Date: 09/04/2015 Name: Satara Iddhipadha 3

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමු. නමස්කාරය වේවා. ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. ඒ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මගේ භාවනාවෙදි කළේ අර ඊයේ භාවනාව ම නැවතත් කළා. හැබැයි ඒක අලෝභ, අදෝෂ, අමෝහ විදිහටයි බැලුවේ.

එතකොට, පළවෙනි එකට ගත්තහම, අපි කියනවා විරිය කතාවෙදි, අර කාම විතක්ක ඒවා එපා කියලා පියෙහි විප්පයොග ඉඳන් එතෙන්ට එනවා. ඊට පස්සේ අපි දන්නවා, ඡන්ද සමාධියෙන් අපි ඒ රූපය දක්වා මේක ගෙන යන එක. රාග සල්ලයෙන් ගෙන යන එක, ඒ රාගය නසනවා කියන කතාව එතන තියෙනවා. එතකොට ඒක අපිට පේනවා අලෝභ කොටසට වැටෙනවා කියලා. ඒ රාග සල්ලයෙන් මෙහෙම කරන්න දෙන්නේ නැත්නම් ඡන්ද සමාධියෙන්.

ඉතින් හැබැයි ඔය මනුෂ්‍යයෝ කිව්වට මට ඕනෙ නිර්වාණය තමයි කියලා, අනේ මේ දුවගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේව වෙච්ච ගමන්, ඒ මිනිසුන්ට නිර්වාණයේ කතාව මතක නෑ. එතකොට එහෙම නම් අපිට පේනවා, ඔය ඡන්ද සමාධිය කියන එකේදිත් අපි ඉගෙන ගත්තා අපිට එනවා කියලා අර මැද්දෙන් අත්තවාද උපාදානය නිසා, ඒ පරාමාසයේ ඉඳන් අර ආස්වාදයක් හැටියට ඇවිල්ලා, එනවා කියන එක. මොකද විරියයි, ඡන්දයයි භාවනා කළහම අපි ඔය කතාව කිව්වා. ඔය දිට්ඨි අනුසයේ කතාවට සම්බන්ධ වෙලා එනවා කියන එක.

එතකොට මෙතන මේ සිද්ධ වෙන්නේ අර මගේ ඥාතියා, මේ පුද්ගලයා, මගේ මේ දුව, ආදී වශයෙන් ගත්ත. ඒක පරාමාස වෙලා තියෙන්නේ. ඒකෙ තිබුණා වූ දේ, මෙතනින් එනවා. එතකොට ඔය ඡන්ද සමාධිය මගින් ඕක නැති කිරීමක් කියන එක, යම් ආකාරයකට කරනවා. අර අපි දන්නවා, ඡන්ද සමාධියේ අර දකුණු පැත්තේ, අපි කිව්ව නේ ලණුව වාගේ එනවා කියලා, ඉදංසච්චයේ ඉඳන් මෝහය දක්වා යන්නා වූ එක. එතකොට ඒවට ඒ මාන්නය, මේ දුව මගේ, කියලා එහෙම ඇති වෙන්නා වූ මාන්නය. අපි පවුලක් වශයෙන් පවතින්නා වූ කියන මානය, අන්න ඒ කතාවල් එතැනින් ඒ ගැලවීම නිසා, ඒක නිසා ඇති වෙන විඤ්ඤාණය කියන එක අයින් වෙනවා නම් තමයි මේ ඡන්ද සමාධිය තියෙන්නේ. එතකොට ඒකේ අලෝභ කොටස කියන එක අපිට තේරෙනවා.

ඊළඟට අපිට පේනවා මේ අදෝෂ භාවනාව. ඒ අදෝෂ භාවනාවට අපිට පේනවා ඔය දැන් අපි ඡන්දයෙන් අතෙන්ට ආවා නම්, රූපයට එන්නේ නැත්නම්, දැන් එහෙම නම් අර ස්පර්ශය නිසා වන වේදනාව චිත්ත සමාධිය මගින් කපනවා කියලා, චිත්ත ඉද්ධිපාදයෙන් කපනවා කියන එක අපි කිව්වා.

