Date: 10/04/2015 Name: Naanadassanavisuddhi

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා,

එතකොට අද මම භාවනාව කළේ ඊයේ භාවනාව ම කරගෙන ගියා. ඊයේ භාවනාවෙදි අපි බැලුවා අර අලෝභ, අදෝෂ, අමෝහ කියන එක. එතකොට මම අර ලෝභය නැති කරමියි කියලා පටන් ගත්තා. කාමච්ඡන්දය, ජරාවට තියෙන කැමැත්ත. ඒක දිගට ම ඊළඟට පදුට්ඨමනසඞ්කප්පයෙන් ඒ ජරාවට එනවා කියන එක මම කල්පනා කළා. එතකොට දැන් ලෝභය නැති කරමියි කිව්වහම, මතක ද අපි ඊයේ බැලුවා නේ අලෝභ කුසල මූලය, අර ඡන්ද සමාධිය, එතෙන්දි අපි අර ජාතියේ ඉඳන් රූපයට යන එකත් ඒ වගේ ම අර ඉදංසච්චයේ ඉඳන් මෝහයට එන ලණුව, ඊළඟට පරාමාසයේ ඉඳන් සෝකයට එන්නා වූ ඒ කොටස. අර N අකුර අර mirror image එකේ හැටියට ගත්තහම, ඒකෙ කැපිලා යන විදිහ අපි බැලුවා. ඉතින් මේකෙ බැලුවා ම මේ ඡන්ද සමාධිය හොඳට තියෙනවා. ඒ විදිහට ඒ සමාධි සහගතව මම මිනිත්තු 5ක් විතර මම හිතන්නේ දිගට හිටියා. එහෙම ඉඳලා ඊට පස්සේ ආපහු බැලුවා මේ චිත්ත සමාධිය. එතකොට මට ඉස්සෙල්ලා වම් පැත්ත හොඳට දැනෙනවා.

ඊට පස්සේ චිත්ත සමාධිය කියන එක බැලුවා. ඉතින් ඒකේ දන්නවා අර ස්පර්ශයේ ඉඳන් වේදනාවට එනවා කියන එක. ඒ ස්පර්ශයේ ඉඳන් වේදනාවට එන එක නවත්වනවා. අනිත් අතට ගත්තහම අපිට පේනවා මේ පරාමාසයේ ඉඳන් අර භය අගතියට යන්නා වූ ඒ ලණුව. ඊළඟට භය අගතියෙන් සෝකයට. අපි දන්නවා නේ ඉතින් ඒ සෝකයෙන් වේදනාවට යනවා, සෝකයෙන් අපි ද්වේෂ අගතියට යනවා. එහෙම නම් එයා අර, දෙවෙනි පාර, පටිපදා පාර, අපිට පේනවා අර ස්පර්ශය වෙලා ඒ පාරෙ ඉඳන් ද්වේෂ අගතිය දක්වා ම එයා ඒක කපාගෙන යනවා කියන එක. එතකොට ඒක චිත්ත සමාධියෙන් මම බොහෝ වේලාවක් ඒ විදිහට හිටියා, අදෝෂ කුසල මූලයේ. අර “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසරණා” කියන එකත් මතකයේ ඇතිව හිටිය.

ඊට පස්සේ, දැන් ඊළඟට ගත්තා විමංසා ඉද්ධිපාදය. ඒ විමංසා ඉද්ධිපාදය කියන එකේ ගත්තහම, ඒකෙ අපි දන්නවා අර ස්පර්ශය නිසා සඤ්ඤාවට ඇති වෙන්නා වූ කොටස. ඒක කැපෙනවා කියන එක. ඊළඟට ඔය විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට යන කොටස, අන්න එතන දී රහතන් වහන්සේ කිව්වා, “ඒ විඤ්ඤාණයේ පැවතීම නිසා යම් අවිද්‍යාවක් වී ද, අත්තවාද උපාදාන පහ කරමින්, අවිද්‍යා යෝගය මඟ හරිමින්, ඉදංසච්චය ගලවා දමනවා” කියලා.

