උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා මම වැඳ නමස්කාර කරනකොට ම, මට අර කතිරේ එකපාරට ම මෙහෙම පෙන්නුවා. ඊට පස්සේ, ඒ කියන්නේ ඉද්ධියේ තියෙන්නා වූ එක. ඊට පස්සේ මං ඉතින් බුදුපියවරු දාහතර නම ම ඒ විදිහට වැඳ නමස්කාර කළා. ඒ කතිරය පෙන්නුවා කිව්වේ, අපි අර ඉද්ධි භාවනාවේ තියෙන ඉරි දෙක. ඒක තමයි ඒ පෙන්නුවේ.
එතකොට දැන් අද භාවනාව, මං ඊයෙත් කිව්වේ අර, කරන්න බලාපොරොත්තු වුණේ, ඉද්ධි 4ම භාවිතා කරලා. ඊට පස්සේ රහතන් වහන්සේ කිව්වා නේ, “අවිද්‍යා පච්චයා සඞ්ඛාරා කියන භාවනාව බලන්න” යි කියලා.
එතකොට මතක ද ඊයේ අපි ආවා, අර පරාමාසකායගන්ථය වටේ තිබෙන්නා වූ ඔක්කෝම ධර්මයන් ටිකට අපි ආවා. එතෙන්දි ඇවිල්ලා කිව්වා, අර අනුමාන සූත්‍රයත් එක්ක ඔක්කොම ටික අයින් කරනවා කියලා, නේ ද? ඒකේ පෙන්නුවා නේ අර අත්තුක්කංසකො, පරවම්භී. අර ඉච්ඡානං වසංගතෝ, ඒ තණ්හාවෙන් වෙන්නා වූ දේ.
ඒ කියන්නේ, මේකේ අපි මේ පෙන්නුවේ, පරාමාසය ඇතුළේ ඉඳන් යමක් එනවා ද, ගලාගෙන එනවා ද, ඒක අයින් කරනවා කියලා. එතකොට, ඔතෙන්දි පෙන්නුවා නේ නෙක්ඛම්මයයි කියලා. දැන් බලන්න ඔය, අපි හිටියේ මෙන්න මේ line එකේ, අපි කතා කළේ. ඡන්ද සමාධිය line එක මතකයි නේ දැන්. ඡන්ද සමාධිය විසින් අයින් කරන්නා වූ line එක.
එතකොට ඒක ම නේ ඔය ඉද්ධි diagram එකෙත් පෙන්නන්නේ. ඒකේ කාමච්ඡන්දයේ ඉඳන් අපි යනවා කියලා ස්පර්ශය හරහා, දුස්සීලභාවයට. දැන් එතකොට මේකෙන් ගලවගෙන ගියා නම්, දැන් මෙතන මේ පරාමාසයෙන් එන්නා වූ දේ තමයි අපි මේ කතා කරන්නේ, ඒක එන්න දෙන්නේ නැති වීම. ඒකට අපි බැලුවා අර පාරවල් තුනෙන් ම සම්බන්ධ වෙලා ඉදංසච්චයෙන් stamp කරලා එන්නා වූ එක. ඒක නොවෙන්න බැලුවා. තුන් දෙනා ම කරනවා කිව්වා. කවුද තුන් දෙනා? විමංසාවෙන් පෙන්නුවා, නිත්‍ය චිත්තයේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ එක. විඤ්ඤාණයේ ඉඳන් එන්නා වූ එක. ඊළඟට පෙන්නුවා, විරිය මගින් මනොසඤ්චෙතනාවේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ පාර. ආපහු පෙන්නුවා ඉදංසච්චයේ ඉඳන් අර පල්ලෙහාට යනවා නේ, මාන වෙන්නේ අපි. ඒ කියන්නේ, මෝහ අගතියට ගිහිල්ලා එන්නා වූ පාර. එතන්ට ආවා නම් මෝහ අගතියෙන් අපි එනවා ආපහු පරාමාසයට. පරාමාසයට එන එක, ඡන්ද සමාධියෙන් එතන නැති කළා. එතකොට දැන් මේක, පරාමාසයට දැන් එන්න පුළුවන් දෙයක් ඇත්තෙ නෑ, අර ඇතුළේ තිබුණා වූ දේ තමයි මේ ගලන්නේ.
