Date: 07/04/2015 Name: Viriya Chanda Citta Iddhipada

උතුම් බුදුවරුන්ට නමස්කාර කරමි, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඉතින් මෙතෙන්දි මේ, පවතින්න ඉන්න ඕනේ නැතෙයි කියන අර්ථයෙන් තමයි ඒක කළේ. ඒක කරනකොට මණ්ඩලාධිපති බුදුපියා මට පෙන්නුවා, මෙහෙම කතිරය. ඒ කියන්නේ, සඤ්ඤා, චේතනා, පහළ තියෙන දෝෂ අගතියයි, භය අගතියයි කියන පාරවල් දෙක නේ. මම අද බලාපොරොත්තු වුණේ ඊයේ භාවනාව ඉස්සරහට යන්න නේ. මතක ද, විරියෙන් ඡන්දයට ආවා. දැන් ඡන්දයෙන්, චිත්තය කරන එකයි අද කරන්න තියෙන භාවනාව.

එතකොට දැන් අපි දන්නවා, දැන් චිත්ත ඉද්ධිපාදයේදි අපි, අර පල්ලෙහා, ද්වේෂයෙන් අගතියට යන කෑල්ලයි, පළවෙනි 4 සලකුණ. ඊළඟට දෙවෙනි 4 සලකුණේ, භයෙන් අගතියට යන කෑල්ල. දැන් පේනවා නේ උඩ කතිරය නේ ද? ඔය කෑලි දෙක නේ, අපි අයින් කරගන්න යන්නේ.

එතකොට මතක ද අපි ඊයේ කිව්වා, විරිය ඉද්ධිපාදයෙන් අපි මොකක් ද කරන්නේ, “අනුප්පන්නානං පාපකානං” කියලා කිව්වා ම, අර පියෙහි විප්පයොගයේ ඉඳන් ජාතිය දක්වා එන්නේ නෑයි කියන එක.

ඉතින් බලන්න, ඡන්ද ඉද්ධිපාදයෙන් මොකක් ද කරන්නේ?. රාගය කියන එක අයින් කරලා නේ. නිර්වාණයටයි කැමැත්ත තියෙන්නේ. එහෙම නම් අර, මෙතන පහළ ඉඳන් උඩට. ඒ කියන්නේ අපි, පල්ලෙහා ආවා අපේ, අපි ආවා නම් ජාතිය දක්වා, මේක උඩට ගෙනියනවා. කොහාට ද ගෙන යන්නේ? උඩ රූපය දක්වා ගෙන යනවා. රාග සල්ලයෙන් නේ ද? ඡන්දය කියලා කිව්වා ම, ඒ කෑල්ල කරන්නේ නෑ. ඒ කියන්නේ අපේ පළවෙනි පාර නේ රාග සල්ලයෙන් එන අර, විඤ්ඤාණස්ථිතියත් එක්ක, ඒ කෑල්ල තමයි, උඩට ගෙනියන්නේ නෑ.

දැන් චිත්තයෙන් මොකක් ද කරන්නේ? චිත්තයෙන් කරන්නේ, අර ස්පර්ශයේ ඉඳන්, එයා එතන ඉඳන්, වේදනාවට එන කෑල්ලයි, එයා කපලා දෙන්නේ. ඒක මේ තුන් දෙනාත් එක්ක එකතු වෙලා කරන්නේ. විරියෙන්, අර පියෙහි විප්පයොගයේ ඉඳන් එන්න දෙන්නේ නෑ කියන එක. ඒ පාර රාග සල්ලයේ ඉඳන් උඩට යන එක, ඡන්දයෙන් මකනවා. පස්සේ, ස්පර්ශයේ ඉඳන් වේදනාවට එන එක, චිත්තයෙන් කපනවා.

