Date: 13/04/2015 Name: Chanda Iddhipadha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. එතකොට මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම දිගට කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවෙදි අපි බැලුවා නේ තුන් පොළක්. ඒ කියන්නේ මූලික වශයෙන් අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු ඒ ඉද්ධිපාද අපි special වැඩසටහනේ කරන ඉද්ධි diagram එක නේ මෙතන පෙන්නුවේ උදේට. එතකොට ඒකේ පෙන්නන්නේ මේ යම්කිසි ආකාරයකට දුස්සීලභාවය එහෙම භාවිතා කරලා අපි මේ ජීවත් වෙලා ඉන්නවා කියන අර්ථය නේ ඒකේ තිබුණේ. එතකොට ඒකෙදි අපි මුලින් බැලුවා, මේකේ ගලවගෙන යනවා කියලා කිව්වහම, ඒ වේදනාව නිසා ඉන්න ඕනෙ නැතෙයි කියන එක එහෙම බලලා එතෙන්දි අපි පෙන්නුවේ, වේදනාව දන් දීම වාගේ දෙයක් චාගාධිට්ඨානයෙන් ගැලවෙනවා කියන එක, අර පල්ලෙහා කොටසෙන් අපි ඒක කළා.

එතකොට ඊළඟට ආපහු පෙන්නුවා අර සංස්කාර කියන, පල්ලෙහා සංස්කාර කොටුවේ තියෙන සංස්කාර ගැලවීම කියන එක හේතු කොටගෙන අර අත්තා ඉඳන් නිත්‍යට යන jack එක ගහන්නේ නැතිකමෙන් ඒ කොටසක් ගැලවිලා යනවා. එතකොට අර ජීවත් වෙලා ඉන්න, සංස්කාර නිසා ඕනෙයි කියන කතාවත් නැති වෙනවා. වේදනාවත් එපා, වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර නිසාත් එපා කියන එක.

ඊට පස්සේ ඒ තුන් වෙනුවට අපි බැලුවා අර මුල කොටසට, රූපය, ස්පර්ශය, සඤ්ඤාව. රූපයයි ස්පර්ශයයි අතර විරිය, ස්පර්ශයයි සඤ්ඤාවයි අතර සතිය. එතෙන්දි එනවා අපේ අර සංස්කාර කියන කොටස කෙනෙක් අයින් කරා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය හැකිළෙනවා. ඒක නිසා මුසාවාද, පරුෂා වාච එපා කියන එක ගිහිල්ලා එතනින් අපි එනවා අර සතියට. විරියෙන් සතියට කියන එකට ආවා. ඉතින් එතෙන්දි 1, 2, 3. දැන් අන්න ඒ අවස්ථාවේ දී අපිට පේනවා දැන් අර නිත්‍ය කියන කතාව ගලවලා දැම්මා නම්, අන්න එහෙම නම් අර අත්තා කියන කතාව දැන් නැති වෙනවා. අත්ත සඤ්ඤාවටයි දැන් වදින්නේ, ඒ අවස්ථාවේ දී. එතකොට මේක නිසා ඉන්නවා කියන කතාව නෑ. ඒ කියන්නේ සඤ්ඤාව නිසා ඉන්නවා කියන එක නෑ. දැන් එහෙම නම් අපි පටන් ගත්තේ කොහෙන්ද, වේදනාව නිසා ඉන්නවා කියන කතාව එපා. සංස්කාර නිසා ඉන්නවා කියන කතාව එපා. දැන් ආවා අත්තා කියන ඒ සඤ්ඤාව නිසා ඉන්නවා කියන කතාව එපා කියලා.