ඉතින් අපි ඕකේ ඉගෙන ගත්තා අර ජරා වෙච්ච සඤ්ඤාවෙන් ආපු එක නේ, ඕකේ අස්සෙන් එන්නේ කියන එක. මතක ද ඒ භාවනාවෙදි අපි බැලුවා, මේකේ අර, 3.3 පරාමාස, අර අවිද්‍යා ආශ්‍රවයට යන්නා වූ දේ තමයි තියෙන්නේ කියන එක.
එතකොට දැන් අද භාවනාවෙදි කළේ, මේ නෙක්ඛම්මය කියන එක ආවාට පස්සේ එහෙම නම් අපි මොකද්ද කරන්නේ? අපි ගලවලා දානවා. මොනවද ගලවලා දාන්නේ. අර පෙන්නුවා නේ, සියලු උපධීන්ගේ දුරලීම, කියන එක කියනවා නේ. මතක ද ඉද්ධි diagram එකේ පෙන්නුවේ. අර ඔය line එකට, ඔය slide 7ද කොහෙද අපි ඔය භාවනා කරපු එකට එන්න ඉස්සෙල්ලා, පෙන්නනවා නේ. මේක මේ වේදනාව කියන එකට තිබෙන්නා වූ දේ අපි අයින් කරනවා නම්, අර කරුණාවෙන් අප්‍රමාණයට යනකොට, වේදනාව නිසා මං ජීවත් වෙලා ඉන්නවා කියන කතාව නැති වෙලා යනවා. ඒකෙන් කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියලා බැලුවේ. ඒ slide එකේ කියපු කතාව ම තමයි.
එතකොට දැන්, එතනින් අපිට සම්බන්ධ වෙනවා, දැන් මේ පෙන්නන්නේ, මම වේදනාව නිසා මේක පවතිනවා කියන එක, අත්තවාද උපාදාන කතාව, ඒක නිසා ගැලවිලා යනවා. ඒක නිසා අර පයිප්ප දිගේ මම පල්ලෙහාට බැහැලා, නිත්‍ය කතාවෙන්, අත්තවාද උපාදාන, බටේ දිගේ ආවා, උත්පත්තියට යනවා කියන එක. ඒක අයින් වෙනවා. වේදනාව සඳහා මට එපා කියලා.
දැන් ඊළඟට මොකද වෙන්නේ, ඒ වෙනකොට ඕගොල්ලෝ හරියට ම ඒ කතාව කරනකොට ම, හරියට ම ඉද්ධිපාද 4, 4 ඉද්ධිපාදය සහිතව තමන් ඉන්නවා. දැන් ඊළඟට මොකද වෙන්නේ, මේ ඉද්ධිපාදයේ ability එක තියෙනවා ඔක්කොම ටික අයින් කරන්න. මේ 4 ඉද්ධිපාදය කියන එක, ඒක වෙලා නේ තියෙන්නේ.
ඒ කියන්නේ රහතන් වහන්සේ මට කිව්වා ඒ වෙලාවෙදි, මේක නිකන් හැබැයි නිකන් ම නෙමේ, ඒක මුළු ධර්මය ම දැකීම හේතු කොටගෙන. මට ඔක්කොම ටික මේ වෙනකොට connect වුණා. Connect වුණා ය කියලා කියන්නේ, තපස්සි බුදුසීයා පෙන්නපු අර, “සංස්කාර නිසා, අත්තා ඉඳන් නිත්‍යට යන කතාව” connect වුණා. එතකොට ඒ පැත්තෙන් එන්නේ නැහැ. විශ්වාජිත් බුදුපියා පැවසුවේ, “ඔබ පෙර යම් වූ සංස්කාරයක් කර්මයක් කළා ද, ඒක දැන් කරනවා කියලා හිතන්න එපා” කිව්වා. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් ගලන්නා වූ juice එක.
ඔන්න ඔය කතාව ආවහම, ඔය කාරණා ටික ආවහම, ඒ කියන්නේ, තපස්සි බුදුසීයා කියපු එකයි, මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු එකයි, මේ ඔය විදිහට ඒ බුදුපියවරු පෙන්නපු දේවල් ටික ඔක්කොම connect වුණා. ඒ භාවනාවෙදි මං ගත්තෙ ඉතින්, මේ හැමෝගෙම එක ම දේ නේ තියෙන්නේ. හැමෝම මේ, ඒ බුදුපියවරු ඔක්කෝම එක ම මතයක්. එක ම අර්ථයක් තියෙන්නේ. එතකොට මේ එක ම ධර්මය තමයි මෙතන ඒ විදිහට එන්නේ. ඉතින් අන්න එතෙන්දි ඒ 4 ඉද්ධිපාදය ම කියන එක තියෙනවා.