එතකොට, ඒ කියන්නේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ, අර අත්තවාද උපාදානය ඉඳන් පල්ලෙහාට එන්නා වූ කොටස. එතකොට දැන් ඉතිරි වෙලා තියෙන පාර තමයි අර වේදනාවේ ඉඳන් චේතනාව දක්වා එන එක. ඒ ධම්මමච්ඡරිය කියන එක ඉවත් කරනවා, B point එක හදන්නේ නෑ කියලා අපි ඊයේ බැලුවා, ඉතින් ඕක අමෝහය කුසල මූලයයි කියන එක. එතකොට විමංසා ඉද්ධිපාදයෙනුයි ඒක කරන්නේ කියන එක.

දැන් මේ ධර්මය මෙහෙම බැලුවහම ඉතින් ඔතන ඔය කියන අවස්ථාවෙදි මට ඇහුණා “එවං කායො එවං ධම්මො” කියලා. අර රූපය නිසා ඇති වන්නා වූ ඒ කාය කතාව. මෙතන අර, ධම්මො, ඒ කියන්නේ අර අපි එනවා වේදනාවේ ඉඳන් චේතනාවට එන ධම්මමච්ඡරිය. ඒක කපලා තියෙනවා කියන එක.

ඉතින් මෙතනදි මට තේරුණා මේ දකුණු පැත්තේ ප්‍රඥාව කියන එක, ඉන්ද්‍රිය කියන එක වැඩ කරනවා කියන එක. නළලත් එහෙම දැනෙනවා. මේ හැබැයි මට ඔතනදි භාවනාවට ඉස්සෙල්ලා ම, මට මේක මේ ඡන්ද සමාධියෙන් කැපෙනවා කියන පාර මම කල්පනා කළා අපි මේ diagram එකක ඇඳලා තියෙනවා නේ. පෙරළාගෙන යන විට රහතන් වහන්සේ කිව්වා “මෙන්න මේකයි diagram එක” කියලා. ඒක නේ රථ විනීත සූත්‍රයේ අර B, C, D, E කියලා පැහැදිලි කළා නේ. අන්න ඒ diagram එක. ඒකේ ඉරක් ඇඳලා තියෙනවා අපි ඔය ඡන්ද සමාධියෙන් කැපෙන්නා වූ එක, ඒ කියන්නේ විරියේ ඉඳන් ස්පර්ශය හරහා පරාමාසය ස්පර්ශ කරමින් ඇවිල්ලා තියෙනවා පරිදේවයට. ඒ පරිදේවයේ කෙළවර තමයි ඡන්ද සමාධියෙන් එතනින් කපන්නේ. අතනින් රූපයට කියන එකට එන්නේ නැතෙයි කියන එක. පරාමාසයෙ ඉඳන් එන්නා වූ එක, එයා හරියට ම අර N අකුරේ මැද්ද. ලස්සනට ඒක, ඒකෙ ඉරෙන් ඒක පේනවා.

ඊළඟට ආපහු, ඒකේ ලියලා තියෙනවා මේ text එකක්. “පෙර ආහාරය, පසුව වමනය.” ඒ කියන්නේ “පෙර සඤ්ඤාව, පසුව ව්‍යාධිය.” ආපහු පෙන්නනවා, මේ “චිත්ත සමාධිය වෙනස් නොකරමි යන අධිට්ඨානය,” චාගාධිට්ඨානය. චිත්ත සමාධියෙන් ඇති වෙන්නා වූ ඒ කතාව. ඊළඟට ධම්ම මසුරු බවට වඩා ශ්‍රද්ධාවට ගරු කිරීම. එතකොට මෙන්න මෙතනත් මේක ගැලවිලා ගිහින් තියෙනවා.

ඊළඟට තියෙනවා “සුවචභාවය නිසා, මුදු අනතිමානී.” ආන්න එතනදි ආවා ම මේ මුදු අනතිමානී කියන එක. අර අනතිමානීභාවයත් එක්ක සුවචභාවයෙ මෙතැන, අපි මෙනෙහි කරලා බැලුවොතින්, අර අනුමාන සූත්‍රයේ තියෙන්නා වූ ඒ සුවචභාවයත් එක්ක, තමන්ට දැනෙනවා ඒක පුදුමාකාර විදිහට මනස විසාල වෙලා පවතින්නා වූ ස්වභාවයක් මේකෙ තියෙනවා. ඉතින් ඒ රථ විනීත සූත්‍රයේ තියෙන එක, B, C, D, E ඔක්කෝම ඇතිව තමයි අන්න එතන තමන් ඉන්නෙ කියන එක තමන්ට වැටහෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.