ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය නැති වෙනවා ය, අර විසම ලෝභය, ඒ කියන්නේ අභිජ්ඣා කියන එක නැති වෙනවා ය කියලා. ඉතින් ඒ විදිහට මං බුදුවරු හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
දැන් ඒක බලනවත් එක්ක ම ඉතින් මට කෙළින් ම ආවේ මණ්ඩලාධිපති බුදුපියා පෙන්නා දීපු අර ආයතන භාවනාව 2 තියෙන සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් එතන ශ්‍රද්ධාව, ඒ පාර දිගේ අර හිරිය, ඕතප්පය, ඡන්ද සමාධිය, ඉන්ද්‍රිය සංවරය දක්වා එනවා අභිජ්ඣාව කියන එක අයින් කරලා. මොකද මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය පවතින්න වෙන්නැති වෙන්න. ඉතින් මං ඒ පාර ඉන්ද්‍රිය සංවරය කියන එක හොඳින් විමසුවා. “කායෙන සංවරො සාධු, සාධු වාචාය සංවරො, මනසා සංවරො සාධු ඔය විදිහට සාධු සබ්බත්ත සංවරො” කියලා ඒ ගාථාවත් එක්ක මං කළා ඇහැ, කන, නාසය, දිව, ශරීරය ඒ මනස සංවර කරගන්න ඕනෙ. ඒ මනසෙන් මොනවක්වත් අභිජ්ඣා නොවෙන්න ඕනෙ කියලා. ඉතින් එතන ම මට තියෙනවා මේ චෙතො විමුක්තිය එතන ම ඇති වෙලා තියෙනවා.
ඉතින් මං එතන මේ කල්පනා කළා, මම මේක කළේ නැත්තන් මොකද වෙන්නේ? දැන් මෙතන මේ සුඛභාගීය ධර්මයන්ට නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට දැන් පේනවා, දැන් මං මේක කළොතින් සන්තින්ද්‍රියො ච නිපකො ච කියලා මෙත්තාවෙන් අප්‍රමාණයට ගිහිල්ලා මට අර රූපයෙන් වෙන්නා වූ හානිය නැතුව මං ඉන්නවා. කළේ නැත්තන්? මං ඉන්ද්‍රිය සංවරයක් නැත්තන් එහෙම නම් ඉතින් මං රූපය කියන එක මම ස්පර්ශ වෙන්න අරිනවා.
එතකොට එහෙම වුණා නම් මට පේනවා අර 1, 2, 3 කියලා අපි සතියෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ මම ජාතියේ ඉඳන් ජරාවට යනවා, ඉතින් ඒකේ කල්පනා කළා ම ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක, නිත්‍යභාවයක් නෑ එහෙනම් ඉතින් අත්තෙක් කොයින් ද? කියන එක එනවා අර දෙවනි කාරණේ. ඉතින් අත්තෙක් කොයින් ද කිව්වා ම ආපහු මම රූපයට එනවා. දැන් ඒ පාර මං කල්පනා කළා ඉතින් මේ රූපයට ආවා නම් වේදනාව, ඊට පස්සේ අර, ඒ කියන්නේ ස්පර්ශය තියෙනවා, සඤ්ඤාව, මිද්ධ සඤ්ඤාව මං ගන්නවා, ඒක තමයි පරාමාසයට යන්නේ. ඒක ගිහිල්ලා අර පරාමාසයෙන් juice වාගේ ඒක එනවා.
එතකොට මේක නැති කරගන්නත් ඡන්ද සමාධිය තමයි ඕනේ. එතකොට දැන් මේ විදිහට මම පුදුමාකාර විදිහට ඒ චෙතො විමුක්තිය මේ පැත්ත ම සම්පූර්ණයෙන් සුඛය සහගතව පුදුමාකාර කාලයක් හිටියා. නිරෝධයට යනවා, ආපහු එලියට එනවා. ඔය විදිහට ඒ භාවනාව. ඒක තමයි මේ ඡන්ද ඉද්ධිපාද භාවනාව.