ඒ වෙලාවෙදි කිව්වා, “ඔබට එහෙම ඉද්ධිපාද 4ම තියෙනවා” කියන එක. එතකොට දැන් මේකේ මං මේ පෙන්නන්නේ පැහැදිලි කිරීමට, කොහොම ද ගැලවීම කියන එක. ඒ කියන්නේ, වේදනාව සඳහා මට මොකක්වත් එපා, කියලා ඔය ඉද්ධි එකේ අපි ලියලා තියෙන කතාවත් එක්ක තමයි, අපි අත හැරීම කියන එක එන්නේ.
එතකොට මුලින් ගන්න පල්ලෙහායින්, ඒ ඉද්ධිපාදය තියෙන තැනින්, අපි හිතමු A කියලා අපි ලියාගත්තා කියලා. එතන ඉඳන් එහෙනම්, අපි කියන්නේ මේ උඩ වේදනාවෙන් එන කතාව එපා කියලා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? සංස්කාර පැත්ත.
එතකොට මේ වෙනකොට, මේ සංස්කාරත් අපි අයින් කරලා නේ තියෙන්නේ. මෙයාට හැකියාව තියෙනවා මේක මට එපායි කියන්න, ඒක අර සිහි කරන්න විතරයි. තේරුණා ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දිගේ අපි එනවා. නෙක්ඛම්මයෙන්, අර මුසාවාද, පරුෂා වාච, ඒවා එපා කියන එක. එතකොට මෙතනින්, ඒ සංස්කාර කතාව නැති වෙනකොට, උඩ, අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක, ඒ කතාව නැති වෙනවා. ඒක හින්දා අත්තවාද උපාදාන, ඒ බැහැගෙන එන කතාව, එහෙන් නැති වෙනවා.
ඊළඟට එන්නේ මොකද්ද? මට ඇහුණා ඊළඟ පාරට “අනුප්පන්නානං පාපකානං” කියනවා. ඒ කියන්නේ, විරියෙන් කරන්නා වූ දේ. එතකොට එහෙම නම් බලන්න, අපේ diagram එකේ, විරියෙන් ලියලා තියෙන්නේ රූපයයි, ස්පර්ශයයි අතර විරිය, නේ ද? එතකොට ඒකෙන් කැපුවා ස්පර්ශයට එන්නා වූ එක. ඊට පස්සේ, සතියෙන් කරන්නේ මොකද්ද? ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට යන්නා වූ එක කපනවා කියන එක. එතකොට දැන් මෙතන මේ සතිය කියන්නේ මොකද්ද? 1, 2, 3. ජරාවට පත් වෙනවා නම්, මරණය, නිත්‍යභාවයක් නෑ. නිත්‍යභාවයක් නැත්තන්, අත්තා ඉඳන් නිත්‍ය කතාවක් නෑ. එතකොට ඒක නිසා අර රූපයට ම වදින්නා වූ එක, නේ ද?
එතකොට අන්න ඒ විදිහට, තමන්ගේ ඒ මනස පවතිනවා නම්, ඒ කියන්නේ අර, ඉද්ධිපාද 4 ආවායින් පස්සේ, කරුණාවෙන් අප්‍රමාණය විතරක් නෙවෙයි. තමන්ට ඕනෙ නම් කරුණාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන්. ඕනෙ නම් මුදිතාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන්. ඕන්නම් උපෙක්ඛාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන්. ඒක නිකන් මේ turning point එකක්. ඒ කියන්නේ ඉද්ධිපාද, බලන්න හතර ම, පාරවල් හතරෙ බලන්නකෝ. ඡන්ද, චිත්ත, විරිය, විමංසා නේ ද? ඉද්ධිපාද 4 තියෙන පාරවල් හතරට නේ ඕක බෙදිලා තියෙන්නේ. මේ හතර ම එකක් වුණහම?
එහෙම නම්, තමන්ට සිහි කරන්න විතරයි තියෙන්නේ. ඒක කොයි ධර්මය ද, එපා, කියන එක සිහි කරන්න විතරයි. ඒක අනුව තමන්ගේ ඒ, කරුණාවෙන් අප්‍රමාණය, මුදිතාවෙන් අප්‍රමාණය, උපෙක්ඛාවෙන් අප්‍රමාණය ඒ ඕනෙ ම එකක් ගන්න පුළුවන්. ඕන ම එකක් ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. හැබැයි අර ධර්මය ටික ඔක්කොම connect වෙන්න ඕනෙ.
ඒක තමයි මං කරපු භාවනාව.