Date: 15/04/2015 Name: Cattaro Iddhipada - Suka Samadhi

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. ඒ කියන්නේ ජීවත්ව ඉන්න ඕනෙ කියන මිච්ඡා දිට්ඨිය පහ වෙයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. කරගෙන යනකොට ඒකේ අර මුලින් ම එනව නේ අවිද්‍යා ආශ්‍රවයට පහර වදිනවා කියන එක. ඒ කියන්නේ අපි අර B කියන point එක හදන්න බෑ, ඒ නිසා A වල ස්ථාවරය කියන එක නැති වෙනවා, අවිද්‍යා ආශ්‍රවයට කියන එකට පහර වදිනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මෙතෙන්දි අර අභිනිවේසය අර්ථ දක්වන පරාමාසයේ එක් වීම කළ හැකි නේ ද යන්න කියන එක විමසුවා. එතකොට පරාමාසය වටේට තිබෙන ධර්මයෝ මං බැලුවා.

එතකොට පළමුව ම අපිට පේනවා වේදනා, චේතනා, පරාමාස කියලා තියෙනවා. එතකොට වේදනාවේ ඉඳන් පරාමාසයට එන එක චිත්ත ඉද්ධිපාදය මගින් කපනවා. අනිත් අතට ගත්තහම වේදනාවේ ඉඳන් චේතනාවට යන එක විමංසා ඉද්ධිපාදය මගින් කපනවා කියලා අපි දන්නවා. දැන් එහෙනම් අද බැලුවා මේ චේතනාවේ ඉඳන් පරාමාසයට එන එක, ඒක කපන්නේ මේ ඡන්ද ඉද්ධිපාදය මගින් තමයි ඒක ඉවත් කිරීම කියන එක කරන්නේ. එතකොට ඒ කියන්නේ පරාමාසයට අත්තා යැයි එකතු වීම වළක්වනවා ඡන්ද ඉද්ධිපාදයෙන්. සියුම් වූ සඤ්ඤාවක්වත්, එහෙම නැත්තන් හත් වෙනි ධ්‍යාන සඤ්ඤාවක්වත්, ඒ කියන්නේ විමංසා ඉද්ධිපාදය නිසා ඇති වන ආකිඤ්චන විමුක්තියවත් මගේ යැයි කියලා එයා ගන්නේ නෑ. එතකොට පරාමාසයට තවත් පාරක් තියෙනවා. ඒක තමයි සඤ්ඤාවේ ඉඳන් පරාමාසයට එන එක. අන්න ඒක කපන්නේ විරිය ඉද්ධිපාදය මගින් තමයි අයින් කරන්නේ. කුමක් නිසා ද? චේතනාව කියන එක ගලවා දමා ඇත.

ඊළඟට පරාමාසයට එන්නා වූ තවත් පාරක් තියෙනවා. ඒ පාර තමයි අර අපි පදුට්ඨමනසඞ්කප්පයෙ ඉඳන් එන්නේ, විඤ්ඤාණයේ ඉඳන් පරාමාසයට. ආන්න ඒක කෑලි දෙකකට බලන්න ඕනෙ. මොකද අපි දන්නවා චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන්නා වූ එක, ඒක විරිය මගින් කපනවා කියලා අපි කිව්වා. එතකොට ඒකේ අපි මුල කොටස ගම්මු. ඔය cross එකක් නේ ඔතන තියෙන්නේ. එතකොට චේතනා ඉදංසච්ච, විඤ්ඤාණ පරාමාස, උඩ cross එකේ චේතනාවේ ඉඳන් මුල කොටස අපි කිව්වොත් A කියලා අන්න ඒක කපන්නේ විරිය මගින්. ඊට පස්සේ ඒ cross එකේ ඉඳන් පරාමාසයට එන්නා වූ කොටස තියෙනවා නේ. ආන්න ඒක විමංසා ඉද්ධිපාදය මගින් කැපීම කියන එක වෙනවා.

එතකොට දැන් පරාමාසය වටේට මේ සියල්ල ම ගලවලා දානවා. මොකද අපි ඊයේ භාවනාවෙදි අපි බැලුවා නේ අතන පාරවල් දෙකකින් කැපිලා, ඒ කියන්නේ චිත්තයේ ඉඳන් ඉදංසච්චයට එන එකයි, දැන් මෙතන අපි මේ කතා කරපු චේතනා ඉදංසච්චයයි කැපෙනවා නම් ඒ පාරවල් දෙක නිසා ඉදංසච්චයෙන් approve කරලා පරාමාසයට එන එක නැති වෙනවා. අනිත් අතට පල්ලෙහායින් ඡන්ද සමාධිය මගින් අපි දැනගත්තා අර ලණුව තියෙනවා නේ. ඒකෙන් ඇවිල්ලා අපි ආපහු එනවා නේ පරාමාසයට පල්ලෙහායින් අර නිත්‍යයි කියලා. ඒ කතාවත් දැන් කැපිලා.

දැන් එහෙනම් පරාමාසය isolate වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට සියල්ල ගලවා දමන්නේ, අධික වූ සුඛ සහිත වූ සමාධි ස්වභාවයක් මගේ මනසේ පැවතුණා. එතකොට ඉන්ද්‍රියයන් සියල්ල හොඳින් පවතින බවත් තිබුණා. ඉතින් මේ රහතන් වහන්සේ මේ වෙලාවේ කිව්වා “මේ විදිහට දවස් හතක් වාසය කරනවා නම් නිවන් සුව ඇති වෙනවා” කියලා.

ඒක තමයි මං කරපු භාවනාව.