ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. අද උදේ ඒ පූජාව පැවැත්තුවාට පස්සේ, මම ඊයේ කරපු භාවනාව ම තමයි මම කරගෙන ගියේ.
එතකොට අපි ඊයේ භාවනාව පොඩ්ඩක් සිහි කරගන්නවා නම් අර ඤාණදස්සන විසුද්ධිය කියන භාවනාව. ඒකේ අර ලෝභය නැති කරමි කියන එකයි අපි කරන්නේ. ලෝභය නැති කරමි කියන එකෙන් පටන් ගත්තහම ඒකේ පෙන්නුවා, දැන් අපි දන්නවා ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් ජාතියට ආවා නම්, ජාතියේ ඉඳන් අපි උඩට උස්සනවා රූපය දක්වා. ඒක උස්සන්නේ රාග සල්ලයෙන්. එතකොට ඒක නැති කරන එක්කෙනා තමයි මෙන්න මේ ඡන්ද සමාධිය කියන එක. ඡන්ද සමාධියෙන් එතකොට මේ පැත්තේ උඩට ගෙනියන්න දෙන්නේ නැහැ කියන එක තියෙනවා.
ඊළඟට, ආපහු ඡන්ද සමාධියෙන් කරනවා අර, A, B curve එක තියෙනවා නේ. Bell shaped curve එකේ ඔය B කියන එක හදන්න බැහැ. ඒ කියන්නේ පොඩ්ඩ කාලයයි හැදුවත් ඕක පවතින්නේ. ඒක නිසා ඕකට මානය නොවෙන්න ඕනෙයි කියන එක තියෙනවා. අන්න ඒ අවස්ථාවේ දී වෙන්නේ මොකද්ද? අර පල්ලෙහා මේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් මෙන්න මෙහෙම පල්ලෙහාට එන්නා වූ දේ තියෙනවා නේ.
ඒ කියන්නේ මෙතන තියෙනවා හරියට ලණුවක්. ඒ ලණුව තියෙන්නේ ඉදංසච්චයේ ඉඳන් මෙහෙම පල්ලෙහාට එනවා, අන්න ඒ rope එක කියන එක නවත්තනවා. එතකොට එහෙම නම් මෙතනින් පේනවා මේ පැත්තට ඉරයි මේ පැත්තෙන්, මේ දැන් විඤ්ඤාණයේ ඉඳන් පල්ලෙහාට තිබෙන්නා වූ ඉර නේ ද? එතකොට ඒකේ පල්ලෙහා කොටස.
ඊළඟට, මෙන්න මේ line එක තමයි අපි මේ කතා කරන්නේ ඊළඟට ගත්තහම. මෙතන මේ පරාමාසයේ ඉඳන් එන්නා වූ කොටසක් තියෙනවා, ඒක තමයි අර අත්තවාද උපාදානය එහෙම නිසා එන්නා වූ ඒ කියන්නේ පරාමාසයට මොකක් හරි එකක් ඇතුල් වෙලා තියෙනවා නම්, ඒ පරාමාසයට ඇතුල් වෙලා තියෙන එක අර ඒ කියන්නේ, ආශ්‍රව වාගේ ඒක ගලාගෙන එනවා. ඒ කෑල්ල එපා කියලා.
එතකොට ඊයේ භාවනාවෙදි පැහැදිලි කළා, මෙන්න මේක නිකන් බැලුවහම හරියට මේ, N අකුර අනිත් පැත්ත හරවලා වගේ නේ ද? mirror image එකක් වාගේ. එතකොට මෙන්න මේ line එක ගැන නේ අපි කතා කරන්නේ. ඒ කියන්නේ රූපයට එන්න දෙන් නැහැයි කියන්නේ, රූපයේ ඉඳන් මෙතන විරිය කියන එක, කලින් අපි යටින් භාවිතා කරපු විරිය එනවා. ඒකෙන් මේ පැත්ත සම්බන්ධ වෙන්නේ නෑ. ඊට පස්සේ මෙතනින්, අනිත් පැත්තට පරාමාසයට යමක් ඇතුල් වෙනවා ද, එයා ඒක නවත්තනවා. ඊළඟට මෙතන ඇතුළේ යමක් පරාමාස වෙලා තියෙනවා ද, එන්න දෙන්නේ නැහැයි කියන එක, ඡන්ද සමාධිය.
