ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.
මම එතන හුඟාක් ම ගැඹුරට බැලුවා ඒ මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියන එක. මොකද අපි ඊයේ භාවනාවෙදි එහෙම තේරුම් ගත්ත නේ, මේක මේ, කොහොම හරි මේ ගැටත් ගැහිලා, මේක අපි කොහොම හරි මේ පවත්වාගෙන ඉන්නවා, කියන එක නේ තියෙන්නේ. එතකොට, මේක පවත්වන්න බැහැයි කියන එක, ඒක අපි තේරුම් ගන්න ඕනෑ. කිසිම ආකාරයකින්, මේ රූපය නිසාවත්, වේදනාව, එහෙම නැත්නම්, අට වෙනි ධ්‍යානය best එක තියෙන්නේ, best එක අල්ලගෙනවත් මේක පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අන්න ඒක බොහොම තදින් මට තේරුණා.
එතකොට එහෙම නම් මට එතනදි ආවා, මෙතනදි එහෙම නම් මේක නේ මේ “විවේකදස්සී ඵස්සෙසූ” කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔන්න ඔය point එකට ආවා. මේ ස්පර්ශයේ විවේකය. ආන්න එතනදි තමයි වැටහීම කියන එක බොහොම තදට තමන්ට ඇති වෙන්නේ. එහෙම නම් ඉතින් ස්පර්ශයේ විවේකයත් එක්ක ම කෙළින් ම මට සම්බන්ධ වුණේ අර, කරන්න බැරි දෙයක් නේ මේ ස්පර්ශ කරමින් ඉන්නවා නම්, මේ මනුස්සයා කරන්න හදන්නේ. You can’t do that, කියන එක එනවා. එතකොට, ඒකේ අර පටිපදාව තුළ දී අපි පෙන්නුවා නේ, මතක ද අර පෙන්නනවා නේ, මේක සකස් කරමින් ඉන්න බෑ, පළවෙනි අර හතර වෙනි ධ්‍යානයට යනකම් යන්න පුළුවන් කියලා කිව්වෙ. කරන්න බැරි වැඩක් තමයි මේ කරන්න හදන්නේ කියන එක නේ ද? ඉතින් මේකත් එක්ක කෙළීන් ම මට සම්බන්ධ වුණා.
දැන් බලන්න, අපි ඊයේ භාවනාවෙදි, විරිය ඉද්ධිපාදය කියන එක අපි කතා කළා. ඒ විරිය ඉද්ධිපාදය කතා කරනකොට අර, පල්ලෙහා කෑල්ල ඔක්කොම අයින් කරගෙන ගියා. ඒ කියන්නේ අර ග්‍රන්ථ කතාව. ග්‍රන්ථ කතාව බැලුවහම, එහෙනම්, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙදි උඩ කෑල්ලට එන්නේ. අර අරූප ධ්‍යානයන් සහගතව, අරූප සමාපත්තිය. අන්න එතෙන්ට නේ මේ වදින්නේ දැන්. එතකොට දැන් මේ පල්ලෙහා ඉඳන් උඩට මේක, ගලෝගෙන ගලෝගෙන එනවා ඒ පටිපදාවේ පහළ ඉඳන්. එතකොට මෙතෙන්දි මට කල්පනා වුණා, මේ ප්‍රඥාවෙන් මේක හඳුන්වා දෙනවා. ඒක පවත්වන්න පුළුවන් කියන එක බැහැයි කියන එක ප්‍රඥාවෙන් හඳුන්වා දෙනවා, විරියෙන් පහ කරනවා, සතියෙන් පවත්වනවා. ඉතින් රහතන් වහන්සේ “සාදු” යි කියලා කිව්වා, ඒ වෙලාවෙදි.
එතකොට, මට මේ වෙලාවෙදි කල්පනා වුණා, අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දීපු, ඉතින් මම අර බුදුපියවරුන්ට ඔක්කොම ඔය විදිහට නමස්කාර කළා. ඒ දාහතර නමට නමස්කාර කළාට පස්සේ, පෙන්වා දීපු අර, ආයතන භාවනාව 2 තියෙන්නේ, ඒකෙ මතක නේ, අර සම්මා දිට්ඨියෙන්, ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව. මේක ගලෝගෙන යන්න ඕනෙ, අරකෙ අභිජ්ඣාව නේ මේක අයින් කරන්න කියලා තියෙන්නේ. දැන් බලන්න අපි මේ දක්වා මේ ග්‍රන්ථයන් බලාගෙන ආවා. ග්‍රන්ථයන්ගෙන් අපි, වටේට ම ගලෝගෙන ඇවිල්ලා තියෙනවා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පරාමාස, ඔය පැත්තෙන් අපි ඇවිල්ලා තියෙනවා, දැන් අභිජ්ඣා කාය ග්‍රන්ථය නේ touch කළේ නැත්තේ. එතකොට මට හැඟීම තිබුණා ඕක තමයි touch වෙන්න ඕනෙ කියන එක.
