ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. ඉන්න ඕනෙ කියන මිච්ඡා දිට්ඨිය, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය නැති වෙනවා. ඉතා කුඩා කාලයක් පවතින ධාරාව ගැන තිබෙන වැරදි මතය පහ වෙනවා ය කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ලෝභය නැති කරමි, කියලා එතනින් පටන් ගත්තා. කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. මේක අරගෙන මෝහ වීම නැති කළ යුතු ය කියලා කල්පනා කළා ම එතෙන්දි සිත විශාල වෙලා, තත්වයට පත් වුණා. එතකොට ඊයේ භාවනාව මම නැවතත් කරගෙන ගියා. රහතන් වහන්සේ මට කලින් කිව්වා උපනාහ භාවනාව, ඒ “ඊයේ භාවනාවේ කෙළවර උපනාහ භාවනාව කරන්නයි” කියලා.
අභිජ්ඣා කියලා කිව්වහම මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්ම. අපි දැනගත්තා ඊට පස්සේ ව්‍යාපාදය 4.3 වරදවා ගැනීම, ඒක significant වීම, ඒක සිහි කරලා ඊට පස්සේ ක්‍රෝධය කියන එක සිහි කළා. දොළොස් වෙනි රවුමේ දී රූප, වේදනා, සංස්කාර සමඟ මරණය කියන එක සිද්ධ වුණා. නමුත් නිත්‍යයි කියලා ඉදංසච්චයට ඇදීම චේතනාව හරහා සිදුවීම කියන එක සිද්ධ වුණා.
එතකොට මෙතෙන්දි මම කල්පනා කළේ, අර සුභ කියන එක ඉදංසච්චයට ඇදෙනවා වාගේ පරාමාසය ඉදංසච්චයට ඇදෙන එක. රහතන් වහන්සේ කිව්වා එතෙන්දි අර “චේතනා පාර බලන්න” කියලා. ඒ කියන්නේ චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ එක තමයි අපි එතනදි සිතන්න ඕනෙ. ඒ කියන්නේ චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන එක දහතුන රවුම හැටියට අපි සලකනවා. ඊට පස්සේ ඉදංසච්චයට ආවා නම්, ඉතින් භය අගතියට යන්නා වූ අර මාන පාර තමයි ඊළඟට තියෙන්නේ. දැන් මෙතෙන්දි අපි බැලුවොත් ඒ රවුම අටෙන් පළමු වන සංස්කාරයේ ගැම්ම කියන එක නැති වෙලා ගියා. අර ධාරාව පල්ලෙහාට තුනී වෙලා තුනී වෙලා ගියා. ඊට පස්සේ අපිට තියෙන්නේ 9, 10, 11, 12 කියන රවුම් කියන එක.
එතකොට නම වෙනි රවුමේ දී අපේ දෙවනි සංස්කාරය කියන එක ආරම්භ වුණා, නමුත් රූප වේදනා සංස්කාර සමඟ මිය යෑමක් කියන එක සිද්ධ වෙලා තියෙනවා. මේක පිළිනොගෙන චේතනා නිසා ඉදංසච්චයට වෙනවා. නිත්‍යයි පවතිනවා කියලා එයා සිතනවා. මෙසේ වරදවා වටහා ගත්තා. ඉදංසච්චයේ දී දැන් stamp එක ගහනවා මේක පවතිනවා කියලා.
දැන් අපිට මේ අවස්ථාවේ දී උපනාහය කියන එක හොඳින් වැටහෙනවා. සංස්කාරවල වෙනසක් තියෙනවා අර පළවෙනි සංස්කාරයයි දෙවනි සංස්කාරයෙයි. ඉදංසච්චය මගින් යම් අදහසක් අනුමත කළා ද, එය පුනපුනා පැවැත්වීම උපනාහය මගින් කිරීමට උත්සාහ කරනවා. මේක කළ නොහැක. එකක් බිඳෙනවා, තව එකක් සාදනවා. ඒකත් බිඳෙනවා. මේ විදිහට භය අගතිය දක්වා උපනාහය මෙහෙයවනවා. කොටස් දෙකකට වෙන් කිරීමක් කරනවා උපනාහය මගින්. මගේ පැවැත්ම සඳහා උදව් වෙන කොටස, සහ මගේ පැවැත්මට විරුද්ධ වෙන කොටස.
ඉතින් මේ භාවනාව කළහම හරියට සිත විශාල වෙනවා. විශාල වෙලා ඒ නතර වෙන ස්වභාවය කියන එක හොඳින් මම දැක්කා. ඒ උපනාහය අපි දන්නවා ඉතින් දාහතර වෙනි රවුමේ දී තමයි සිද්ධ වෙන්නේ. මෙතන මේ භය අගතියට ආවාට පස්සේ ඉතින් ඒ පාර අපි දන්නවා, සල්ල කතාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ සඤ්ඤාවේ ඉඳන් ආපහු චේතනාවට යනවා කියන එක සිද්ධ වෙනවා කියලා. අපි ඒක නැවත නැවතත් පුනපුනා පවත්තන්න උත්සාහ කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.