Date: 16/04/2015 Name: Satta vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. අන්න ඒ වෙලාවෙදි මේ අභිජ්ඣා කියලා කියන්නේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම අභිජ්ඣා. තමාගේ තිබුණු දෙයක් මේ ඇවිස්සෙන්නේ. එනම් අර පවතිනවා යන මිච්ඡා දිට්ඨිය ම මතු වෙන්නේ ය, කියලා මේක දැනගෙන, දැකලා තමයි නමස්කාර කරේ. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

භාවනාවට පෙර ම 13 වෙනිදා මාර්තු මාසේ 2015, සත්ත විමුක්ති භාවනාව බලන්නෙයි කියලා පැවසුවා. එතකොට ඒකේ “නොබිඳී පැවතුණා වූ මිච්ඡාදිට්ඨික අගයෝ ම ඇවිස්සේ,” කියන එක ඒකේ පෙන්නනවා. ආයෙත් පෙන්නනවා, “ව්‍යාපාදය සිහි කළා. මෙහි දී අර සබ්බාසව සූත්‍රයට අනුව අර වේදනාවේ ජරාව 4.3 පරිදේවය හරහා ඇවිල්ලා තියෙනවා. මේක වරදවා ගැනීම significant වෙනවා. මෙසේ ව්‍යාපාද වී ඇති යන්න සිහි කළා.” එතකොට ඒක සිහි කරපු ගමන් මේ චිත්ත ඉද්ධිපාදයයි, ඡන්ද ඉද්ධිපාදය මගින් මේක නතර වෙන බව දැනීම සමඟ ම මගේ සිතත් නතර වුණා. එතකොට කොහොම ද ඒක වෙන්නේ?

එතකොට ඒකෙදි අපිට පේනවා අර පල්ලෙහා පැත්තෙන් අපේ තියෙනවා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පල්ලෙහා මෝහය, අර පරිදේවය තියෙන තැන අපි 4.3 කියන එක අපි ගත්තොතින් එහෙම එතන අර ලණුව. ඒ කියන්නේ ඉදංසච්ච, පරිදේව, මෝහ. එතකොට ඔය ඡන්ද සමාධිය මගින් ඔය කෑල්ල කපලා දානවා. ඊළඟට ඔය 4.3 ඒ කියන්නේ සුඛයි කියලා නේ අපි මේ කියන්නේ. ඉතින් ඕක දික් කළහම සඤ්ඤාවට යනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තහම වේදනාවේ ඉඳන් පරාමාසයට එන එක චිත්ත ඉද්ධිපාදය මගින් කපනවා. ඒක අපි හිතන්න ඕනෙ වේදනා, තණ්හා, පරාමාස. ඒ විදිහට හිතන්න ඕනෙ. එතකොට මෙතනදි අර පෙන්නනවා “නොපවතින බව දන්නා නිසා පවතින්නා වූ නිර්වාණයට කැමැත්තක් ඇති වුණා. ඡන්දය ඇති වුණා.” අන්න එහෙමයි ඒක එන්නේ. මේක පවතින දෙයක් නෙමෙයි. එතකොට මේක මගින් අර 4.3 වීම කියන එක වැළැක්වීම කියන එක කරනවා. ඒ සංස්කාර ධර්මයෝ නොපවතියි කියන අදහස තියෙනවා.

චිත්ත ඉද්ධිපාදය සහ ඡන්ද සමාධිය මගින් පමණක් ම මේක නතර වීම සිදු විය නොහැකියි කියලා මට හිතුණා. මේ 2 න් විතරක් මේක වෙන්න බෑ. එහෙම නම් සඤ්ඤාවේ සිට පරාමාසය දක්වා එන මිච්ඡා දිට්ඨිය කුමකින් කැපේ ද? මට මෙතෙන්දි කල්පනා වුණා මේ සඤ්ඤාවේ ඉඳන් පරාමාසයට එන්නා වූ එක තියෙනවා නේ. ඒ පාරත් කැපෙන්න ඕනෙ. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් පරාමාසයට විතරක් නෙමෙයි. අර මිච්ඡාදිට්ඨික අගය කෙළින් ම අර උදැල්ල වගේ බැසලා තියෙන්නේ පරාමාසයට. ඒක කුමකින් කපයි ද? මේක විමංසා ඉද්ධිපාදය මගින් කපනවා කියන එක.

එතකොට අපිට ඒ curve එකක තියෙනවා, උඩින් අපිට පේනවා ඔය figure 1 කියලා ඔය ලියලා තියෙන්නේ A, B, C කියලා අපිට පේනවා අර bell shaped curve එකේ points 3, ඒක මැරිලා යනකොට 4.2 ඒ curve එකේ පල්ලෙහා, 4.3 A1. එතකොට A point එකට වඩා A1 පොඩ්ඩක් පල්ලෙහායින් තියෙන්නේ. A1 ඊට පස්සේ උඩ 4.4 අර චේතනාව තියෙන තැන ආපහු peak එක හැදෙන එක. අර 4.3 වෙන විට ප්‍රඥාවන්තයාට දැනගන්න අවශ්‍ය තරම් කාරණා තියෙනවා. තීරණේ ගන්න එක අපහසු නෑ. මොකද එයා දන්නවා මේ විඤ්ඤාණය 4.2 දි මළා. හදපු එක මැරුණා. සෑදුවා වූ විඤ්ඤාණය මැරීමට ගියයි කියලා එයා දන්නවා. එයා තුළ ඔය 4.3 වේදනාව දක්වා 4.2 සිට පැමිණෙන්නා වූ කාලයක්වත් මේක නොපවතින බව තමන්ගේ ස්වයං වූ ප්‍රඥාව මගින් එයා දැනගන්නවා. ඒ නිසා එයා A1 කියන එක නොසාදනවා. එහෙම නම් A1 වලට, අපිට පේනවා ආපහු තව curve එකක් ඇන්දොත් A1 වලට උසක් තියෙනවා h කියලා කියන්න පුළුවන් වේදනා, පරාමාස, ඉඳන් අර A1 කියන උසට. එතකොට ඕකේ peak එකේ උඩ තියෙන්නේ චේතනාව කියන එක. එපමණවත් කාලයක් නොපවතින බව ප්‍රඥාවෙන් එයා දැනගන්නවා. අන්න ඒක තමයි ඔය දෙවනි figure එක figure 2 කියලා දාලා තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට කළහම ඒ සත්ත විමුක්තිය කියන එක ඒ විදිහට පවතිනවා.

ඒක තමයි මං කරපු භාවනාව.