Date: 22/04/2015 Name: Vosaggaparinaamin

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ සිහි කළේ මම අර 20 අප්‍රේල් මාසේ 2015 අර අධිපති භාවනාවේ සිහි කරනවා නේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය නැති වෙනවා. ඉතා කුඩා කාලයක් පවතින ධාරාව ගැන තිබෙන වැරදි මතය පහ වෙනවා කියලා, මහා ප්‍රඥාවන්තයි කියලා වැඳ නමස්කාර කළා. එතකොට මේ විදිහට ඒ හත් නම, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඒ වැඳ නමස්කාර කරලා මම ඒ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ද්වේෂය නැති කරමි, එතකොට ඒ එයිට ඉස්සෙල්ලා භාවනාවේ, 19 වෙනිදා භාවනාවේ අර්ථයෙන්. මෝහය නැති කරමි, ඒ කාම සඤ්ඤා, සංස්කාරය නිසා විඤ්ඤාණය පැවතීමට ඇති කැමැත්ත පහ කරමි කියලා සිතුවා. එතකොට මෙතෙන්දි ආපහු ගත්තා අර අභිජ්ඣා කියන්නේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය පැවැත්වීමට ඇති කැමැත්ත. මේ කාරණා දෙක පහ කළොතින්, ඒ කියන්නේ සංස්කාර නිසා විඤ්ඤාණයේ ඉන්න තියෙන කැමැත්තයි, මිච්ඡා දිට්ඨිය නිසා ඉන්න තියෙන කැමැත්තයි, අන්න ඒ අවස්ථාවේ දී ඒ සිත ඉතාමත් ම උසස් වූ තත්වයකට පත් වෙනවා. එතකොට මේ විදිහට ඒ සම්මා විමුක්ති භාවනාව මම සිහි කළා.

එතෙන්දි අපි අනුප්පන්නානං පාපකානං අර විරිය භාවිතා කරනවා. යම් සම්මා දිට්ඨියක් ඇති වන්නේ ද, එම සම්මා දිට්ඨිය මගින් අර A B, B කියන එක පැවැත්වීම නොකළ හැකි ය යන අවබෝධය කියන එක හේතු කොටගෙන සංස්කාර ඉවත් කරන්නයි කියලා පවසනවා. දැන් දෙවනියට වෙන්නේ මොකද්ද, විරිය මගින් සංස්කාර නිසා අත්තා වීම කියන එක වළක්වනවා. එතකොට එහෙම නම් චේතනාවේ ඉඳන් ඒ විරිය මගින් ඉවත් කිරීම කියන එක කරනවා. මේක සතියට ඇතුළත් වෙනවා. මෙම සතිය මගින් ඇති වන සම්මා දිට්ඨිය තුළ සම්මා ප්‍රඥාව තියෙනවා. ඒ ප්‍රඥාව නිසා විරිය ඇති වෙනවා කියලා අපි ඉගෙන ගත්තා.

ඒ විරිය මගින් අත්ත සඤ්ඤාව ඉවත් කරනවා. ඒ කියන්නේ සඤ්ඤාවේ ඉඳන් නාමරූප දක්වා ගමන් කරන එක. එතකොට මේක සතියට ඇතුළත් වෙනවා. ඒ වෙලාවෙදි මම කිව්වා ඔය සම්මා ඥානයයි සම්මා ප්‍රඥාවයි අතර හොඳට වෙනස දැනෙනවා කියලා. ඉතින් ඒ වෙනස පැහැදිලි කරනවා නම්, ඒ තමන්ට තේරෙනවා ඒ තමන්ගේ, තමන් මේ විදිහට අත්ත සඤ්ඤාව ඉවත් කරනවා කියලා අදිටන් කරනවා නම් අර නළලේ ඒ වම් කෙළවර සතිය ඇති තැන හොඳින් දැනෙනවා. අර සංස්කාර ඉවත් කරනවා කියලා අදිටන් කරනවා නම් ඔළුවේ නළලේ දකුණ යන තැන, ඒ කියන්නේ ප්‍රඥා විමුක්තිය කියන එක හොඳට දැනීම කියන එක තියෙනවා. එතකොට මේ විදිහට මතක තියා ගන්නත් පුළුවන් පහසුවෙන් ම.

