ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. ඉන්න පුළුවන් යැයි කියලා කියන මිච්ඡා දිට්ඨිය, ඉන්නවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම මේ භාවනාවට ගත්තේ අර ගැට ගැලවීම කියන එක. භාවනාව කළේ ගැටය කියන එක සම්බන්ධයෙන්. මේකේ බැලුවේ මොන ගැටේ ද ඉස්සෙල්ලා ගැලවෙන්නේ කියන එක. එතකොට ඔතෙන්දි ඔය ඉස්සෙල්ලා ගැලවෙන්නේ අර චේතනා පරාමාස ඉදංසච්ච කියන ගැටය මුලින් බුරුල් වීමක් කියන එක සිද්ධ වෙනවා. ඒ බුරුල් වීම කියන එක සිද්ධ වෙන්නේ සංස්කාර කියන එක ගන්නේ නැත්තන්, අර පල්ලෙහායින් යනවා නේ අපි නිත්‍යයි කියලා. ඒ කියන්නේ අර 5 වෙනි line එකයි 6 වෙනි line එකයි කියන එක නිසා ඇති වෙන බලපෑම. ඒක අපේ අයින් වෙනකොට, නිත්‍ය කතාව අයින් වෙනකොට අපිට පේනවා අපි උඩට ගිහිල්ලා සංස්කාරය අල්ලගෙන විඤ්ඤාණයේ පැවතීම කියන එක බහිනකොට විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට එන කතාව අඩු වීම කියන එක තියෙනවා.
අන්න ඒක නිසා ගැටේ ගැලවෙන්නේ නෑ ගැටේ බුරුල් වෙනවා කියන එක තියෙනවා. එහෙම නම් අපි අයින් කළේ මේ අත්තා, සංස්කාරය නිසා අත්තා වෙනවා කියන කතාව තමයි ඔතනින් අඩු වේගෙන යන්නේ. එතකොට මෙන්න, ඒ කියන්නේ මෙහෙම වුණේ නැත්තන් මොකද වෙන්නේ අර සංස්කාරය, 6 වෙනි line එක හරහා පරාමාසයට අපි ඇතුල් වෙනවා, සංස්කාරයන් නිත්‍යයි කියන එක. ඒක නිසා අර හැදෙන්නා වූ අත්තා කියන එක තියෙන්නේ. අන්න ඒ කොටස.
එතකොට මේ තත්වෙට පත් වුණායින් පස්සේ ඒ මට තේරෙනවා මේ මගේ කය මනසෙන්, දැනෙනවා තමන් බොහෝ ම ඈතට යනවා කියලා. ඉහළට ගිහිල්ලා තමන් බලාගෙන ඉන්නවා වාගේ. මේ ගැටය කියන එකත් පොඩි වෙලා, අර ගැටේ පොඩි වීම තමයි පේන්නේ. ඒ කියන්නේ චේතනා පරාමාස එක වටා තමයි දැන් එකතු වෙන්නේ. ඉදංසච්චයත් පැත්තකින් තියෙනවා. ඒකෙත් අර ලණුව පොඩ්ඩක් බුරුල් වෙලා. ඒක නිසා තමන් උඩට යනවා. සංස්කාර ගැටේ එතන අයින් වීම කියන එක, සංස්කාර සම්බන්ධයෙන්. එතකොට ඒ තත්වෙට පත් වුණාට පස්සේ දැන් ඊළඟට මම බැලුවා ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක.
ඊළඟට වෙන්නේ අර අපි මුලින් සඳහන් කරපු වේදනා, ඒ වගේ ම චේතනා පරාමාස, වේදනා චේතනා පරාමාස කියන ගැටේ තියෙනවා නේ. අන්න ඒ ගැටේ තමයි මේ ගැලවෙන්නේ අත්ත සඤ්ඤාව කියන එක අපි අයින් කිරීමෙන්. එතකොට ඔය අවස්ථාව වෙනකොට සම්මා ප්‍රඥා වෙලා මේ සම්මා ඥානය කියන එකට එන අවස්ථාව මේ අපි කතා කරන්නේ. අත්ත සඤ්ඤාව කියන එක අයින් කරනවා කියන එක.
ඉතින් අන්න ඒ අවස්ථාව මං හොඳට බැලුවා. එතෙන්දි එනවා ඔය නාමරූප කියන කොටසට සඤ්ඤාවේ ඉඳන් වෙන්නා වූ කෑල්ලයි, ඊළඟට අපේ පේනවා වේදනාවේ ඉඳන් නාමරූප කොටසට එන එකයි, ඒ කොටස කැපෙන්නේ. අපි දන්නවා වේදනාවේ ඉඳන් නාමරූප කොටසට එනකොට කැපෙන්නේ විමංසාවෙන්. අතන නාමරූපයට සඤ්ඤාවෙන් එන එක කැපෙන්නේ විරියෙන්. එතකොට ඔතන ආපහු අපි දන්නවා පරාමාසයට එන එක තියෙනවා නාමරූපයේ ඉඳන් පරාමාසයට එන එක, ඒක කැපෙන්නෙත් විමංසාවෙන්. මේ කොටස හොඳට මං බැලුවා, ඒ අත්ත සඤ්ඤාව අයින් කරන අවස්ථාව. ඉතින් ඒ අවස්ථාව බැලුවහම මට මේ ප්‍රීතිය අතෙන් එහෙම දැනෙන්න පටන් ගත්තා. අතෙන්, ඔළුවෙන් ඒවා එන්න පටන් ගන්නවා.
