ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය නැති වෙනවා, ඉතා කුඩා කාලයක් පවතින ධාරාව ගැන තිබෙන වැරදි මතය පහ වෙනවා කියලා, මේ බුදුපියවරු මහා ප්රඥාවන්තයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඒ භාවනාවට පෙර ම අර සම්මා විමුක්ති භාවනාව 21 වෙනිදා මාර්තු මාසේ 2015 කියලා තියෙනවා, ඒක බලන්නෙයි කියලා පැවසුවා. මම ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ද්වේෂය නැති කරමි, ඊයේ භාවනාවේ අර්ථය. මෝහය නැති කරමි, කාම සඤ්ඤා, සංස්කාර නිසා විඤ්ඤාණයේ පැවතීමට ඇති කැමැත්ත පහ කරමි කියලා මම සිතුවා.
එතකොට මෙතෙන්දි අර අභිජ්ඣා, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්මට ඇති කැමැත්ත. අර ඉස්සෙල්ලා කිව්වා කාම සඤ්ඤා, සංස්කාරය නිසා විඤ්ඤාණය පැවතීමට ඇති කැමැත්ත. මේ කාරණා 2 පහ කරනවා නම් සිත ඉතාමත් උසස් තත්වයේ පවතින බව මට වැටහුණා.
සම්මා විමුක්ති භාවනාව සිහි කළා. එතෙන්දි අර අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං කියලා අපි අර, දැන් දන්නවා පල්ලෙහායින් ජාතිය දක්වා එන්නේ නැති වෙන්න අපි කරන්නා වූ විරිය කියන එක. ඒ විරිය භාවිතා කිරීමෙන් යම්කිසි සම්මා දිට්ඨියක් ඇති වෙනවා ද, එම සම්මා දිට්ඨිය මගින් තමයි පෙන්නන්නේ අර A, B කියන, curve එකේ A, B කියන B පැවත් වීම කියන එක කරන්න බැහැයි කියන එක. එතකොට අන්න ඒ අවබෝධය හේතු කොටගෙන, සංස්කාරයන් ඉවත් කරන්න යැයි කියලා පැවසීමක් කරනවා. සම්මා දිට්ඨිය ඒ ඇති වෙලා.
දැන් ඊළඟට දෙවනියට අපිට පේනවා දෙවනි විරිය හැටියට විරිය මගින් ඒ සංස්කාර නිසා ඒ අත්තා වීම කියන එක වළක්වනවා. එතකොට එහෙම නම් ඒ කියන්නේ අර චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ ඒ කොටස තමයි මේ කතා කරන්නේ. එතකොට මේක සතිය මගින් ඇති වන සම්මා දිට්ඨිය තුළ, මෙම සතිය මගින් ඇති වන සම්මා දිට්ඨිය තුළ සම්මා ප්රඥාව කියන එක තියෙනවා. එම ප්රඥාව නිසා විරිය කියන එක අපිට ඇති වෙනවා. එතකොට එම විරිය මගින් අර අත්ත සඤ්ඤාව කියන එක ඉවත් වෙනවා.
දැන් මෙතෙන්දි මේ අත්ත සඤ්ඤාව කිව්වහම කෙනෙක් කල්පනා කරන්න ඕනෙ, මෙතන මේක කලින් රහතන් වහන්සේ මට පෙන්නලා දුන්නා ඔය “සඤ්ඤාවේ ඉඳන් පරාමාසයටයි, වේදනාවේ ඉඳන් චේතනාවටයි” කැපෙන නාමරූප, ඒ කැපෙන්නා වූ තැන තියෙනවා නේ නාමරූප කියන තැන. එතකොට සඤ්ඤාවේ ඉඳන් නාමරූපය දක්වා එන්නා වූ කියන එක තමයි මේ විරිය මගින් මේ අවස්ථාවේ දී කපන්නේ.