ඉතින් ඔය ඡන්ද සමාධිය ඔය වෙලාවේ, ඕක තේරුම් ගත්ත එක්කෙනාට ඒකේ ඉන්න පුළුවන්. ඒ පළවෙනි පාර මං ඒක කළහම, මිනිත්තු හතක් ම ඒ ඡන්ද සමාධියේ දිගට ම හිටියා. ඒ වාගේ තමන්ට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා, අර තමන්ට දැනෙනවා ඒකේ, මේ පැත්තේ පුදුමාකාර විදිහට වම් අත පැත්තේ සැපට ඕක දැනෙනවා.
ඊළඟට ආපහු අපි ඊයේ බලපු එක තමයි, දැන් අපි ඡන්දයට ආවට පස්සේ, ඊළඟට චිත්තය. චිත්ත ඉද්ධිපාදයෙන් කරන්නා වූ දේ. ඒකෙදි අපි ඉගෙන ගත්තා මේ අපි එන්න දෙන්නේ නැහැයි කියලා, අර ස්පර්ශය ඇති වුණාට පස්සේ වේදනාවට කියන එකට එන්න දෙන්නෑ.
දැන් බලන්න ස්පර්ශයෙන් වේදනාව වුණා නම්, වේදනාවෙන් තණ්හාව, පරිග්ගහය කියන එක මෙතන්ට එනවා. මෙතන්ට පරාමාසයට ආවා නම්, එහෙනම් ආපහු අපිට ලණුවක් තියෙනවා මේ දකුණු අත පැත්තට, මෙහෙම ඇවිල්ලා knot එක වාගේ අපි එනවා, අර ලණුවත් එක්ක හරහා සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා අර pedal එක කියලා කිව්වේ නේ ද? එතකොට අපි එනවා මෙතන, භය අගතිය කියන තැනට එනවා කියන එක තියෙනවා. එතකොට ඒක අයින් කිරීම එයා එක පැත්තකින් කරනවා. ඉතින් මෙතෙන්ට ආවොතින් මොකද වෙන්නේ?
දැන් මෙතෙන්දි තමයි අපි, අර ආච්චිගේ කතාව මතක් වෙන්න ඕනෙ. ආච්චි තුවායවල් ටික ඔක්කොම දන් දීලා ඉවරයි. ඊට පස්සේ තුවා ටික ගේනකොට කියනවා, පුතේ එපා මං මේවායෙන් අයින් වෙලා ඉන්නේ, ඔය තණ්හාව ඇති වෙන මේවා ආපහු ගේන්න එපා කියලා, එයා අයින් කරනවා, කිරීම තියෙනවා. මෙතෙන්ට ආවොතින් අපි දන්නවා අපි සෝකයට ගිහිල්ලා සෝකයෙන් එක පැත්තකින් වේදනාවට ගිහිල්ලා ආපහු ප්‍රශ්නය ඇති වෙනවා. සෝකයෙන් අපි ද්වේෂයට යනවා කියන එක තියෙනවා. ද්වේෂ අගතියට යනවා නේ. අන්න ඒ කෑල්ලත් ඒක කැපිලා යන ස්වභාවය තියෙනවා.
එතකොට ඊළඟට, ඊළඟට බලන්න තියෙන්නේ අපිට විමංසාවෙන් කරන එක. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අලෝභ, අදෝස, දැන් එනවා අමෝහ කියන කෑල්ලට. ඉතින් විමංසාවෙන් කරන එක. ඒකේ අපි ඉගෙන ගත්තා, මෙතන මේ ස්පර්ශය නිසා, ඒකෙන් අපිට සඤ්ඤාවට යනවා කියන එක දෙන්නේ නැහැයි කියලා. ස්පර්ශය නිසා සඤ්ඤාවට යනවායි කියන එක. ඉතින් ඕක ප්‍රඥාවෙන් බැලුවහම අද තමයි මම මේක රහතන් වහන්සේ කිව්වහම තේරුණේ.
