ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, අවිහිංසාව, මෝහය නිසා වන සංස්කාරයන්ගේ ඉවත් කිරීම සිද්ධ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. එතකොට ඒකේ අර්ථය තමයි අර සම්මා දිට්ඨිය සම්මා සංකප්පය, නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා, අවිහිංසාව ආවහම අමෝහ පාර. මෝහ පාරේ තියෙන සංස්කාර ඉවත් වෙනවා කියන අර භාවනාවක කරපු කොටසක් සහිතවයි ඒ වැඳ නමස්කාර කළේ. මේ විදිහට මේ හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මං ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකේ කරගෙන ගිහිල්ලා අර සම්මා ඥානයෙන් අනතුරුව අපි දන්නවා අර ගැටේ ගැලවෙනවා කියලා, චේතනා, පරාමාස, ඉදංසච්ච කියන ගැටේ ඉවත් වෙනවා. වෙලා, ඊට පස්සේ අපි රූප ස්පර්ශය ඉවත් කරනවා. මේ විදිහට සතිමත් වූයේ අර ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, කියන ධර්මය මනා නුවණින් දැකලා සිහි කරා. ඒ භාවනාවෙදි ඒ ඔළුව විශාල වෙලා ඒ විමුක්තීන් සහගත ස්වභාවය, ඒ සුඛ සහගත ස්වභාවය ඔක්කොම තියෙනවා. මේවා එකක්වත් ගන්නේ නැති ස්වභාවය. එහෙම ඉඳලා ඒ බුදුපියවරු නමස්කාර කරනකොට ඒ ඒ බුදුපියාණන් වහන්සේගේ නම සිහි කරලා වඳිනකොට ඒ බුදුපියාණන් වහන්සේගේ දෙපතුල ළඟ මම වැඳ නමස්කාර කරන බව මම දැක්කා.
ඒකට අනතුරුව, පෙර ලාමක වූ යම් සිතුවිල්ලක් වේ ද, එය කුඩා ළමයෙකුගේ අදහසක් මෝරා ගිය වැඩිහිටියෙකු යම් සේ නොගෙන ඉඳී ද එසේ ම උත්සාහයකින් තොරව ම නොගෙන ඉන්නා බව මම දුටුවා. සම්මා ඥාන දර්ශනයෙන් ඒ භාවනාවට අනතුරුව බොහෝ වෙලාවක්, ඒ දර්ශනය පවතිනවා කියන එක මට හොඳට වැටහුණා.
ඒක තමයි මං කරපු භාවනාව.