ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. අර පවතිනවා කියන ඒ වැරදි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියලා ඒ අර අධිපති භාවනාවෙදි සිහි කළා වගේ සිහි කරලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම තමයි නැවතත් කරගෙන ගියේ. එතෙන්දි මං බැලුවා මේ පෙර කළා වූ සංස්කාරයන් නිසා සිතේ ඇති වන ආලම්බන ස්වභාවය නිසා යමෙකුට ඉන්න ඕනෙයි කියලා, පැවතීම, ඒ ඇති වෙන සංකල්පයෝ, ඒ සිත මැඩ පවත්වාගෙන සිටින අවස්ථාවන් තියෙනවා කියන එක. මේක විරියෙන් පහ කළ යුතු ය කියලා මට වැටහුණා. ඒ කියන්නේ පෙර සංස්කාරයෝ වෙලා ඉවරයි, අවසානයි. ඒ නිසා ඒ නොපවතින බව, නොපැවතිය යුතු බව සිහි කළා.
විරියෙන් අර අනුප්පන්නානං පාපකානං ආකාරයට ඒ ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් ජාතිය දක්වා ඒ එන්නා වූ එක නතර කළ යුතු ය කියලා ඒක මට වැටහුණා. සම්මා දිට්ඨිය මගින් සංස්කාරයන් ඉවත් කරන්න යැයි කියලා පවසන්නේ අර ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක එයා දැනගෙන. අර කලින් එක මළා නේ. එතකොට ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා දැනගෙන. එහෙම නම් සති ඉන්ද්‍රිය මගින් අර අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන ඒ දැන් නිත්‍යභාවය, අපි දන්නවා නේ අත්තා ඉඳන් නිත්‍යට අර සංස්කාරවලින් කරන එක. දැන් නිත්‍යභාවය බිඳ දැමීමට සම්මා දිට්ඨියත් උදව් උපකාර කරනවා. මෙසේ සම්මා ප්‍රඥා වන්නේ ය. විරිය මගින් සංස්කාර ඉවත් කිරීමෙන් අනතුරුවයි ප්‍රඥාව කියන එක ඇති වෙන්නේ.
දැන් නිත්‍ය සඤ්ඤාව ගිලිහිලා යනවා. දැන් අත්තා කොයින් ද යන්න අර සම්මා ප්‍රඥාව මගින් වැටහිලා අත්ත සඤ්ඤාව ඉවත් කරන්න, ඉවත් කිරීම කියන එක විරිය මගින් සිදු කරනවා. මෙහි දී සතිය කුමක් කරන්නේ ද කියන ප්‍රශ්නය එනවා. විඤ්ඤාණයේ පෙර යම් බැස ගැනීමක් අත්ත සඤ්ඤාව නිසා සිදු වුණා ද, මේක නොපවතින බව සිහි කරලා දෙනවා.
එතකොට අපිට පේනවා අර වේදනා, පරාමාස, චේතනා කියන ගැටය ඒක ගැලවිලා යනවා. සම්මා ඥාන ඇතුව එයා වාසය කරනවා. පෙර, පුබ්බේ කියන එක. පෙර යම් සුඛයක් වී ද, රූපය නිසා හෝ ධ්‍යානයන්, විමුක්තීන් නිසා හෝ වේ ද මේක පිළිගන්නේ නෑ. එයා කියන්නේ නෑ අර චේතනා, පරාමාස, ඉදංසච්ච ගැටේ තියෙනවා නේ. අන්න ඒ ගැටය ගැලවිලා යනවා මොකද ඉදංසච්චය දැන් පිළිගන්නේ නෑ එතන ඒකේ තිබුණ දේ බොරු කියන එක තියෙනවා. රූප ස්පර්ශය කියන එක ඉවත් කරනවා.
දැන් එතකොට එනවා අපිට අර අපි ඊයේ බලපු diagram එක. සඤ්ඤා චේතනා, එතනින් plan එක, එතනින් යනවා අත්තවාද උපාදානය, අත්තභාව පටිලාභය. එතකොට එතන එනවා අත්තභාව පටිලාභයේ ඉඳන් අත්තවාද උපාදාන line එකේ ඒ කියන්නේ අර වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර නිසා පැවතීම. අර ඉද්ධි එකේ එහෙම අපි කරන්නේ. එතකොට ඒ රහතන් වහන්සේ පෙන්නුවා නේ ඔය සඤ්ඤා චේතනා, වේදනා චිත්ත සංස්කාර. ඔන්න ඔය දෙක අයින් කළොත් තමයි, ඒ lines දෙක අයින් වෙනවා නම් තමයි කරන්න පුළුවන්, කියන එක.
එතකොට මෙතන්දි සතිය කුමක් ද කරන්නේ කියන එකයි බැලුවේ. ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො කියන එක සිහි කරලා දෙනවා. එතකොට මෙසේ රූපයේ යම් ස්පර්ශයක් වේ ද, විරිය මගින් ඒක ඉවත් කරනවා. දැන් පේනවා ද මේ සතිය කරපු වැඩේ? සතිය ඉතින් අර 1, 2, 3 කියලා රහතන් වහන්සේ දාපු එක නේ. එතනින් ම පෙන්නනවා මේ ජාතියේ ඉඳන් ජරාවට යනවා මේ තුන් වෙනි කාරණය. එතකොට දෙවනි එක අත්තා ඉඳන් නිත්‍යට යන එක ඒක පිළිවෙළට ආවා. ඊට පස්සේ අත්ත සඤ්ඤාව කියන එක අයින් කළා. ඒක අයින් කරලා ඒ රූපයට කියන එක. එතකොට ඒක කොච්චර බලගතු ද? ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො කියන එක.
ඉතින් මේකේ භාවනාවේ නම සති ඉන්ද්‍රිය.