ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. නමස්කාරය වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා වැඳ නමස්කාර කළා. එතකොට ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉතින් මෙතෙන්දි මම කිව්වේ, අර අර්ථය, සාමාන්‍යයෙන් මනුස්සයෝ කියනවා නේ ඉතින් එන්න අපි රබන් ගහමු, එන්න අපි මේ මොනවා හරි එකක් කාලා හොඳ සන්තෝසෙන් ජීවත් වෙලා ඉමු. එතකොට රහතන් වහන්සේලා පස්සෙන් පස්සට යනවා, කැලෑවට යනවා, ඉවත් වෙනවා මේ වාගේ දේවල්වලින්. ඔන්න ඔය අර්ථය සහිතව තමයි කිව්වේ, ඒ කියන්නේ, පවතින්න ඕනෙ නැතෙයි කියන අර්ථය උඩ.
එතකොට මට, මං කල්පනා කළේ අද, දැන් ඉද්ධිපාද 4 කරලා තියෙනවා නේ. මේකේ අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ විරියෙන් පටන් ගන්නවා. පටන් ගත්තේ විමංසා, චිත්ත, ඡන්ද, විරියෙන්. දැන් මේකේ යනවා අනිත් පැත්තට. විරියෙන් ඡන්දයට. එහෙම මේ ගාථාවකුත් තියෙනවා කියලා රහතන් වහන්සේ කිව්වේ. “විරියො ච ඡන්දො” කියලා නේ ද?
එතකොට විරියෙන් පටන් ගත්තහම, දැන් අපි දන්නවා, අපි විරිය තුනක් භාවිතා කරනවා විරිය ඉද්ධිපාද කතාවෙදි, ඊයේ අපි ඉගෙන ගත්තා. මොකද්ද ඒ. කෙටියෙන් කියනවා නම්, එතන විරිය 3ට තියෙන්නේ, අර රූපය ස්පර්ශ නොවෙන්න කරන්නා වූ පළවෙනි විරිය එනවා. ඒක එන්නේ කොහොම ද?
ප්‍රියේහි විප්‍රයෝගය හරහා ජාතියට එන්නා වූ පාර කපාගෙන. ඒ කියන්නේ, “අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං.” ප්‍රියේහි විප්‍රයෝගය කියලා කියන්නේ මම මිය ගියා, එතකොට දැන් විඤ්ඤාණය මළා, දැන් ආපහු තාම මම උපද්දන්න යන්නේ නෑ. ආපහු කාම විතක්ක එපා, ආපහු ව්‍යාපාද විතක්ක එපා, විහිංසා විතක්ක එපා කියලා එතනින් එනවා. ඒක පළවෙනි විරියෙන්.
ඊට පස්සේ දෙවනි විරියට අපි බැලුවා. රූප, සඤ්ඤා, චේතනා, ඊළඟට ඉදංසච්චයට එන පාර. ඒක තමයි උඩ සංස්කාර කොටුව. එතකොට ඒක නොවෙන්න තමයි ඒ විරිය භාවිතා කරන්නේ.
ඊළඟට තුන් වෙනි විරිය අපි බැලුවා, ථීනමිද්ධ සහගත ස්වභාවය. ඒක අපිට ඇතුල් වෙනවා පරාමාසයට. එතකොට ඒක තමයි අර 1-3 මෝහයට යන්නා වූ පාර. ඒක ගත්තා නම්, තමන් රෝගී බවට පත් වෙනවා. එතකොට ඒ අත්ත සඤ්ඤාව කියන එක යනවා.
එතකොට, දැන් මෙන්න මේ විරියෙන් තමයි, අපි ඡන්දයට එන්නේ. එතකොට දැන් ඡන්දයට එනකොට, අපිට පේනවා, ඒ භාවනාවෙදි අපි කරලා තියෙනවා, මේ මානය කියන එක අයින් කරන්න ඕනෙ. පදුට්ඨමනසඞ්කප්පය නිසා යම්කිසි ආකාරයකට, අපිට ආස්වාදය ගලාගෙන ඒක එනවා නම්, ඉතින් ඒක නිසා ම අපේ විඤ්ඤාණය, මේ මරණය කියන එක අපිට ඇති වෙනවා. මොකද සංකප්පය ආපු ගමන් මේකේ ගැලවීම කියන එක සිද්ධ වෙනවා. මොකද මේ රූපයෙන්, 2.2 මරණය නේ. එතකොට 2.1 දීම අපිට මේවා වෙලා තියෙනවා. 2.2 වෙනකොට නිත්‍ය වශයෙන් ම වස්තුවෙන් වෙනස් වුණා, 2.1 වෙනකොට අපිට පේනවා අර සංකප්පය නිසා ම, අපි අයින් වීම කියන එක සිද්ධ වෙනවා කියලා.
