ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන් අරගෙන දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට පළවෙනි විරියෙන් මං පටන් ගත්තා. සම්මා ප්‍රඥාව දක්වා සිහි කළා. එතකොට එහෙම නම් එතෙන්දි අර line 6 එක කැපීම, අර සතිය මගින් අර අත්තා ඉඳන් නිත්‍යට සංස්කාරවලින් jack එක ගහනවා කියන එක ඒක සිහි කර දීම, විරිය මගින් සංස්කාර ඉවත් කිරීම කියන එක මම සිහි කළා. ප්‍රඥා විමුක්ති වීමට නම් මමිංකාරය සහ සංස්කාර, දෙක ම ඉවත් කරලා තියෙන්න ඕනෙ. එතකොට අපි දන්නවා ඔය ප්‍රඥා විමුක්තිය එනකොට අර හත් වෙනි ධ්‍යාන තලයට ගිහිල්ලා ඒ එතනින් එහා පැත්තට යන්නෑ. එතකොට එතන අර වේදනා චේතනා, චේතනා ඉදංසච්ච කියන එක කැපෙන්න ඕනෙ. ඒ කියන්නේ ධම්මමච්ඡරිය එන්නා වූ ඒ පාර කියන එක කැපෙන්න ඕනෙ.
එතකොට මෙතෙන්දි මට පේනවා එහෙම නම් මේ සඤ්ඤාවෝ නිත්‍ය නොවන බව අවබෝධය කියන එක මේකේ පවතින්නට ඕනෙ. මෙතනදි සම්මා ඥානය කියන එක පවතින්නේ සංස්කාර factory එක වහලා දාලා තියෙන නිසා. මිනිස්සු නෙල්ලි ගෙනාවට ගන්නේ නෑ. Factory එක වහලා ඉවරයි. එතකොට මං මේ බලන්නේ මේ සම්මා ප්‍රඥාවේ ඒ කියන්නේ ප්‍රඥා විමුක්තියෙයි චෙතො විමුක්තියෙයි වෙනස තමයි මං මේ බලන්නේ, ධර්ම වශයෙන් බැලුවහම.
ඊළඟට චෙතො විමුක්තිය මොන ආකාරයි ද?. මෙතෙන්දි අපි රූපය කෙරෙහි විරාගය ඇත්තේ රාගය ප්‍රහීණ බැවින් රූප ස්පර්ශය කියන එක නවත්තනවා. ඒ කියන්නේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක දැනලා, පල්ලෙහා කෙළවරින් පටන් ගන්න, ජරාවට යනවා කියලා දැනලා ඊට පස්සේ අපි දන්නවා නේ අර විරියක් භාවිතා කරන්නේ අනුප්පන්නානං කියලා නේ ද?. ඊට පස්සේ උඩ රාගයෙන් කියන එකෙන් උඩට ගෙනියන්නේ නෑ. ඊට පස්සේ අර රූපය කියන එක ස්පර්ශ කරන්නේ නැහැයි කියන එක. අන්න ඒ කෙළවර ඒ තියෙන්නේ. අර ඔළුවෙත් තමන්ට දැනෙන්නේ ඒ කෙළවර.
එතකොට මෙතෙන්දි අර නෙල්ලි ගෙනීමක් කියන එක සිදු කරන්නේ නෑ. අතෙන්දි නෙල්ලි ගෙනාවට ගන්නෙ නෑ, මෙතන නෙල්ලි ගෙනීමක් කියන එක සිදු වෙන්නේ නෑ. සම්මා ඥානය පවතින්නේ ජරා වන බව දන්නා නිසා. ඉතින් බලන්න අර ප්‍රඥා diagram එකේ චෙතො විමුක්තිය, අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ ය කියලා ගන්න වටිනවා ද? අන්න එතන නේ ඒ point එක. ඒක නේ චෙතො විමුක්තිය.
විපරිණාමයට පත් වෙනවා. ජරාවට පත් වෙනවා කියලා දැනලා මේකට රාගයක් කියන එක ඒක නැති වෙලා. ඒක ඒ කෑලි දෙක හරියට ම අර ඔළුවෙත් ඒ විදිහට ම දැනෙනවා, diagram එකෙත් ඒ විදිහයි, ඒ ධර්මයත් එක ම යි කියන එක.
ඉතින් ඒකෙන් ඉතින් ගොඩාක් ම ඔය ඉතින් රූප වාගේ දේවල් එහෙම දැක්කා. මේ ඔය ප්‍රඥා විමුක්තියේ ඒ භාවනාව කෙළවරදි මම දැක්කා කරත්තයක්. ඒ කරත්තේ ගත්තහම හිස්. ඒ කියන්නේ දැන් බඩු පටවන්නේ නෑ පටවලා තිබිච්ච ඒවා බාලා. දැන් ඊට පස්සේ ගෙනියන්නේ මළ සිරුරක්. දර ටිකකුත් එක්ක ගෙනියනවා පුච්චන්න. ඒක තමයි ඒ ප්‍රඥා විමුක්තිය කෙළවරදි ඒක තේරෙන්නේ.
ඒක තමයි කරපු භාවනාව.