බලන්න මේ line එක parallel නේ. මේ ශුන්‍යතාවයේ ඉඳන් මෙතෙන්ට යනවා කියන එක, මේ ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට යන line එකට parallel. සමාන්තර ධර්මයක් තියෙන්නේ. ඉතින් ඒක නේ මේක අත ඇරියා නම්, අපි කිව්වේ අල්ල ගත්තා නම් මෝඩයා වෙනවා, මෝහයට යනවා කියන එක නේ ද? අත ඇරියා නම්, ඒ කියන්නේ මේ ප්‍රඥා විමුක්තිය. අත ඇරියා නම් චෙතො විමුක්තිය. ඒක සම්පූර්ණයෙන් ඒකේ තියෙනවා. සම්පූර්ණයෙන් දුකයි කියලා ගත්තා නම්, අප්පණිහිත චෙතො විමුක්තිය. ඔක්කෝම එතන තියෙනවා ඒ සඤ්ඤාව තුළ. එතකොට ඒක අලුත් ධර්මයක්.
ඊළඟට ගත්තහම ආපහු අපිට පේනවා මෙතෙන්දි අපි කරන්නේ මොකද්ද, මේ විමංසා ඉද්ධිපාදය මගින් ස්පර්ශ වෙලා සඤ්ඤාවට එන එක වළක්වනවා. අනිත් අතට ගත්තහම, මේ යම්කිසි විඤ්ඤාණයක් සකස් වුණා ද අපි ඉඩ දුන්නා ද, අන්න ඒක නිසා ඉදංසච්චයට එන්නා වූ එක තියෙනවා නේ. අන්න ඒ කෑල්ල කියන එක කපනවා. ඉතින් මේක ඒ රහතන් වහන්සේගේ වචනයෙන් ම ගත්තොතින් ඒක හරි ලස්සනයි, රහතන් වහන්සේ ඒක පෙන්නුවේ මේ, ඔය කෑල්ල විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට එන එක, “විඤ්ඤාණයේ පැවතීම නිසා යම් අවිද්‍යාවක් වෙයි ද, අත්තවාද උපාදාන පහ කරමින්, අවිද්‍යා යෝගය මඟ හරිමින්, ඉදංසච්චය ගලවා දමයි.” අන්න ඒක තමයි ඒ විරිය මගින් එතෙන්දි කරන්නේ කියන එක.
එතකොට අන්න ඒක කළාට පස්සේ, මෙතන ධම්මමච්ඡරිය කියන එක අපි මෙතන ඉවත් කිරීම කියන එක සිද්ධ වෙනවා. දැන් එහෙම නම් අපි මේ උඩ, ඒ කියන්නේ සඤ්ඤාවට එන එක නෑ, චේතනාවට එන එක නෑ, විඤ්ඤාණය කියන එකේ කතාව කියන එකත් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ උඩ කෑල්ල ඉතුරු වෙන්නේ ම නැති වෙන්න, විමංසාවෙන් ඒක ගෙනියනවා. ඊට පස්සේ දැන් මතක ද ඊයේ භාවනාව?
ඊයේ භාවනාවේදි, දැන් අපි මෙච්චර වෙලා කරේ අර කලින් කරපු එක summarise කරලා පෙන්නපු එක තමයි කළේ. එතකොට ඒකෙදි අපි ඔය, මෙන්න මේ line එක නේ අල්ල ගත්තේ. රහතන් වහන්සේ කිව්වා නේ මෙන්න මේකයි, මට මතකයි මේක කොහෙ හරි තියෙනවා කියලා. මං හොයාගෙන යනකොට රහතන් වහන්සේ කිව්වා “මේක තමයි diagram එක” කියලා.
