උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ අධිපති භාවනාවෙදි බුදුපියවරු සිහි කළ ආකාරයට වැඳ නමස්කාර කළා.
ඊයේ හවස පානදුර පූජාවෙන් පස්සේ කරපු භාවනාව සිහි කළා. ඒ භාවනාව කියනවා නම් එහි දී අර වොස්සග්ගපරිණාමිං භාවනාව මම මෙනෙහි කරලා ඒ පළමු වන පටිපදාව, විරිය, ඉන් අනතුරුව සම්මා ප්‍රඥා, සම්මා ඥාන, සම්මා ඤාණදස්සන විසුද්ධිය, අධිපතිභාවය දක්වා පැමිණියා. දැන් “අනුප්පන්නානං පාපකානං භාවනාව විරිය භාවිතා කරලා ඒ නැවතත් මෙනෙහි කරන්න” යි කියලා කිව්වා. අනුප්පන්නානං පාපකානං කියලා විරිය භාවිතා කරන එක. එම තත්වයට මනස පත් වෙන්නේ “රූප ස්පර්ශ කිරීම නතර වීම සර්වප්‍රකාරයෙන් කළ හැකි” ය කියලා රහතන් වහන්සේ එතනදි පැහැදිලි කළා.
මෙතෙන්දි සඤ්ඤා චේතනා එක කොටසකට ගන්නවා, වේදනා චිත්ත සංස්කාර කියන එක තව පථයක් හැටියට ගන්නවා. එතකොට ඒ සඤ්ඤා චේතනා එක ධර්ම කොටසක්. වේදනා චිත්ත සංස්කාර තව ධර්ම කොටසක්. “මේක මේ හොඳින් දැනගෙන ඒක පහ කරනවා නම් රූප ස්පර්ශය නතර වෙනවා” කියලා බුදුපියවරු පැවසුවා.
ඒක කෙසේ ද කියන එක තමයි අද භාවනාවෙදි මම සිහි කළේ. ඒ දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාව සිහි කළා. මේක තුළ තියෙනවා ආහාරයේ පටික්කූලතා සඤ්ඤාව. අර රස තෘෂ්ණාව කියන එක ඉවත් කරනවා. ඒ දෙතිස් කුණපය. කාමය කියන එක පහ කරනවා මෙනෙහි කළහම. ඒ කියන්නේ සංස්කාර නිසා ඉන්න ඇති කැමැත්ත, කාම සඤ්ඤාව පවා ගැලවිලා යනවා.
සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව, සබ්බ සංඛාරයේ අනිත්‍ය සඤ්ඤා සිහි කළා. අට්ටීයති, හරායති, ජිගුච්ඡති. ජිගුච්ඡති. මෙතෙන්දි අපිට පේනවා අර සඤ්ඤාවල ඉඳන් නාමරූප කොටසට එන්නා වූ ඒ line එක. මුල දී අපි සුභ යැයි කියන මේක සිදු වුණා. ලෙඩ වන්නා වූ, ජරා වන්නා වූ, මරණයට පත් වන්නා වූ දේ ම නැවත නැවතත් පුනපුනා අපි ස්පර්ශ කරනවා. එහෙම නම්, අපි එනවා අර රූපයේ ඉඳන් ස්පර්ශය දක්වා තියෙන කොටස අයින් කරන්න, වොස්සග්ගපරිණාමිං භාවනාව මගින් අර රූප ඉවත් කරන්න යැයි කියලා පැවසුව ඒ වැටහූ ඥානයෝ තියෙනවා.
අන්න ඒ ඥානයන් තියෙන නිසා දැන් රූපයන් ස්පර්ශ නොකරනවා. මෙහෙම වෙන්න නම් සඤ්ඤා චේතනා හොඳින් දැනගෙන පහ කරන්න ඕනෙ. නැති නම් නැවතත් රූප ස්පර්ශය සිදු වෙනවා. සඤ්ඤා චේතනා, වේදනා චිත්ත සංස්කාර. ඒ pair 2 බලන්න ඕනෙ. කොහොම ද ඒක සිද්ධ වෙන්නේ?
සඤ්ඤා චේතනා, plan එක දක්වා අපි එනවා සංකප්පයන්ට. එතනින් අපි අත්තවාද උපාදානය, අත්තභාව පටිලාභය. එහෙම නම් අර ඉද්ධි diagram එකේ කොටස හොඳට පේනවා. වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර නිසා පැවතීම තමයි අපේ මේ පෙන්නන්නේ, අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභය කියන line එකෙන්. සියුම් වූ රූපයන් නිසා යම් සරසඞ්කප්පයක් ඇති වෙනවා ද, උදාහරණයක් වශයෙන් මේ භාවනාවෙදි ඉතා ලස්සන දිව්‍යාංගනාවන්ගේ ශරීර දැක්කා. ඇවිදින ස්වභාවය, වර්ණය. මේවා ගැන සිතීමක් වන්නේ ද එය මගින් රූප ස්පර්ශයන් කෙරෙනවා. එතකොට මෙහෙම රූප ස්පර්ශ නොකරනවා නම් පමණක් අපිට විමුක්තිය කියන එක තියෙනවා.
ඉතින් මේ භාවනාවේ වැඩි කාලයක් ඒ නිරෝධයේ හිටියා. සම්මා ඥානය බොහෝ විට එහි පැවතුණා.
ඒක තමයි කරපු භාවනාව.