැන් අපිට සම්බන්ධ වෙනවා අර දෙවැනි ගැටේට, දැන් අපි අත්ත සඤ්ඤාව නේ ඊළඟට අයින් කරන්නේ. ඒ අත්ත සඤ්ඤාව ඒක අයින් කරාට පස්සේ, ඔන්න දෙවැනි ගැටේ කියන එක ගැලවිලා යනවා. දැන් තියෙන්නේ අර උඩ තියන ගැටේ විතරයි.
උඩ තියන ගැටේ තියෙන්නේ වේදනා, පරාමාස, චේතනා කියන එක. හැබැයි දැන් ගැටේ චේතනාව ගලවා දමා ඇත කියලා කිව්ව නේ දිට්ඨි ආශ්‍රවය යනකොට. මොකද ඔය නෙවසඤ්ඤානාසඤ්ඤා ලාභියාගෙත් තියෙනවා නේ ඒ පාර, සඤ්ඤාව අල්ලගෙන එතෙන්ට එන එක. ඒ කියන්නේ එයා අවිද්‍යා ආශ්‍රවයට ආවා, එතනින් දිට්ඨි ආශ්‍රවයට, ඊට පස්සේ දිට්ඨි සල්ලය, සඤ්ඤාව ඒ කතාව. දැන් ඔය දෙවැනි ගැටේ ගැලවෙනවා කිව්වහම අත්තා කතාව ගැලවෙන අවස්ථාවේ දී, එතෙන්දී අර සඤ්ඤාව කියනවා නේ මේක ගැට ගැසීම පවතින්නේ නෑ. මොකද ඉඩෝරය නිසා අඹ නැති වෙනවා, මුදලාලි මිය යනවා කතාවක් කිව්වේ නේ ද. එතකොට ඒ කෑල්ල සිද්ධ වෙන්නේ නැහැ කියන එක තියෙනවා. මේකේ ඉන්න පුළුවන්කමක් නෑ කියලා.
දැන් එහෙම නම් අර උඩ ගැටේ විතරයි. උඩ ගැටේ දැන්, චේතනාව ගලවලා දාලා තියෙන්නේ. චේතනාව ගලවලා දාලා නම් දැන් එහෙනම් ගැටේ loose. වේදනා, පරාමාස මේ කතාවට නිකන් මේ ලණුවක් දාලා තියෙනවා වගේ විතරයි. ඉතින් එහෙම නම් දැන් මේකෙදි, දැන් මේ අවස්ථාව වෙනකොට අපි අර රූපය කියන එකත් ඉවත් කරනවා නේ සම්මා ඥානය මගින්. කියනවා නේ විරියට රූපය අයින් කරන්න කියලා. එතකොට දැන් මේ වෙලාවේ දී ඒ පැත්තෙන් එන කතාව නෑ.
දැන් එහෙනම් මේ ඇතුළේ පරාමාසයේ තුළ තිබෙන්නා වූ දේ විතර නේ අපි අර අන්තිමට ඉගෙන ගත්තේ අර අසනීප වෙලා ඇඟේ අමාරුවක් ඇති වෙලා එන්නා වූ දේ. ඒ කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මේ ෂඩායතන ටික පවතිනවා. ඊළඟට මේ තමන්ගේ ශරීරය නිසා තමන්ට පෙර වූ දේවල් එනවා කියන එක. ආස්වාදය හැටියට එනවා කියලා නේ කිව්වේ පරාමාසය හරහා නේ ද. ඔන්න ඔය කෑල්ල තමයි ඒ තියෙන්නේ කියන එක. ඉතින් ඒක තමයි ඒ කරපු භාවනාව, ගැට තුන ගැලවෙන විදිහ. බොහොම සැපට හිටියා ඒකෙ, ඒක කළහම.