ඕක විමංසාව මගින් කැපීමකුත් තියෙනවා. විමංසාව මගින් කපන්නේ ඔය නාමරූපයේ ඉඳන් පරාමාසයට එන එක. එහෙම නැත්තන් වේදනාවේ ඉඳන් නාමරූපයට එන එක. එතකොට මේක දැන් සතියට ඇතුළත් වෙනවා. එතකොට මෙම සතිය මගින් සම්මා දිට්ඨිය තුළට සම්මා ප්රඥා ඇති කර ගැනීමට උදව් උපකාර කරනවා. කුමක් නිසා ද? චේතනා ඉවත් කර ඇත.
අර ගැටය කියන එක ගලවලා තියෙනවා මේ අවස්ථාවේ දී. ඒ කියන්නේ පළවෙනි ගැටය. වේදනා චේතනා පරාමාස ගැටය කියන එක ගලවලා. මේ වෙනකොට මට හොඳට තේරුණා මේ සම්මා ඥානයයි සම්මා ප්රඥාවයි අතර වෙනස. අර කාරණාව මෙනෙහි කිරීමෙන්, සම්මා ප්රඥාවට යම්කිසි කාරණාවක් සිහි කළ යුතු ද, සම්මා ඥානයට යම්කිසි කාරණාවක් සිහි කළ යුතුයි ද, අපි ඒක කියලා තියෙනවා නේ. ඒ කාරණා දෙක මෙනෙහි කිරීමෙන් ඒ දෙක switch එක මාරු වෙනවා වාගේ වෙනස් වෙන හැටි මම හොඳට දැක්කා. එතන හරි ම හොඳයි.
එතකොට නමුත් අර මේ ධාරාවක් අර ඉතා ම කුඩා කාලයක් පවතින්නේ. අර A, B අර තුනී වෙලා යනවා. ඒක නිසා ඒකට තියෙන ඇල්මත් කියන එකත් එතන ඒකේ අයින් කිරීමක් කියන එක මගේ මනසෙන් ම සිද්ධ වුණා. දැන් විරිය මගින් රූප ස්පර්ශය කියන එක නවත්තනවා. ඒ කියන්නේ රූපයේ ඉඳන් ස්පර්ශය දක්වා එන්නා වූ කොටස අර ප්රඥා diagram එකේ මුලින් ම ලකුණු කරලා තියෙන්නේ විරිය එතන නේ. ආන්න ඒක නැවැත්වීම කියන එක.
එතකොට මෙහි දී සංස්කාර වෙනස් කර හෝ මෙය පැවැත්විය නොහැකි බව, ඒ කියන්නේ ඊයේ භාවනාවේ අර්ථයෙන්. අර සංස්කාර වෙනස් කළා කියලා මේක කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අර A, B curve එක A1, B1 ඔහොම ගිහිල්ලා flat වෙලා යනකන් ඒක එනවා, ඉතා ම කුඩා කාලයක් මේක පවතිනවා. එතකොට අන්න ඒ අනුව වැටහීම නිසා රූප ස්පර්ශය කියන එක ඉවත් කරා. ඉතින් මෙතනදි මට ඔළුවේ දැනෙන්න ගත්තා මේ සතිය, මේ ප්රඥාව තියෙන තැන, ඒ වගේ ම මේ කට හරිය.
එතකොට ඒ රහතන් වහන්සේ පෙන්නනවා ඒ කට හරියේ මේ හරියෙන් දැනෙන්නා වූ එක, ඒ පල්ලෙහායින් දැනෙන එක ඒ විමුක්තිය, “විමුක්තිය නිසා ඒ ඇති වෙන ස්වභාවය” කියලා. ඒ විදිහට මට ඔළුව දැනුණා. ඉතින් ඒ වෙලාවේ රහතන් වහන්සේ කිව්වා “ඔබට දැන් සම්මා සති, සම්මා ප්රඥා, සම්මා ඥාන, සම්මා ඥාන දර්ශන ඇතුව මේ මොහොතේ ඉන්නවා” කියලා. “විඤ්ඤාණයේ අධිපතිභාවය තමා තුළ පවතින බව” ඒ බුදුපියවරු ඒ වෙලාවේ පැවසුවා.
ඒක තමයි මං කරපු භාවනාව.