ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. ඉතින් ඒක ගැඹුරු අර්ථයෙන් ම තමයි මම එහෙම වැඳ නමස්කාර කළේ. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියේ තියෙන්නේ, ඉන්න ඕනේ, කියන එක නේ. ඒක නැතුව තමයි මේක කළේ. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉතින් අද, විරිය ඉද්ධිපාද භාවනාවයි කරන්න තියෙන්නේ. ඒ විරිය ඉද්ධිපාද භාවනාව, ඕගොල්ලෝ දන්නවා, අර, 4 සලකුණේ, අපි දන්නව නේ කෙළවරවල් දෙක නේ ද? දැන් අපි දන්නවා, 4 සලකුණ බැලුවොතින්, එක් පැත්තෙකින් ඉන්ද්‍රිය අසංවරය, උඩ ගත්තහම තියෙන්නේ ඊර්ෂ්‍යාව, පල්ලෙහායින් ද්වේෂය, ඊට පස්සේ අනික් පැත්තෙන් ගත්තහම, අර මිද්ධ සහගත තියෙන, රෝගී ස්වභාවය කියන එක, දැන් ඕක තමයි නැති කරන්නේ විරිය ඉද්ධිපාදයෙන් නේ ද? අර රෝගී සඤ්ඤාව කියන එක. ඊළඟට, ආපහු අපි දන්නවා දෙවෙනි 4 සලකුණේ ගත්තහම, ඉදංසච්චය තමයි එතෙන්ට එන්නේ. විරිය ඉද්ධිපාදයෙන් එතන නැති කරන්නේ.
ඉතින් ඕක භාවනා කරන්න ඉස්සෙල්ලා රහතන් වහන්සේ කිව්වා, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, කියලා භාවනාවක් කරලා තියෙනවා නේ, 24 වෙනිදා, 2015 මාර්තු මාසේ, “අන්න ඒක බලන්න” යි කියලා.
එතකොට, මේකේ ලස්සන වැඩේ කියන්නේ, අර, එහෙම එකක් කළහම තමයි, මේක තේරෙන්නේ. ඉතින් ඒකේ පෙන්නන්නේ, ඒ භාවනාවට ඇවිල්ලා තියෙන්නේ, ඔය සප්ත විසුද්ධි 2 භාවනාවත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙ තුළ තියෙන්නේ මොකක් ද, දැන් මනුස්සයෝ කියන්නේ, ආ මේ හරි හොඳයි එන්න අපි මේ කෑම ටික කාලා ඉම්මු, අපි මේ සිංදුව අහලා ඉම්මු, එහෙම. එතකොට රහතන් වහන්සේලා, පස්සෙන් පස්සට යනවා. ඒ කියන්නේ කැලෑවට, කැලෑවට යනවා මේවායින් අයින් වෙලා. ඒ කියන්නේ මේ පවතිනවා කියන කතාව එපා. ඔන්න ඕක හොඳ ගැඹුරු අර්ථයක් ඔය. පවතිනවා කියන කතාව එපා. මිච්ඡා දිට්ඨිය කියන්නේ, මට ඉන්න ඕනි. බෙහෙත් ටික බීලා හරි, කොහොම හරි, මම ඉන්න ඕනෑ කියන කතාවයි අපිට තියෙන්නේ. එතකොට, දැන් සම්මා දිට්ඨිය පැතිරෙනවා නම් ඔය කතාවක් නෑ. ඉවත් වෙනවායි කියන එකයි එතන තියෙන්නේ බැලුවා ම නේ ද? කැලෑවට යනවා කියලා කියන්නේ, ඉවත් වෙනවා, මේවාත් එක්ක ඉන්නේ නෑයි කියන එක.
ඉතින්, අපි ඒ භාවනාවෙදි ඉගෙන ගත්තා ඉතින්, සම්මා දිට්ඨිය පැතිරෙනවා නම්, සම්මා සංකප්පය කියන එක පැතිරෙනවා. සම්මා සංකප්පය නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. එතකොට ඒ අවිහිංසා පාරේ, අපි දන්නවා, ඒ කියන්නේ, අපි අමෝහ පාරෙ නේ යන්නේ. ඉතින් ඒ මෝහ පාරේ අපි සංස්කාරයන් ඉවත් කරනවා කියලා ඒක තියෙනවා. එතකොට, එහෙම කළා ම, දැන් අපි, අපි මෙතන කල්පනා කරන්නේ, ඔය පියෙහි විප්පයොගය නිසා අපිට ජාතිය කියන එක ඇති වෙනවා. ඒ භාවනාවේ පෙන්වලා දීලා තියෙනවා, පියෙහි විප්පයොගයෙන් ජාතිය.