එතකොට ඒ චිත්තයෙන් කපනකොට පේනවද? වේදනාව ඇති වුණා නම් තණ්හාව වෙනවා. ඒක නිසා, එයා මේක අයින් කරනවා. එතකොට මට මේවා එපා. මේක හරියට, අපි හිතමු ඔය, අම්මා කෙනෙකුට ගෙනත් දෙනවා තුවායවල් අරවා මේවා ගෙනත් දීලා, ගෙනත් දීලා දැන් ගොඩ ගහලා තියෙනවා. මේ අම්මා කියනවා, මේවා එපා. මීට පස්සේ මේවා ගේන්නත් එපා. අම්මා දෙනවා. දීලා දානවා. ඔයා ගන්න මේක, ඔයා ගන්න මේක, කියලා මේක, රාක්කය හිස් වෙනකම් ම මේක අයින් කරගෙන යනවා. Pink පාට තුවා කොල පාට තුවා, ඒවා ඔක්කෝම අයින් කරගෙන යනවා. මේවා මට එපා. එයා firmly කියනවා මට මේවා එපා. මම මේකට තියන එක අයින් වෙනවා කියලා.

ඉතින් මතක ද ඕකේ, ඔය, චිත්ත ඉද්ධිපාද භාවනාවෙදි, රහතන් වහන්සේ පෙන්නුවා නේ අර B point එක හදන්න බෑ. මේක නිසා, හදන්න බැරි නම්, හදන්න බැහැයි කියන අර්ථය දන්න මනුස්සයා, දැන් අපි සංස්කාර කතාවට එනවා. B point එක හදන්න බැරි නම්, අපිට පේනවා අර, A point කියන එකේ ස්ථාවරයට වදිනවා. ඒ කියන්නේ, අවිද්‍යා ආශ්‍රවයට වදිනවා කියන එක තියෙනවා.

දැන් එහෙම නම්, අපි අර pedals 2ක් දැක්ක නේ. කාමච්ඡන්දය, එතන ඒ ස්පර්ශය තියෙන තැන pedal එකයි, ඊට පස්සේ සංස්කාර කොටුවේ තියෙන pedal එකයි. Pedal එක හරි ලස්සනට මම දැක්කා අද. දැන් මොකද වෙන්නේ?

දැන් ආපහු මේ දැන් කිව්ව ධර්මය වාගේ ම තුන් ධර්මයක් එහා පැත්තෙනුත් බලන්න. දැන් විරියෙන්, රාග සල්ලයෙන් අපි කතාවක් කිව්ව නේ ස්පර්ශය දක්වා. එහෙම නම්, උඩ ඉඳන් පහළටත් තව ධර්මයක් තියෙනවා.

දැන් මොකක් ද කරන්නේ? දැන් එහෙනම් විරියෙන් කිව්වා, අර උඩ සංස්කාර cross එක, ඉදංසච්චයට එවන්න එපා කියලා. එයා කිව්වා ඒක. ඒ ඡන්දයේ කතාවට රහතන් වහන්සේලා උදව් කළා මට, මම එතන බලනකොට.

මට පෙන්නුවා, මෙහෙම ලණුවක් තියෙනවා, ඉදංසච්චයෙ ඉඳන් පරිදේවය. එතනින් එනවා මෝහයට. ඒ ලණුවට, පරාමාසයෙ ඉඳන් මෙහෙම දානවා ලණුවක්, මේ ලණුවේ මේක හරහා, knot එක, මේක හරහා, දානවා භය අගතියට. කෑලි දෙකයි.

එතකොට, අර උඩින් එවන්නෙ නැතෙයි කියන එක තිබුණා විරියෙන්, ඉදංසච්චයට. දැන් ඔහොම ඉදංසච්චයට ආවා නම්, දැන් ඡන්දයෙන් මොකද කරන්නේ? ඡන්දයෙන් කියනවා, මේ සංස්කාරවලට මාන වෙන්න බෑ. එයාගෙ තියෙන්නේ මාන කතාව නේ. සංස්කාරවලට මාන වෙන්න බෑ. ඒ නිර්වාණයට එයා යන්නේ. එතකොට මෙතනදි දැන්, ඉදංසච්චයට යමක් ඇවිල්ලා තියෙනවා ද, අපේ පූර්ව කර්මය නිසා හරි, ඒකේ ඉඳන් මෙතනින් අපි ඇවිල්ලා යනවා අපි මෝහයට. මේ සංස්කාරය අල්ලා ගන්න නේ හදන්නේ. ඒවා අල්ලා ගන්න එයා දෙන්නේ නෑ. එයා කපන්නේ, අර එහා පැත්තේ තියන පුඩුව.