ඒ වගේ ම තමයි අර ලණු පොටේ වම් අත පැත්තේ කතාව. දැන් ආච්චි රෙදි එහෙම දන් දීලා තියෙන්නේ. පරාමාසයේ ඉඳන් එන්නා වූ ඒ තණ්හා කොටස එන්නේ නෑ. ඒක නිසා එයා භය අගතියට යන්නේ නැහැයි කියන එක තියෙනවා.

එතකොට අපිට ඔය විරියයි, ඡන්දයයි බලපු අවස්ථාවෙදි, අලෝභ කොටස අවස්ථාවෙදි අපිට පේනවා, මේ N අකුරක් කියන එක ඒ හරියට mirror image එක වාගේ. ඒ කියන්නේ අපි ගියා, රූපය දක්වා ගත්තොතින් එහෙම ජාතියේ ඉඳන්, ඒ කොටස එයා අයින් කළා.

ඊට පස්සේ අපිට පේනවා, ජාතියේ ඉඳන් විඤ්ඤාණය දක්වා කියන කොටස තියෙනවා. ඒක අර, N අකුරේ mirror image එකෙන්, අපිට පේනවා, ඒක අනිත් පැත්තටයි ඇවිල්ලා තියෙන්නේ එතකොට. ඊට පස්සේ පල්ලෙහායින්, විඤ්ඤාණයේ ඉඳන් මෝහයට යන්නා වූ එක. දැන් ඔන්න N අකුරේ mirror image එක.

එතකොට, එහෙම නම් අපිට පේනවා, මේ ඡන්ද සමාධියෙන්, ඡන්ද ඉද්ධිපාදයෙන් අපි කළේ, අලෝභ කොටස, අර N අකුරේ bars දෙක කියන එක කැපුවා. ඊළඟට අර මැද්දේ තිබෙන්නා වූ, අර mirror image එකේ එන්නා වූ, විඤ්ඤාණයේ ඉඳන් පහළ ජාතිය දක්වා එන එකේ අර මැද්දේ කොටස. ඒ කියන්නේ, දුව මගේ, කියලා ආවා කියන්නේ, පරාමාසයේ ඉඳන් අත්තවාද උපාදාන පාරට අපි එන එක නේ, සෝකය කියන තැනට එන්නා වූ ඒ කොටස. දෙපැත්තෙන් කරකවන්නත් එපා. මේ මැද්දෙනුත්, එපා, කියන එක, අරගෙන තමයි එතන වුණේ. දැන් චිත්තය ආවයින් පස්සේ කියනවා, දැන් මේක නිසා, මොන ක්‍රමයකට හරි මං ඉන්න ඕනෑ කියන කතාව, මට, එපා, කියන එක තියෙනවා.

ඒ කියන්නේ අපි හිතමු, මේ විදිහට එපා කියලා කිව්වට, දැන් මේ පුද්ගලයාට ඇති වෙන්න පුළුවන් මේ හැබැයි මෙන්න මේ ක්‍රමයට බැරි ද? දැන් මට මොකක් හරි එකක් කරන්න තියෙනවා. අර පෙර වූ සංස්කාර නිසා, තමන්ට තියෙනවා යම්කිසි ආකාරයකට මෙන්න මේ දේ නිසා මම ඉන්නවා. මේ computer එකෙන් නෙමෙයි අනිත් computer එක භාවිතා කරලා ඉන්නවා. ඒක නිසා මනුස්සයෙකුට හිතනවා, දැන් මේකෙත් අර විදිහට වැඩ කරාවි ද? අන්න එතකොට එතෙන්දි අර සෝකය. සෝකයේ ඉඳන් අපි ඒ ද්වේෂයට යනවා කියන කතාව ඒක තේරෙනවා. එතකොට දැන් ඊළඟට තියෙන්නේ අපිට, ඒ කියන්නේ ඕක අදෝෂ කොටසට වැටෙනවා.

