Date: 29/04/2015 Name: Cattaro Iddhipadha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියලා අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා ඉන්නවා කියන එක, පවතිනවා කියන එක, ඒක නැති වෙනවා ය කියලා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ මම ලෝභය නැති කරමි, අර කාමච්ඡන්දය, ජරා වන දේට ඇති කැමැත්ත. ඒ දේ ගත්තොතින් ඇති වෙන්නා වූ ද්වේෂය නැති කරමි. ඒක අරගෙන ඇති වන මෝහය, ඒක ගත්තා නම් රෝගී සඤ්ඤාව මගේ කියලා ගත්තා නම් මෝහය. මේ විදිහට ලෝභ, දෝස, මෝහ බලලා ඊට පස්සේ මම අර පන්සිල් ගන්න විදිහට ගිහිල්ලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් චතුත්ථධ්‍යානයට යමි කියලා භාවනා කරනකොට, එතෙන්දි මම ආවා සම්මා දිට්ඨියෙන් ගිහින් සම්මා සංකප්පය. සම්මා සංකප්පය කියන්නේ අර නෙක්ඛම්මය අපි භාවිතා කරනවා පවතින්නේ නැහැයි කියන අර්ථය උඩ. එහෙම ගිහිල්ලා අර සංස්කාරයන් එහෙම අයින් කරලා ඊට පස්සේ ඒ සම්මා සතියට කියන එකට ආවා. ඒ සම්මා සතියෙන් කරන්නා වූ උදව්ව උපකාරය කියන එක අර ගැටේ එහෙම ගලවනවා නේ. එතන ඒ ගැට ගලවන අවස්ථාවයි, ඒ සම්මා සතියෙන් මේක මේ පුනපුනා මිය යන විඤ්ඤාණය පැවැත්විය හැකි ද කියලා සිහි කරලා දීලා ඇති වෙන සම්මා ප්‍රඥාව. සම්මා ප්‍රඥාවෙන් සම්මා ඥානය, ඒ සංස්කාරයන් ඉවත් කිරීම. ඒ වගේ ම අත්ත සඤ්ඤාව ඉවත් කිරීම. ඊට පස්සේ රූපය ඉවත් කිරීම කියන එතන්ට යනකන් ආවා.

එතෙන්ට ආවාට පස්සේ මම මේ ඉද්ධිපාද හතර ම එතන තියෙන ස්වභාවය තියෙනවා. මම ඡන්ද ඉද්ධිපාදය කියන එක තමයි එතෙන්දි මම බැලුවේ. ඡන්ද ඉද්ධිපාදයේ දී දැන් අපි දන්නවා මේ විදිහට පවතින්නේ නැහැයි කියලා තේරුම් ගත්තහම දැන් රූපය ඉවත් කරනකොට අර N අකුරේ, reverse N අකුරේ හැටියට කපාගෙන යනවා කියලා අපි දන්නවා. එතකොට ඒ කියන්නේ ජාතියේ ඉඳන් රූපය දක්වා යන එක N අකුරේ එක කෑල්ලක්, ඊට පස්සේ ජාතියේ ඉඳන් විඤ්ඤාණයට යන එක, ඊට පස්සේ ඒ මෝහයේ ඉඳන් විඤ්ඤාණය, පවතිනවා කියන එක.

දැන් රාගය කියන එක තියෙනවා නම් අපි උස්සනවා ජාතියේ ඉඳන් රූපය දක්වා. උඩට ඉස්සීම කියන එක කරනවා රාග සල්ලයෙන්. එතකොට අපි රාගය කියන එක ඡන්ද සමාධිය නිසා අපි නැති කරනවා. හැබැයි මේක මෙහෙම කරන්න නම්, අර ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා අර සංස්කාරය නිසා විඤ්ඤාණය පවතිනවා කියන කොටස නැති වෙන්න ඕනෙ. මොකද නැත්තන් එයා උදව් උපකාර කරනවා.

දැන් අපි හිතමු මනුස්සයෙකුට යම්කිසි මුදලක් ගැන රාගයක් එකක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ මුදල ඇති කරගැනීම සඳහා එයා යම්කිසි ක්‍රමයක් උපද්දවලා තියෙනවා ද, අන්න ඒ සංස්කාරයට මාන්නයක් තියෙනවා. මේක මෙහෙම වෙන්න ඕනෙයි කියලා. ඒ කියන්නේ B කියන point එක කෙනෙකුට පේනවා ඒක අපි හදන්න පුළුවන් කියලා, ඒ කියන්නෙ පෙර. ඒ A කියන point එකේ, bell shaped curve එකේ A කියන point එකට ආවායින් පස්සේ B කියන එක හදන්න පුළුවන් කියලා තිබෙන්නා වූ මාන්නය. සංස්කාරවලට තිබෙන්නා වූ මාන්නය. එහෙනම් මේක පෙර එකක්. එතකොට එහෙම නම් අර N අකුරේ දකුණුම කෙළවරේ තිබෙන්නා වූ bar එකෙන් වෙන්නා වූ එක, ඒක නිසා මෙයාගේ මේ රූපය පවත්වන්න එතන ඒ ඒක, රාගය කියන එක ඒකට තියෙනවා. අර මුදලකට හරි මොකකට හරි ඒකට රාගය නෑ. නමුත් අර සංස්කාරයට තියෙනවා.

