Date: 02/04/2015 Name: vimamsasamadhippadhanasankhara samannagata iddhipada

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. ඒ බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, සම්මා දිට්ඨිය පැතිරෙනවා. මේ පැවතීම කළ නොහැකි, යන සතිය මගින් ඇති වන ප්‍රඥාවෙන් යුතුව ම යි මේක පැවසුවේ. අප ජීවත් වෙලා ඉන්නවා කියන එක, පැවතීම කියන එක කළ නොහැකියි කියන සතිය. ඒකෙදිම සමාධිය ඇති වුණා. උග්‍ර වුණා. මේ විදිහට බුදුපියවරු දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ලෝභය නැති කරමි. කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ඒ පදුට්ඨමනසඞ්කප්පය තුළ, මෙම ජරාව, ද්වේෂ මඟ ජීවත් වෙමි යන අදහස ගැබ් වෙලා තියෙනවා. ඊයේ භාවනාව සිහි වුණා. අර පළවෙනි 4 සලකුණ. යම් විමංසාවක් වෙත් ද, ඒ මගින් රූපය ඉවත් කරන්න යැයි පැවසීම කියන එක මෙනෙහි කළා. ඉතින් එතන අභිජ්ඣා නොවීම දක්වා, එතන ඒ මණ්ඩලාධිපති බුදුපියා පැවසූ ඒ ධර්මයත් එක්ක මනස යොමු වුණා.

එතෙන්දි, ඒ දෙවෙනි 4 සලකුණකුත් තියෙනවා. ඒ දෙවෙනි 4 සලකුණේදි, අපිට පේනවා ඒක, වේදනා, පරාමාස, ඉදංසච්ච, අනිත් පැත්තට උඩින් එනවා චේතනා, පරාමාස, භය අගති කියලා cross එක සම්බන්ධ වෙනවා. ඉතින් වේදනාවේ සිට චේතනාවට ඉරක් ඇන්දොතින්, 4 සලකුණ කියන එක ඇති වෙනවා. දැන් ඒකෙදිත්, මේ විමංසාව කියන එක, චේතනාව කියන තැන තමයි ලකුණු වෙන්නේ. විරිය කියන එක ඉදංසච්චය කියන තැනට එන්නේ. එතකොට ඡන්දය කියන එක, වේදනාව තියෙන තැනට. භය අගතිය කියන එක, චිත්ත සමාධියෙන් තමයි, ඒක නැති වෙන්නේ. එතකොට අර මෙතන තිබෙන්නා වූ විමංසාව මගින් චේතනාව කියන එක ගලවා දමනවා. එහෙම නම් අර පළවෙනි 4 සලකුණ විමංසාව තීව්‍ර වන අවස්ථාවෙදි, දෙවෙනි 4 සලකුණ විමංසාව විමසිය යුතුයි. කෙසේ ද?

මෙහි දී සංස්කාර අත්තා සහ සඤ්ඤා අත්තා ගලවා දමා ඇත. දැන් ඔබ රූපය ඉවත් කරන්නයි කියලා පවසනවා. උදාහරණයකට ගත්තොත්, අපි නෙල්ලි මිරිකලා, එයින් ඉස්ම අරගෙන භාවිතා කර, ජීවත් වන්නා වූ පුද්ගලයා, නෙල්ලි factory යේ, නෙල්ලි ගේන මනුස්සයාට පවසනවා. අපි machines ටික ඔක්කොම සුද්ද කළා, රොඩුත් අරන් දැම්මා, නෙල්ලි ඉස්මවලින්, ඒ කියන්නේ අරූප ධ්‍යානවලින් ජීවත් වීම එපා. මීට පස්සේ නෙල්ලි එපා, කියනවා වගේ.

මෙහි දී අපිට පේනවා මේ රූප, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ කියන හතර. එතනට මනස යොමු කරලා බැලුවොත් අපිට පේනවා, සංස්කාරය නිසා විඤ්ඤාණයත්, සඤ්ඤාවෙන් චේතනාව වෙලා ඇති වෙන්නා වූ ඒ අත්තා සඤ්ඤාවත්, ඒ නිසා වන චේතනාවත් ගලවා දමලා තියෙනවා. ඉතිරි වෙලා තියෙන්නේ රූපය පමණයි. විමංසා ඉද්ධිපාදය ප්‍රධාන කරගෙන, මෙසේ සිටින බව මම දැනගත්තා. ඒක දැනගැනීමෙන් ප්‍රීතිය ගලන්න පටන් ගත්තා. “විමංසා ඉද්ධිපාද සමන්නාගත ප්‍රධාන විරිය” මේක තමයි කියලා මට වැටහුණා.

එසේ ඉහළ ම ප්‍රඥාවකින්, ටික වෙලාවක් කිසිවක් මෙනෙහි නොකර සිටියා. ඉන් අනතුරුව, ඥාන පථය කොතරම් නිවැරදි ද කියලා මට වැටහුණා. අපි දන්නවා ඥාන පථය මුලින්, අර රූපය, ඊළඟට විරිය භාවිතා කරනවා. ඒ විරියෙන් අපි එනවා ඡන්දය කියන එකට. එහෙම නම් අපිට පේනවා, පළවෙනි පටිපදාව, ඥාන පථයේ, පසුව, ප්‍රඥාව ඇති වීමෙන්, අර නෙල්ලි factory එකේ machines සුද්ද කරලා, රොඩු ඉවත් කරලා, ඒ කියන්නේ, රොඩු කියලා කියන්නේ රූප ධ්‍යාන. නෙල්ලි ඉස්මවලින්, ඒ කියන්නේ අරූප ධ්‍යානවලින් ජීවත් වීම එපා, යන තත්වයට මනස පත් වීම නිසා, අර චේතනාව ඉවත් කිරීම කියන එක වැටහුණා.

ඒක තමයි මං කරපු භාවනාව.