එතකොට අපි මානය කියන එක වෙලා තියෙන්නේ, මේ තත්පරයක්වත් පවතින්නේ නැති විඤ්ඤාණයකට. ඔන්න ඔය මාන අගය කියන එක අයින් වෙන්න ඕනෙයි කියන එක තමයි, ඒ ඡන්ද සමාධියේ තියෙන්නා වූ ප්‍රධාන වූ කාරණයක්, ඒක තේරුම් ගන්න. ඉතින් එතකොට දැන් අපිට පේනවා, ඒ සංස්කාරය කියන එක අපිට අයින් වෙනවා නම්, ඒ කියන්නේ මට ඉන්න ඕනෙයි කියන සංස්කාරයන් කියන ඒවා එහෙම බැහැලා යනවා නේ. ඒවා යනවා නම්, අපිට සම්මා දිට්ඨිය, අත්තා කියන කතාව ගිහිල්ලා, ඒ සම්මා දිට්ඨියෙන් අපි එනවා ප්‍රඥාව කියන එකට. ඇයි අපේ මානය ගියා. තත්පර දෙකේ පවතින job එකට අපේ නෑ. ඒක හින්දා මානය ගියා. ඉතින් මානය ගිය ගමන්, දැන් අත්තා කතාව ගිහිල්ලා, එතනින් සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව.
ඉතින් ඔතනදි හරියට ම ඔය කියන විදිහට ම, ශ්‍රද්ධාව ඇති වෙනවා. ඔළුවෙම තමන්ට ඒක දැනෙනවා. ඊට පස්සේ ඒ ශ්‍රද්ධාවෙන් ඒ මණ්ඩලාධිපති බුදුපියා කිව්ව විදිහට හිරි, ඕතප්ප, ඒ විරිය, ඡන්ද කියන එකට එනවා. එතනින් ඉන්ද්‍රිය සංවරයට ඇවිල්ලා, අපි එතකොට, දැන් ඡන්ද සමාධියේ දී, අර, ඒ කෙළවර, ඉන්ද්‍රිය අසංවරය කෙළවර කියන එක, එතනදි අපි ගලවනවා. එතකොට ඒකට අර පළවෙනි විරිය නේ උදව් උපකාර කළේ නේ ද? ඊට පස්සේ දැන් ආපහු අපිට එනවා, ඒ රූපය ගන්නෙ නැහැ කියලා, පළවෙනි විරියේ උදව්ව තියෙනවා. නෙක්ඛම්ම, අව්‍යාපාද කියන උදව්ව.
ඊළඟට, දැන් දෙවනියට අපිට පේනවා, වේදනාවට. දැන් අර 4 සලකුණ දෙක මතක තියෙන්න ඕනෑ. ඒක මං ඒක ගැන නැවත නැවතත් මතක් කරන්නෑ. දැන් දෙවනි 4 සලකුණේ, වේදනාව කියන තැන තමයි ඒ ඡන්ද සමාධියෙන් නැති කරන්නේ. එතකොට ඒක නැති කරන්න, දැන් අපි ඒ වේදනාවට කොහෙන්ද එන්නේ කියන එක නේ බලන්නේ. එතකොට අපි දන්නවා වේදනාවට එන්නේ, අර පදුට්ඨමනසඞ්කප්පය තිබුණා නම්, ඒකෙ පරාමාසය හරහා සෝකයට ඇවිල්ලා, සෝකයෙන් තමයි වේදනාව කියන එකට එන්නේ. ඉතින් අත්තවාද උපාදාන කතාව නේ නේ ද? දැන් ඔන්න ඕක තමයි මං හුඟාක් ම තදින් ම බැලුවේ.