ඉතින් දැන් එහෙනම් අපිට පේනවා දැන්, ඒ මණ්ඩලාධිපති බුදු පියාගේ මේකත් එක්ක ම, අර ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්න ඕනෙ කියන එක. අර රහතන් වහන්සේලා හත් නම ප්‍රකාශ කරපු ගාථාව මතක් වුණා.
අර, “ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසින් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. මේක සඳහා ඇස ඕනෑ කියනවා, භව ආශ්‍රවය. දැන් භව ආශ්‍රවය කියන එකත් එක්ක මෙතන සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නැත්නම් මොකද වෙන්නේ? අපිට අභිජ්ඣා, ස්පර්ශ, ඊට පස්සේ, දෝෂ අගතිය කියන එක, ඒක triangle එකක් වාගෙ පේනව නේ, ඒ කෑල්ල වැඩ කරනවා. අභිජ්ඣාව කියන එක, ඒ කෙළවරවලින් තියෙනවා, ස්පර්ශය, ස්පර්ශ ආහාර පාර, උඩ කෙළවරයි, යට කෙළවරයි, දැන් ඒක නිකම් triangle එක වගේ තියෙනවා. එතකොට අභිජ්ඣා කියන්නේ මොකක් ද?
අභිජ්ඣා කිව්වහම, ඉතින් අපිට පේනවා, අභිජ්ඣාව තියෙනවා නම් කාමච්ඡන්දය ඇති වෙනවා, නන්දිය ඇති වෙනවා එක පැත්තකින්. අනෙක් පැත්තට වෙනවා, මගේ වේවා, කියලා කියනවා. ආයිත් කියනවා අභිජ්ඣාව කියන්නේ, “මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා පැවතීමයි” කියන එක.
දැන් මට එනවා අර, අපේ තිබුණා නේ සම්මා ඥානය. සම්මා ඥානය මගින් කියනවා අර අත්තා. අත්ත සඤ්ඤාව ඉවත් කරලා තියෙනවා. අර ඊයේ භාවනාවෙදි අපි දන්නවා, අත්ත සඤ්ඤාව ඉවත් කළා. අත්ත සඤ්ඤාව ඉවත් කළහම අර, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා පැවතීම කියන, මගේ වේවා, කියන කතාව කියන්නෙ නෑ. මොකක් හරි එකක් දැකලා, මගේ වේවා කතාව නැති වෙනවා.
ආන්න ඒ අවස්ථාවෙදි, අන්න තමන්ට පේනවා අර, පළවෙනි 4 සලකුණ. ඒ මොකද දැන් මේ පළවෙනි 4 සලකුණ මතක ද? ඉන්ද්‍රිය අසංවරය එක කෙළවරක්, උඩ තියෙන්නේ ඊර්ෂ්‍යාව, පල්ලෙහා ද්වේෂය. ඊළඟට තියෙනවා අපේ රෝගීභාවය කියන එක. එතකොට ඕක නැති වෙන්න නම් මොකක් ද වෙන්න ඕනෙ? ඉද්ධිපාද හතර.
එතකොට අර, ඡන්දය ඉද්ධිපාදයෙන් ඉන්ද්‍රිය අසංවරය කියන කතාව. ඊළඟට විමංසා ඉද්ධිපාදයෙන් තමයි උඩ ඊර්ෂ්‍යාවේ කතාව යන්නේ, ඊළඟට අර විරියෙන් තමයි මේ රෝගීභාවය sickness එක කියන එක නැති වෙන්නේ. චිත්ත ඉද්ධිපාදයෙන් මෙතන මේකට එනවා.
ඉතින් මෙතෙන්දි, මට හොඳ ලස්සනට වැටහුණා, දැන් අර රහතන් වහන්සේ ඇඳලා තියෙනවා නේ, ඉද්ධි diagram එකේ මතක ද? විමංසා ඉද්ධිපාදය කියන එකෙන් ඇවිල්ලා, ඒකෙන් තමයි විරියට එන්නේ. විමංසාවෙන් කියනවා, මේ සම්මා ඥානයට එනකන් ඇවිල්ලා නේ, විමංසා ඉද්ධිපාදයෙන් ඒ සම්මා ඥානයට වෙනකම් ඇවිල්ලා, දැන් කියනවා විරියට, ඒ රූපය කියන එක අයින් කරන්න කියලා. අන්න ඒකෙන් නේ ඡන්දය සමාධියට එතන යන්නේ, ඉද්ධි diagram එකේ. ඒකත් හොඳ ලස්සනට පැහැදිලි වෙනවා. ඒ කොයි තරම් උඩ තියෙන්නා වූ විමංසාවක් ද මේ කතා කරන්නේ කියන එක.
ඉතින් මේ භාවනාවේ නම තමයි. හතර ඉද්ධිපාද. ඒක තමයි භාවනාව.