ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. අර ඉන්න බැරි බව දන්නවා කියන අර්ථයෙන්. එතකොට මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. භාවනාවට ඉස්සෙල්ලා ම මට කිව්වා ඔය අපි අප්‍රේල් මාසේ 3 වෙනිදා කරපු චිත්ත ඉද්ධිපාද සමන්නාගත ප්‍රධාන විරිය තියෙන භාවනාව බලන්නෙයි කියලා.
ඉතින් ඒ භාවනාවේ තියෙන්නේ ඔය කබලිංකාර ආහාරය 1, 2 අත්තා ඉඳන් නිත්‍ය, 3 ජාතියේ ඉඳන් ජරාවට. ජරාව සිද්ධ වෙනවා නම් මරණය සිදු වෙනවා, මරණය සිදු වෙනවා නම් ප්‍රඥාවන්තයාට අර B කියන point එක හදන්න බෑ. එහෙම නම් අපිට මේ A වල ස්ථාවරය නැති වෙනවා කියලා එනවා. එතකොට A වල ස්ථාවරය කියලා කිව්වම ඒ අවිද්‍යා ආශ්‍රවයට තමයි පහර වදින්නේ නේ ද? එකපාරට ම මට ඕක බලනකොට ම ආවා, ඔය B කියන එක අපි ලියනවා නේ චේතනාව කියන තැන. ඉතින් මෙතනදි අර ස්ථාවරය නැති වෙනවා කිව්වහම අර අත්තා කියන එක නැති වෙලා, ඒ පැත්තෙන් භව ආශ්රවයටත් පහර වදිනවා. අත්තා කියන කතාව නැති වෙනවා නම්. දැන් එතකොට මම මෙන්න මේ point එක තමයි හුඟක් ම බැලුවේ.
මම බැලුවා එහෙම නම් අපි දන්නවා අර, දැන් සෝකය හරහා දෝස අගතියට ගිහිල්ලා එන්නා වූ පාරක් තියෙනවා. ඊළඟට අපිට ආපහු පේනවා මේ කෙළින් ම මේ B එක හදන්න බැරි නම් භව ආශ්‍රවයට පහර වදිනවා. එතකොට දැන් මේකෙන්, එහෙම නම් මං දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව දිගේ පහළට එනවා. එතකොට පේනවා භව ආශ්‍රවයට පහර වදිනවා ඒක නිසා අර ද්වේෂ සල්ලයක් නැහැ, ඒ ද්වේෂ සල්ලයක් නැත්තන්, සල්ලයෙන් නේ මේක අල්ලගෙන ඉන්නේ, එතකොට ඒ සල්ලය නේ ඔය චිත්ත ඉද්ධිපාදයෙන් නැති කරන්නේ, ඉද්ධිපාද 4න් නැති කරගන්නේ අර ස්ථිතිය. වේදනාව අල්ලගෙන ඉන්නවා කියන එක. එහෙම නම් මේක මෙතනින් කොයි එක ද ඉස්සෙල්ලා වෙන්නේ? ඒ කියන්නේ භව ආශ්‍රවයට පහර වැදෙන එක ද? අවිද්‍යා ආශ්‍රවයට පහර වදින එක ද?
දැන් එතකොට මං මේක බලාගෙන, එතකොට මට පේනවා දෙපැත්තකින් මේකේ බලපෑම තියෙනවා. ඉතින් ඕකෙදි දැන් මම මේක අත්තා කියලා වැදිලා එනවා කියන එක කල්පනා කළහම, එතන්දි ඒක ඉස්සෙල්ලා වෙනවා ද කියන එක මේ කල්පනා කරනකොට, රහතන් වහන්සේ කිව්වා, “ඔබ ඒක වරදවා ගන්නවා” කියලා ඒ වෙලාවේ. ඒ පාර මම එහෙනම් කල්පනා කළා මේකේ කොහොම ද වෙන්නේ කියන එක මං බලන්න ඕනෙ. මම කිව්වා ඒ වෙලාවේ මේ විඤ්ඤාණයක් හැදෙනකොට විඤ්ඤාණය හැදෙන්නේ, ඒ විඤ්ඤාණ ධාරාව කියන එක ඉස්සෙල්ලා speed එකෙන් ම සිද්ධ වෙන්නේ අර උඩ line එකේ රූපයේ ඉඳන් විඤ්ඤාණය දක්වා. ඊට පස්සේ අනිත් කෑල්ල. විඤ්ඤාණයට ආවාට පස්සේ මෝහය. අන්න ඒ කාරණා දෙක තමයි ඔය විඤ්ඤාණ ධාරාවක යන්නේ. ඒ පාර රහතන් වහන්සේ “සාධු” කිව්වා එතනදි.