එතකොට එහෙම නම් දැන් අද ඉතුරු වෙලා තියෙන්නේ අර ඡන්ද සමාධියෙන් කෙරෙන්නා වූ, ඡන්ද ඉද්ධිපාදයෙන් කෙරෙන්නා වූ කොටස. අන්න ඒක තමයි මම බැලුවේ. ඒ කියන්නේ ඕක පටන් ගන්න ඕනෙ අර ඉද්ධි diagram එකේ ම අර නිත්‍යභාවය තියෙනවා නම් අත්තවාද උපාදානය, අත්තභාව පටිලාභය දක්වා එනවා. මට ඒක පෙන්නුවා එතනින් තමයි හිතන්න ඕනෙ කියන එක. එතකොට අපි, කෙනෙකුට එකපාරට ම පේනවා අපි පල්ලෙහා ඉඳන් අර විරියෙන්, අනුප්පන්නානං පාපකානං කියන්නේ. ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් එහෙම ඇවිල්ලා ඒ ඡන්ද සමාධියෙන් උඩට ගෙනියන කතාව නවත්තලා, ඊට පස්සේ අර විමංසා ඉද්ධිපාදයෙන් උඩ L shape එකට දැන්, ඒ කියන්නේ විමංසා ඉද්ධිපාදයෙන් උඩට නේ විඤ්ඤාණය දක්වා යන්නේ. ඔන්න ඔය කොටස නේ ඔය අපි ගලවන්න හදන්නේ.

එතකොට අර බැරි වෙලාවත් නිත්‍ය වුණා නම් මොකක් හරි එකක් නිසා අපිට හිතෙනවා ඒක නිසා පැවතිලා ඉන්න ඕනෙයි කියන එක. මගේ ජීවිතේ කොහොම හරි මං පවත්වනවා මේ නිත්‍යභාවයක් යම් ආකාරයකට සංකල්පයක් තියෙනවා නම්. එතකොට අන්න ඒ සංකල්පෙට වැදුණට පස්සෙ තමයි මේ ඡන්ද සමාධිය කියන එකේ ගැඹුරට ම ඒක එන්නේ. ඒ කියන්නේ අර අපි දන්නවා diagram එකේ තියෙන විමංසාවෙන්, විරියෙන්, ඊට පස්සේ ඡන්දයට එන කතාව මේ පෙන්නන්නේ. එතකොට දැන් එහෙම නම් අපි බලන්න ඕනෙ පල්ලෙහායින් පටන් ගන්නවා කියන එක නවතින්න ඕනෙ. ඒ කියන්නේ ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් ජාතියට එන එක නවතින්න ඕනෙ. ඉතින් මෙතෙන්ට යවන්නේ නිකන් නෙවෙයි නේ අර සෝකය නේ. සෝකයෙන් තමයි pump කර කර එවන්නෙ.

එතකොට අද භාවනාවෙදි තව දෙයක් ඒ රහතන් වහන්සේ පෙන්නුවා මට, අපි චිත්ත ඉද්ධිපාදය කියන එක අපි බලපු වෙලාවෙදි අපි පෙන්නුවා භය අගතියට එන්නා වූ අර ලණුව කියන එක ඇවිල්ලා ඒකෙන් සෝකයට. නමුත් මෙතෙන්ට විරිය කියන එකත් උදව් උපකාර වෙනවා. එයා කොහොම ද උදව් උපකාර වෙන්නේ? පරාමාසයේ ඉඳන් directly බැහැගෙන එනවා නේ පල්ලෙහාට, භය අගතියට. ආන්න ඒක අර විරිය මගින් තමයි නවත්තන්නේ. එතකොට ඒ දෙන්නා උදව් වෙලා දැන් ඔතනින් කියනවා, ඒ සෝකයට එන්නේ නෑ.

දැන් සෝකයට එන්නෙ නැහැ කිව්වහම මේක බලන්න ඕනෙ මෙහෙම. දැන්, දැන් මේ ලෝකේ කියනවා මේ මිනිස්සු අපි අනාගතේ මේ space එකට යන්න හරි මොනවා හරි එකක් හදනවා කියලා. ඕක අහගෙන ඉඳලා, ඉතින් ඒක කියනවා අපි හිතමු අවුරුදු මේ තව විස්සකින් කියලා. තව එක්කෙනෙක් අහගෙන ඉඳන් කියනවා. එතකොට මම නෑ. එතකොට මම නැතෙයි කියලා එයා සෝක නොකරන්න ඕනෙ. අර අනාගතේ එක සඳහාත් නැති වෙන්න ඕනෙ. දැන් මොකක් හරි එකක් දැන් තියෙන එක නැති වුණා කියලාත් සෝක නොකර ඉන්න ඕනෙ. අනාගතයටත්, ඒ කියන්නේ එයාට ඉන්න ඕනෙයි කියන කතාව නැති වෙන්න ඕනෙ. අර අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභයට එන්නා වූ ඒ line එක කියන එක නසන්න ඕනෙ.