ඉතින් ඕගොල්ලන්ට මතකයි, ක්‍රම දෙකකට දැන්. ඒ කියන්නේ, පියෙහි විප්පයොගයට එන්නේ නිකම් නෙමෙයි නේ, සෝකය හරහා නේ. සෝකය, පියෙහි විප්පයොගය, ජාතිය. ආයිත් බලන්න, භය අගතිය, සෝකය, කාම ආශ්‍රව නේ ද? එක ම පැත්තට යන රැලි දෙකක් ඔය තියෙන්නේ.
එතකොට, දැන් අපි දන්නවා ඕකේ, අර සංස්කාරයන්, මේ පුද්ගලයා එපා කියලා කියනවා. වත්තේ මහත්තයාගෙ කතාව මතකයි නේ. වත්තේ මහත්මයා කියනවා, මේ මනුස්සයෝ කලින් ගෙනල්ලා මේක පවතිනවා කියලා හදලා දුන්නා. මේක කැඩිලා ගියා. ආයි නම් ඕක ගෙනෙන්න එපා. මේක හදන්න එපා. වඩු බාස්ව ගේන්න එපා. මේ එක්කෙනෙක්වත් ගේන්න එපා කියලා කියනවා නේ ද? ඉතින් ඒ කතාවෙදි තමයි අපි අර ආවේ, අර සංස්කාරයන් එපායි කියලා කිව්වා ම, බොජ්ඣඞ්ගයට ඇවිල්ලා, අර 1, 2, 3, ජාතියේ ඉඳන් ජරාව, ඒ නිත්‍ය කතාව, ඒකත් එක්ක අර අපි බලලා තියෙනවා, අර line 6 එක වෙන්නේ නැහැයි කියන එක. ඉතින් ඔය කතාවෙදිම අපි ඉගෙන ගත්තා, අපි මේක සිද්ධ වුණේ නැත්නම් මොකද වෙන්නේ? පියෙහි විප්පයොගය, ජාතිය, සල්ලය හරහා ගිහිල්ලා අපි, රූපය ස්පර්ශ කරලා නාමරූපයන් එහෙම, ඒක වෙනවා කියන එක.
අනිත් අතට, අපි අත්තවාද උපාදාන කතාවටත් එතනින් ආවා. එතන දී අපි කිව්වා, ඒ අත්තවාද උපාදානය, මේ පරාමාසයේ ඉඳන් එන දේවල් තමයි තියෙන්නේ. ඊට පස්සේ එතන දී බැලුවා අර, ථීනමිද්ධ, පරාමාස, 1-3 මෝහ, ඒ line එක නේ. එතකොට ඒ තයොධම්ම සූත්‍රයේ. එතකොට පරාමාසයේ තියෙන්නේ අර, ජරා වෙච්ච රෝගී සඤ්ඤාව තමයි කියලා. එතකොට, ඔන්න ඕක ඇතුව තමයි අපි මේ විරිය ඉද්ධිපාද කතාව මේ කරන්නේ. මතක තියාගන්න, විරිය ඉද්ධිපාද කතාවක් නෑ විමංසාවක් නැත්නම්. මෙතන මේ විමංසාව නේ මෙතන තියෙන්නේ. ඒක නැතිව විරියක් ඇති වෙන්නේ නැහැ නේ.
එතකොට දැන්, ඕගොල්ලන්ට පේන්න ඕනේ, එහෙම නම් අර, අපි මේක කලිනුත් අපි බලලා තියෙනවා. රූපයත් එක්ක ගත්තහම පාරවල් තුනක් තියෙනවා නේ. පල්ලෙහාට යන පාර. ආපහු, ස්පර්ශ වෙලා වේදනාව පැත්තට යන පාර, දෙකයි. තුන් වෙනි පාර, රූපයේ ඉඳන්, කෙළින් ම සඤ්ඤා චේතනා කියලා එන එක නේ ද?
දැන්, බලන්න, පල්ලෙහායින් එන පාර. පියෙහි විප්පයොගයෙන් ජාතියට ඇවිල්ලා, ආවොතින් මොකද වෙන්නේ? රාග සල්ලය ඇති වෙලා අපි ආපහු උඩට ගිහිල්ලා, රූපය ස්පර්ශ කරනවා. එහෙම නම් අපි ඒක නොවෙන්න ඕනෙ. එතකොට අන්න ඒ පාර තමයි අපි මුලින් කපන්නේ, ඔය 10% පාරයි කියලා කියන්නේ. මේ පැත්තෙන් ආවා නම් තමයි ඔය කතාව සිද්ධ වෙන්නේ, උඩට යනවා කියන එක. එතකොට ඒක අයින් වෙන්න ඕනෑ. එහෙම නම් 1 වෙනි විරිය, එතන රූපය මගේ නොවන්න කිව්වහම, අන්න ඒ විරිය එතන ගන්න.