එතකොට, මෙතන මේක බලපු ගමන් ඕගොල්ලන්ට පේනවා, මෙතන මේ, text එක නේ ද? “පෙර ආහාරය පසුව වමනය,” බලන්න, මේකට සමාන්තර ධර්මය නේ ද මේ තියෙන්නේ? මේ සඤ්ඤාව මගේ කියලා ගත්තා නම්, එහෙනම් පසු සඤ්ඤාවක් තියෙනවා නේ හත් වෙනි ධ්‍යානයේ. ඉහළ ම එකට දක්වා ගමන් කරන්න. “පෙර ආහාරය පසුව වමනය.” ඒක නේ පෙර සඤ්ඤාව, ඒකයි කියන එක. හරි ලස්සනට එනවා ඒක.
ඊළඟට ආපහු දෙවනි වචනේට මෙතන තියෙනවා, “චිත්ත සමාධිය වෙනස් නොකරමියි යන අධිට්ඨානය” කියන එක. ඒ කියන්නේ චාගාධිට්ඨානය නේ ද? අර එතන අපි, දැන් අපි බැලුවා නේ චාගාධිට්ඨානයෙන් නේ අපි අර චිත්ත සමාධිය කියන එක පවතින්නේ. ස්පර්ශ, වේදනා, තණ්හාව හරහා පරිග්ගහයෙන් පරාමාස වෙලා මේ පැත්තෙන් ලණුව දාලා, කැරකිලා එන්නා වූ කතාව. එතකොට ඒක අපි, තණ්හාව කියන එක අතහරිනවා. දැන් ආච්චි අම්මා firmly කියනවා. පුතේ මේවා, තුවායවල් මීට පස්සේ මට එපා. එපා කියන එක. මං මේවා අයින් කරා, පෙර අයින් කරා වූ දේවල් මේවා කියලා.
එතකොට ඔතෙන්දි අපිට පේනවා, මට ඔන්න ඔය අවස්ථාවේ දී තමයි මං කිව්වේ මට ඇහුණා කියලා “එවං කායො එවං ධම්මො” කියලා. එතකොට මේ රූපයයි, ඊට පස්සේ මේ ධර්මයන් නිසා ඇති වෙන්නා වූ සමාධීන් නේ අපි කතා කරන්නේ නේ ද? එතකොට, දැන් මෙතෙන්දි ඒ පේනවා අපිට එහෙනම්, ධර්මය නිසා සමාධිය. මේකටවත් ඇලෙන්නේ නෑ. මේකටවත් ඇලෙන්නෑ. මොකද, ආච්චි අම්මා රෙදි ටික දන් දුන්නාට පස්සේ, ඒ ආච්චි අම්මාට දන් දීම නිසා සතුටක් තියෙනවා. එතකොට ඒ ධර්මයටවත් ආච්චි අම්මා ඇලෙන්නෑ, සරලව කියනවා නම්. එතකොට ධම්මමච්ඡරියට වඩා, නැත්නම් ආච්චි අම්මාට හිතන්න පුළුවන් නේ, තවත් තුවායක් හම්බවුණොත් මං ආයෙත් තව එක්කෙනෙකුට දෙනවා. ආච්චි අම්මා කියන්නේ, මට මේවා එපා කියලා. එතකොට ධම්මමච්ඡරියට වඩා මෙතන අපි පෙන්නනවා, ධම්ම මසුරු බවට වඩා ශ්‍රද්ධාව. මොකද්ද ධම්මමච්ඡරිය කියලා කියන්නේ? ධර්මය නිසා සමාධිය ඇති වෙනවා. මේක නිසා මං කැරකෙන්න, කරකවන්න කැමතියි, ආන්න ඒක තමයි ධම්මමච්ඡරිය කියන්නේ. එතකොට ඒකට වඩා අපි කියනවා මේ ශ්‍රද්ධාවට ගරු කරනවා කියලා. එහෙම නම් මෙතන මේ උඩ මක්ඛය කියන එක පහ වෙනවා කියන එක තියෙනවා.