ඉතින් මං කල්පනා කළා මේකේ, මේ ප්‍රීතිය එහෙම ගලන්නේ මේකේ මේ අර සිද්ධ වෙන්නේ මොකද්ද අර 40% පාර තියෙන්නේ, ඒ කියන්නේ භයේ අගතියේ ඉඳන් වේදනාව දක්වා එන්නා වූ කොටස කියන එක මැකිලා යනවා, අඩු වෙලා යනවා කියන ස්වභාවය ඒකේ තියෙනවා. මොකද, අර සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වෙන්නේ නැති නිසා, අර ඇති වුණා වූ අත්තා කියන කතාව බැහැලා යනවා. එතකොට එහෙම නම් පරාමාසයේ ඉඳන් භය අගතියට අපි ලකුණු කරන අත්තා කියන එකත්, අර 5, 6 රේඛාවලින් ආපු, සම්බන්ධ වෙලා 8 line එකෙන් එන්නා වූ ඒ කතාවත් බැහැලා ගියා ම දැන් ඔන්න වේදනාවට මගේ යන ගතිය කියන එක බැහැලා යනවා. එහෙම නම් වේදනාවේ ඉඳන් නාමරූපය දක්වා යන කොටස අපේ බැහැලා යනවා. එතකොට මෙන්න මේක නිසා අර උඩින් එන්නා වූ value එක, අර විරිය මගින් කපන පාරේ, ඒ කියන්නේ සඤ්ඤාවේ ඉඳන් නාමරූපයට එන එක push කිරීමක් නෑ. චේතනාව දක්වා push කිරීමක් නෑ.
මෙන්න මේක නිසා තමයි මේ, තමන්ගේ ප්‍රීතියත් ගලනවා, අර අත්ත සඤ්ඤාව කියන එක එතනින් යනවා කියන එක තියෙන්නේ. ඉතින් ඔය අවස්ථාව දැන් මං ප්‍රීතිය භුක්ති වින්දා. දැන් මේක ආපහු මට ඇති කරගන්න පුළුවන් ද කියන එක මම හිතුවොතින් මට ඒක ඇති වෙන්නේ නෑ. හැබැයි ධර්මය බැලුවොතින් ඔන්න ආපහු ඇති වෙනවා. ධර්මය විතරක් බැලුවොතින්, ඒ කියන්නේ මම මේකත් ආපහු ඉල්ලන්නේ නැති වෙන්න ඕනෙ. මං මේක ඉල්ලනවා නම් මොකද වෙන්නේ අර පාර දිගේ එනවා, වේදනාව දක්වා 40% පාර දිගේ එනවා කියන එක. ඉතින් එතන ප්‍රීතිය ඇති කරගන්න ඔන්න triangle එක වශයෙන් එහෙම නම් අපිට පේනවා වේදනා පරාමාස භය අගති. අන්න ඒ triangle එකට වදිනවා නම් අන්න තමන්ට ප්‍රීතිය කියන එක ඇති වෙනවා කියන එකත් පේනවා.
ඊළඟට දැන් මං බැලුවේ, අර ඊළඟ ගැටේ ගැලවෙන එක. දැන් අපි දන්නවා සම්මා ඥානයන් ඇති වෙලා තියෙන්නේ. ඒ සම්මා ඥානයන් ඇති වෙලා තියෙනකොට ඒ අවස්ථාවේ දී කියනවා අර අපි මුලින් ම බලපු ගැටේ. ඒ කියන්නේ චේතනා පරාමාස ඉදංසච්ච කියන ගැටේ. අන්න ඒ ගැටෙත් ගැලවෙනවා. ඒ ගැටේ ගැලවෙන්න දැන් ඉදංසච්චය විසින් දැන් අනුමත කිරීමක් නෑ. මොනවද අනුමත කරන්නේ? රූපය නිසා ඉන්න කියන කතාව අනුමත කරන්නෙත් නෑ. ඒවා ඔක්කෝම බොරු. අර බොරුකාරයෙක් ඇවිල්ලා කියනවා වාගේ ඉදංසච්චය විසින් මේ සම්මා ඥානය සහගත වූ සුඛය පවා එයා අනුමත කරන්නේ නෑ. අන්න ඒ වෙලාවේදි ඒ දකුණු අත පැත්තේ තියෙන ගැටය ගැලවිලා යනවා. ඒ, ඉදංසච්චය සහගත වූ ගැටය.