ඊළඟට, එන්නේ අපි, 50% පාරට. 50% පාර කිව්වට වරදවා ගන්න එපා. මේක උඩින් නේ එන්නේ. කොහොම ද එන්නේ? රූපය ස්පර්ශ වුණා නම්, උඩින් ආවා නම්, සඤ්ඤා, චේතනා, එතනින් ගන්න කෙළින් ම ඉදංසච්චයට එන එක. සඤ්ඤා, චේතනා, ඉදංසච්ච.
එතකොට එහෙම නම්, අන්න ඉදංසච්චයේ තිබෙන්නා වූ ඒ විරිය කතාව, එතන අපි භාවිතා කරනවා, මොකට ද? දැන් අර චේතනාවේ ඉඳන් එන්නා වූ එක, ඉදංසච්චයට එන එක වළක්වන්න. ඒ කියන්නේ මොනවද? කලින් එකවරක් හරි ගත්තා වූ සංස්කාර. වත්තේ මහත්තයා කලින් ගෙන්නුවා නේ වඩු බාස් උන්නැහේ. කලින් ගෙන්නුවා නේ ඉංජිනේරුවාව. අර උඩ සංස්කාර කොටුවේ තියෙන්නේ. අන්න ඒ cross එකේ, ඒ සංස්කාර. අන්න ඒක, ගන්න නැති වෙන්න තමයි, මේ විරිය. මගේ නොවෙන්න. එතකොට ඒක තමයි 2 වෙනි විරිය. මේක අර අපි බලපු, මතක ද? සබ්බාසව එකේ බලපු එක. ඒකත් එක්ක පටලවන්න එපා. මොකද මේකෙ එන්නේ වෙන විදිහකට. දැන් එතකොට අපි ආවා ඔන්න, ඉදංසච්චයට එන්න දෙන්නේ නෑ කියන එක. ඕක කැපුණා කියන්නේ, අර 50% පාර කැපෙනවා හා සමානයි, ඕක බැලුවා ම.
දැන් ඊට පස්සේ තියෙන්නේ මොකක් ද? දැන් තියෙන්නේ, අර පරාමාසය ඇතුළේ ඉඳන් එන්නා වූ එක විතරයි. අර ඉස්සෙල්ලා භාවනාව මතක තියෙනවා නම්, අර ඒකෙන් එන ආස්වාදය තමයි මේකෙ තියෙන්නේ. එතකොට දැන් එහෙනම් ඒක අයින් කරගන්න ඕනෑ. ඉතින් මේකට ආවේ මොකක් ද? ථීනමිද්ධ, 3-3, 2-3 කතාව නේ, අවිද්‍යා ආශ්‍රවයට යන එක නේ. එතකොට එහෙම නම් මෙතන අපි අයින් කරලා දානවා, ඔන්න ඔය කතාවට එන්න දෙන්නේ නෑ, මේ රෝගී සඤ්ඤාව වෙන්න දෙන්නේ නෑ කියලා. එහෙම නම් අර 4 සලකුණු දෙකේ කෙළවරවල් දෙක ම අපි අයින් කරලා ඉවරයි, මේ රෝගී සඤ්ඤාව ගන්නේ නෑ කියන එක.
දැන් ඔතෙන්දි ඔය තත්වයට පත් වෙනකොට තමන්ට තේරෙනවා, මේ ඉන්ද්‍රියන් හොඳට ඔක්කොම තමන්ගේ පවතිනවා කියලා. දැන් ඔහොම ටිකක් වෙලා ඉන්න.