එතකොට එහෙම නම් මෙතන අපි කරලා තියෙන්නේ මොකද්ද? පටිච්චසමුප්පන්නයට ඉඩ නොදීමක්. ධර්මය නිසා සමාධිය ඇති වෙනවා කියලා ඒක අල්ලගෙන මම ඉන්නෙ නෑ, ඒ කියන්නේ මම, ඇති වෙන්නා වූ පටිච්චසමුප්පන්නය පහ කිරීම කියන එක තියෙනවා. ඉතින් ඒ වෙලාවෙදි මේ diagram එකේ, මේ diagram එකේ ඕගොල්ලන්ට පේනවා මේ C කියන කොටස. මෙන්න මේ තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. මෙතන මේ පැත්තෙන් ධම්මමච්ඡරිය නිසා මක්ඛය, මේක අයින් කරා කියන්නේ, මං මෙතන C කියන ඒ ලකුණු කරලා තියෙන, අන්න ඒ තැනට එනකන් අපි ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මේක මෙහෙම නොවෙන්න, මේ කවුද උදව් උපකාර කරන්නේ? රහතන් වහන්සේ කිව්වා “ඡන්ද ඉද්ධිපාදයයි, විමංසා ඉද්ධිපාදයයි, විරියයි උදව් උපකාර කරනවා” කියලා. මෙතනදි ඔළුව හරි විශාල වෙනවා. මේක හරි ලස්සන ධර්මයක්. මේකේ හරි ලස්සනට පේන්නේ, අද තමයි මට ඒක හොඳ ලස්සනට වැටහෙන්නේ.
බලන්න, ඒක හරි complicated මේ ඉද්ධිපාදයන් කියන ඒවා ගත්තහම, හරි ම ගැඹුරුයි. ඒ කියන්නේ, මට පරාමාසයට යමක් යම්කිසි ආකාරයකට ආවා නම්, ඒ කියන්නේ මං ආපහු විඤ්ඤාණය හදනවා නේ. ඒ කියන්නේ මොකක් හරි එකක් නිසා මට මේවා වෙලා තියෙනවා නම් අර අපි, 4.4, එහෙම කියලා කියන්නේ නේ ද? එතකොට ඒ හදනවා කියන එක තියෙනවා. මගේ එකක්, මගේ පරාමාසයට මං ඉදංසච්චයෙන් approve කරලා ඇවිල්ලා තියෙනවා නම් ඕක වෙනවා. එතකොට බලන්න මෙතනදි මේ වචන තුන, ඡන්ද ඉද්ධිපාදයයි, විමංසා ඉද්ධිපාදයයි, විරියයි උදව් උපකාර කරනවා. කොහොම ද කරන්නේ? විරියෙන් කිව්වේ මොකද්ද? විරියෙන් කිව්වා, මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ඉදංසච්චයට එන පාර එපා කිව්වා. ඊට පස්සේ විමංසා ඉද්ධිපාදයෙන් කියනවා, මේ විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට එන එක එපා කියලා. දෙකයි නේ ද? ඊළඟට ඡන්ද සමාධියෙන් කියනවා, මට මෙන්න මේවාට මාන්නයක් තියාගෙන ඇති වැඩක් නෑ, ඒ කියන්නේ එයා අර line 6 එක එහෙම කපනවා. කපනවා කියලා කියන්නේ පරාමාසයට මේ පැත්තෙන් ඇතුල් වෙන එක කැපුවා. දැන් පේනවා ද? දැන් මෙන්න මේ පාර දිගේ නේ එන්නේ. පෙර කර්මය. පේනවා ද අර සියලු උපධීන්ගේ දුරලීමක් ඇත්ද, මෙතෙන්ට ආවා නම්, මට මේ පාරවල් දෙකක් මම කපනවා මෙතන්ට එන එක. මෙතන්ට ආවා නම් මං මේ පාර දිගේ, 4.4 කියන්නේ මොකද්ද? ඉදංසච්චයේ ඉඳන්, ඒ කියන්නේ අපි මේක stamp කරලා, 4.4දි පරාමාස වෙනවා කියන එක නේ. Approve කරලා පරාමාසගත වෙනවා කියන එක. එතකොට අපි මේ කෑල්ල කපනවා කියන එක තියෙනවා. ඊළඟට මෙහෙන් එන එකත් අපි කැපුවා. බලන්න පරාමාසය සම්පූර්ණයෙන් isolate වෙනවා. ඒකට එන්නා වූ පාරවල් නෑ නේ ද දැන්?
