ඒ උතුම් බුදු පියවරුන් ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල, සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, කියලා වැඳ නමස්කාර කළා. එතකොට ඒ වෙලාවෙම මම දැක්කා ඒ ආලෝකය. මණ්ඩලාධිපති බුදු පියාණන්ගෙන් ආලෝකයක් ආවා. ඔය විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා, ඒ මිච්ඡා දිට්ඨිය පැතිරෙනවා කියන එක අහක් වෙනවා, කියලා.
එතකොට මේ විදිහට කියලා, මට ඕනෑකම තිබුණේ, අපි විරියෙන් ඡන්දය, ඡන්දයෙන් චිත්තය, චිත්තයෙන් විමංසාව කියන එකටයි, භාවනා කරන්න ඕනකම තිබුණේ. එතකොට එහෙම නම් අපි දන්නවා, මුලින් ම, අපි පියෙහි විප්පයොගයේ ඉඳන් ජාතියට එන්නේ නැතෙයි කියන කතාව. එතෙන්දි අපිට පේනවා, අර පළවෙනි විරිය භාවිතා කළා. “අනුප්පන්නානං පාපකානං,” කියලා. ඊට පස්සේ උඩට, ඒ රූපය දක්වා ගෙන යන එක, රාග සල්ලයෙන් කරන එක, ඡන්ද ඉද්ධිපාදයෙන් කළා. රාගය කියන එක පහ කරලා.
ඒක හරියට නිකම් අර, අපි හිතමු, අපි කෙස් ටිකක් දැක්කහම, ඔළුව අවුල් වෙලා තියෙනවා නම්, පීරන්න හිතෙනවා. එතකොට කෙනෙකුට පේනවා, මේකත් අවශ්‍ය නෑ. මේ කෙස් ටික නැත්නම් හොඳයි කියලා කෙනෙකුට හිතෙනවා. ඇයි දැන්, තියෙනවා නම් තමයි පීරන්න වෙන්නෙ. එහෙනම් තට්ටේ බූ ගා ගන්න එක ඊට වඩා හොඳයි කියලා පේනවා. නැතිකම හොඳයි කියන එක. එතකොට ඒ කෙස් ටික අයින් කළා නම්, ඒක ගැන තියෙන්නා වූ ඒ රාගය අයින් කරලා තමයි, කෙස් ටික අයින් කළේ.
ඊට පස්සේ අපි චිත්ත ඉද්ධිපාදයේදි ඉගෙන ගත්තා, ස්පර්ශයේ ඉඳන් වේදනාවට යන එක අපි අයින් කරනවා කියලා. දැන් එහෙම නම්, දැන් තියෙන්නේ, විමංසා ඉද්ධිපාදය එනකොට, අර, ඒ රූපය නිසා ඇති වෙන්නා වූ සඤ්ඤාවන් තියෙනවා නේ, ඕලාරික වෙච්ච සඤ්ඤාවන්. ඒ කියන්නේ අපිට පේනවා රූපයයි, ස්පර්ශයයි, සඤ්ඤාවයි කියන triangle එක. අන්න ඒ කෑල්ල තමයි එයා කපන්නේ, මුලින්. ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට යන්නා වූ ඕලාරික රූප සම්බන්ධයෙන්, ස්පර්ශ වෙලා ඇති වන සඤ්ඤාවන් කියන එක.
දැන් ඊට පස්සේ අපිට පේනවා, ඔය පළවෙනි 4 සලකුණේ, අපි ඊර්ෂ්‍යාව කියන එක ලකුණු කරනවා සමහර වෙලාවට නාමරූප කියන තැනට. දැන් අපි වේදනාව කියන එකට එන එක නැවැත්වූවා නම් චිත්ත ඉද්ධිපාදයෙන්, ඊළඟට සඤ්ඤාවට යන එකත් නවත්වලා නම් තියෙන්නේ, විමංසා ඉද්ධිපාදයෙන් උඩට, දැන් එහෙනම් අර ඊර්ෂ්‍යාව කියන කොටුව, නාමරූප කතාව කියන එක එතන නැති වෙනවා.
