ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. එතකොට එතෙන්දි මං බැලුවේ මේ, ඒ දෙවනි බුදු පියාටත් ඔය විදිහට ගියා, ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් දක්වා.
ඒ එනකොට මට තේරුණේ අර මේක පොඩි කාලයක්වත් පවතින්නේ නැති දෙයක් නේ. ඒ කියන්නේ අපි හිතනවා ඔය line එක, ජාතියේ ඉඳන් විඤ්ඤාණය දක්වා තියෙන line එක ඒක maintain වෙනවා කියන හැඟීමක් තියෙනවා මනුස්සයෙකුට. එතකොට දැන් අභිජ්ඣා කිව්වහම අපි කියනවා මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම.
එතකොට අපි ඊයේ භාවනාවෙදි පෙන්නුවා මේක මේ දිට්ඨිය කියන එක නිසා තමයි අපේ මේ, මේක පවතිනවා කියන හැඟීම එයාට එතන තියෙන්නේ. එතකොට දැන් ඔය විදිහට ඔය හැඟීම් ඇතුව, එතනදි මට විශාල සමාධියක් තිබුණා, ඒකත් එක්ක ම මම ඒ බුදුපියවරු දාහතර නම ම ඔය විදිහට සිහි කරලා වැඳ නමස්කාර කළා. එතකොට දැන් මේ භාවනාව මම දිගට කරගෙන ගියා. රහතන් වහන්සේ කිව්වේ ඊයේ භාවනාව ම නැවත කරන්නයි කියලා.
එතකොට මට මෙතෙන්දි හොඳ ලස්සනට තේරුණා. ඒ කියන්නේ අපි මේ wave එකේ අර ඉතාමත් ම කුඩා කාලයක්, අපි කිව්වා නේ අර A1 කියලා අර figure 2 කියලා diagram එකේ එහෙම පෙන්නුවේ. එපමණවත් කාලයක්වත් මේක පවතින්නේ නෑ. ප්‍රඥාවන්තයාට පේනවා මේක මැරිලා යනවා කියන එක. එතකොට එහෙම නම් මේ අපි කරන්න හදන්නේ මොකද්ද කියන එකයි බැලුවේ. ඒ කියන්නේ දැන් ව්‍යාපාදය මම ඊළඟට සිහි කළා. දැන් අභිජ්ඣාව නේ පටන් ගත්තේ. ව්‍යාපාදය සිහි කළා අර 4.3 අපි කිව්වා නේ එතෙන්දි අර ඒක මේ පරිදේවය හරහා ඇවිල්ලා තියෙනවා වේදනාවේ ජරාව, 4.3 කියන එක, වරදවා ගැනීම significant වුණා කියලා එතෙන්දි. ඒක වේදනාව පවතිනවා කියන හැඟීම එයාට තියෙනවා. එතකොට ව්‍යාපාදය වෙලා තියෙනවා.
දැන් හොඳට ප්‍රඥාවෙන් බලපු මනුස්සයාට පේනවා මේ wave එක මෙහෙම මැරී මැරී, මැරී මැරී මෙහෙම යනවා. අර point එක h කියන උස අඩු වේගෙන අඩු වේගෙන යනවා. A1, A2, A3 ඔය විදිහට අඩු වේගෙන අඩු වේගෙන යනවා. එතකොට මේක මේ match කරන්න නේ හදන්නේ. මේක පවතිනවා කියලා හිතාගෙන යන්නේ. බලන්න වට අටක් ගියහම මොකද වෙන්නේ? අර 7.7, ක්‍රෝධ උපායාසය කියලා කියන්නේ ඒකේ ආරම්භය තමයි ඒ ක්‍රෝධ උපායාසය කියලා කියන්නේ. අරක අට වෙනි රවුම වෙනකොට මේක දැන් බිංදුවට ගිහිල්ලා දැන් මට ඇති වුණා වූ වේදනාව.
එතකොට එහෙම නම් දැන්, මෙතන දැන් අපිට පේනවා මේ මිච්ඡා දිට්ඨියෙන් තමයි මෙයා මේක හිතන්නේ. එයාගෙ නොබිඳී පැවතුණා වූ දිට්ඨිය නිසායි මේක තියෙන්නේ. දැන්, මොකද මෙයා වට දහතුනක් යන්නේ? වට දහතුනක් යන්නේ ඇයි කියන ප්‍රශ්නේ විතරයි මට දැන් තියෙන්නේ. මේ පුද්ගලයාට මොකද මේ ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ? මේ පුද්ගලයා කල්පනා කරනවා මේක දැන් සංස්කාරය වෙනස් කරලා මේක කරන්න පුළුවන් වෙයි කියලා.