ඔය ටිකක් වෙලා එහෙම හිටියහම, තමන්ට පේනවා, දැන් අපි ඇවිල්ලා තියෙනවා නේ, සම්මා වායාමයට නේ මේ ඇවිල්ලා තියෙන්නේ නේ ද? ඒ සම්මා වායාමයට ආවා ම, පියෙහි විප්පයොගයේ ඉඳන් ජාතියට යන කතාව තියෙනවා නේ. අන්න ඒක නැති කරනවා. ඒ කියන්නේ සම්මා වායාමය මගින්, සම්මා සංකප්පයට, උදව් උපකාර කරනවා. ඒක තමයි හරි ලස්සන point එක. සම්මා සතියෙන්, සම්මා දිට්ඨියට උදව් කළා වාගෙ, සම්මා වායාමය මගින්, මොකක් ද තියෙන්නේ, නෙක්ඛම්මය, අව්‍යාපාද, අවිහිංසා. කාම විතක්ක එපා. අනුප්පන්නානං කතාව කියන්නේ. අනුප්පන්නානං කියලා කියන්නේ, දැන් මම මැරිලා. එහෙම නම්, දැන් මෙන්න මේ line එක අල්ලගන්න. මොන line එක ද? මෙතන තියෙන්නේ විඤ්ඤාණය, පරාමාසය, මේ පැත්තෙන්, ජාතිය. මෙන්න මේ line එක. දැන් මේක මම පවත්වන්නේ නැහැයි කියන එක නේ. අපි කිව්වේ, ජීවත් වෙලා ඉන්න ඕනෙ කමක් ඇත්තේ නෑ. එහෙම නම් මෙතනින් මේ පහළින් එන එක අපි මුලින් කතා කරනවා. පියෙහි විප්පයොගය ඉඳන් මෙතෙන්ට එන එක. මොකද දැන් මට තවම ඉපදිලා නෑ. දැන් මැරිලා නේ තියෙන්නේ. ඉපදිලා නෑ, “අනුප්පන්නානං පාපකානං.” තේරුණා ද කියන එක? ආපහු උපද්දවන්න එපා. කාම විතක්ක, මට ඉපදිලා නැති ඒවා උපද්දවන්න එපා කියල නේ කියන්නේ. කාම විතක්ක එපා. මගේ ප්‍රීතිය ගලනවා, කාම විතක්ක එපා. මේක කළොතින්, ආපහු රූප ස්පර්ශ කරලා මෙතනින් උඩට යනවා. බලන්න කොච්චර ගැඹුරු ද කියලා?
එතකොට මට තේරුණා, එහෙනම් මේකෙන් මොකක් ද කරන්නේ? මේ සම්මා සංකප්පයට, නෙක්ඛම්ම අව්‍යාපාදයකට, මෙයා උදව් උපකාර කරනවා. එතකොට අන්න ඒ point එක එනකොට ඕගොල්ලන්ට දැනෙනවා මෙතන මේ සම්මා සමාධිය. සම්මා සමාධිය දැනිලා ඊට පස්සේ දැනෙනවා මෙතනින්, මේ පැත්තෙන් සම්මා ඥාන. එයා උදව් උපකාර කරන්නෙ සම්මා ඥානයට. එතන එහෙම ඇති වුණා වූ සම්මා සමාධියෙන්, සම්මා ඥානයට උදව් උපකාර කරනවා, සම්මා ඥානය කියන එක පවත්වන්න. ඉතින් ඒකෙන් සම්මා විමුක්තිය. මෙන්න මේ දෙකෙළවර පුදුමාකාර විදිහට දකිනවා. බලන්න, විරිය ඉද්ධිපාදය වඩන්නේ, හැබැයි එයා maintain කරන්නේ අනිත් ඒවා නේ ද? එකට ඉන්නවා කියලා, මතක ද apple ගෙඩිය අරගෙන, රහතන් වහන්සේ කිව්වේ වීසි කළත් එකට තියෙනවා කියලා. යන්නේ නෑ කියලා. මෙයා පවත්වනවා මේ විදිහට. මේක පුදුමාකාර විදිහට දැනෙනවා, මේ දෙකෙළවර.
ඒ කියන්නේ ඔළුවේ, සමාධිය තියෙන තැනයි, ප්‍රඥාව තියෙන තැනයි, ඒක පුදුමාකාර විදිහට ඒ අවස්ථාවෙදි ඒ විරිය ඉද්ධිපාදය කියන එක බැලුවහම ඒකෙදි දැනෙනවා. මට මෙහෙම එකක් කලිනුත් වෙලා තියෙනවා. මට මතක නෑ, ඒක මොන භාවනාවෙදි වුණේ කියලා. මේක හරියට ම මේ හරහට දැනෙනවා.
ඊට පස්සේ, ඕගොල්ලන්ට ඉන්න පුළුවන් කැමති විදිහකට, මේක ආවට පස්සේ. මෙතනින් සති ඉන්ද්‍රිය, ඔළුවේ මේ කෑල්ලේ ඉන්න පුළුවන්. පිටිපස්සයි, වම් අත, සමාධිය තියෙන තැන. සති ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ 3 වෙනම බාගයක්. ඒ හැටියට තමන්ට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. විරිය තමයි ඒක කරන්නේ, විරිය හිටියෙ මෙහේ. එයා අර 3 පවත්වාගෙන ඉන්නවා මේවා වෙන්නෙ නැති වෙන්න.
ඒක තමයි ඒ භාවනාව.