දැන් ඉතුරු වෙලා තියෙන්නේ අර සඤ්ඤා වේදනා චේතනා කියන ගැටය. ඔන්න ඔය ගැටය ගැලවෙන්න නම්, එහෙනම් අපි කලින් බැලුවා වෙන්න ඕනෙ මොකද්ද? අපි තේරුම් ගන්න ඕනෙ සඤ්ඤා, චේතනා, plan. ඒක ගහලා අපි එනවා අත්තවාද උපාදානයෙන් අත්තභාව පටිලාභය දක්වා අපි ගමන් කරන්නා වූ ඒ කොටස.
එතකොට මෙන්න මෙතන ධර්මය සියුම්. මේක ගැලවෙන්නේ කොහොම ද කියන එක කල්පනා කළහම, එතන අපිට තේරෙනවා යම්කිසි ආකාරයකට අවිද්‍යා ආශ්‍රවය නිසා, ඒ කියන්නේ මං plan එකක් කිව්වහම සංකප්පය. සංකප්පය කියන එක අවිද්‍යා ආශ්‍රව line එකේ තියෙනවා කියලා හිතා ගත්තොතින් අන්න අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන්නා වූ තැන ගැන තමන් හිතන්න ඕනේ. අන්න ඒක නැති වෙනවා නම්, අර රූපය කියන එක මම ස්පර්ශ කරලා සඤ්ඤාවන් ඇති වෙනවා කියන එක නැති කරගන්න පුළුවන්.
එතකොට එහෙම නම් මේක මම කල්පනා කළා මේක මේ 50% පාර ද? මෙතන කැපෙන්නේ කියන එක. එතකොට ඒ කියන්නේ දැන් මෙතන අපි පෙන්නන්නේ මේ අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභයට එන්නා වූ line එක කිව්වහම, ඒ කියන්නේ වේදනාවත්, වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයන් නිසා මං ඉන්න ඕනෙයි කියන එක කැපිලා යන අවස්ථාව මේ කතා කරන්නේ. ඒක නොවෙන්න ඕනෙ. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙන් ආව එක. ඉද්ධියෙන් අපි ඉද්ධි diagram එකේ අර වේදනාව සඳහා ඉන්න ඕනෙයි කියලා අර factory එකේ කතාව.
එතකොට එහෙම නම් මෙතන 50% පාර ද? කියලා කල්පනා කළා ම, ඒකේ ඒ අර්ථය තියෙනවා, නමුත් “50% පාර වශයෙන් නොකිය යුතු බව” රහතන් වහන්සේ කියනවා. මොකද ඒක ඇතුළෙයි මේක තියෙන්නේ. එතකොට මෙතෙන්දි මට පේනවා දෙපැත්තකට මේක යනවා. එකක් තමයි අර 1-1 රාගය කියලා තියෙන්නේ. ආන්න එතන ඉඳන් අර උඩට, රූපයට ඉස්සීමක් කියන එක තියෙනවා. අනිත් අතට ඔය 50% පාරේ ඇතුළෙන් අපිට සිද්ධ වෙන්නා වූ කොටසක් තියෙනවා. 50% පාර සම්පූර්ණ නොවුණාට ඒකේ මේ වේදනාව සඳහා අපේ යෑමක් කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ දෙක ම නැති වෙනවා.
ඉතින් මං රහතන් වහන්සේගෙන් ඇහුවහම එතකොට එහෙම නම් මේක පැහැදිලි කරන්න හොඳ ම point එක මොකද්ද? රහතන් වහන්සේ කිව්වේ අර “1-1 රාගය කියන එක” තමයි. එතකොට එහෙම නම් රාගය කියන එක එතන නැත්තන්, දැන් එක පැත්තකින් ඉන්ද්‍රිය සංවරය කියන එකත් එතන ම නේ ලකුණු වෙන්නේ. ඉන්ද්‍රිය අසංවරය, ඉන්ද්‍රිය සංවරය. එතකොට මෙතනින් අපි රූපය උස්සන්න යන්නේ නෑ. රාග සල්ලයෙන් අර අපි 1-1 වල ඉඳන් රූපය දක්වා යන කතාව නැති වෙනවා, ඡන්ද සමාධිය කියන එකේ අවබෝධය නිර්වාණය පමණක් ඕනෙයි කියන එක, ඊළඟට මේක ස්පර්ශ කරන්න යන්නෙත් නැහැයි කියන එක.
අන්න ඒ අවස්ථාවේ දී තමන්ගේ මනස අධික ලෙස විශාල වෙනවා. ඒක ඒ අවස්ථාව, ඒ තත්වෙට පත් වුණායින් පස්සෙ ඉතින් භාවනාව නැවැත්තුවා.
ඒක තමයි මං කරපු භාවනාව.