ඒ පාර මං කල්පනා කළා එතකොට මේ විදිහට ගත්තහම එහෙම නම් අවිද්‍යා ආශ්‍රවයට තමයි ඉස්සෙල්ලා පහර වැදුණේ. අවිද්‍යා ආශ්‍රවයට පහර වැදිලා, දැන් අපි මේ කෙළවර දෙක, දැන් L shape එකට නේ ආවේ. රූපයේ කෙළවර, L කියන්නේ මේ ඒක 90°ක් කියන එකයි මේ කියන්නේ. L එක අනිත් පැත්තට හරවලා. එතකොට රූපයේ කෙළවර ඉඳන් අපි පටන් ගත්තා, විඤ්ඤාණය, විඤ්ඤාණයේ ඉඳන් මෝහය කියන තැන. අන්න දැන් අපිට පේනවා අර pedal දෙක කියන එක. Pedal දෙක ඔය දෙකෙළවරට නේ ඇවිල්ලා තියෙන්නේ. රූප පැත්තෙන් එක pedal එකක්, මෙතන මෝහ පැත්තෙන් ඇවිල්ලා තව pedal එකක්, නේ ද? එතකොට මේක පැදෙන එක නැවැත්වීමෙන් තමයි අර, එතනින් අපි ඒ චිත්ත ඉද්ධිපාද භාවනාවෙදි ඉගෙන ගත්තා මේ එලියෙන් අපි දැන් කරකවන්නේ නැත්තන්, අර ඇතුළේ hub එක හෙමින් ම සීරුවේ නතර වෙනවා. එන්න ඒ ක්‍රමයටයි මේක නතර වෙන්නේ.
එතකොට එහෙම නම් මෙතන කාම ආශ්‍රවයට කියන එකට එහෙම තමයි ඉස්සෙල්ලා පහර වදින්නේ. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයට වැදිලා, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට වැදිලා තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් දැන් මට එනවා එහෙම නම් ඉතින් හරි නේන්නම්. මොකද කාම ආශ්‍රවයට පහර වැදිලා භව ආශ්‍රවය කියලා කියන්නේ රවුම පහෙන් පස්සෙ නේ අර අත්තා කිව්වාට පස්සෙ නේ. ඔන්න දැන් ධර්මය හොඳට connect වෙලා එනවා.
මොකද ඔතනදි මම ගත්ත දේ තමයි ඔය මාන්නය කියන එක තියෙනවා නම් මනුස්සයෙක් කොහොම හරි ඒ මාන්නය නිසා අටවනවා කියන එක තියෙනවා. මැරිච්ච දේවල් තියෙනවා නේ, කැඩිච්ච දේවල් තියෙනවා නේ. ඒ තමන් කරන්නෙ නැති දේවල් තියෙනවා නේ දැන්. ඒවාගේ දේවල්වලට වුණත් තමන්ට තියෙනවා මේ අතීතයේ කවුරු හරි කෙනෙක් ඇහුවා නම් අරක ගැන, මාන්නයෙන් යුතුව තමයි ඒ කතාව කියන එක තියෙන්නේ. එතකොට එහෙම නම් ඔය අර්ථය තමන්ගේ මනසේ තියෙනවා නම් අර B point එකට මාන්නයේ කතාව හුඟක් තදින් ඒක බලන්න ඕනෙ. එහෙම නැත්තන් මේක තේරෙන්නෑ.
දැන් මට එනවා, මේ ධර්මය connect වෙලා කොහොම ද, දැන් අර සෝකය කියන තැනට එන එක නතර වෙලා තමයි අපිට ඔය ද්වේෂ අගතියට යන ඒ කතාව කියන එක තියෙන්නේ, භව ආශ්‍රවයට පහර වදිනවා කියන එක එහෙම. එතකොට එහෙම නම් ඕගොල්ලන්ට පේනවා, මෙතෙන්ට තියෙනවා පාරවල් කීපයක් ම. පළවෙනි වශයෙන් ඕගොල්ලන්ට පේනවා, සෝකයට එන්න අර නෙක්ඛම්ම කතාව. අපි ඒ භාවනාව කළා නේ. පරාමාසයේ ඉඳන් එන්නා වූ එක නවතින්න ඕනේ. එහෙම නම් ඒකට මොකද්ද ඕන වෙන්නේ? ඡන්ද ඉද්ධිපාදය. ඡන්ද ඉද්ධිපාදයෙන් තමයි පරාමාසයේ ඉඳන් juice එක එනවා වාගේ එන එක නතර වෙන්නේ.
