ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, කියලා. එතකොට, ඒ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් සිහි කළා. ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේට ආධාර උපකාරයට, අවවාද අනුශාසනා ගන්න ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉන්නවා. ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න පුළුවන්කමක් කියන එක තියෙනවා.
එතකොට අර බුදුපියාගෙන් එන්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය තුළ තියෙනවා මේක මේ පවතිනවා කියන එක වෙන්නේ නැති බව. පැවැත් වෙනවා කියලා මනුස්සයෝ හිතන එක කරන්න බැරි බව. එතකොට ඒ විදිහට ආපහු අපි ඊළඟට හිතුවොත් ධම්මාධිපති බුදුපියාණන් වහන්සේට බුදුපියවරු දෙනමක් ඉන්නවා ආශීර්වාදය ගන්න. ඒ බුදුපියවරු පවසන්නේ පවතින්නේ නැහැයි කියන එක. සම්මා දිට්ඨිය ම පවතිනවා.
එතකොට ඒ දාහතර නම ම මම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඉතින් අපිට දාහතර නමක් ම මේක සඳහා ඉන්නවා කියන එක වැටහුණා. අර හිමින් සීරුවේ බලාගෙන යන්න ඕනේ. පවතින්නේ නැහැයි කියන එක තමයි මේ පෙන්නන්නේ කියන එක.
ඒක කරගෙන ගියහම ඉතින් සම්මා දිට්ඨිය තියෙනවා නම්, පැතිරෙනවා නම් සම්මා සංකප්පය කියන එක පැතිරෙනවා. එහෙනම් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්පයන් පැතිරෙනවා. අවිහිංසාව කියන එක තියෙනවා නම් අර මෝහයට දක්වා අපි ගමන් කරන්නේ නැහැ කියන එක එනවා. අමෝහ පාර නේ.
එතකොට එතෙන්දි අපිට පේනවා බැරි වෙලාවත් මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් ඒ මිච්ඡා දිට්ඨිය නිසා ඕගොල්ලන්ට අර අත්තා ඉඳන් නිත්‍ය කියන කතාව, ඒක සිද්ධ වෙනවා, ඉතින් එතනින් කෙළින් ම අර 1-3 මෝහය කියන එකට අර මිච්ඡා දිට්ඨිය නිසා ඒ මෝහය, අවිද්‍යා ආශ්‍රව කියන තැනට ගමන් කරනවා කියන එක තියෙනවා.
ඉතින් මෙතෙන්දි හිතන්න ඕනේ හරියට උදාහරණයක් ගන්නවා නම් මේක පවතින්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, දැන් බලන්න වත්තේ මහත්තයාට මිනිස්සු කියනවා මහත්තයා මේ machine එක ආදී වශයෙන් මේවා ඔක්කොම මේවා හොඳට හදන්න පුළුවන් කියලා, එයාට කිව්වා මේවා අවුරුදු ගණන් කල් පවතිනවා කියලා. ඉතින් මහත්තයාට පේනවා කාලයක් ගියායින් පස්සේ මේක හරියන්නේ නැහැ. මේවා ඔක්කොම කැඩිලා යනවා. ඉතින් මිනිස්සු කියනවා අපි ඉංජිනේරුවෙක් ගෙනල්ලා බලමු, වඩු බාසුන්නැහැ ගෙනල්ලා බලමු, ආදී වශයෙන් කියනවා. නමුත් වත්තේ මහත්තයා දැන් දන්නවා මේවා එකක්වත් පවතින්නේ නැහැ. එයා කියනවා මේ කිසිම එක්කෙනෙක්ව ගේන්න එපා. ඒ කියන්නේ මොනවා ද? සංස්කාරයන් එපා කියලා කියන්නේ. පවතින්නේ නැහැයි කියලා.
ඉතින් ඒ සංස්කාරයන් එපා කියලා කියනවා නම් ඕගොල්ලන්ට පේනවා ඔය විදිහට සංස්කාරයන් අයින් කරගෙන ගියොතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංස්කාර කොටස අයින් වෙලා ගිහිල්ලා, සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය, සම්මා වාචා, ඔය විදිහට සම්මා කම්මන්ත, සම්මා ආජීව, අර සම්මා වායාමය මගින් මේවා අයින් කරලා අපි සම්මා සතියට එනවා.
ඉතින් සම්මා සතියෙදි ඕගොල්ලන්ට පේනවා අර 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක, 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. ඉතින් මෙයාට දැන් සතිය හොඳට තියෙනවා, මෙයාට පේනවා මේ ජරාවට පත් වෙනවා නම් ව්‍යාධිය වෙනවා, මරණය වෙනවා. මරණය වෙනවා නම් නිත්‍යභාවයක් නැහැ. නිත්‍යභාවයක් නැත්නම් අර අත්තා ඉඳන් නිත්‍යට කතාවක් නැහැ, එහෙම නම් අත්තෙක් කියලා මම අල්ලාගෙන ඉන්නේ මොකක් ද කියන එක එනවා. එතෙන්දි තමන් එනවා ඔය රූපය කියන එක තමයි මේකේ ප්‍රශ්නය කියන එක.
