ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියලා. අර පොඩි තරම් කාලයක්වත් මේක පවතින්නේ නැති දෙයක් කියන එක තමයි, මනුස්සයෝ අල්ලගෙන ඉන්නේ කියන එක. ජරාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා ම තියෙන line එක සිහි කරලා තමයි මං ඒ වැඳ නමස්කාර කළේ. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මට කිව්වේ ආපහු අර 13 වෙනිදා, මේ මාර්තු මාසේ 2015 කළා නේ සත්ත විමුක්ති භාවනාව. ඒ භාවනාවේ එක කොටසක් තමයි අපි ඊයේ කළේ අභිජ්ඣාවයි ව්‍යාපාදයයි කියන එක. මතක ඇති එතනදි ව්‍යාපාදය කියනකොට කිව්වා, මේ “සබ්බාසව සූත්‍රය අනුව, වේදනාවේ ජරාව පරිදේවය හරහා පැමිණිලා තියෙනවා, මේක වරදවා ගැනීම significant වෙනවා, මෙසේ ව්‍යාපාද වී ඇත” කියලා.
ඊට පස්සේ පෙන්නලා තියෙනවා ඊළඟට ක්‍රෝධය කියන එක. එකොළොස් වෙනි රවුමේ දී අපි දන්නවා සංස්කාර නිසා අත්තා වුණා කියලා. අර සබ්බාසව සූත්‍රයේ. එතකොට එහෙම වෙලා දිට්ඨිය මෝරලා තියෙනවා. දැන් එම දිට්ඨිය බිඳිලා තමයි අපිට ක්‍රෝධය වීම දහතුන් වෙනි රවුමේ දී සිද්ධ වෙනවා කියන්නේ. එතනදි රහතන් වහන්සේ පෙන්නුවා “මෙහි දී පෙර යම් දිට්ඨියක් නොබිඳී පැවතුණා ද, අභිජ්ඣා වන අවස්ථාවේ දී එය ම කිරීම strong වෙනවා කියලා. නිත්‍ය යැයි සිතනවා” කියලා. නොබිඳිලා පැවතුණා වූ දිට්ඨිය. ඒක අල්ලගෙන තමයි අපි අර ගමන් කරන්නේ.
එතකොට දැන් අද භාවනාවෙදි මං බලාගෙන ආවේ, දැන් ඔය සෝකය කියන තැන අපි දැන් ලියනවා නේ භව ආශ්‍රවය කියන එක. එතකොට ඒ භව ආශ්‍රවය කියන එක චිත්ත සමාධියෙන් තමයි නැති වෙන්නේ කියලා අපි දන්නවා. දැන් මං මේක බලාගෙන ආවා, එකොළොස් වෙනි රවුමේ දී යම්කිසි ආකාරයකට අර සංස්කාරයන් අත්තා කියලා ආවා නම්, දැන් ඔය ද්වේෂය කියන එකත් අපිට ඇති වෙලා නේ තියෙන්නේ. දැන් අට වෙනි රවුම ඔහොම ගිහිල්ලා අපි දන්නවා ද්වේෂය කියන එකත් ථීනමිද්ධ ස්වභාවය, එහෙම ඇති වෙලා තියෙන්නේ.
දැන් අපි එනවා, දොළොස් වෙනි රවුම බැලුවොතින් එකොළහේ දී අපිට පේනවා අපි odd හින්දා ඉදංසච්චයට තමයි ගිහිල්ලා තියෙන්නේ. අරක පවතිනවා කියන දිට්ඨියක් එයාගේ දැන් strongly ගිහිල්ලා තියෙනවා. දැන් දොළොස් වෙනි රවුමේ දී වෙන්නේ ඕක අනිත් පැත්තට. මේක නැති වෙන්න නම් ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට එන එක නැති වෙන්න ඕනෙ. ඉතින් ඒක අපිට බලන්න පුළුවන් ඒ දොළොස් වෙනි රවුම, අපිට පේනවා පළවෙනියෙන් ම චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන එක විරිය මගින් ගලවනවා. විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට එනකොට විමංසාව මගින් කපලා දානවා. ඊළඟට ඉදංසච්චයේ ඉඳන් අපි දන්නවා ඒ ඡන්ද සමාධිය මගින් අර 5 වෙනි line එක කියන එක, 6 වෙනි line එක අන්න ඒ කතාව ගැලවිලා යනවා ඡන්ද සමාධිය මගින් අර ලණුව වාගේ තියෙන එක.
දැන් ඊට පස්සේ අපිට පේනවා ආපහු, මෙතන මේ විදිහට වැළකුණහම, මේ විමංසා, විරිය, ඡන්ද, ඒ වැළකීම කළාට පස්සේ දැන් පරාමාසයේ ඉඳන් දැන් එන්න තියෙනවා line 7 එක හරහා එන්නා වූ දේ. ඒ දෙවනි ලණුව. ආන්න ඒක තමයි මේ චිත්ත සමාධිය මගින් ඉවත් කරන්නේ. අන්න එතෙන්දි නිත්‍යභාවයක් කියන එක අපිට පවතින්නේ නෑ. ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රවයට මේ වෙලාවෙදි පහර වැදීමක් කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒ දිට්ඨිය ගැලවෙච්ච නිසා අර තීව්‍රතාවය, strongness එක කියන එක සිද්ධ වෙන්නේ නෑ. ඒක නිසා සෝක වෙන්නේ නෑ.
සෝකය ඇති තැන අපි භව ආශ්‍රවය කියන එක ලිව්වොතින් අර භව ආශ්‍රවයට කියන එකට පහර වදිනවා. එනම් දිට්ඨිය නිසා වන භවයේ පැවැත්ම කියන එක ඉවත් වෙනවා.
එතකොට මේ විදිහට මේ සමාධි හතර එකතුව මගින් තමයි ඒ චිත්ත සමාධිය කියන එක පවතින්නේ. දැන් චිත්ත සමාධිය මගින් අර චාගාධිට්ඨානය තදින් භාවිතා කරනවා. වේදනාවත් සංස්කාරයත් පහ කරනවා. අර නිවන සඳහා වූ ඒ ඡන්දයේ යම් අගයක් වේ ද, ඒ චිත්තය මගින් සමාදන් කරගන්නවා. අන්න එහෙම කළහම අපිට පේනවා, අර වේදනාවේ ඉඳන් පරාමාසයට එන එකේ අපි චාගාධිට්ඨානය තියෙනවා, ඉතින් චිත්ත සමාධියෙන් ඒක නැති වෙලා යනවා.
ඒ වගේ ම තමයි පරාමාසයේ ඉඳන් සෝකයට එන එක, අර චිත්ත සමාධිය මගින් අයින් කරනවා. මොකද එතන අර ඡන්ද, ඡන්දයේ යම්කිසි අගයක් තිබුණා ද අන්න ඒ අගය අර එකතු කරගත්ත චිත්තය සමාදන් කරගත්තා, ඒ විදිහට ජීවත් වෙන්න. අන්න ඒ විදිහට භව ආශ්‍රවයෝ නොවෙනවා කියන එක තමයි මේ භාවනාවෙදි තේරුම් ගත්තේ.