ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. ඉතින් මේක කළේ අර අවබෝධයෙන් ම තමයි, අර අපි කොහොම හරි ඉන්න ඕනෙයි කියන හැඟීම නේ තියෙන්නේ, මිච්ඡා දිට්ඨිය. එතකොට අර සම්මා සතියෙන් පෙන්නනවා මේක වැරදියි කියන එක. එතකොට අන්න ඒ අවබෝධය ඇතිව තමයි දාහතර නම සිහි කරලා ඒ වැඳ නමස්කාර කළේ.
එහෙම කළහම මට මේ තිබ්බේ අර අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන භාවනාව තියෙනවා නේ, අන්න ඒ භාවනාව. ඒ භාවනාව මම කළා. දැන් ඊයේ භාවනාවේ දී අපි බැලුව නේ අර ගැටයන් කියන ඒවා ගලවන ඒවා. සංස්කාරය තියන එක, ඊට පස්සේ අර සඤ්ඤාවන් නිසා තමන් පවතිනවා කියන අත්තා කතාවත් එක්ක තියෙන්නා වූ ගැටේ. ඔය විදිහට ගැට තුන ම ගලවලා පවතින ස්වභාවය.
ඉතින් ඒක මතක ඇතිව, මෙන්න මේ ආපහු මේ අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන ඒ භාවනාව කරගෙන ගියොතින්, ඒකෙ අපි දකිනවා නේ අර පියෙහි විප්පයොගය තුළ මිච්ඡා දිට්ඨිය තියෙනවා කියලා බැලුවා නේ. ඊට පස්සේ අපි ද්වේෂ අගතියේ ඉඳන් අභිජ්ඣා කියන එකට ඒකේ parallel ධර්මය කියන එක අපි බැලුවා නේ ද. ඉතින් එතෙන්දි දැන් ඉතින් අපිට මේ සම්මා දිට්ඨිය කියන එක තියෙනවා නම් ඒකෙන් ඉතින් සම්මා සංකප්පය කියන එක ඇති වෙනවා අර බුදුපියා වාසය කරන ප්‍රදේශවල සම්මා සංකප්පය පැතිරෙනවා ය කියලා. ඒකෙන් ගත්තා අපි, අලෝභ, අදෝස අමෝහ, සම්මා සංකප්පයෙන්.
එතකොට ඒ අමෝහ කියන කතාවට ආවහම අපි දන්නවා ඒ සංස්කාරයන් කියන ඒවා අපි එපා කියනවා. ඒ කියන්නේ අර මව් කුසට යන අවස්ථාවේ දී වෙන්නා වූ සංස්කාරයන් ඉඳන් ඒවා ඔක්කොම එපායි කියලා කියනවා. අනෙක් අතට ගත්තහම දැන් අර වම් අත පැත්ත අපි දකිනවා, කැඩිලා ඉවරයි. පියෙහි විප්පයොගය වුණායි කියන්නේ ඉතින් කැඩිලා ඉවරයි. ඉතින් එහෙනම් ආපහු ජාතියට යන්න දෙයක් නෑ, අර වත්තේ මහත්තයාගේ කතාව වගේ ඒක සිහි වෙනවා.
ඉතින් ඒකත් එක්ක අපිට එනවා, ඔය කාය සංස්කාරයන්, වචී සංස්කාරයන් එහෙනම් එපා. වත්තේ මහත්තයා කියනවා කිසි කෙනෙක්ව ගෙන්න එපා කියලා, අන්න ඒ වගේ.