ඒ කියන්නේ මෙතන චිත්ත සමාධිය බලන්න කොයි තරම් ප්‍රබල ද කියලා. ඒ අවස්ථාවේ දී ඔය චිත්ත සමාධිය ගැන නේ කතා කරන්නේ. චිත්ත සමාධිය කියනවා මට මේවා එකක්වත් එපා, මං මේවා දන් දීලා, චාගාධිට්ඨානය කියන එක.
එතකොට ඒක වුණේ නැත්තන් මොකද වෙන්නේ? ඒක තමයි අපි ඊයේ පැහැදිලි කළේ. මේක වුණා නම් එහෙම අපි භය අගතිය, සෝකය, ද්වේෂය කියන එක, ඒක ඇති වෙනවා කියන එක තියෙනවා.
ඉතින් එතකොට ඔය, ඊයේ භාවනාවේ නම් ඉතින්, මේ ඊළඟ එකත් බැලුවා මේ, සුවචභාවය නිසා මුදු අනතිමානී කියන එක නේ ද? ඉතින් සුවචභාවය නිසා මුදු අනතිමානී කියන එක, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොනවා ද මුලින් කිව්වේ?
අර භික්ෂූන් වහන්සේගේ තියෙනවා කිව්වා, දුවච්චභාවයේ ගත්තහම අර “ඉච්ඡානං වසංගතෝ.” එහෙනම් මේ කතා කරන්නේ, වේදනාවෙන් තණ්හාවෙන් මෙතෙන්ට එන්නා වූ කෑල්ල. අත්තුක්කංසකො, මම මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදනවා කියලා මේ පැත්තට යන්නා වූ එක නේ ද? ඒ කෑල්ල එපා. ඊට පස්සේ අපි කියනවා අර ද්වේෂය, ද්වේෂය නේ ඊළඟට තියෙන්නේ. තමන්ගේ ද්වේෂ සහගතව, ඒ කියන්නේ මේ පල්ලෙහාට ඇති වෙලා, මේක වටේට නේ ද ඒ ඔක්කොම ධර්මය? ඊර්ෂ්‍යාව, මච්ඡරිය, මක්ඛය, පලාසය, මේ පරාමාසය වටේ තියෙන ධර්මයන්, ඒ අනුමාන සූත්‍රයේ ඒක දේශනා කරලා තියෙන්නේ. ඒ ටික තමයි මේ අයින් කරගෙන යන්නෙ. අර ක්ලේශයන්. සියලු උපධීන්ගේ යම් දන් දීමක් ඇත්ද, කියන එක. ඉතින් මේක හරි ලස්සනයි ඒ භාවනාව.
එතකොට මේක තමයි “නෙක්ඛම්ම භාවනාව.” දැන් බලන්න මේකේ ඔක්කෝම අතහරිනවා. මේකට එන්නා වූ කියන එක, නෙක්ඛම්මය කියන එක ඉහළ ම වශයෙන් බලනවා කියන එක. ඉතින් මේක සම්බන්ධ වෙනවා ඊට පස්සේ, ඒ භාවනාව ඉතින් හෙට කරන්න පුළුවන්. මේ කෑල්ලට එක්කහු කරන්න ඕනෙ, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන භාවනාව.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.