එතකොට ඒ තත්වෙට තමන්ගේ සිත පත් වුණයින් පස්සේ, මේකේ තමන්ට යම් වූ ඵල චිත්තයක් තියෙනවා ද ඒවායින් ඉහළ ම ඵල චිත්තය මේ වෙනකොට නැංවිලා තියෙනවා. අන්න ඒ තත්වෙට තමන්ගේ මනස පැවතිලා, ඒක පවතින්නේ නැහැයි කියන එක පැවතිලා, ඊට පස්සේ තමන් එනවා, ඔය කලින් කරපු භාවනාවත් එක්ක සම්බන්ධයි, මේ දැන් කිව්වෙත් අවිද්‍යා පච්චයා සඞ්‌ඛාර කියන භාවනාව ම තමයි, ඒකේ පෙන්නනවා ඔය මෙතන ක්‍රම කිහිපයකට මේකේ අපිට බලපෑම කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කරකවන්නේ නැතුව අවිද්‍යාව නිසායි මේක සිද්ධ වෙන්නේ කියලා අපි තේරුම් ගත්තහම, ඒ කියන්නේ සංස්කාරයන් නිත්‍යයි කියලා ගත්තොත් පරාමාසයට ඇවිල්ලා අත්තා කියන එක හැදෙනවා.
එතකොට ඒ කතාව අපි අයින් කළායින් පස්සේ අපිට දැන් කොටසක් ඉතුරු වෙලා තියෙනවා මේක කැරකෙන්නේ නැති ස්වභාවයට පත් වුණත් යමක් ඉතුරු වෙලා තියෙනවා. ඒකේ එක දෙයක් තමයි ඔය පරාමාසයේ ඉඳන් එන්නා වූ ඒ juice එක වාගේ ගලාගෙන එන එක. එතකොට ඒ බලපෑම කියන එකත් අපෙන් අයින් වෙන්න ඕනේ. ඕක මේ ඊයේ පෙරේදා තව භාවනාවකින් පෙන්නුවා. ඒ කියන්නේ දැන් අපේ මේ කතාව ඇවිල්ලා තියෙන්නේ මොකක් ද? අර මුලින් පටන් ගත්තේ පවතිනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේ පවතින්නේ නැහැ කියන එක අවබෝධය තමයි මණ්ඩලාධිපති බුදු පියාගේ ඉඳන් ඒ බුදුපියවරු ඔක්කොම ඒ පෙන්නන්නේ. අපි හිතනවා පවතිනවා කියන එක. එතකොට එහෙම නම් ඔය පරාමාසයෙන් අපි පෙර ගත්තා වූ දේවල් අපේ තියෙනවා. අපි හිතපු දේවල්.
ඒක හරියට ඕගොල්ලෝ ගෙයක් කුලියට දෙනකොට ඔයගොල්ලො agreement එකක් එහෙම ගහනවා. ඔයගොල්ලෝ ඒ ගහන අවස්ථාවේ දී පෙර, තාම ගෙයින් මුදල් එහෙම ලැබෙන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ හිතනවා මේකේ යම්කිසි ආකාරයකට මේක පවතී, පවත්වන්න පුළුවන් දෙයක් ය කියලා එකක් තියෙනවා. එහෙම නම් agree වෙලා තියෙනවා. මොකද්ද agree වෙලා තියෙන්නේ? ඕගොල්ලන්ගේ ජාතියේදි මේ රූපය පවතී කියලා agree වෙලා තියෙනවා.
ඊට පස්සේ අපි හිතමු ඕගොල්ලන්ට යම්කිසි ආකාරයකට රූපයකට ඕගොල්ලන්ගේ කැමැත්තක් නැතැයි කියලා, ඒ කියන්නේ අර rent එකේ කතාවේ දී නම් අර එන මුදලට ඕගොල්ලොන්ගේ ඕනෑකමක් ඇත්තේ නැහැ. අර පුරුද්දක් නිසා තමන් එහෙම agreement එකක් ගහලා ඒක කළා. අර රූපයට කැමැත්තක් නැහැ. මොකද මෙයාගේ ඒකේ වටිනාකමක් නැහැ. මුදලට කැමැත්තක් නැතුව හරි එකක් වෙන්න පුළුවන්, නමුත් අර agreement එක ගහපු හින්දා ඒකේ බලපෑම තියනව නේ. එහෙනම් මේක දැන් පවතින්න ඕනේ, මුදල් ගෙවන්නේ ඕනේ කියලා. ආන්න ඒ වගේ තමයි මේ ශරීරය හදාගත්ත මනුස්සයට අර මුලින් හිතුවා, agreement එකක් ගැහුවා මොකද්ද agreement එක, මේ ශරීරය හදාගත්ත මනුස්සය අර මුලින් හිතුවා agreement එකක් ගැහුවා. Agreement එක මේ ශරීරය පවතිනවා. අවුරුදු අසූවක් මේ වගේ පවතිනවා කියලා agreement එකක් ගැහුවා. ඒ ගහපු කතාව තමන්ගේ තියෙනවා නේ. එතකොට ඕකේ අපි වරදවා වටහා ගැනීමක් සිද්ධ වුණා.