ඊළඟට ගත්තහම, දැන් අපිට පේනවා, චිත්ත ඉද්ධිපාදය ගත්තහම, අපි අර දිට්ඨි අනුසය. විරියයි, ඡන්දයයි කරපු ගමන් දිට්ඨි අනුසය කතාව කොටසට, පාර වදිනවා නේ. ඉතින් දැන්, අපි චිත්ත ඉද්ධිපාදය කියන එකට එනකොට, අපි ඊයේ ඉගෙන ගත්තා, අපි එන්නේ නැහැ කියලා, අර තණ්හාව නිසා, දැන් අර ආච්චි අම්මා රෙදි ටික දන් දීලා, දීලා, අත හැරලා, අතන පල්ලෙහායින් පරාමාසයෙන්, අර ලණුව හරහා අපි එනවා නේ ද්වේෂ අගතියට කියන එකට. එතෙන්ට එන්නේ නැහැයි කියන එක, අපි ඉගෙන ගත්තා. ඉතින් එතෙන්ට ආවා නම්, අපි දන්නවා ඔතන සෝකය. ද්වේෂ අගතිය, සෝකය, වේදනාව. එතකොට, ඒ කතාව කියන එක කැපිල යනවා කියන එක අපි ඉගෙන ගත්තා.
අද පේනවා එහෙම නම්, දැන් විමංසා ඉද්ධිපාදයේ තියෙන්නේ දැන් අර, අපි අයින් කරා කිව්වා සංස්කාර. ඒකත් අර හරියට බලන්න ඕනෑ, එහා පැත්තෙන් අර, මාන වෙන්නේ නැතිව, මේ පොඩ්ඩ කාලයකට පවතින්නා වූ විඤ්ඤාණයක්, මේකට මාන වෙලා වැඩක් නෑ. ඒ ඡන්ද සමාධියෙන් ඒක කිව්වා. කියලා ඉවර වෙලා ඒක අයින් කළා. ඒ ලණුව කැපිලා.
ඊළඟට අර, ඊළඟ ලණුවත් කැපෙන එක තමයි, අපි දැන් කිව්වේ. එතකොට අපි සංස්කාර කියන එක අයින් කළා. කෙස් ටික ගලවලා පැත්තකට දැම්ම නේ. එතකොට කෙස් ටික නිසා, පීරන්න ඕනෑ නෑ. ඒ සංස්කාරයන් ගියා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ, දැන් අර අත්තා සඤ්ඤාවත් අපි අයින් කළා නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අර කෙස් ටික තිබුණ කාලේ, මම අව්වේ යනකොට, මට පිච්චෙන්නේ නැතිව තිබුණ නේ. අන්න ඒ වගේ සඤ්ඤා මනසිකාරයන්, සහගත ස්වභාවය තියෙන්නේ. එහෙමත් නැත්නම්, අර නෙල්ලි කියන එක ගත්තා. ඒක කාලා ජීවත් වුණා. ඊට පස්සේ, දැන් මේ factory එක අයින් කරලා දැම්මා. ඇයි කොණ්ඩය තියෙනවා නම් නේ මේකේ නඩත්තුව තියෙන්නේ නේ ද? Factory එක අයින් කරලා දැම්මා නම්, එහෙම නම් ඊට පස්සේ, ඒ මනුස්සයාට, අර නෙල්ලි ඉස්ම, ඒ කියන්නේ අරූප ධ්‍යානයන් කියන ඒවා, ඒවා භාවිතා කරලා, ඉන්නවා කියන කතාව නෑ.
එහෙම නම්, එයා අයින් කරනවා අර, සියුම් වූ රූපය. ඕලාරික නෙමෙයි, සියුම් වූ රූපය හැටියට තමයි ඕක ගන්න තියෙන්නේ, ආකාසානඤ්චායතනය වාගෙ ඒවට තිබෙන්නා වූ එක, අයින් කරනවා. එහෙම නම් අපි දැන් කපන්නේ කොයි කෑල්ල ද? වේදනාවේ ඉඳන් චේතනාව දක්වා යන්නා වූ එක. අර සංස්කාර අයින් කළා ම අපිට පේනවා, එහෙනම් සංස්කාරය නිසා විඤ්ඤාණය පවතිනවා කියන එක, ඒ කෑල්ල ගියා.
දැන් එතකොට අර උඩ line එක නේ අපි මේ කතා කරන්නේ. රූප, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ. එතකොට ඒ සංස්කාරය නිසා විඤ්ඤාණය, ඒක support එක නෑ. ඒක ගියා. ඊට පස්සේ අපේ, මෙතන මේ, විරිය, විමංසා ඉද්ධිපාදය කියන එක එනකොට, එහෙම නම්, මෙන්න මේ වේදනාවේ ඉඳන් චේතනාවට එන එක කැපෙනවා. දැන් එහෙනම් අර, පේනවා ද අපේ ඔය, මුළු triangle එක ම ගත්තොතින්, මුලින් රූප, වේදනා, චේතනා කියලා, අපි අර නාභි නන්දති, නාභි වදති, නජොසාය තිට්ඨති කියලා ගත්ත තුන නේ ඔය තියෙන්නේ. එතකොට ඊට පස්සේ, අර මුලින් අයින් කරනකොට, චිත්ත ඉද්ධිපාදයෙන් ඇවිල්ලා අපි අයින් කරනකොට, උඩ රූප. ඊළඟට ස්පර්ශ, සඤ්ඤා කියන ඒ කෑල්ලත් අපි අයින් කළා නේ ද?
