උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට අද භාවනාවට මට ඕනෑකම තිබුණේ අර, ඡන්ද ඉද්ධිපාදය කියන භාවනාව කරන්න. අපි කලින් කළා නේ, විමංසාව. ඊයේ කළා අපි, චිත්ත ඉද්ධිපාදය. අද ඡන්ද ඉද්ධිපාදය එක කරනවා කියලා තමයි, රහතන් වහන්සේ කිව්වා මට ඒක.
එතකොට එතනදි, රහතන් වහන්සේ මට කලින් ම කිව්වා, ඔය 2015 ජනවාරි මාසයේ 16 වෙනිදා, කාම සහ කාම නිරෝධ, කියලා භාවනාවක් කරලා තියෙනවා, “අන්න ඒක බලන්න” කියලා.
ඉතින් ඒකේ පෙන්නලා තියෙන්නේ, ඔය මානය එන හැටි, අපි රවුම් කරකව කරකවා, පළවෙනි වටය, දෙවෙනි වටය, රූපයට අගයන් දිදී මාන වෙනවා කියලා. ඊට පස්සේ අර කුඩා කාලයක් පවතින්නා වූ විඤ්ඤාණයකට තමයි අපි මේ මාන වෙලා තියෙන්නේ. මොකද රවුම් දෙකෙන් මැරෙනවා නේ. 2.4 කිව්වොත් ජාති වෙනවා. 2.2 දි අපි අර පෙර තිබුණා වූ රූපයෙන් අපි ඉවත් වෙලා. නිත්‍ය වශයෙන් ම එතන වෙනස් වෙලා, අලුත් රූපයක් අල්ලාගෙන තියෙනවා. මෙතන්දි, 2.1දිත් වෙනස් වෙනවා නේ. ඉවත් වෙනවා නේ. එතකොට 2.1 දි ඉවත් වූ පදුට්ඨමනසඞ්කප්පය. එතකොට ඒ පදුට්ඨමනසඞ්කප්පයෙන් එන්නේ මොකක් ද? ආස්වාදය, නේ ද? කලින් ඒවා අරගෙන තියෙන්නා වූ ආස්වාදය. එතකොට, ඒ කියන්නේ මේ රූපයට වඩා අර තව රූපයක් තමන් හොඳයි කියලා, ඒකත් එක්ක ඇති වෙලා තිබෙන ආස්වාදය. 2.1 නේ අපි කතා කරන්නේ.
එතකොට දැන් එහෙම නම්, අපි බලන්න ඕනෑ ඡන්ද සමාධිය කිව්වා ම, 4 සලකුණ දෙක. එතකොට පළවෙනියට අපිට පේනවා, පළවෙනි 4 සලකුණ මතකයි නේ ද? එතන තියෙනවා ඉන්ද්රිය අසංවරය, උඩ තියෙනවා ඊර්ෂ්‍යාව, පල්ලෙහා තියෙනවා ද්වේෂය, ඊළඟට තියෙනවා දකුණු අත පැත්තට වෙන්න අර sickness එක කියන එක, ව්‍යාධිය කියන එක. එතකොට, ඡන්දය සමාධියෙන් ඔය ඉන්ද්රිය අසංවරය කතාව නැති කරගන්නවා. එතකොට එතෙන්දි කරන්නේ මොකක් ද?
මතක ද අර, ආයතන 2 භාවනාවෙදි මණ්ඩලාධිපති බුදුපියාණන් පෙන්වා දීපු ධර්මය. සම්මා දිට්ඨියෙන් එතන ප්‍රඥාව ඇති වෙලා, ශ්‍රද්ධාව, හිරිය, ඕතප්පය. ඔය විදිහට විරිය හරහා අපි එනවා ඡන්ද සමාධියට. එතකොට එතන, ඉන්ද්රිය සංවරය කියන එක අපිට ඇති වෙනවා. අභිජ්ඣාවෙන් අර රූපය කියන එක, අපි, 1 වෙනි විරිය භාවිතා කරලා ඉවත් කරනවා.
දැන් ඊළඟට කල්පනා කරන්න, දෙවෙනි 4 සලකුණ. දෙවෙනි 4 සලකුණේ තියෙන්නේ, වේදනාව. ඊළඟට අපි දන්නවා උඩින් තියෙනවා, චේතනාව. පල්ලෙහායින් ගත්තහම භය අගතිය. දකුණු අත පැත්තට ඉදංසච්චය. දැන් මේකෙදි, ඡන්ද සමාධිය ලකුණු වන්නේ, වේදනාව තියෙන තැනට.
දැන් එහෙම නම් මේ වේදනාවට අපි එන්නේ කොහෙන්ද? රූපයේ කතාව අපි අයින් කළා. දැන් එන්නේ අර පදුට්ඨමනසඞ්කප්පය හරහා ඇවිල්ලා, සෝකය. සෝකයෙන් වේදනාව. අර වේදනාව පරාමාස වෙන්නේ, අත්තවාද උපාදානය. මේකෙන් එන එක. එතකොට මෙන්න මේ දෙක අපි තේරුම් ගත්ත ද, මතක ද අපි බැලුවා, අර විරිය මගින් අපි අයින් කළා, සංස්කාර නිසා අත්ත වෙන කතාව. අත්තවාද උපාදානයට යනකොට එහෙම නේ ගැලවෙන්නේ. අහංකාර කතාව සබ්බාසව එකත් එක්ක එහෙම නේ බැලුවේ. ඊට පස්සේ ඒකට උඩින් අර මමංකාරය නිසා ඇති වෙන්නා වූ ඒ අත්තා කතාව දෙවෙනි විරියෙන් මේක ගැලවෙනවා.
එතකොට මෙන්න මේ විදිහට ගැලවුණායින් පස්සේ, දැන් එහෙම නම් අරක ආස්වාදය අරක හරහා එන්නා වූ දෙයක් නෑ. පදුට්ඨමනසඞ්කප්පයෙන් සෝකයට ඇවිල්ලා, සෝකයෙන් වේදනාවට එන කතාව, කියන එක ගැලවෙනවා. එහෙම නම් ඒ කියන්නේ, අඩු වෙලා යනවා, අර 40% පාර කියන එක නැති වෙලා යනවා. මෙතන්දි හිතන්න බෑ. හරි අමාරුයි භාවනාව කරන්න. සම්පූර්ණයෙන් නතර වෙනවා එතනදි.
එතකොට එතන, දැන් එහෙම ඡන්ද සමාධියක් තියෙනකොට, ඒ කියන්නේ, දැන් මුලින් 10% පාර අපි කැපුවා. 50% කැපුවා අර සංස්කාර නිසා අත්තා කියන කතාව නැති වෙනකොට, 50% පාර එතන කැපිලා තියෙනවා. දැන් මේ 40% පාර ගැලවිලා තියෙන්නේ. එතකොට අර නිවනට ම වෙන් වුණා වූ, ඒ ඡන්දයෙන් තමන්ට ඉන්න පුළුවන්කම කියන එක එතන තියෙනවා, ඒ ඡන්ද සමාධිය. ඒක තමයි මේක අර, ඡන්ද සමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය කියන එක, ඒක තියෙන්නේ. ඒක තමයි ඉතින් මම කළ භාවනාව. ඉතින් details ඔයිට වඩා තව ඇතුළේ තියෙනවා.