එතකොට එහෙම නම් දැන් ඉතින් ධර්මය පැහැදිලියි. අපි මෙහෙම කරන්නේ නැත්තන් ඡන්ද සමාධියෙන් ඡන්ද ඉද්ධිපාදය, අර රූපය දක්වා ඉස්සවීමක් කියන එක කරන්නේ නෑ. එතකොට එහෙනම් දැන් මේ වෙලාවෙදි මේ රූපයටයි ගහන්නේ. හැබැයි එයා ගහන්නේ කොහොම ද? අර සංස්කාර නිසා හෝ සඤ්ඤාව නිසා හෝ වේදනාව නිසා හෝ. අපි එතනදිනේ පටන් ගත්තේ, වේදනා, සංස්කාර, සඤ්ඤා. ඔන්න ඔය ක්‍රමයට නේ බැලුවේ. ඒක නිසා මට ඉන්න කියන අර කොටස අයින් කළහම, නාම කොටස අයින් කළාට පස්සේ තමයි, දැන් ඔන්න මෙයා කියන්නේ මේ රූපය නිසා මම ඉන්නේ නැහැයි කියලා. ඉතින් ඔතෙන්දි අර ගාථාව එනවා. මොන ගාථාව ද? “සාතං අසාතන්ති යමාහු ලෝකේ.” බලන්න ඒක සම්බන්ධ වෙන හැටි. අර පල්ලෙහායින් එන්න එපා කියලා කියනවා විරියෙන්. උඩට රූපයට ගෙනියන්න එපා කියනවා.

ඊළඟට එන්න ඕනෙ චිත්ත ඉද්ධිපාදයෙන් එන්නා වූ අර කොටස. අර රූපයේ ඉඳන් ස්පර්ශ වෙලා වේදනාවට එන කෑල්ල, ඒක කැපෙන්න එපැයි. අන්න ඒ තුන් ධර්මයන් අනුව තමයි, මෙතන මොකද, ස්පර්ශ වෙනවා නම් මොකද වෙන්නේ අපිට? ස්පර්ශය හේතු කොටගෙන සුඛයි කියලා ආවා නම්, අන්න අර ලෝභ දෝස මේවා එකේ ලෝභ පාර මේ කතා කරන්නේ. ඒක සුඛයි කියලා ගත්තා නම් සුඛ වේදනීය වූ ස්පර්ශය වුණා නම් අපි ලෝභ පාර දිගේ ගමන් කරනවා. ඒක නොවෙන්න ඕනෙ. එතකොට එහෙම වුණා නම් කාම ආශ්‍රවය ඇති වෙලා එතන තත්වය ඇති වෙනවා නේ. ඒක නොවෙන්න භාවිතා කරන්න ඕනෙ.

ඉතින් එතකොට ඒ ඡන්ද ඉද්ධිපාදය සහිතව ඉතින් හොඳට ඉන්න පුළුවන් මේ, අර සාත අසාත කතාවත් හොඳට පැහැදිලි වෙනවා. “රූපෙසු දිස්වා විභවං භවඤ්ච” කියලා කිව්වෙ නේ ද?

එතකොට ඒ විදිහට තමයි ඒ භාවනාව මං කරගෙන ගියේ. ඒක තමයි මං කරපු භාවනාව. එහෙම එතනින් ආවේ මම අර සිඛී බුද්ධ ගාථාවට. “සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා.” අන්න එතෙන්ට ආවා ඒ භාවනාවේ.