දැන් බලන්න ඔයා චිත්‍රපටි hall එකක හරි මොකක හරි තැනක ඉන්නවා නම් යම්කිසි රූපයක් හරි යම්කිසි පුද්ගලයෙක් හරි පේනවා නම්, එයාගේ බලාපොරොත්තුවෙන් නම් ගිහිල්ලා තියෙන්නේ, ඒ මනුස්සයා ඊට පස්සේ මොකද කරන්නේ? එයා යනවා අර එයාව දකින්න පුළුවන් ළඟ තැනකට. චිත්‍රපටිය නම් screen එක හොඳට දකින්න පුළුවන් තැනකට. ආන්න ඒ වගේ එයාගේ ගමන් කිරීමක් එයාගේ තියෙනවා. එතකොට ඒකේ එයා ඒ සංස්කාරය වෙනස් කරලා මේක පවත්වන්න පුළුවන් කියලා. දැන් මෙතන අර රූපය එක්ක ගැලිලා යන්නේ මොකද, මේකේ ස්පර්ශය, මේක හරියට එන්නේ නැති හින්ද නේ. වෙනස් කරලායි කියලා. අන්න එතකොට සංස්කාරයෙනුත් මේක කරන්න බැහැයි කියලා තේරුණා ම තමයි මෙයාට මේ ක්‍රෝධය කියන එක සිතට ඇතුල් වෙලා ඒක තියෙන්නේ. ඉතින් එතනදි ඇයි, දැන් වට අටෙන් පස්සේ ඇයි අපිට මෙහෙම වෙන්නේ?
දැන් බලන්න අට වෙනකොට අර ථීනමිද්ධ කතාව අපි ආවා. දැන් ඊට පස්සේ දැන් මෙයා මේ සංස්කාර වෙනස් කරගෙන හරි මේක කරන්නයි කියලා බලනවා. දැන් උද්ධච්චය කියන එක තියෙනවා නේ. එකොළහේ දී මතක ද අත්තා වුණා කිව්වේ. එයා හිතනවා මේ සංස්කාරයන් මේවා නිත්‍යයි. මේකෙන් මට පවත්වන්න පුළුවන් කියලා. එතකොට නමුත් එයා එහෙම නිත්‍යයි කියලා හිතුවට මේක හරියන්නේ නෑ. එතකොට ඇයි දහතුන වෙන්නේ? දහතුන වෙනකොට බලන්න, දැන් මුලින් ඔන්න රූපයත් එක්ක මැරීම රවුම් දෙකේදි වුණා. ඊට පස්සේ අපි පෙන්නලා තියෙනවා 6.4 කියන එක රූපයයි වේදනාවයි දෙක ම ජාතිය. එතන මැරිච්ච අවස්ථාව. ඒවා නියම මරණ හැටියට නේ ගන්නේ. හතරෙන් හතරට මැරෙනවා කියලා කිව්වේ නේ ද? එතකොට දැන් මෙතන මේ දොළහ වෙනකොට වෙන්නේ මොකද්ද? දැන් එකොළහේ දී අත්තා කියලා මෙහාට ගත්තා. දැන් එහෙම නම් සංස්කාරයේ මරණය කියන එකත් එකොළහේ දී වෙලා තියෙනවා. අපි අත්තා කියලා ගන්නේ මොකද්ද? අර සංස්කාර මැරිලා. මැරිච්ච එකක් තමයි අපි මේ මේක ගන්නේ.
එතකොට මෙතන මේක නිසා තමයි මෙයාට මේ දහතුන එනකොට දැන් ඉතින් අර සැකය. එයාට සැකයටත් පත් වෙලා නේ තියෙන්නේ. දහතුන වෙනකොට සැකය ඇතුල් වෙනවා සිතට. ආන්න ඒකෙදි තමයි එයාට ඒ ක්‍රෝධය කියන එක. එතකොට මෙතෙන්දි අර දෙක, රවුම් වශයෙන් ගත්තහම දෙක, හය, ඊට පස්සේ අර එකොළහ ඉවරයි, එතන දොළහ වෙනකොට ආපහු එතන ඒක තියෙනවා. අන්න ඒ අර්ථයෙන් තමයි ඒක බලන්න ඕනෙ.
ඉතින් මේකෙදි, ඕක මම මුලින් ම දකිනකොට ම ඒ කියන්නේ අර, මේක match කරන්න බැරි දෙයක් නේ ද මෙහෙම කරන්නේ කියනකොට ම මගේ අර සංස්කාර කොටසට, පල්ලෙහා සංස්කාර කොටසට සිතට ගියා අර ඊයේ භාවනාව try කරන්න ඕනෙ. ඉතින් ඒකත් එක්ක ම තමන්ට තේරෙනවා මේක පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන ඊයේ භාවනාව කරා නම් අර සමාධි හතරත් එක්ක, චිත්ත සමාධිය ඉතින් ඒකේ ගැලවිලා ගිහිල්ලා එතනින් එකපාරට ම ඒක සිද්ධ වෙනවා. එතකොට ඒ සිත නතර වෙනවා කියන එකත් සිද්ධ වෙනවා ඒ එතෙන්දිම.
එතකොට මේක තමයි ඒ භාවනාව.