Date: 03/04/2015 Name: චිත්ත සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත ඉද්ධිපාද

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාරය වේවා. ඒ උතුම් බුදුපියවරුන්ට පූජාව පැවැත්වුවට පස්සේ.

ඒ මට මුලින් ම කිව්වා 28/02/2015 කරපු භාවනාවක් තියෙනවා, අන්න ඒ භාවනාව බලන්නයි කියලා. ඒ භාවනාවේ තියෙන්නේ අර කබලිංකාර ආහාරය ඒ කියන්නේ සතිය පළවෙනි එක, 2 අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක, 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක.

එතකොට ජරා වෙනවා නම් අපි දන්නවා මරණය සිදු වෙනවා. එතකොට මරණය සිදු වෙනවා නම්, අර ප්‍රඥාවන්තයාට පේනවා අර B කියන point එක හදන්න බෑ කියලා, bell shaped curve එකේ B කියන point එක හදන්න බැහැයි කියලා. එතකොට එහෙම නම් අපිට පේනවා, ඒ B කතාව නැති වෙනකොට, අර A වල ස්ථාවරය කියන එක නැති වෙනවා කියලා. A වල ස්ථාවරය කියලා කිව්වහම, අර අවිද්‍යා ආශ්‍රවය තමයි A වල ස්ථාවරය කියලා කියන්නේ. එතකොට අවිද්‍යා ආශ්‍රවය කියන එකට පහර වදිනවා.

ඒකෙන් අපිට පේනවා මේ සතිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය මගින් තමයි ඒක කරන්නේ. සතියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් සතිය. දෙපැත්තට යනවා. සම්පජානකාරීත්වය මගින්, හදලා වැඩක් නෑ, කියන එක තියෙනවා. එතකොට ඒක ඒ විදිහට අයින් කළහම අපිට stability එකක් නැහැයි කියලා ඇති වෙනවා. ඒක ඇති වෙලා, පල්ලෙහායින් අර සමාධිය කියන එක අපිට ඇති වෙනවා. අර star එකේ පල්ලෙහා තියෙන්නේ, ඒ සමාධිය කියන එක ඇති වෙනවා. මෙහෙම ඉන්න පුළුවන් හැකියාව ඇති කරනවා කියලා, ඒ භාවනාවේ දී ඉගෙනගෙන තියෙනවා.

ඉතින් අද භාවනාවේ දී මම කළේ, අර ඊයේ භාවනාවේ දී අපි බැලුවා නේ විමංසා ඉද්ධිපාදය කියන එක. එතකොට අද භාවනාවේ දී, මේ චිත්ත ඉද්ධිපාදය කියන එක තමයි ඒකත් එක්ක සම්බන්ධ කරලා බැලුවේ. එතකොට ඒ චිත්ත ඉද්ධිපාදයේ දැන් බලන්න, අපිට පේනවා ජරා වෙනවා නම්, මේක පවත්වන්න බැහැයි කියලා අපි ඉගෙන ගත්තා. B කියන point එක හදන්න බෑ. එහෙම නම් දැන් අපි කියනවා, රූපය, ස්පර්ශ වෙලා, වේදනාව. වේදනාවෙන් චේතනාවට. අර B කියන point එක ලියාගන්න, curve එක එතනින් අදින්න. B කියන්නේ චේතනාව තියෙන තැන. මේ පැත්තෙන් අර වේදනාව පැත්තට එන්නා වූ එක, අර bell shaped curve එකේ වම් අත පැත්ත කියන එක. දැන් මේ කෑල්ල වැහෙන අපි එනවා පථයක්. රූප, වේදනා, චේතනා. දැන් B කියන එකෙන් පෙන්නනවා, අවිද්‍යා ආශ්‍රවයට පහර වදිනවා. එහෙම නම් දැන් අවිද්‍යා ආශ්‍රවය කියන එක යනවා. සංස්කාර නිසා මේක කරන්නේ නැහැයි කියන එක.

දැන් එහෙම නම් මෙයාගේ මනස, බොහොම firm වෙලා තියෙනවා. චිත්ත ඉද්ධිපාදයේ දී මෙයා කියනවා, මේ චිත්තය, මම ගන්නේ නැහැ රූපය. කොයි ම ආකාරයකින්වත් ගන්නේ නැහැ. මොකද මම දන්නවා ගත්තොත් මොකද වෙන්නේ, අභිජ්ඣා දෝමනස්ස ඇති වෙනවා. ගන්නේ නැහැ. එයා බොහොම determine කරලා, මනස fix කරලා තියෙන්නේ, ගන්නේ නැහැ කියන එකට.