ඊළඟට ආපහු තියෙනවා, ඒ පුද්ගලයාට මේක පෙර පරාමාස වෙලා තියෙනවා. අර මුදල සඳහා යම්කිසි ක්‍රියාවලියක් එයා ගන්නකොට, ඒ rent එකක් අපි හිතමු මේවා කරනවා කියලා. ඒ අවස්ථාවක දී ඒ මනුස්සයාගේ පරාමාස වෙලා තියෙනවා අර සීලබ්බත උපාදානයෙන් ඇති වුණා වූ පරාමාසයට ඒක ගිහින් තියෙනවා.

එතකොට එයා කල්පනා කරනවා, ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව, අර මිද්ධ සහගත වූ සඤ්ඤාව ඇවිල්ලා තියෙනවා පරාමාසය ඇතුළට. ඒක juice එක වාගේ එනවා. එතකොට එහෙම නම් ඒක පසු එක වශයෙන් එනවා. එතකොට මෙන්න මේ කාරණා තුන බැලුවහම ඒ ඒක නිසා මනුස්සයෙක්, තමන්ට පේනවා රූපයට කෙනෙක් රාග වෙන්න පුළුවන්, ඒක ඉවත් කරගන්න තිබෙන බාධාව සංස්කාරවලට තිබෙන්නා වූ මානය. ඊළඟට අර තමන් වරදවා වටහා ගැනීම නිසා ඇති වුණා වූ ඒක පසු එක වශයෙන් එනවා අර juice එක වාගේ අර N අකුරේ අනිත් පැත්තට ඒක කපාගෙන එන එතන මානය තියෙනවා. ඒකෙන් යම්කිසි ආකාරයකට මේ වරදවා වටහා ගැනීම නිසා අර රූපය ගන්න ඕනෙයි කියන එක තියෙනවා. එතකොට එහෙම නම් රූපය ගන්න අර දෙන්නා උදව් උපකාර කරනවා. පෙර සහ පසු වශයෙන්.

අන්න ඒ දේ හොඳට මං බැලුවා. ඉතින් ඒකත් එක්ක මට තේරුණා මේ අවස්ථාවේ දී මේ ඉද්ධිපාද හතර ම හොඳට පවතිනවා කියලා. ඡන්ද ඉද්ධිපාදයයි වඩන්නේ, නමුත් අර ඉද්ධිපාද හතර ම පවතිනවා. කොහොම ද? අර සංස්කාර පවතින්නේ නැතෙයි කියලා විමංසාව කියන එක ගේනවා. එතකොට අර උඩින් කිසිම ආකාරයකින් විඤ්ඤාණය දක්වා එයා කරන්නෑ. අර සඤ්ඤා, චේතනා, විඤ්ඤාණය ඒ කතාව එයා පවත්වන්න දෙන්නැති වෙන්න විමංසාවෙන් එතනින් ඒ පැත්තෙන් කියනවා. ඒ විමංසාව නැත්තන් අර, අර සංස්කාර නිසා ඇති වෙන මාන කතාවෙන් එන දේ සිද්ධ වෙන්නේ. ඒක අයින් වෙන්න ඕනෙ.

ඉතින් ඊළඟට ගත්තහම තමන්ට මේ සංස්කාර අයින් කරන්න විරිය කියන එක තියෙන්න ඕනෙ. විරිය ඉද්ධිපාදය කියන එක. එහෙම නැතුව මේක සිද්ධ වෙන්නෙත් නෑ. අනිත් අතට ගත්තහම චිත්ත සමාධිය කියන එක, ඒ කියන්නේ අර, අපි දන්නවා චිත්ත සමාධියෙන් කොහොම ද කපන්නේ කියන එක අපි දන්නවා නේ. අන්න ඒ අර්ථයෙනුත් තමන් බලන්න ඕනෙ. මොකද අර පරාමාසයට ආවා නම් ඒ පැත්තෙන් පල්ලෙහාට ඇවිල්ලා භය අගතියේ ඉඳන් ඒ සෝකයට එන්නා වූ එක තියෙනවා. එතකොට ඒ පාරවල් කැපෙන්න ඕනෙ චිත්ත සමාධිය මගිනුත්. නැත්තන් ඒ කියන්නේ චිත්තය කියන එක එක්කහු කරගෙන තියෙන්න ඕනෙ. නැත්තන් අර පාණාතිපාතා කර කර හරි ඒ මනුස්සයා අදත්තාදානය කර කර හරි අර සංස්කාරය පවත්වනවා, තමන්ගේ සිතක් නෑ මේකට. එතකොට මෙතෙන්දි මේ ඉද්ධිපාද හතර ම සහගතව ඔහොම ඉන්න පුළුවන් කියන එක. අර නිකන් අර යානිකතයි කියලා කියන්නේ. අන්න ඒ වාගේ ඒ තත්වෙට ඒ මනස ඒක පැවතුණා.

ඒක තමයි මං කරපු භාවනාව.