ඊළඟට ගත්තහම ආපහු පේනවා අපිට, අර මානය කතාවෙන් එන්නා වූ පාරෙන් කැපිලා එන්න ඕනෙ. ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන්නා වූ පාර, මාන කතාව. එතකොට ඒක විමංසා ඉද්ධිපාදයෙන් තමයි එතන ඒක කැපෙන්නේ, මාන්නය එපා කියලා, මේක හදන්න බෑ, හදන්න බැරි දෙයක්, මේක බැහැයි කියන කතාව. එතකොට එතනදි විමංසා ඉද්ධිපාදයෙන් ඔන්න ඒ කෑල්ල කපනවා. ඊළඟට ගත්තහම, ඒ කියන්නේ විමංසා ඉද්ධිපාදයෙන් කපනවා කියන්නේ මෙතනදි මේ අදහස් කරන්නේ, ඔය සෝකයට භය අගතියේ ඉඳන් එන්නා වූ කෑල්ල. අර මාන කෑල්ල ගියා ඡන්ද කතාවයි චිත්ත කතාවයි ඒ දෙන්නත් එක්ක එක්කහු වෙලා එතන කරේ. හැබැයි දැන් මෙතනදි මේවා එපා කියලා කියන එක අපි මේ කතා කරන්නේ සෝකයට භය අගතියේ ඉඳන් එන්නා වූ කොටස. අර මාන කෑල්ල මතක තියා ගත්තේ නැත්තන් මේක තේරෙන්නේ නෑ. දෙකක් කැපුණා.
දැන් තවත් එක්කෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි චිත්ත ඉද්ධිපාදයෙන් කරන එක. එයා එන්න දෙන්නේ නෑ පරාමාසයේ ඉඳන් භය අගතියට එන ලණුව. තවත් එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි විරිය. සංස්කාරය මැරිලා නේ. පරිදේව වෙලා. එයා කියනවා පරිදේව වෙච්ච සංස්කාරයක් මට එපා, ආයේ මං හදන්න යන්නේ නෑ. අර අනුප්පන්නානං කිව්වේ. හැබැයි ඔතෙන්දි ඇවිල්ලා අර තුන් වෙනි විරිය. අර සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කිව්වේ. අන්න ඒ විරිය තමයි එතෙන්දි කතා කරන්නේ. දැන් එහෙනම් පේනවා ද? ඉද්ධිපාද 4ම එක්කහු වෙච්ච තැන ඔන්න ඔය සෝකය කියන තැනදි එනකොට.
ඒ කියන්නේ ඡන්දයෙන් එන්නා වූ එක කරලා තියෙනවා පරාමාසයේ ඉඳන් සෝකයට එන කෑල්ල, ඉර. ඊළඟට ආපහු තියෙනවා අර විමංසාව නිසා, මාන කතාව පැත්තකට දාලා ඒ විමංසාව නිසා භය අගතියේ ඉඳන් සෝකයට එන එක, දෙකයි. තුන් වෙනි එකට එනවා අපි චිත්ත ඉද්ධිපාදයේදි අපි ඉගෙන ගත්තා අර ආච්චි අම්මා දන් දීලා වාගේ අර ලණුව, පරාමාසයේ ඉඳන් භය අගතියට එන්නා වූ එක. ඒ ලණුව නැහැයි කියන එක. ඊළඟට ආයෙත් එනවා විරිය මගින් සංස්කාරය, අර pump කර කර එවන්නෙ පරිදේව වුණා කියලා. දැන් මෙයා කියනවා. මං හදන්න යන්නේ නෑ. අර අනුප්පන්නානං කියන අර්ථය තියෙනවා. මෙතන හැබැයි අර 3 වෙනි විරිය තමයි පෙන්නන්නේ, “අනුප්පන්නානං කුසලානං ධම්මානං.” මට ඉන්න ඕනෙ නෑ. ඉන්න ඕන නැහැයි කියන විරියත් එක්ක මෙතනින් එනවා. ආන්න ඒ විදිහට ගියහම තමයි මෙතන දැන්, බලන්න ඔය සෝකය කියන තැන එහෙනම් මතක තියාගන්න භව ආශ්‍රවය. මොකද්ද අර අපි භාවනාවක් කළා නේ එහෙම, මේක parallel වෙනවා කියලා. දැන් අපි ඉස්සෙල්ලා භව ආශ්‍රවය බැලුවේ අර වෙන තැනක තියලා. දැන් ඔන්න පේනවා මෙතෙන්ට භව ආශ්‍රවය දැම්මහම ඔන්න හරියට කතාව. ඉද්ධිපාද 4ම හොඳට පවතිනවා, හෙල්ලෙන්නෑ.
ඒක තමයි මං කරපු භාවනාව.