එතකොට දැන් අපි කිව්වා අපේ අර විරිය 3 භාවිතා කරලා, අර උඩින් එන්නා වූ කතාව අපි කැපුවා. සංස්කාර නිසා එතන යනවා නේ ඉදංසච්චයට. ඒ කතාව අපි කපලා තියෙන්නේ. එතකොට මේ පරාමාසය තුළ, එහෙම නම් තියෙන්නේ, අර කලින් යම්කිසි ආස්වාදයක් ඇති වෙලා තිබිලා, ඒ කියන්නේ යමක් අහලා තිබිලා, නිබ්බෙධික 3 භාවනාවෙදි ඕක පෙන්නුවා. හරියට නිකන්, තමන්ට මේ psychic powers ගන්න පුළුවන් වාගේ. එතකොට තමන් තාම psychic powers පාවිච්චි කරලා නෑ, හදලා නෑ. ඒ කියන්නේ මේ මනෝමය කායක්, ආන්න මෙන්න බලන්න කියලා හදලා, කාටවත් පෙන්නලා නෑ.
එතකොට ඊළඟට, එහෙම නම් මෙතන තමන්ට ඇති වෙන හැඟීම මොකද්ද මේ, ඔහොම එකක් කරන්න පුළුවන් කියලා අපි තථාගතයන් වහන්සේගෙන් අහලා තිබෙන්නා වූ දේ තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ කොහෙද? ඉදංසච්චයේ. පරාමාසය තුළ තාම ඒක නෑ. හැබැයි දැන් මේ පරාමාසයට අර ඉදංසච්චයෙන් අරක සම්බන්ධ වෙලා එනවා. ඇයි මේක දෙපැත්තට යනවා නේ. පරාමාසයේ ඇවිල්ලා දැන් එහෙම නම් අපි යනවා පල්ලෙහාට. දැන් බලන්න පරාමාසයෙන් දිට්ඨි සල්ලයට ආවොත් මොකද වෙන්නේ? සඤ්ඤාව අල්ලගෙන එයා ඉන්නවා.
එතකොට දැන් එහෙනම් ඔන්න ඔය 40% කතාව නේ ඕක කැපෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ දිට්ඨි සල්ලයට ආවා නම්, ඉතින් භය අගතිය, වේදනාවට එන්නා වූ පාර. එතකොට ඒ දිට්ඨි අනුසය කියන එක තමයි මෙතෙන්දි අපි, ඒ ඡන්ද සමාධි භාවනාවෙදි, ඒ දිට්ඨි අනුසය කතාවට තමයි එතන පහර වදින්නේ. ඒක පහර වැදීමෙන් තමයි, අපිට ඔය, ඒ ඡන්ද සමාධියේ ඉන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. ඡන්ද ඉද්ධිපාදය භාවිතා කරගෙන ඉන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. මේක අර, මං එදත් කිව්වා, ඕක ගැඹුරුයි කියලා, ඡන්ද සමාධිය භාවනාව. ඒක තමයි මම තෝරගත්තේ, මේකේ තියෙන අර්ථය මොකද්ද මේ, මානයත් එක්ක ඇවිල්ලා, මානය අඩු වෙලා ගිහිල්ලා, නමුත් අර තමා ඉන්නවා, තමා ඉන්නවා කියලා තිබෙන්නා වූ, දිට්ඨි අනුසය තියෙනවා නේ. දැන් බලන්න ඕගොල්ලන්, මට මොකක්වත් එපා, මට ඕනෙ නිර්වාණයයි කියලා කිව්වට, අනිත් පැත්තෙන් කියනවා මට ඉන්නත් ඕනෙයි කියලා. මට ඉන්නත් ඕනෙයි කියලා කියනවා නම් එහෙනම්, නිර්වාණයට ඡන්දයක් ද තියෙන්නේ?
එතන දිට්ඨි අනුසය කතාව, මමං ඉන්නවා කියන කතාව කැපෙන්න ඕනෙ. අර සඤ්ඤාවන් නැති වෙන්න ඕනෙ. අන්න ඒකෙන් තමයි, ඒ තමන්ට නියම විදිහට ම ඡන්ද ඉද්ධිපාද විදිහට ඉන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. අපි එදා පැහැදිලි කළේ, අත්තවාද උපාදාන කතාව කියන එක නේ ද? මේක ඇවිල්ලා තියෙන්නේ, ඒක නොවී ඉන්න පුළුවන්කම තියෙන්නේ, දිට්ඨි අනුසය කතාව, ඒ කැපීමෙන්. දිට්ඨි අනුසයට තමයි, මේකේ, භාවනාවේ නමත් දිට්ඨි අනුසය.
ඒක තමයි මං කරපු භාවනාව.