එතකොට සංස්කාරයන් එපායි කියලා කිව්වා නම් ඔන්න තමන් එනවා සම්මා වායාම කොටසට. සම්මා වායාම කොටසේදි දැන් අපි තේරුම් ගත්තා නේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව කියන වෙලාවේ දී කිව්වේ, ඒ කියන්නේ රූපයේ best එක ආකාසානඤ්චායතනය, ඉතින් ඒකේ best එක, ඔය විදිහට අපි බලාගෙන ගියා නේ. බලාගෙන ගිහිල්ලා අන්තිමට සංස්කාරයන්ගේ නිරෝධය ම කියන එක තමයි හොඳයි කියන එක කියන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ සංස්කාරයන් කියන එව්වා අපි අයින් කරනකොට, විරියෙන් අයින් කරනකොට අර best කියපු එව්වා ඔක්කොම ටික අපි අයින් කරගෙන යනවා. ඒක කියන්නේ පුදුමාකාර විදිහට ඒක ගැඹුරට තමන් ඒ සංස්කාරයන් ඉතින් ඒකත් එක්ක ම තමන්ට දැනෙනවා ප්‍රීතිය, කායිකව දැනෙන්නා වූ ප්‍රීතිය මුළු ශරීරය ම ඒක බොහොම තදට ඒක ඒ අවබෝධයෙන් කරනකොට එනවා. මේ සම්මා වායාමය, සම්මා වායාමය බොහොම සැරට ඒක පවතිනවා, මේක අයින් කරනවා කියන එක.
එතකොට මේ ටික එහෙම කරගෙන ගියහම එතෙන්දී අපි සම්මා සතියට එනවා, සම්මා වායාමයෙන්. ඒ සම්මා සතියෙදි අපි දන්නවා 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය, 3 ජාතියේ ඉඳන් ජරාවට. එතන නිත්‍ය කතාව අපි ඉවත් වෙලා line 6 කියන එක එහෙම යනවායි කියලා අපි බැලුවා නේ. එහෙම බැලුවයින් පස්සේ අපි දන්නවා අර පියෙහි විප්පයොග ජාති, සල්ලය හරහා නාමරූප දක්වා ඒ යන්නා වූ දේවල් එහෙම නම් අපේ සිද්ධ වෙන්නේ නෑ, ඒ කියන්නේ මැරුණා නම් මැරුණා විතරයි. එතකොට මෙතන සම්මා සතිය මගින් පෙන්නනවා නේ මේක හදන්න බැහැයි කියන එක ආපහු. පුනපුනා මිය යනවායි කියලා. ඉතින් අධික වූ සතියක් මෙතන පවතිනවා. මේ සම්මා සතිය. මේ සම්මා සතියෙදි, මහාකප්ප ගණන් ඒ අතීත භවයන් මෙනෙහි කරන්න පුළුවන්. මං එහෙම කළා මේකෙදි. එතකොට, ඒ තරම් ගැඹුරට යනවා ඒක.
එතකොට මේ විදිහට ඉතින් සම්මා සතියේ ඉඳන් අපි දන්නවා ඒ පාර අර සඤ්ඤා, අත්ත සඤ්ඤාවත් ඒක අයින් කරලා, ඊට පස්සේ අර සම්මා ඥානය වෙලා, සම්මා විමුක්තියට තමයි යන්නේ. එතකොට මේකේ මම වැඩියෙන් ම හිටියේ සම්මා වායාමයෙයි සම්මා සතිය කියන එකයි. අර “උප්පන්නානං කුසලානං ධම්මානං” ඒ ටික තියෙනවා නේ, ඒක ඒ විදිහට ම මෙනෙහි කරලා බලන්න ඕනේ, දැන් මේ කියනවා නේ best එක කියන්නේ මේවා නැතිකම කියන එක නේ, උපන් කුසල් ධර්ම, නිර්වාණයට ම තමයි ඒක යන්නේ. බොහොම ලස්සනට තියෙනවා ඒක. ඒක තමයි භාවනාව.
භාවනාවේ දී තව තේරුම් ගත්ත එකක් තමයි අර, අපි දැන් සංස්කාරයන් කියන ඒවා අයින් කරාට පස්සේ, දැන් අපි දන්නවා නේ අර හත් වෙනි ධ්‍යානයේ සඤ්ඤාව අල්ලාගෙන එතන ඉන්නා වූ ඒ කතාව. එතකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් අර සියුම්ව රූපය ස්පර්ශ කරමින් ඉන්නවා කිව්ව නේ. එතකොට දැන් මුලින් සංස්කාරයන් අයින් කළා, දැන් ඒ පාර අත්තා කතාව එනකොට රූප, වේදනා, සඤ්ඤා දක්වා කොටස් ටික තමයි එයා අස් කරගෙන යන්නේ. අන්න ඒකත් මට හොඳට වැටහුණා ඒ වේලාවේ දී.