දැන් මෙයත් එක්ක lock වෙලා තියෙන්නේ කවුද? මේ පැත්තෙන් අර පරාමාසය, මේක හරහා ගිහිල්ලා භය අගතියට එන එක. ඉතින් මේක හරි ලස්සනයි. මතක ද මේක බැලුවා. අපි කිව්වේ මැද්දේ hub එක කැරකිලා තණ්හාවෙන් මෙයා එකතු කරනවා කිව්වෙ, සබ්බාසව එකේ එහෙම පෙන්නුවේ. මෙයා තමයි මෙතන මැද්දෙන් අර line එක 7. Line 7 and 8 නෙ මේ කියන්නේ. 7 and 8 එක දැන් එපා. මොකද මෙයා කියනවා මම මේ තණ්හාව අත ඇරල නේ. බලන්න ස්පර්ශ, වේදනා, තණ්හා, පරිග්ගහයෙන් පරාමාස වෙලා මෙතැනින් එන එක. දැන් ආච්චි අම්මා කියනවා. පුතේ, මම ඕවා දීලා තියෙන්නේ. ඕවා ගේන්න එපා. මම ඕවා අතහැරලා දාලා තියෙන දේවල්. ආයේ තුවායවල්, ඒවා එපා. ඒ තණ්හාව එතන ඒ අයින් කරලා තියෙන හින්දා, ඒකෙ ඇතුළෙන්, අර hub එක කැරකිලා forward වෙන කතාව නෑ. දැන් මෙතෙන්ට ආවාට පස්සේ භය අගතියට එන්නෙ නෑ. බලන්න pedal එක දැන් ලස්සනට පේනවා නේ ද? කොහොම ද pedal එක හැදිලා තියෙන්නේ?

දැන් බයිසිකල් එකක pedal එක මෙහෙම කෑලි දෙක නේ, මෙහෙම නේ තියෙන්නේ, නේ ද? දැන් බලන්න ඔය ලණු දෙක ගන්න. මෙතන මේ හතරැස් කොටුවේ, මේ තියෙන්නේ pedal එක නේ. මෙතැනින් මේ කෑල්ල. මෙතැනින් මේ කෑල්ල. මේකටයි කකුල දාන්නේ. දැන් ඔය වගේ ම pedal එකක් පේනවා නේ ද උඩ. උඩත් තියෙනව නේ pedal එකක්, රූපය, ස්පර්ශය, මෙතන වේදනාව. ස්පර්ශය තියෙන තැනයි අර කකුල තද කරන තැන තියෙන්නේ. එතකොට සඤ්ඤාවයි, එතන වේදනාවට ඒ පැත්තෙන් ලණුව, මේ පැත්තෙන් ගිද්ධිලෝභයට. එතකොට එතන ඒ pedal එක. ඒ ලණු දෙක තමයි අපි මේ කරකවන්නේ.

එතකොට මෙතන්ට ආවා ම, තමන්ට පේනවා ඒ, චිත්ත ඉද්ධිපාදය, භය අගතියට යන්නේ නැහැ. ඉතින් භය අගතියට යන්නෙ නැත්නම් අපි ඉතින් එතන ඉඳන් අර, සෝකය හරහා ද්වේෂයට යනවා කියන කතාවත් නැති වෙනවා නේ, නේ ද? මෙතන පහළ කෑල්ල. ඉතින් ඒක තමයි ඒ චිත්ත ඉද්ධිපාදය. බලන්න ඒ කෑල්ලෙන්, කෑල්ලට මාට්ටු වෙලා තියෙන හැටි නේ ද?

ඒක තමයි මං කරපු භාවනාව.