එතකොට දැන් මෙතෙන්දි, මේ චේතනාව. ඒ කියන්නේ, ධම්මමච්ඡරියෙන් තිබෙන්නා වූ පාර තියෙන්නේ. අන්න ඒ පාරට තමයි මේකෙ විමංසාවෙන් හුඟාක් ම ඒ තදින් වැදිලා ඒ චේතනාව කියන එක මේ වෙනකොට ගැලවිලා නේ, අර knot එක බුරුල් වෙලා තියෙන්නේ, ඒක නිසා මොකක්වත් නැතිව, පැවතීමක් කියන එක තියෙනවා. අල්ලා ගැනීමක් මොකක්වත් නැතිව.
දැන් මෙහෙම ටිකක් වෙලාවක් හිටියොත්, ඔතනින් එනවා ඊළඟට, දැන් අපිට තියෙනවා, වේදනා, චේතනා, පරාමාස. එතනින් පහළට එන්නේ සෝකය කියන එකට. දැන් බලන්න භව ආශ්‍රවය කියලා කියන්නේ මොකක් ද? අර චේතනාවෙන් අත්ත සඤ්ඤාවට ඇවිල්ලා, ඒකෙන් parallel ව තමයි ඇවිල්ලා තියෙන්නේ, ඔය line එකට parallel වනෙ එන්නෙ. ඒකෙන් තමයි අපි ඇවිල්ලා තියෙන්නෙ මෙතන භව ආශ්‍රවය කියන එක.
එහෙම නම්, අපි ඔය භව ආශ්‍රවය කියන එක ඔය සෝකය කියන තැනින් ලීවොත් මොකද වෙන්නේ? දැන් අපි ඉගෙනගෙන තියෙනවා, අර සැකය එහෙම ඉගෙන ගන්නකොට, අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට යන line එක කියලා, ඔය මැද්දේ cross එක නේ ද? ඉතින් ඒක ම නේ එහෙම නම්, අපිට පරිදේවය පැත්තේ ඉඳන් පටන් අරගෙන ගත්තහම, එතෙන්දි ඒක අපි ගත්තොතින් දිට්ඨි ආශ්‍රව කියලා, මේ පැත්තට සෝකය එනකොට භව ආශ්‍රවය කියන එක තියෙනවා. මේ parallel line දෙක, ඒක කැපෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ, භව ආශ්‍රවයට, මෙහෙම ඉන්න ඕනෑ, කියන එකට පහර වදිනවා,
අන්න ඒ අවස්ථාව වෙනකොට, නිකම් අර විශ්වය දකිනවා වගේ, මනස ඒ තරම් විශාල වෙලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා ඉතින්, ඔය Saturn එකේ rings, ඒ වගේ එහෙම බලන්න පුළුවන්කම කියන එක තියෙනවා, තත්වය. ඒවා දැක්ක කියලා සෙල්ලෙන්නෙ නැති ස්වභාවයක් මනසේ තියෙනවා.
මේ වෙනකොට හරියට ඔළුව විශාලයි. මේ හරියෙදි තියෙන්නේ මේ සඤ්ඤාවන්, ඒ යම් වූ ආකාරයකට තියෙනවා ද, ඒවාට සෙලවෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් මම දැක්කා, ඔය මුළු diagram එක ම, නිකම් අපි හිතමු මේ ධර්ම කාරණා ඔක්කොම මේ, අලි විශාල කොළයක් හරි මොකක් හරි එකක, මැද්දේ අලවලා තියෙනවා කියලා. එතකොට, ඒවා ගැන, ඒවා මැකිලා යනවා. ඒ ධර්ම කාරණාත් මැකිලා ගිහිල්ලා නිකම් අර සුදු පාට මේකක් කියන එක, ඒකත් නැතෙයි කියන ඒ ස්වභාවය තමන්ගේ මනසේ පවතිනවා.
ඒක තමයි ඒ විමංසා ඉද්ධිපාදය භාවනාව.