එතකොට මෙහෙම වෙනකොට මේ කෙළවර දෙකට වැදෙනවා, දැන් මතක ද අර handle දෙක, bicycle රෝදේ handle දෙක වාගෙ. අන්න ඒක නේ ඔතන එන්නේ. මුල රූපයත් එක්ක, මේ පැත්තෙන් අර මෝහය සහිතව කරකවන්නා වූ එකට වදිනවා.

එතකොට මෙතෙන්ට ආවහම, ඔතන තමයි චිත්ත ඉද්ධිපාදයේ ආරම්භය කියන එක. එහෙම නම් පේනවා ඔගොල්ලන්ට අර සබ්බාසව සූත්‍රය කරපු අයට පේනවා, මේක අර එළියෙන් තියන එකෙන් මං කරකවන්නේ නැහැ. කෝට්ට දාල කරකවනවා කියන එක මම කරන්නේ නැහැ. කෝට්ට දාලා කරකවන්නේ නැත්නම් මොකද වෙන්නේ ටිකක් වෙලා යනකොට. අර ඇතුළේ පාත්තරෙත් කැරකෙන්නේ නෑ නේ. මොකද ඇතුළේ පාත්තරේ කැරකුණේ මේ වටේට කරකවන නිසායි. ඒ fuel එක නැත්තම් මේකේ කරකැවීම කියන එක නැහැ, slowly නතර වෙන්නේ. එතකොට මේක මෙහෙම වුණා ම මේක තමයි චිත්ත ඉද්ධිපාදයේ ආරම්භය කියන එක.

එහෙම නම් ඔයගොල්ලන්ට පේනවා, අපි කැරකෙව්වොත් මොකද වෙන්නේ? කැරකෙව්වොතින්, කරකවලා මම අතහැරපු ගමන් ටිකක් වෙලා යනකොට, අර භය අගති, සෝක කතාව, එයා ඉස්සර වෙනව නේ. දැන් මම කරකවන්නේ නැත්නම් ටිකක් වෙලා ගියාට පස්සේ, මම අර දෙපැත්ත අල්ල ගත්තා නම්, කරකවන්නේ නැහැයි කියන එක. මොන ආකාරයකටවත් රූපය ගන්නේ නැහැයි කියන එක. මේක දැන් නතර වේගෙන යනවා. මේක නතර වුණහම දැන් එහෙනම් අරක forward වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ භය අගති, සෝක, කාම ආශ්‍රව කතාව සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මෙතන තමන් ටිකක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ චිත්ත ඉද්ධිපාදය ආරම්භ වෙලා තමන් ඉන්නවා.

ඉඳලා ඉවර වෙලා ඊට පස්සේ දැන් පේනවා, දැන් භය අගති, සෝක කතාව නැත්නම්, සෝකය හරහා තමයි අපි යන්නේ දෝස අගතියට. දෝස අගතිය කියන එකට යන්නෙ එතනින් නේ, පල්ලෙහායින්. එතකොට එහෙම නම් පේනවා දෝස අගති කතාවටත් පහර වදිනවා, එතනින් එන්නේ නැහැ.

ඒ කියන්නේ මුල හරියේදි මෙත්තාව තියෙනවා. මේ රූපය නිසා හානි වෙනවා කියලා ඒ මෙත්තා කතාව පළවෙනි පටිපදාව, මතක ද? දෙවැනි පටිපදාවේ දී චිත්ත ඉද්ධිපාදය. දැන් මෙතෙන්දි තමයි firm වෙලා තියෙන්නේ. අතෙන්දි ආරම්භ වුණා. චිත්ත ඉද්ධිපාදය කියන එක ආරම්භ වුණා. අර දෙපැත්ත අල්ල ගත්තහම. අර B එකෙන් අවිද්‍යා ආශ්‍රව වෙන්නේ නැහැයි කියන point එකට ආවහම චිත්ත ඉද්ධිපාදයේ ආරම්භය.

ඊට පස්සේ, ඔහොම හිටියෝතින් තමන්, දිගට ම ඔහොම හිටියොත්, ඒ කියන්නේ මනස දැන් make-up කරලා තියෙන්නේ. Mind එක make-up කරලා තියෙන්නේ, කිසිම ආකාරයකින් මම කරකවන්නේ නෑ රූපයක් එක්ක. කිසිම එකක් එක්ක මම කරකවන්නේ නැහැ කියලා. දැන් ද්වේෂ අගතිය කියන point එක දක්වා ආවහම, එතෙන්දී තමන් දැන් නතර වෙලා ඉන්නවා, firm වෙලා, තමන්ගේ චිත්ත ඉද්ධිපාදය කියන එකේ. හරි සැපයි එතන ඒ විදිහට ඉන්නකොට. අර වටේට එන්න ඕනේ, අර කිව්ව පථය දිගේ තමයි එන්නේ ඒක.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_handle.jpg


S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-08.jpg


S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-09.jpg