ආවේ කොහොම ද? ඉදංසච්චයෙන් ආවා පරාමාසයට ඒ සීලබ්බත උපාදානයෙන්. අර ගහන අවස්ථාවේ දී අර අනාගත භවය දැඩිව ගන්නවා කියලා අපි කියන්නේ, අන්න ඒ පරාමාසයේ තියෙනවා. ඒක එහෙම නම් පසු එක. අර පෙර එක තමයි ඉදංසච්චයේ තියෙන එක තියෙන්නේ. එතකොට මෙන්න මේ දෙකේ බලපෑම ඉදංසච්චයේ තියන එක පෙර කර්මය වශයෙන් හිතන්න අතන. ඊට පස්සේ අපි ගත්තහම අපේ තියෙනවා පරාමාසයට තියෙන්නේ ඕගොල්ලන්ගේ පසු එක.
දැන් agreement එක ගහලා ඔක්කොම කරලා ඉවරයි. ඕගොල්ලො වරදවා වටහා ගැනීමක් තියෙනවා මේක පවතිනවා කියන එක. පූර්ව කර්මය නිසා ඇති වුණා වූ දෙයක් මෙතන බලපෑම උඩ තියන දෙයක් තියෙනවා.
එතකොට මෙන්න මේ දෙක අයින් වෙනවා නම් අර රූපය කියන එක නොගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ රාගය කියන එක පහ කරගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් රාගය පහ කරන්නෙයි කියලා හිතුවට, මට මේ රූපය එපා කියලා කිව්වට, ඕගොල්ලන්ගේ අර සංස්කාර පුරුද්ද, මේ body එක තියෙනවා. ඒක නිසා මේක කවන්න ඕනේ පොවන්න ඕනේ පවත්වන්න ඕනේ කියන හැඟීම තියෙනවා. ඒක නිසා අපි ආපහු මොකද වෙන්නේ අර 1-1 රාගය තියන තැනින් අපි උස්සලා රූපය කරා යනවා.
එතකොට මෙන්න මේක අවබෝධ කරගත්තහම මේ මනුස්සයා අපි දන්නවා දැන් ඔය ප්‍රියේහි විප්පයොගය ඉඳන් ජාතිය ඒක දක්වා එනවා කියන එක තමයි අර අනුප්පන්නානං පාපකානං කියලා එහෙම කියන්නේ. එතකොට අපි ආපහු උපද්දවන්න ඕනේ නැහැ. මේක නැති වුණා. ආපහු උපද්දවන්න ඕනෑකමක් ඇත්තේ නැහැ. එහෙනම් අපි පල්ලෙහා ජාතියට එන්නේ නැහැ. රාගය නිසා අපි උඩට ගෙනියන්නෙත් නැහැ. ඊට පස්සේ වේදනාවට යන්නෙත් නැහැ. අපි ඊයේ භාවනාවේ දී පැහැදිලි කළේ. වේදනාවට යන්නෙත් නැහැ, උඩ රූපයට යන්නෙත් නැහැ, රූපය ස්පර්ශ කරන්නෙත් නැහැ.
ඉතින් ඔන්න ඔය තත්වෙට ආවට පස්සේ මම දැක්ක ඒ අකනිට්ඨාව කියන එක ගෝලයක් නම් ඒ ගෝලය මේ පෘථිවිය දක්වා ඒක ලොකු වෙනවා. ඒ කියන්නේ මොකද්ද, මෙන්න මෙහෙම අවබෝධ කරගන්න පුද්ගලයා ඒ අකනිට්ඨාව කියන එකට අයිති වෙනවා. මොකද්ද අකනිට්ඨාවට අයිති වෙනවා කියන්නේ? මොකද්ද මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ පවසන්නේ? පවතින්නේ නැහැ. සම්මා දිට්ඨිය. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය විතරයි. ඒ දුක්ඛ නිරෝධය විතරක් එහෙම වෙනවා නම් ඒකට තමනුත් අයිති වෙනවා කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.