ඊළඟට, මේ විදිහට සම්මා ඥානයන් ඇති වෙනවා. ඒ සුඛ සහගත වූ ස්වභාවය මුළු විඤ්ඤාණය මගින් ම දන්නවා, දකිනවා, ඒ වගේ ම අත්විඳිනවා. Know, see and perceive කියන එකයි මේ කියන්නේ. එතකොට දැන් මෙතන්දි අපි චේතනාව කියන එක ඉවත් කරලා තියෙනවා. ගැටය ගැලවිලා ඇතියි කියලා අපිට තේරෙනවා. මේ ගැටයයි කියලා කිව්වේ වේදනා, පරාමාස, චේතනා කියන ගැටය.

දැන් ඊට පස්සේ විරිය මගින් අර රූප ස්පර්ශය කියන එක නවත්තනවා. එතකොට රූපයේ ඉඳන් ස්පර්ශය දක්වා එන්නා වූ එක. මෙහි දී සංස්කාර වෙනස් කර හෝ මෙය පැවතිය නොහැක, අර A B කියන curve එක A1, B1 වෙලා ඔහොම flat වෙලා යනකන් යනවා කියන වැටහීම නිසා ස්පර්ශය කියන එක ඉවත් කරනවා. එතකොට අර සුඛය කියන එක නිකට හරියෙන් පවා ශාන්තව තමන්ට දැනෙනවා.

අන්න එතෙන්දි තමන්ට තේරෙනවා මේ තෙවෙනි ගැටේ කියන එක ගැලවිලා තියෙනවා. තෙවෙනි ගැටේ කියලා කියන්නේ අර චේතනා, පරාමාස, ඉදංසච්චය හරහා තිබෙන්නා වූ ගැටය. මෙහි දී පෙර යම් සුඛයක් වූවා ද මෙය මුසාවක් කියලා පවසනවා. රූපය නිසාවත්, සියුම් රූප සහගතව පැවතීම නිසා ඇති වූ ඒ, ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා පැහැදිලි කරා නේ අර මේ සුඛය නිකට හරියෙන් පවා දැක්වෙන්නා වූ විමුක්ති සුඛය කියන එක. අන්න ඒක පවා පිළිගන්නේ නෑ. ඒක අතහරිනවා.

අන්න පදහති කියන වචනය අර ප්‍රහාණ සඤ්ඤාවේ පදහති කියන වචනය ඔන්න ඔතෙන්ට එනවා. එතකොට මේ විදිහට ඒ විසාල වෙලා තියෙනකොට ප්‍රඥාවන්ත වුණහම, ඒ විශ්වයේ බොහෝ දුර මනෝමය කායෙන් යනවා කියන එක මට වැටහුණා. අන්න ඒ වෙලාවේ සියල්ල දත යුතු ය. ඒ කියන්නේ සියල්ලයි කිව්වේ ඇහැයි රූපයයි, කනයි සද්දයයි, අර මනසයි ධර්මයයි. සබ්බනිස්සග්ගය කියන එක හොඳින් පැවතුණා. ඒ උපෙක්ඛා අප්‍රමාණය ඇති වුණා.

අන්න ඒ වෙලාවෙදි තේරුණා අර ඉස්සෙල්ලා භාවනාවෙදි අපි කතා කරපු කාරණා දෙක, ඒ කියන්නේ අර සංස්කාරයන් කියන ඒවා, මේ ඉහළ වූ සුඛයන් ඇති වෙන්නා වූ ඒ සංස්කාරයනුත් සමථයට පත් වෙන්න ඕනෙ, මේකත් පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අර සඤ්ඤා උපරෝධනා කියන එක, අර සඤ්ඤාව කියන එක, ඒක ගැලවිලා නතර වෙලා යන්න ඕනෙයි කියන එක. ඉතින් ඒ ඉස්සෙල්ලා භාවනා කරපු අයුරින් දැන් මේක වැටහිලා ගිහිල්ලා ඒකෙන් මේ විදිහට දුක්ඛය කෙළවර කරන්න පුළුවන් ය, කියලා කියන එක වැටහුණා.

ඒක තමයි මං කරපු භාවනාව.