දැන් බලන්න තියෙන්නේ විමංසා ඉද්ධිපාදය කියන එක. එතකොට විමංසා ඉද්ධිපාදයෙන් අපි දන්නවා, මුලින් ම අර ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට යන එක අපි කපනවා. ඊළඟට ගත්තහම ආපහු අර ඡන්ද ඉද්ධිපාදයට ඔහොම යන්න නම්, ඒ කියන්නේ මේක යම්කිසි රවුමක් කැරකිලා ඒ විමංසාවකින් තමයි මේක කරන්නේ. එයා කපන්නේ අර උඩ සංස්කාරයේ ඒ කියන්නේ විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චය දක්වා එන්නා වූ කොටස තියෙනව නේ. අන්න දෙවෙනියට ඒ විමංසාවෙන් කැපෙන්නේ අන්න ඒ දේ. එයා එන්න දෙන්නේ නෑ අර උඩ ඉඳන් ඒ කියන්නේ අර අපි දන්නවා නේ, අවිද්‍යා යෝගය එහෙම. අන්න ඒවා ටික එහෙම තමයි එයා කපන්නේ මුලින්.

ඊට පස්සේ දැන් ඔය අපි ආවා ම විරිය, ඡන්ද, චිත්ත. දැන් විමංසාවට එනකොට චිත්තයෙන් අනතුරුව විමංසාවට එනකොට එයා කපනවා අර ධම්මමච්ඡරි පාර. එතකොට ඒ කියන්නේ එයා කියනවා, කොහොමවත් දැන් මම චේතනා කරන්නේ නෑ. මොන ක්‍රමයකින් හරි මේක පවත්වන්න චේතනා කරන්නේ නෑ.

එහෙම නම් අර B, B කියන point එක තියෙන්නේ. Curve එක අපිට හරියට අඳින්න පුළුවන් චේතනාව කියන තැන. දැන් එතකොට bell shaped curve එක අපි ඇන්දොතින් එහෙම, වේදනා, චේතනා, අන්න චේතනා තියෙන තැන peak එක ඊට පස්සේ, අනිත් පැත්තට බැහැලා යනවා කියන එක. එතකොට මෙන්න මේ කතාවත්, ඒ කියන්නේ, B කිසිම ආකාරයකින් හදන්නේ නෑ, මොන ක්‍රමයකින්වත් කියන එක. ඉතින් එතකොට ඕක අමෝහ කොටස නේ ඕක වැටෙන්නේ. විමංසාවෙන් පෙන්නන්නේ තනිකර අමෝහ කොටස. එයා කරන්නේ මොකක් ද, එහෙනම්?

අර සඤ්ඤාව ඇති වෙන එක. ස්පර්ශයෙන් සඤ්ඤාව එකක්. ඊට පස්සේ විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට බහින්නා වූ එක, දෙක, කපනවා. ඊට පස්සේ, චේතනාවට එන්නා වූ එක, වේදනාවේ ඉඳන් ධම්මමච්ඡරිය පාර, කපනවා. එයාගෙ range එක, ඒ උඩින් තියෙන්නේ. දැන් පේනවා ද? ඡන්ද ඉද්ධිපාදයේ තියෙන්නේ අර පල්ලෙහා පැත්තේ ඉඳන් උඩ දක්වා එන එක. ඒ දෙන්නා එක්කහු වෙලා. එතකොට මැද්දෙන් අර චිත්ත ඉද්ධිපාදය. ඒවා මං ඔක්කොම තණ්හාවන් ඒක අත ඇරලා එයා ඉන්නවා.

මේක හරි සනීපයි, සැපයි. ඒ කියන්නේ මේ භාවනාව ඉතින් තමන්ට පත්තු වන්න තියෙන ඔක්කොම ඒවා ඒ වෙලාවෙදි ඇති වෙලා තියෙනවා. ඒ තරම් වටිනා වූ ධර්මයක්.

ඒක තමයි මං කරපු භාවනාව.