එතකොට මගේ භාවනාවෙදි කළේ ඒ පූජාවෙන් පස්සේ ඒ බුදුපියවරු නැවතත් මම සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය, අභිජ්ඣා කියන එක නැති වෙනවා ය කියලා.
ඉතින් භාවනාවට ඉස්සෙල්ලා ම මට කිව්වා. ඒ සම්මා දිට්ඨි භාවනාවක් කලින් කරලා තියෙනවා ඒක බලන්නෙයි කියලා. ඉතින් ඒ සම්මා දිට්ඨි භාවනාවේ පෙන්නන්නේ මේ ධර්මය හරි අභිනන්දනා කරනවා නම් පරිහානිය යැයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට අපි දන්නවා හැබැයි මේ ලෝකේ මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ තියෙන්නේ. අර 5.3, ඒ විදිහට 5.2, 4.3 වශයෙන් අපි බැලුවා ඒ දුක්ඛය කියන එක. සඤ්ඤාවේ ජරාව වේදනාවේ ජරාව තියෙනවා කියලා. ඉතින් නමුත් මේ පුද්ගලයෙක් කල්පනා කරනවා මම ඉන්නවා කියලා. ඉතින් අපි, දැන් පේනවා රූපයත් එක්ක ඉල්ලා ගත්තොතින් එහෙම නම් අර රූපයයි කාමච්ඡන්දයයි එතනින් එක පැත්තකින් සම්බන්ධ වෙනවා.
අනිත් පැත්තට කෙනෙක් කල්පනා කරනවා නම් මං ධර්මය නිසා ඉන්නවා කියලා අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන භාවනාවක් තියෙනවා. ඒකේ පෙන්නන්නේ වේදනාවේ ඉඳන් චේතනාව, චේතනාවෙන් ඉදංසච්චය, ඉදංසච්චයට ඇවිල්ලා පල්ලෙහා අපිට ඇති වෙනවා මේ අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට ආවා, දිට්ඨි සල්ලයෙන් ආපහු සඤ්ඤාව අල්ලගෙන අපි ඉන්නවා කියන එක තියෙනවා.
එතකොට මේ විදිහට බැලුවහම අපිට පේනවා අර ඔන්චිල්ලාව. කබලිංකාර ආහාරය ඉඳන් වේදනාවට, පරාමාසයේ ඉඳන් ඊළඟට උඩ විඤ්ඤාණයට. Swing එක වාගේ ඒකේ එල්ලිලා තියෙනවා. එතකොට එක්කෝ මේකේ එල්ලිලා මේ විඤ්ඤාණය නිසා මං ඉන්නවා, එහෙම නැත්තන් මේ රූපය නිසා ඉන්නවා. ඔය දෙක අතර තමයි ඉතින් අනිත් එල්ලිල්ල කියන එක තියෙන්නේ. ඉතින් එහෙම නැත්තන් ආයෙත් මං බැලුවා අපි අර pyramid එකේ වාගේ පල්ලෙහා අපි අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට, කාම ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට. ඉතින් මේක අර කෝට්ට දාලා කරකවනවා වාගේ කරකවනවා. ඕක තමයි කරන්නේ.
ඉතින් මේක නැති වෙන්න නම් අභිජ්ඣාව කියන එක නැති වෙන්න ඕනෙ කියන එක. ඉතින් අභිජ්ඣාව කියන එක නැති වෙන්නෙයි කියන එක දැන් සම්මා දිට්ඨියෙන් මේක දැක්කහම, පුද්ගලයෙක් අනභිජ්ඣා වෙන්න ඕනෙයි කියලා කල්පනා කරනවා. ඉතින් එතෙන්දි එනවා එහෙම නම් සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් හිරිය, හිරියෙන් ඕතප්පය, ඕතප්පයෙන් විරිය, විරියෙන් ඡන්ද සමාධිය. ඡන්ද සමාධියෙන් ඉන්ද්‍රිය සංවරයට අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු තැනට එතෙන්ට එනවා. එතකොට ඒක අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ විදිහට ම මගේ ඒ සුඛය සහගතව ඒක පැවතුණා.
ඉතින් මෙහෙම ගිහිල්ලා ඒ මනස ඒ ඔය තත්වයට පත් වෙලා තියෙනකොට ඒ මණ්ඩලාධිපති බුදුපියා මගෙන් ඇහුවා මේ “කවුරු හරි කෙනෙක් නිසා ඉන්නවා කියලා කියන්නෙත් නැත්තන්, ඒ ධර්මය නිසා ඉන්නවා කියලා කියන්නෙත් නැත්තන් මොකද්ද වෙන්නේ” කියලා. එතකොට මම කල්පනා කරලා මම කිව්වා අර ඉදංසච්චයේ ඉඳන් තිබෙන්නා වූ අර පූර්ව කර්මය තියෙනවා නේ. අන්න ඒ පූර්ව කර්මය නිසා ඒ පුද්ගලයා ඉන්නවා, කියන එක. ඉතින් ඒක “හරියි” කියලා කිව්වා.
එතකොට දැන් ඒකෙන් අපිට පේනවා අර ඉදංසච්චයේ ඉඳන් ගලාගෙන එන diamond එක වාගේ එන්නා වූ එකක් තියෙනවා. අනිත් අතට අර දන්නවා නේ hub එකේ එන්නා වූ එක පරාමාසයේ ඉඳන් juice ගලනවා වගේ එන එකක් තියෙනවා. මේ මං කතා කරන්නේ අර line 5, 6, ඒ 7 කියන ඒවා කතා කරන්නේ. එතකොට දැන් මං මේ බුදුපියාගෙන් විමසුවේ, මේකෙන් significant වෙන්නේ කොයි එක ද? පරාමාසයේ ඉඳන් එන එක ද අර ඉදංසච්චයේ ඉඳන් එන එක ද මේ අවස්ථාවේ දී significant වෙන්නේ කියලා. ඉතින් ඒ බුදුපියවරු පැවසුවා ඒ “ඉදංසච්චයේ ඉඳන් එන එක ම තමයි significant වෙන්නේ.” මොකද කෙනෙක් අහලා තියෙන්න පුළුවන් මේ මම ඉස්සරහට මෙහෙම වෙනවා, මෙහෙම කරනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා නේ මේ ඉද්ධි ප්‍රාතිහාර්යයන් පාන්න පුළුවන් කියලා. එතකොට දැන් මේක කරලා නැති පුද්ගලයා ඒක කරන්න කැමැත්තක් ඇතුව, ඒ කියන්නේ අසපු දේ තියෙනවා නේ ඉදංසච්චයේ. ආන්න ඒක නිසා හරි ඒ පුද්ගලයාට ඉන්නවා කියලා, මං මේක, දැන් පෙලක් අය කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා මෙතන ගිහිල්ලා වැඳලා ඉන්න ඕනෙයි කියලා, ගියේ නැති තැනකට. ආන්න ඒ වාගේ අර තමන් අහපු දේ තියෙනවා නේ. අන්න ඒ දේ බලපානවා කියන එක තමයි ඒ බුදුපියා පෙන්නුවේ significant වෙනවා කියලා මේ අවස්ථාව වෙනකොට.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.